නීති උපාධිය අවසන් කළ හසිත් කණිෂ්ට නීතීඥයෙක් ලෙස අධි නීතීඥ දෙල්ගමුව යටතේ සේවය කරයි.කතා කරන ඕනෑ ම නඩුවක් දිනවා දෙන බවට ප්රසිද්ධියක් උසුලන ඔහු යටතේ පුහුණු වන්නට ලැබීම නිසා තමන් අනෙක් අයගේ ඊර්ෂ්යාවට පවා බඳුන් ව ඇති බව හසිත් දනියි. ඊයේ දිනයේ ඔහු ට එක ම ආකාරයේ නඩු භාර දෙන්නට පැමිණි දෙදෙනෙක් සම්බන්ධ ව ක්රියා කළ අයුරු හසිත් ට උහතකෝටික ප්රශ්නයක් විය.අද හසිත කාර්යාලයට ඇතුල් වුවේ ඒ ප්රශ්නය විසඳා ගන්නටය. "Excuse me සර්"
"ඔව්, මොකද හසිත?"
හසිත එකෙල මෙකෙල වෙයි.මෙය නීති හෝ නඩු ප්රශ්නයක් නොවේ.
"මොනාද ළමයෝ.....private
ප්රශ්නයක් ද?"
"නෑ සර් ….....ඊයෙ හවස එක ම විදියෙ නඩු දෙකක් අරන් ආපු clients’ ලා දෙන්නට සර් සැලකුව විදිය මට තේරෙන්නෙ නෑ"
"කොයි දෙන්න ද?"
"ඉඩම් නඩුවක් අරන් වයසක ලේඩි කෙනෙක් ආවෙ....සර් බාර නොගෙන වෙන ලෝයර්කෙනෙක් රෙකමන්ඩ් කලේ"
"හසිත මොකක්ද හිතන කාරණේ?"
"ඒක ඉඩමක් නෙවේ ලෙඩ ගොඩක්.ඒත් සර් ගොඩ දාලා තියෙන නඩුත් එක්ක බලද්දි nothing නෙ සර්" ජ්යෙෂ්ඨයා කට කොනකින් හිනැහුනේය. "නඩුව ඉවර වෙද්දි මට ඉඩමක් ගන්න තරම් සල්ලි හොයා ගන්නත් තිබුණා නේද?"
ඔහු මහා හුස්මක් ගත්තේය."මට හිතට එකඟ ව ඒකට කතා කරන්න බෑ.......ඒ මට උගන්නපු ටීචර් කෙනෙක්...... එයා ඒ කාලෙ සැලකුවෙ සල්ලිකාර බල පුළුවන්කාර පවුල් වල ළමයින්ට විතරයි.ඕන ම තරඟෙකට උත්සවයකට තෝර ගත්තෙ ඒ ළමයි.උන් මොන වරද කළත් ඒව පෙනුනෙ නෑ.උන් කරන වැරදිත් සමහර වෙලාවට ගියේ අපේ පිටින්.අපි ව ගණන් ගත්තෙ නෑ දූවිලි තරමට වත්.........එයාගෙ නඩුවක් දිනවලා දෙන්න තරම් උදාර හදවතක් මට තාම නෑ"
හසිත කිසිවක් කියා ගත නොහැකි ව මොහොතක් සිටියේය.
"එතකොට සර් ඒ වගේ ම අනිත් ඉඩම් කේස් එක....සර් ඒක ට සල්ලිත් එපා කිව්වෙ.ඒ මනුස්සයගෙ අසරණකම නිසා ද?"
"ඒ අපේ ඉස්කෝලෙ කම්කරුවෙක්..... ඉස්කෝලෙන් ගේන්න කිව්ව ප්රස්තාර කොළ,පාට පැන්සල් අමතක වෙන සැරයක් ගානෙ වෙලාවක් අවේලාවක් නැතුව අපිට කඩේ ගිය ඒ මනුස්සයට එහෙම උදව්වක් කරලත් මදි……..තනතුරක් කියන්නෙ හැවක් වගේ.ඒකට වැහිල පිම්බිලා අකටයුතුකම් කරන්න හොඳ නෑ.ඒක නැති දා ට අපි නිකං ම නිකමෙක්. අන්න එදාට ඉතුරු වෙන්නෙ කරපු හොඳක් විතරයි."
හසිත පුදුමයෙන් බලා සිටියේය.නීතියට අමතර ව මනුෂ්යයත්වය ද ඉගෙන ගන්නට තමන්ට හිමි ව ඇති මේ අවස්ථාව ගැන සගයන් ඊර්ෂ්යා කිරීම සාධාරණය
Comments
Post a Comment