චරිත සහතිකේ


අවුරුදු 6-3 දරු දෙදෙනා අල්ලාගෙන විහාර මළුවට පැමිණි සිතාරා සිල් සමාදන් මළුව අමදිමින් සිටි කාන්තාවක් සමග සිනාසීගෙන විහාරයට ඇතුල් වූවාය.ඇමද අවසන් වූ උවැසිය නැවත බැම්මට පිට දී තම සුපුරුදු ස්ථානයෙන් හිඳ ගත්තාය.
"අක්කලගෙ ගෙවල් ගාව ඉන්න සක්කරවට්ටම නේද ?"
අසල සිටි තවත් උවැසියක් විපරම් කළාය.
"හ්ම්....හැමදාම කරන පව් ටික ගෙවා ගන්න වෙන්නැති අද පන්සල් ආවෙ."
"මොකක්ද නැන්දෙ කතාව?"තවත් කාන්තාවක් ඇසුවාය.
"ඇයි දන්නෙ නැද්ද.ඕකි කසාද මිනිහ ගහල පන්නලා වෙන පොඩි කොල්ලෙක් එක්ක ඉන්නෙ"
"මොනවා............"
ඉතා දීර්ඝ ස්වරයෙන් ඇදුන විස්මයත් සමග බොහෝ දෙනෙක් අත තිබුන බණ පොත්,පිරිත් පොත් නිරායාසයෙන් වැසී ගියේය.මුලින් කතා කළ සිතාරාගේ අසල්වැසි කාන්තාව කටහඬ අවදි කළාය.
"අපේ අල්ලපු ගෙදරට අළුතෙන් පවුලක් ආවා නෙ.මුල දි නම් දෙන්නා කුරුළු ජෝඩුව වගේ හිටියෙ. පස්සෙ දවසක රෑ ගෙදර හරි කලබල ඇහුනා.ටිකකින් කුලී කාර් එකක් ගේ ඉස්සරහ නැවැත්තුවා.අර මනුස්සයා ලොකු බෑග් එකකුත් අරන් එලියට ඇවිත් ඒකෙ නැගල යන්න ගියා."
"හැබෑට.......ඉතින් ඉතින්"
"වැඩි දවසක් ගියෙ නෑ මෙන්න වෙන මිනිහෙක් ඇවිත් නවතින්නම"
"අම්මෝ මෙහෙමත් ගෑනු.ඉන්නෙ නම් පත්තිනි අම්මලා වගෙ."
සිතාරා ගිය දිශාවට රවමින් කෙනෙක් කීවාය.
"ඔය සම්බන්ධෙ නම් ඊයෙ පෙරේදා එකක් වෙන්න බෑ.අලුත් තැනක පදිංචියට එන්න ඇත්තෙ ඕක කඩන්න වෙන්න ඇති."
"ඒක නම් ඇත්ත.ඔය අලුත් මනමාලයා අර පොඩි කෙල්ලත් එක්ක අපේ කඩේට එනවා.දෙන්නට තියෙන්නෙ එක මූනුවර"
"අම්මපා....."
"මම නම් ඔය ගෑනි කඩේට එන වෙලාවට අපේ කොල්ලො දෙන්න කැෂියර් එකේ වත් තියන්නෙ නෑ.කියන්න බෑ නෙ මායම්කාරි"
විහාර මළුවේ එහා මෙහා යන යන සිය ගණන් දෙනා මේ ස්වයං චරිත සහතික සේවාව ගැන එතරම් කල්පනාවක් නොවුනත් සොයුරියත් දරු දදෙනාත් මල් පූජා කරන්නට පිටත් කර විහාර බැම්මේ අනිත් පසට පිට දී නිදහසේ මලක් කඩමින් සිටි සතිර සිටියේ අසූහාර දාහට මල පැනගෙන .ඉස්සි ඉස්සී ඔවුන් එනවාදැයි බැලූ ඔහු යන්තම් ඇයගේ සේයාව දැක අඩියට දෙකට මළුවට ඇතුල් වුනේය.
"ලොකු අක්කේ......" ඔහු වටපිට සියලු දෙනා ඇසෙන තරම් ශබ්දයෙන් කෑගැසුවේය.
"මේ....අයියා ඉන්නවා ස්කයිප් එකේ.චූටි දූ එන්න අපි තාත්තිගෙන් එහෙ කට්ටියත්  පන්සල් ගිහින් මේවා කරන්නෙ අහමු.”

Image result for sil in temple

Comments