එක පුන් සඳින්


ගමේ පාසලේ හොඳම සාමාන් පෙළ ප්රතිපල ලබාගත් මිහිදි උසස් පෙළ හැදෑරීමට නගරයේ ජනප්රිය පාසලකට ඇතුළත් වූවාය.නිවසේ සිට බස් රථ දෙකකින් උදේ හවස ගමනාගමනය දුෂ්කර වූවෙන් පාසල අසල නිවසක නවාතැන් ගන්නට ඇය සිදු විය.
ටික දිනක් ගත වෙද්දී ඇයට අලුත් පාසලෙන් තොර ලෝකයක් නැති විය.දැන් ඇයට ගමේ පාසල මතකයක් වත් නැත.සති අන්තයේ ගමට මොහොතේ පටන් ඇය කියවන්නේ එහි විස්තර .”අපේ ඉස්කෝලේ ලමයි උදේ එන්නෙ මෙහෙමයි.අපේ ඉස්කෝලෙ ටීචර්ස් ලා අඳින්නෙ මෙහෙමයි.එයාලා කතා කරන්නෙ මෙහෙමයි,අපේ netball team එක මෙහෙමයි, එහෙමයි” වශයෙන්  පුරාජේරුවය. කෙරෙන ඕනෑම කතාබහකදී පාසලේ වරුණ ගැන වචනයක් හෝ  රින්ගවන්නට ඇය වග බලා ගත්තාය.
මිහිදි නවාතැන් ගෙන සිටි නිවසේ එම පාසලේ සේවය කරන ගුරුවරියක සිටි නිසා මිහිදි සිටියේ බකිංහැම් මාලිගාවේ නවාතැන් ගත් පරිද්දෙනි.
ටීචර් නිලූ දිනක ඇය ඇමතුවාය.
“මිහිදි ඔයාලගෙ ගමේ පිරිසිදු කැවිලි පෙවිලි හදන්න දන්න කෙනෙක් ඉන්නවද?”
“ආ....මම අහල බලන්නම් මිස්”
“අපේ නංගිගෙ ගෙදර කිරි දානයක්.ඒවට හොඳ පිරිසිදු හදන්න ඕන නෙ.”
ගෙදරින් එවන් ගෙදරක් ගැන අසාගත් මිහිදි ඕඩරය බාර දෙන්නට ගියේ පාසලේ ටී ෂර්ට් එකක් ඇඳගෙනය. ඇසිලින් ආච්චිගේ දුවගේ පවුල පිටින් මහ ගෙදර පදිංචියට පැමිණ සිටි නිසා ඇගේ කැවිලි කර්මාන්තය පිලිවෙල වී සේවක පිරිසක් බිහිවී තිබුණි. මිහිදි දෙස සැලකිල්ලෙන් බැලූ මිහිදි වඩා අවුරුදු කීපයක් වැඩිමහලු තරුණියක්
“නංගි ඉස්කෝලෙ යන්නෙ එහෙද?” ඇසුවාය.
මිහිදි තවත් අටුවා අවශ් නැත.පාසල ගැන තොරතුරු කන්දරාවක් එක හුස්මට දිග හැරියේ ළඟදී දැනගත් තොරතුරු වූ මෑතක  ගත්සමස්ත ලංකා ජයග්රහණ ගැන මහත් උජාරුවෙන් පවසමිනි.
කැවිලි ගෙනෙන්නට යන දිනයේ නිලූ ටීචර් මිහිදි සමග ආවාය.මිහිදි ජනාධිපති කෙනෙක් එක් යන තරම් මහා ආඩම්බරයෙන් ඇය ගම මැදින් එක්කගෙන ගියාය.
කැවිලි පෙට්ටි ඔතා දෙනතුරු සාලයට වී සිටියදී එදා මිහිදි සමග කතා කල තරුණිය වහා පැමින ටීචර් කියමින් නිලූට දණ ගසා වැන්දාය.
“මේ නිලක්ෂි නෙ.ඔයා  කොහෙද මෙහෙ?”
“අම්මලාගෙ මහ ගෙවල් මෙහෙ ටීචර්”
“එහෙමද……?” නිලූ කරදරකාරී බැල්මකින් බැලුවාය.
නිලක්ෂි බැල්ම වටහා ගත්තාය.
“මම කැම්පස් සිලෙක්ට් ටීචර් .පටන් ගන්නකල් ආච්චිගෙන් මේව ඉගෙන ගන්නවා.”
“ආ....ඒක කොච්චර දෙයක් ....මේවට හැමදාම හොඳ ඉල්ලුමක් තියෙනවා”

“කවුද මිස් ඒ?”
මිහිදි ආපසු එන ගමනේ ඇසුවාය.
“අවුරුදු 2-3 කට කලින් අපේ head prefect.ඉස්කෝලෙ නොකල බාහිර වැඩක් නෑ.අපි සමස්ත ලංකා දිනුව තරමක් දේවල් lead කලේ ඔය ලමයා තමයි.”
“එයා මට කලින් හම්බ වෙලා තියෙනවා.අපේ ඉස්කෝලෙ කියල කිව්වෙ වත් නෑ.”
“ඒ ලමයා ඉස්කෝලෙ නිසා තමන් බැබලුන කෙනෙක් නෙවේ.තමන් නිසා ඉස්කෝලෙ බබලපු කෙනෙක්”



Comments