රථ පෙළහර


ආරියදාස මහතා ඉතා පහල අඩියක සිට ජීවිතය අරඹා දැන් ව්යාපාරික ලෝකයේ ඉහලටම පැමිනියෙකි.ව්යාපාර වලින් වැඩි ප්රමාණයක් ආකාශ්,ප්රකාශ් දෙපුතුන්ට පවරා ඇත.
"තාත්තෙ මහරගම රුට් එකේ දිනේෂ් ඩෙංගු කියලා ඉස්පිරිතාලෙ නවත්තලා.මම ඔක්කොම වියදම් අපේ එකවුන්ට් එකට දාන්න කිව්වා.පඩිත් එක්ක නිවාඩුත් දුන්නා."
"හ්ම්...ඒක හොඳයි.බස් එකට වෙන කෙනෙක් දාන්න දිනේෂ් හොඳ වෙනකල්."
"ඒක තමා ප්රශ්නෙ...සංජීව ත් නිවාඩු වෙඩින් එක මේ සතියෙ.අලුත් කෙනෙක් දාලා ත් බෑ "
"සතියක් වගේ නම්  මම යන්නම්" මෙතෙක් නිහඬ සිටි ප්රකාෂ් කීවේය.
---------------------------------
පන්තිය කලින් අවසන් වූ නිසා පොඩි ෂොපින් පාරක් දැමීමේ අදහසින් රන්දිමා ත් සජිනිත් බසයට ගොඩ වූහ.බසය පිටත් වන තුරු එලියට ඔලුව දමාගෙන සිටි රන්දිමා එක් වර විදුලියක් වැදුන ලෙස සජිනි ගේ අත අල්ලා ගත්තාය.
"අර නෙතුලි ගේ කොල්ලා නේද ෆුට් බෝඩ් එකේ ඉඳන් සෙනඟ එකතු කරන්නෙ"
"ඔව් නේන්නම්.අපිට කිව්වෙ ලොකු බිස්නස්මන් කෙනෙක් කියලා නෙ."
" බස් කොන්දොස්තරකම මහ ලොකු බිස්නස් එක"
"මම ෂේප් එකේ ෆොටෝ එකක් ගන්නම්..උඹ කෝල් එකක් ගනින්කෝ නෙතුලි "
ව්යාපාරයේ හැම අංශයක් ගැන පුහුණුව ලබා සිටියත් කාලෙකින් කොන්දොස්තර කමේ යෙදුන නිසා ප්රකාෂ් දැනුනේ අධික තෙහෙට්ටුවකි.පලමු ගමනාන්තයෙන් පසු ඊළඟ ගමන් වාරය එළඹෙන තුරු ඔහු ආසනයකට ඇලවී දෑස් පියා ගත්තේය.යන්තම් නින්ද යාගෙන එද්දී කලබල පා හඬක් ඇසී ඔහු දෑස් ඇරියේය.
"නෙ...නෙතු ....ඔයා....."
"ආයෙ කිසි දවසක ඔය බොරුකාර කටින් මගෙ නම වත් කියන්න එපා.මහ ලොකු බිස්නස්කාරයා."ඇය හුස්මක් ගන්නට වත් නොනැවතී කියාගෙන කියාගෙන ගොස් බසයෙන් බැස දිව ගියාය.යන්තම් සිහි එලවා ගත් ප්රකාෂ් ඇය පසුපස මඳක් දුව ගියත් ඉන් පසු අදහස වෙනස් කර නැවත හැරුනේය.
--------------
වංචාකාර පෙම්වතාගෙන් මිතුරියන්ට පින් සිදු වන්නට ගැලවුන නෙතුලි වසරකට පසු අමන්ත කැමති වූයේ ඔහුගේ රැකියා හැඳුනුම්පත පවා පරීක්ෂා කර බැලීමෙන් පසුය.සැලකිය යුතු වැටුපක් ලැබුවත් නෙතුලි විවාහය වෙනුවෙන් ලක ලැහැස්ති වූ අයුරු ඔහුගේ ඇස් උඩ යවන්නට සමත් විය.
"මගෙ ලන්ඩන් වල කසින් ලා ත් එනවාමයි කිව්වා.එයාල එක්ක යන්න බෑ ගොඩේ හොටෙල් වලට නම්."
" ජූනියර් ඔෆිසර් කෙනෙක් මැරි කරලත් මයුමි ජුවෙලරි ගත්තෙ වෝග් ජුවෙලර්ස්.අපි පොඩි ශොප් එකකට ගියොත් ඔයාටයි ලැජ්ජා"
"එෂානි හනිමූන් ගිය කා එක......
"අපේ බොස් ගෙ වෙන්ඩ මස්සිනා තියෙනවා  බ්රෑන්ඩ් නිව් ලේටස්ම මොඩල් කා එකක්.ඒක ඇරේනජ් කරලා දෙන්නම් කිව්වා."අමන්ත වහා කීයේය.
-------------------------------
විවාහ උත්සවය ඇරඹී ටික වේලාවක් ගත විය.හෝටලයට ඇතුල් වූ නවීන පන්නයේ මෝටර් රථ 2ක් සියලු දෙනා ගේ අවධානය වහා දිනා ගත්තේය.ඒවායින් බැස ශාලාව තුලට තරුනයන් දෙදෙනා දැක බලා ගන්නට ඇතුලේ සිටි අය පවා දුව ආවේ තමන් හඳුනන කෙනෙක් යන කීර්තිය ලබා ගන්නටය.
සියලු ඉඟි බිඟි කුතුහල බැලුම් නොසලකා හරිමින් දෙදෙනා කෙලින් මනාල යුවල වෙත ගියහ.
"සර්.. "අමන්ත වහා නැගිට්ටේය.
"සර් මේ මගෙ වයිෆ්...නෙතුලි....නෙතුලි මේ මගෙ සර් මිස්ට නලින්...මේ සර් ගෙ brother in law මිස්ට ප්රකාෂ්.... .sir ගෙ කා එක තමා අපිට හනිමූන් ටුවර් එකට දෙන්නෙ.thank you so much sir"
ප්රකාෂ් කට කොනින් සිනා සී ඔවුන් දෙදෙනාට අතට අත දුන්නේය."ටික කාලයක් මගෙ ලග තිබුනට පාවිච්චි කරල නෑ වගේ.brand new බාර දෙන්නෙ ඔන්න."
ඔහු වාහනයේ යතුර අමන්ත දුන්නේය.

Image result for super cars

Comments