බස් කතා


බර වාහන රියදුරු බල පත්රය ලැබී වසර කීපයක් ගත වුනත් පැතුම්ට හිතට සරිලන රැකියාවක් නොලැබුණි.සුප්රසිද්ධ බස් රථ හිමිකරුවෙක් වූ රන්දික ට්රැවල්ස් හි රැකියා ගැන යහපත් ආරංචි ඇසී තිබුන නිසා ඔහු කද මලු බැඳගෙන එහි සේවය කළ අසල්වැසි පද්මෙ අයියා හමුවීම ගියේය.
“ආ....මල්ලි.මට නැන්දා කිව්ව විස්තරේ”
“ඔව් අයියා ...ලොකු උදව්වක්.මම අයිය අමතක කරන්නෙ නෑ දන්නව නෙ.”
“මට මුදලාලි මහත්තය උඹ ගැන කියන්න නම් බැරි කමක් නෑ.මහත්තය ළඟ දිත් අලුත් බස් දෙකක් ගෙනාවා.....උඹට පොලිසියෙ කේස් එහෙම නෑ නේද?”
“අපොයි නෑ අයියෙ.මගෙ ලයිෂන් එක full clean.”
“මුදලාලි මහත්තයා උඹට  trial එකක් තියලා සැටිස් නම් ගනීවි.හැබැයි පුතෝ නීති රෙගුලාසි නම් නූලට පිළිපදින්න ඕන.”
“ඒ මොනවද අයියේ ?”
“ම්...කොට කොට යන්න බෑ.වෙන බස් එක්ක රේස් දුවන්නත් බෑ.මාර්ග නීති ටක්කෙට පිලිපදින්න ඕන හෝල්ට් නැති තැන් වල සෙනග හිටියට නවත්තන්නත් බෑ....”
“අප්පට සිරි අය්යෙ.ඔහොම කරල කොහොමද ලාබයක් ගන්නෙ.”
“හහ් මුදලාලිට පාඩු වෙලා බං ඉතින්.මුදලාලි ගෙ තියරිය තමා මිනිස්සුන්ට හොඳට සැලකුවොත් තමයි මිනිස්සු බස් එකට නගින්නෙ.මිනිස්සු ගිය තරමටයි අපිට ලාබ ලැබෙන්නෙ.මම දැකල තියෙනව බං මිනිස්සු කලින් බස් වල නොයා රන්දික බස් එනකල් ඉන්න හැටි”
“ඕව පිලිපදිනව බලන්න cctv තියෙනවද බස් වල”
“cctv නම් බැරියැ.මුදලාලි ගෙ ගෝල බාලයො සමහර දවසට වෙස් මාරු කරන් නගිනව බස් එකේ.රුපියල් 17, 24 වගේ සමයං දුරවල් වලට.ඉතුරු නොදුන්නොත් ටිකට් කැඩුවෙ නැත්නම් මිනිස්සුන්ට බැන්නොත් පහුවදායින් ඉවරයි ජොබ් එක”
“මුදලාලි ලේසි පාසු පුතයෙක් නෙවේ එහෙනං. උඹ කොහොමද අයියෙ මෙච්චර කල් ඔලුව බේරන් ඉන්නෙ.”
“උඹට කිව්ව මොකද බං ගිය මුල් කාලෙ මටත් වුනා කේස් එකක්.CTB එකක් ආවා ගේම ඉල්ලන්.මමත් නහර කාරයනෙ.කපල ඇල්ලුවා.හවස යතුරු බාර දෙන්න යද්දි චක බ්ලාස්ට් වෙලා.යන්තම් වැඳලා වගෙ සමාව ගත්තෙ.”
“දැන් බිස්නස් එක මුදලාලි දුවට බාර දීල ලු නේද.”
“හහ්....යකෝ දුව ඔක්කොටම එහා….”
“ඒ කිව්වෙ?”
“මේ ළඟදි අපේ කොල්ලෙක්ගෙ බස් එකේ පොඩි කේස් එකක් වෙලා.දන්නෙ නැද්ද ඔය අසහන තියෙන වාත පොරවල් නගිනවා නෙ.කෙල්ලෙක්ගෙ එහෙන් මෙහෙන් අත පත ගාලා කෙල්ල කෑ ගහලා.මූ ඉතින් හැමෝම ගහන පදේ ගහලා”
“නොගෑවී යන්න නම් කාර් එකක් ගන්න කියල ?”
“ඔව් බං මේ කෙල්ල කෑ ගහල මගෙ වාහනේ තමයි මම යන්නෙ.තමුසෙ බැහැල ගිහින් අත පත ගාන්න ගෑණියෙක් ගන්නවා කියල”


Comments