සම්මා දිට්ටි


ආතලා මුත්තලා කාලයේ නිවැරදි විසඳා නොගත් ඉඩම් ආරවුලක් නිසා ජයසිංහ පවුලත් පෙරේරා පවුලත් තව විරසක .13 හැවිරිදි අසේකා ජයසිංහ උගත් බාලිකා පාසලට නලිනි පෙරේරා ගුරු පත්වීමක් ලැබ ආවාය. ඔවුන් දෙදෙනාට කිසිම ප්රශ්නයක් නොවුනත් අසේකා ගේ ක්රීඩා පුහුණුවීම් අවසන් එක්කගෙන යාම ඇගේ මව වූ සුනන්දා නලිනි දැකීමෙන් මහත් කළබලයට පත් වූවාය.
“අරය ත් මෙහෙද?.මොනවද උගන්නන්නෙ?”
“අපිට නෑ. O/L පන්ති වලට”
“ඔයාට sports වලටත් කැපිල්ල දායි දන්නෙ නෑ.”
“පිස්සුද අම්මෙ. මිස් අපේ house නෙ.මිස්ටත් ඕන house එක දිනවන්න නෙ.”
යන්න වෙන ඉස්කෝල නෑ වගේ මේකට ඇවිත් තියෙන්නෙ අපෙන් පළි ගන්න තමා.ඒව කොහෙද. අයියා අඳුනන කවුරුත් නැද්ද දන්නෙ නෑ education office එකේ.මන්ත්රීතුමා ත් දැන් ඔහොම වැඩ වලට අත දාන්නෙ නෑ ලු නෙ.සුනන්දා තනි කල්පනා කළාය.
--------------------------------------------------------------------------------------------------------------
ජංජාලයකි.මහා ජංජාලයකි.රිලේ ටීම් එක පුරුදු කරන්නට වැඩි හොඳට ගෙන්නා ගත් අසල්වැසි පිරිමි පාසලේ උසස් පෙල සිසුවා රිලේ බැටන් එක අමතර දුරකථන අංකයක් හුවමාරු කර ඇත
“ඇටෙන් පොත්තෙන් ඉදෙන්නත් කලින් මුංගෙ  මගුල් විසේ.ඉහ තියෙන තැන කර යද්දි හොඳ හොඳ ජල්ලි අල්ලයි අපිට වත් පාරෙ බැහැල යන්න බැරි වෙන්න.හෙට උදේම මැඩම් complain කරන්න ඕන.දෙමව්පියොත් ගෙන්නලා උදේ රැස්වීමෙදි දෙයි හොඳට සබ්බුව.”
ගුණසිංහ ටීචර් බැනගෙන බැනගෙන යයි.
“මිස් අපි මේක තරම් දුර නොයවා ළමයට තදින් අවවාද කරලා ෂේප් කරමු .මෙයා තව පොඩි ළමයෙක් නිසා ඔහොම දෙයක් ප්රසිද්ධ වුනොත් ඒක මුළු ජීවිත කාලයට බලපානවානෙ.”
ඇය හුස්මක් ගන්නට නැවතුන ඇසිල්ලේ නලිනි කීවාය.
පොඩි?.....පොඩිකමට කරල තියෙන වැඩේ.දැන් හොඳ දඬුවමක් නොදුන්නොත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් වත් කපන්න බැරි වෙනවා.සති දෙකක් වත් පන්ති තහනම් කරවන්න ඕන.අනික් ලමයින්ටත් පාඩමක් වෙන්න.”
එවර ඇය නලිනි කඩා පැන්නාය.
“ලබන මාසෙ කලාප තරඟ.under 15 best timing තියෙන්නෙ අසේකා .principal madam මේක දැන ගත්තොත් මාස ගාණක් අසේකා sports තහනම් කරයි.ගින්දරයි පුළුනුයි එක තැන තියෙන කොට ගිනි ගන්න බව අපිත් දැන ගන්න ඕන.”
ක්රීඩා භාර ගුරුතුමිය සන්සුන් අවධාරණය කළේ බරපතල කාරණාවකි.
අවසානයේ තරුණ ගුරුවරු බොහෝ දෙනෙක් නලිනි ගේ අදහස එකඟ වූ නිසා අසේකා ඉතා තදින් අවවාද කරකෙල්ල පරිස්සම් කර ගන්න වයස හොඳ නෑනෙ දැන්”   ලෙස ඇගේ අම්මා සිද්ධිය දැනුම් දෙන්නට කටයුතු කළහ.
අසේකා කන් දෙක පිරෙන කල් දෙසා තරවටු කර කාමරයට දැමූ සුනන්දා හුස්මක් ඉහළට ගත්තාය.
හොඳ වෙලාවට ගුණසිංහ ටීචර් අහු වුනේ.අරකි එහෙම අහු වුනා නම් කෙල්ල ඉස්කෝලෙනුත් අස් කරවලා.....ඇය ජනෙලයෙන් පෙනෙන පෙරේරා නිවස දෙස බලාගෙන සිතුවාය.


Comments

  1. මෙහෙම සිද්ධි‍යක් මටත් වෙලා තියෙනවා. මම විශ්ව විද්‍යාලෙ උගන්නන කාලෙ තාත්තගෙ අසල්වැසි තරහකාරයෙක්ගෙ ළමයෙක් විද්‍යාගාර පන්තියට ආවා. මම පුලුවන්තරම් අනිත් ගුරැවරැන්ට එයා හිටපු කණ්ඩායම වැටෙන පරිදි කටයුතු කලා. නමුත් ළමයි පරීක්‍ෂණ කරන අතර පොත් ලකුණු කරන්නට තිබුනේ කළවමේ. මේ ළමයගෙ ගෙදරට කියන නම විතරයි මම දන්නෙ. ඔන්න දවසක් එක පොතක් බලනකොට වැඩ අසම්පූර්ණයි. මම ඒ වගේ පොත් වලට කෙලින්ම ලකුණු අඩු කරන්නෙ නෑ, ළමයට අවවාද කරල, නොතේරැන දෙයක් කියල දීල එවෙලෙ උත්තර ලියවල ලකුණු දෙනවා. මම ළමයගෙ නම අඬගැසුවා. කවුරැවත් ආවෙ නෑ. පෙරට වඩා තදින් ළමයගෙ නම අඬගැසුවා. මෙන්න මේ ළමය බයෙන් බයෙන් එනව. ඒපාර වඩාත් කරැණාවෙන් කියල දීල මුලු ලකුණුත් දුන්නා. මේ ළමයට හරි පුදුමයි. මොකද මේ ළමයගෙ තාත්ත මම විශ්ව විද්‍යාලෙ ඉගන ගන්න කාලෙ එක විෂයක කොටසකට බාහිර කතිකාචාර්‍යය වරයෙක් ලෙස ඇවිත් මාව ෆේල් කරන්න ෆුල් ට්‍රයි කලා. ඒත් ඉතින් බැජ් ටොප් උනේ මම. ඒක කිව්වෙ ලොකු කමකට නෙමේ, ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ යන්න මතක් කරන්නටයි. ඔබේ කතාව මාව ඒ අතීතයට රැගෙන ගියා.

    ReplyDelete

Post a Comment