පාට කණ්නාඩි


අවුරුදු 3 ප්රේම වෘතාන්තය මල් පල දරා විවාහ වූ  කවිනි ඉන් සැලසුන ලොකු කරදරය වූයේ අලුත් නිවසේ සිට රැකියා ස්ථානයට පැය 1 1/2 පමණ දුරක් තිබීමය.නමුත් ගැන ඇය  නහයෙන්  අඬන්නට නොගියේ කනිපින්දම් නොකළේ ඇගේ වෙනත් සමහර යෙහෙළියන්ට මෙන් රැකියාවෙන්  අයින් වන්නට හසිත නීති පනවා නැති නිසාත් උදේට බස් රථය අසලට ඇරලවන නිසා ත් . වෙනුවට ගත වන කාලයෙන් ප්රයෝජන ගන්නට සිතූ ඇය කලක් අමතක තිබු විනෝදාංශය කට නැවත මුල පිරුවාය. කලක් සයිබර් අවකාශයේ දක්ෂ  ලෙස නිර්මාණකරණයේ යෙදුන ඇයට රැකියාවේ කාර්යබහුලත්වය ත් සමග කටයුතු නවත්වන්නට වූයේ වෙද්දී ත් උපයා ගෙන සිටි පාඨක විරෝධය මැදය.බසයට ගත වන කාලයේ එය නැවත වෙනුවෙන් හිත යෙදෙව්වාය.
එදිනත් සුපුරුදු ලෙස හසිත ලවා බසයට ඇරලවා ගත් කවිනි ඔහු නොපෙනී යනතුරු බලා සිට දෑස පියා ගත්තාය.විනාඩි 15-20කින් අඩ නිදිමත පහ වූ පසු ජංගමයා අතට ගෙන සිතේ  ගොතාගෙන ආ  කටු සටහන දිග අරිමින්  සටහන් කරන්නට වූවාය.
“පිරිමින්ට බැන්නට දැන් ඉන්න ගෑණු ඔක්කොටම එහා….”
ඕනෑකමින් අසා නොසිටියත් පසුපස ආසනයේ හිඳ සිටි කාන්තාවන් දෙදෙනා මහ සද්දෙන් කරන කතාව නිරායාසයෙන් ඇගේ කනට රිංගා ගත්තේය.
“husband ලව්වා බස් එකටම ඇරලවා ගන්නවා.ඒකට නැගල වෙන මිනිහෙක් එක්ක චැට් කරනවා.වැඩට ගිහින් එතන ඉන්න මිනිහෙක් එක්ක නටනවා.”
“ඔව් එක්කො බස් එකේ දි මැසේජ් කර ගන්න මිනිහට එන්න කියල ඇති මගට.හවස වැඩ ඇරෙන වෙලාවට ආයෙ එන්න බැරියැ.”
“එතකොට ත් මහත්තයා ඇවිත් ඉඳී එක්ක යන්න.”
“අනේ පව් මේ වගේ ගෑණුන්ට අහු වෙන මිනිස්සු.”
කවිනි ගැස්සී ගියාය.ඔවුන් මේ වහෙන් ඔරෝ ඇනුම් පද කියන්නේ තමන් ද? ඇය බසය පුරා දෑස් යැවුවාය.බොහෝ දෙනා නින්දේ විවිධ අවස්ථා වලය.ඇහැරී සිටින දෙතුන් දෙනා ඔහේ ඉදිරිය බලාගෙන තමන්ගේ ලෝකවල අක්රිය සිටිති.ඇයට තමන් ටයිප් කරමින් සිටි වාක්යය අමතක විය.ඇඟ ඇතුලෙන් ගිනි ගත් ලෙසක් ඇයට දැනුනේය.
පිටුපස හැරී කතා කරන්නට සිතුනත් අවසන් මොහොතේ ඇය අදහස වෙනස් කර ගත්තාය.නිර්මාණකරනයේ දී අවටින් සෑහෙන සම්පත් ප්රමාණයක් සොයා ගත හැකි බවට ඇයට දුර අතීතයේ යෙහෙලියක දුන් උපදෙස සිහි විය.ඇය නිහඬව දුරකථනය දෙස බලා ගත් වන ඔවුන්ගේ කතාවට සවන් දුන්නාය.
තවත් විනාඩි ගණනාවක් කාන්තාවන් ගේ චරිතය ස්වාමි භක්තිය පතිවෘත්තාව ගැන උදාහරන සහිත වියක්ත දේශනයක් පැවැත්වූ ඔවුන් තවත් ජනප්රිය මාතෘකාවකට එළඹුනේ මේ ඔක්කොම වැඩි වෙලා තියෙනනෙ මේ Facebook නිසා කියමිනි.
“බැලුවොත් ඉන්නෙ ඒන්ජල් ලා.princes ලා.හායි හූයි කියල පටන් අරන් අන්තිමට කසාදත් අවුල් කරගෙන තමා නවතින්නෙ.අසරණ වෙන්නෙ අහිංසක දරුවො.”
එකිනෙකාට නොපරදින ලෙසින් දෙදෙනා facebook ගැන විවේචන ඉදිරිපත් කරන්නේ සම්බන්ධ උපාධියක් හදාරා ඇති පරිදිය.කවිනිට කිසිසේත් හිත එකඟ කරගෙන කතාව ලියන්නට නොහැකි විය.
“ඔයා බලනව ජානා….” එක් කාන්තාවක් එක වර ඇසුවාය.
“මොන channel එකේ ද?”
“Channel එකක නෙවේ.facebook එකේ යන කතාවක්.”
“කවුද ලියන්නේ?”
“මොකක්ද මල් දෙකක හදා ගත්ත නමක් තියෙන්නේ.ඕවා ඉතින් ඇත්ත නමින් ලියන්නෙ නැහැ නෙ. නියම කතාවක්.අපි ඔක්කොම ඇබ්බැහි වෙලා ඒකට දැන්. හැමදාම රෑට කොටසක් දානවා. ඒක කියෙව්වෙ නැත්නම් මට රෑට කෑවෙ නෑ වගේ.හරි කුතුහලය තියෙන තැනකින් හැමදාම නවත්වන්නෙ.රෑ එලි වෙනකල් කල්පනා කරල උදේ වැඩට ගිය වෙලාවෙ ඉඳල ඊළඟට මොනව වෙයි ඊයෙ කොටසෙ එහෙම වුනේ ඇයි කියල කතා වෙනවා.
තමන් බහින තැන ලං ඇති බව දුටු කවිනි සුසුමක් හෙලා ජංගමයා බෑගයට ඔබා ගත්තාය.නන්නාඳුනන කාන්තාව තමන් විසින් තමන් ගේ අද රෑ කෑම නැති කරගෙන බව ඇය සිනා සී කල්පනා කලාය.


Comments