First Love


“ආව් ආව් කෙල්ලටත් හරි ගියා එහෙනම්”
“මාක් අයියට පින් සිද්ධ වෙන්න තමයි.නැත්නම් මේකි කොල්ලෙක් දිහා ඔළුව උස්සලාවත් බලන එකක් යැ…”
“මේ.....එයාට මල්ලිලා එහෙම නැද්ද බං”
 යෙහෙලියන්ගේ විහිළු වලට මැදි වූ මිහිරි කලේ ලැජ්ජාවෙන් රතු වී සිනාසීම පමනි.
ඈත ගමක ඉතා සාම්ප්රදායික පවුලක හැදී වැඩී උසස් අධ්යාපනය නිසා කොළඹට සංක්රමනය වූ මිහිරි අහම්බෙන් facebook හරහා හමු වී ප්රේමයක් දක්වා දුර රයන් ඇයගේ පවුලේ අය හමු වන්නට එන්නේ අදය.ඔහු නම් එක හෙලා ඇගේ ගමට එන්නට සූදානම් වුවත් පිටිසර ගමකට මනමාලයෙක් ගේ පැමිණීම එදා කැන්දාගෙන ගියාක් වැනි ආරංචි මවන නිසා දෙගොල්ලන්ගේ හමුව නගරාසන්න විසූ මිහිරි ගේ අයියාගේ නිවසට යොදා ගැනුනි.
“අන්න අන්න වාහනයක් එනවා.”
මිහිරි තනි කර අනෙක් අය එලියට දිව ගියහ. ගේට්ටුවෙන් ඇතුලට හැරවූ අළුත් අළුත් කාරයේ දිස්නය මුලින් මිහිරිගේ අම්මාගේත් නැන්දාගේ ත් ඇස් වලට ගිනිකන වැට්ටුවේය.එයින් එළියට බැස ගත් තරුණයා photo වලින් දැක තිබුණාටත් වඩා කඩවසම් බව දුටු කෙල්ලන් රෑන හුස්ම නොහෙලා බලා සිටියහ.පැමිනියේ ඔහු පමණක් බව දුටු තාත්තාගේ නළල රැළි වැටුනත් ඔහුගේ අතේ තිබූ දැවැන්ත chocolate පෙට්ටිය පුංචි සනිත් ගේ මූණ සම්පූර්ණයෙන් එළිය කලේය.
මේ සම්බන්ධෙ ගැන අම්මලා දන්නවද පුතේ?”
ඔව් අංකල්,එයාල මට full freedom දීල තියෙන්නෙ.මගෙ දේවල් decide කරන්න.” ඔහුගේ පිළිතුර නෑනාගේ කන් දෙකෙන් රිංගා ඇස් කොනින් අයියාගේ මුහුණ තෙක් විහිද ගියේය.
අද මෙහෙ එන බව ගෙදරින් දන්නවද දරුවො?”
“තාත්තා උදේ කිව්වා,ආන්ටි.අම්මා බිස්නස් කොන්ෆරන්ස් එකකට USA ගිහින්. තාම එලි වෙලා නෑ එහාට”
රයන් ගේ පුංචි නොගැලපීමක් 2ක් දුටුවත් කාරයත් කඩවසම්කමත් 75% කට එහා කැමැත්තක් දිනාගෙන තිබුන නිසා පිටත් යද්දී වැඩිහිටියන්ට වඳින්නට අමතක වීම මහ වරදක් වූයේ නැත.
කෙසේ වුවත් පවුලට ලැබෙන්නට යන එක බෑණා ගැන තව ටිකක් තොරතුරු සොයා බලන්නට තාත්තා පවුලේ හිතවතෙක් වූ රණසිංහ මහතාට බාර දුන්නේය.
දින කීපයකින් ඔහු උණුසුම් ප්රතිඵල සමග  පැමිණියේය.
“ඒ පැත්තෙ ග්රාමසේවක මහත්තයා මගේ හොඳ හිතවතා.එයාගෙ දුවෙක් ඉන්නවා මේ පවුලෙ දුවක් ගෙ වයසෙ ......වත් පොහොසත් කම් වලින් නම් මේ පවුලට වැඩි කිසිම පවුලක් ගම් 7කට වත් නැතුව ඇති.ලංකාවෙ විතරක් නෙවේ පිටරටත් දේපල තියෙනවලු.” අම්මාගේ කන් මී පැණි වැස්සකින් තෙමී ගියේය.
පිරිමි ලමයත් කියන්න තරම් වරදක් නැති බොහොම කාර්යශූර කෙනෙක්.පවුලෙ එක පුතා……අක්කා බැඳලා වෙන් වෙලා.නංගි පිට රට ඉගෙන ගන්නවා.”
“කෙල්ල තෝරගෙන තියෙනවා  හරි එහෙනම්.අපි හොයල දෙන්න කලින්”
“හැබැයි පොඩි ප්රශ්නෙකුත් තියෙනවා.....”
“ඒ මොකක්ද රණසිංහ මහත්තයෝ ?”
“මේකයි.....ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්.මම මේ පවුල ගැන හොඳටම දන්නවා නෙ. පවුල ගැන මම ඇසූ දුටු දේවල් වල හැටියට මේ දරුවට එතන ගිහින් ගැලපිලා ඉන්න පුළුවන් කියන එකයි ප්රශ්නෙ.”
“අපිට අල්ලන්න බැරි ලොකු අත්තක් නිසා ද?”
“එහෙමමත් නෙවේ. පවුලෙ විදියයි මේ පවුලෙ විදියයි අහසට පොළව වගේ.
මෙහෙම කියමුකෝ....මිනිස්සු දැන් වලිග පාග ගෙන උසස් පහත් කිව්වට ඇයි ඉස්සර කසාද බඳිද්දි කුලය හෙව්වෙ..?ඉස්සර පරම්පරා ගණනක්ම කළේ එක රස්සාව. කුල වල අයගේ ගති සිරිත් සිතුම් පැතුම් හැඩ ගැහෙන්නෙ රස්සාවට ගැලපෙන්න. නැටුම් ගැයුම් උරුම කුලේකින් ගොවිතැන් කරන කුලයකට කසාදයක් වුනා කියමු.ඒ දරුවට පුළුවන් කැත්තෙ උදැල්ලෙ වැඩ.ගිනි කාෂ්ඨ අව්වෙ මහ වැස්සෙ එළිමහනෙ වැඩ කරන්න.කොච්චර දක්ෂ නැට්ටුවෙක් ගායකයෙක් වෙලා හිටියත් එහෙම පවුලක් තුල එයා නිකමෙක්...... පවුල්  දෙකට ත් එකට පෑහෙන්න අමාරුයි
දුක් විඳින තැනකට නම් අපි මොකටද මේ කෙල්ල දෙන්නේ "
“අනික අපිටත් හදිසියකට වත් ගිහින් වැටිලා ඉන්න පුළුවන් වෙන්න එපැයි”
 “දුව තමා අවසන් තීරණය කරන්න ඕන.අපි මොන දේ කිව්වත් එකට ජීවත් වෙන්නෙ ඔයාල දෙන්නා.”
තාත්තා දෙපස සංසිඳවමින් කීවේ කළු වළාකුලින් බර වී වහින්නට ඔන්න මෙන්න ඇති මිහිරි ගේ මුහුණ දෙස බලා ගෙන .
වැහි වළාකුළු බර කරගෙන නැවත බෝඩිමට මිහිරි යෙහෙළියන් මොර සූරන වැස්සකින් සංග්රහ කළාය
“විකාර…..ලංකාවෙ අය ඕන තරම් පිටරට වල අයත් බැඳලා සාමෙන් සමගියෙන් ඉන්නෙ.”
“පවුල් දෙක නොගැලපුනාට මේ දෙන්න ගැලපෙන නිසා නෙ මෙහෙම කතා බහ කරල සම්බන්ධයක් ඇති කරන් තියෙන්නෙ.”
අවුරුදු විසි ගානක් ජීවත් වුන පවුලේ ගති ගුණ මේ දෙන්නාට උරුම වෙලා තියෙන්නෙ. එක ගෙදරකට වෙලා ඒවා ගලපාගෙන ඉන්න පුළුවන් නම් ප්රශ්නයක් නෑ.
සියල්ල අසා සිටි යෙහෙළියෝ එක පොකුරට අදහස් පල කළහ.
 “හැබැයි ඉතිං මේ ගතිගුණ බැන්දට පස්සෙ වෙනස් වෙයි මං හදා ගන්නම් කියල හිතන ඒව නම් හීන.”  බෝඩිමේ ඇන්ටි පල කළේ හැම දෙනාට හිතන්නට දෙයකි.

මුළු සතිය මිහිරි සම්පූර්ණ නිහඬ ගල් පිළිමයක චරිතයක් රඟ දැක්වූවාය.රයන් ගේ කීවන ප්රේමය දැයි නොදන්නවා වුනා මේ ඇගේ නම් ප්රථම ප්රේමය බව දැන සිටි යෙහෙළියෝ නිහඬ සිටියහ.අවසානයේ මිහිරි හඬ අවදි කළාය.
“මම තීරණයක් ගත්තා.ආදරේ වෙනුවෙන් කෙනෙක් කරන්න බැරි දෙයක් නෑ ……….රයන් මට ආදරේ කරන්න අරන් තාම මාස ගානයි.ඒත්.............අම්මයි තාත්තයි අයියයි මට ආදරේ කරන්නෙ මම උපදින බව දැනගත්ත දවසෙ ඉඳන්. ආදරේ ඝණකම වැඩි යි මට.”
 එවර ගල් පිළිම බවට හැරුනේ හුරේ දාන්නට ඇර ගත් කටවල් වහගන්නට අමතක ගිය යෙහෙළියෝ .

Comments