"THE" girl


"මචං පොඩි කේස් එකක් වෙලා රසිකයා accidant ward admit කලා.පොඩි සප් එකක් දියන්".රැකියාව නිසා ඉතාමත් කාර්යබහුල සිටින නිසල් ජංගමයාගේ මැසේජ් කියවන්නට වෙලාවක් එන්නේ රෑ නින්දට මොහොතකට පෙර .අම්මා හෙදියක් නිසා යහළුවන් ගෙන් ලැබෙන මෙවැනි පණිවිඩ අමුත්තක් නොවුනත් මේ පණිවිඩය ඔහුට අරුමයක් විය.
අනිවා මෝටර් බයිසිකලයක් ඇනගෙන තමා.ඕකා තටු එනවා නෙ බයික් එකකට නැග්ගම.නින්ද යන්නට මොහොතකට පෙර නිසල් ගේ අවසන් සිතුවිල්ල එය විය.
පසුදා උදෑසන   නිසල් රසික සොයා රෝහල ගියේය.රෝගියා දුටු ඔහුගේ නිගමනය වැරදි බව පෙනුනි.මේ රිය අනතුරක් නොවේ.හොඳ හැටි ගුටි කා ඇති බවකි.නිසල් වටපිට බැලුවේ  criminal case එකක් නම් පොලිසියෙන් සිටිය යුතු බැවිනි.
"නින්ද යන්න බේත් දීල ඉන්නෙ.ඔය ලමයගෙ නෑයෙක් ?" නිසල් කට අරින්නටවත් පෙර අල්ලපු ඇඳේ ලෙඩා විස්තර සැපයුවේය.
"නෑ මගෙ යාළුවෙක්..."
තවත් ප්රශ්න අහන්නට පෙර ගෙන ගිය දේ අසලින් තබා නිසල් ආපසු හැරුනෙ ප්රශ්න ගණනාවක් හිත දරාගෙන .
" අහ්...උඹ ආව ?"
සිතුවිල්ලේ ඇවිද ඔහුට මින්තක ළඟට එන තුරු නොපෙනුනේය.
"මොකක්ද බං මේ කේස් එක.කවුරු එක්ක වලියක් දා ගත්තෙ?"
"උඹට පරක්කු නැත්නම් පොඩ්ඩක් ඉඳින්.මම මේක දීල පුළුවන් වුනොත් ඩොක්ටත් හම්බ වෙලා එන්නම්."
ප්රමාදය වඩා තොරතුරු දැන ගැනීමේ කුතුහලය නිසා නිසල් මිතුරා එන තුරු එලියේ රැඳී සිටියේය.
"උඹට මතක රසිකයා කෙල්ලෙක් ට්රයි කලා."මින්තක කතාව ඇරඹුවේය.
"අර සුදු කොට කෙල්ල නේද?"
"නෑ නෑ වෙන කෙල්ලක්.මාස ගානක් ට්රයි කරලත් ඒකි ගණන් උස්සනවා කියල ඕකා හෙන මළෙන් හිටියෙ....ඊයෙ මූ සඳුනා එක්ක යද්දි ඒකි තනියෙන් සෙට් වෙලා ක්ලාස් යනවා....සඳුනගෙත් බෝක්කු කටක් නෙ තියෙන්නෙ.දෙන්නා එක්ක මොනව හරි කියල තියෙනවා.ඔය තියෙන්නෙ ප්රතිඵල"
"අප්පට සිරි.එහෙම එකක් ?කෙල්ල තනියෙන් එවල කොල්ලා පස්සෙන් ඇවිල්ල ?"
"නෑ "
"එහෙනම් අයියා"
"ඒත් නෑ...."
"එහෙනම් වටේ පිටේ උන් සැලකුවේ"
"නෑ බං"
"එහෙනම් කවුද බං?"නිසල් නොඉවසිල්ලෙන් ඇසුවේය.
"කෙල්ල තමයි සලකලා තියෙන්නෙ" මින්තක සෙමින් කීවේය.
"මොකක්....යකෝ ඒකි මාර කෙල්ලක් නෙ.නියම නෙලිල්ලක් නෙ. මූව අදත් ටිකට් කපන එකක් නෑ වගේ "
"මුගෙ තුවාල නම් මාසෙන් දෙකෙන් අඩු වෙයි.ඳුනගෙ ඉස්සරහ දතක් කුඩු.තව දෙකක් හෙලවෙනවා ලු.ඒකිට ඉස්කෝලෙ කරාටෙ කලර්ස් ලු බං"


Comments