නුඹ ම මිස


"කටුගස්තොට හදිසි අනතුරින් දෙදෙනෙක් මරුට"
"හිතට සැනසීමක් ලැබෙන්න මේක දා ගත්තට ඒකෙ කියන්නෙත් හිතට වද දෙන දේවල්" අජිත් තමන්ට කියාගෙන රිමෝට් කන්ට්රෝල් එක අතට ගත්තේය.
"නුවර එළිය සමාජ ශාලාවේ ගැටුම පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙදෙනෙක් ගේ සහචරයන් අතර ?"
අජිත් තරහින් රූපවාහිනිය නිවා දැමුවේය.
 "කාලකන්නි,කොළඹ නටන නාඩගං මෙහාටත් ගෙනත්"
ඔහු තමාට කියා ගත්තේය.ඔහුට අවුරුදු විසි ගණනකට පෙර අතීතයක් සිහි විය.
සේසිරි ඇමති එවක රජයේ ප්රබලයෙකි. සමාජය ඉදිරියේ මහා දානවන්තයෙක් වූ ඔහු අනෙක් පසින් මුදල් ගලා ආවේ දිය ඇල්ලක් ලෙසිනි.ඔහුගේ පුත් රන්දික ගලා මුදල දෙගුණයකින් වියදම් කරන්නට උපන් හපනෙක් විය.අජිත් කාලයේ රන්දික ගේ ගෝල බාල රංචුවේ ප්රබලයෙකි.පියාගේ අඩි පාරේ යමින් කප්පම් ගැනිලි,බය ගැන්නිලි, තර්ජනය කිරීම් වලින් තම දේශපාලන ගමන අරඹා සිටි ඔහුගේ බොහෝ වැඩ කටයුතු වලට අජිත් දැවැන්ත මෙහෙයක් ඉටු කළේය. බලයත් පීනන්නට තරම් මුදලුත් අතරට කඩවසම් කමත් එකතු වූ රන්දික කාන්තාවන්ගෙන් කිසිම හිඟයක් නොවීය. එක රැයක දී ඔහු එක් සමාජ ශාලාවකට වියදම් කල මුදල සාමාන් පවුලක සතියක වියදමටත් වැඩි බව අජිත් කිහිප වරක් සිතුනේය.අජිත් ටත් සිකුරු ලබාගෙන ආවේ අතරය.අළුතින් පටන් ගත් පක්ෂ කාර්යාලයේ සේවයට අසල ගමක තරුණියක් පැමින සිටියාය.රන්දික සමග ගැවසුන තොරොම්බල් කරත්ත වැනි ගැහැණු අතර චාමරී ගේ අහිංසක චාම් බවට ඔහු ඇලුම් කලේ නිතැතිනි. එහෙන් මෙහෙන් බැලුම් හෙලද්දී ඇයගෙන් ඊට අකමැත්තක් නැති බව හැඟුණත් අජිත් ඇයගෙන් මේ ගැන කෙලින් අසන්නට ප්රමාද කළාය.
"මේ චන්දෙන් ඇමතිතුමා දිනුව මමත් අමාත්යංශෙක රස්සාවක් ඉල්ල ගන්නවා.ඊට පස්සෙ ඔළුව කෙලින් තියාගෙන චාමරීගෙ ගෙදරින් ගිහින් අහනවා"ඔහු තනි තීරණය කළේය.මේ ගැන අජිත් හොඳ යහළුවන්ට වත් ඉව නොවැටෙන්නට පරිස්සම් වූයේ චාමරීගේ යහපත තකාය.

ඡන්දය ආසන්න වූයේ ඔවුන්ට දිවා රෑ වෙනසක් නොමැති මහා රාජකාරි තොගයක් පටවමිනි.සමහර දිනෙක රැස්වීමක් අවසන් මහ පාන්දර 3-4 රන්දිකගේ නවාතැන් පොලකට ගෝල බාලයන් පැමිණෙන්නේ නිදිමත මහන්සිය අතරට ඇල්කොහොල් මත සමගිනි.
තවත් එවන් දිනෙක උදේ පාන්දර අජිත් ඇස් ඇරියේ කාගෙදෝ මහා ගෝරනාඩුවකිනි. බංගලා වත්ත බලා ගත් සිරිපාල බව නිදිමතේම වටහා ගත් ඔහු නිවස ඉදිරිපසට පැමිණයේ සිරිපාලගේ මාපියන්ට ආමන්ත්රණය කරමිනි.
"එක එකා එක්ක නඩලං ගහල එනව මෙතන අපේ මහත්තයාගෙ කරේ එල්ලෙන්න.ඇයි යකෝ අපේ මහත්තයට ගෑනු නැතිව ?."
"කාටද බං උඹ මේ පාන්දර කෑ ගහන්නෙ. පොඩ්ඩක් නිදා ගන්න දීපංකො අපිට"
"නෑ මල්ලි.කන්න බොන්න නැතුව ඉන්නකොට මුන් රස්සාවල් දුන්න එකමයි අපේ මහත්තයගෙ වරද.කාළකන්නි.මහත්තට ඒකිට බලහත්කාරකම් කළාලු.දැන් බාර ගන්නලු.මම කනට දෙකක් දීල එලව ගත්තෙ. "
"කවුද?"
"අර අළුත් ඔෆිස් එකට ගත්ත බටු කෙල්ල. ආවනෙ උදේ බඩේ ඉන්න එකාගෙ තාත්තා හොයන්.හහ් මම හින්දා හොඳයි.නැත්නම් ඕකි පණ පිටින් යන්නෙ නෑ මෙතනින්"
අජිත් ගේ සියළු මත් ගති සැනෙකින් පහ විය. අත මිල මෙටවී දත් මිටි කැවුනේය.වචනයක් වත් කියා ගන්නට නොහැකි වෙව්ලන්නට පටන් ගත්තේය.නමුත් සමග තමන් ගේ අසරණකම ඔහුට සිහි විය.
ඔහු කිසිත් නොකියා එළියට බැස්සේය.කිසිම අරමුනකින් තොර වේගයෙන් ඇවිදගෙන ගියේය. මෙතෙක් රන්දික කියන කරන ඕනෑම දෙයක් හිස් මුදුනින් පිලිගත්තත් ඇඳුම් මාරු කරන තරම් වේගයෙන් සිය ගනන් කාන්තාවන් මාරු කරන ඕනෑම දෙයක් ඉස්මුරුතාවට එනකල් ලබා ඇති රන්දික අවසානයේ තමන් සතු යයි සිතා සිටි එක එක වස්තුවට අත තැබීම ඔහුට ඉවසා ගත නොහැකිය.ඊටත් වඩා ගැන කිසිම පියවරක් ගත නොහැකි තරම් අසරණ වීම.......
වේගයෙන් වාහනයක් බ්රේක් ගසනු ඇසුනෙන් ඔහු පියවි ලොවට ආවේය. වටපිට බැලුවේය.ඔහු නොදැනුවත් දුම්රියපොලට ආසන්න සිටියි.අපරීක්ෂාකාරී පාර පනින්නට ගිය කෙල්ලක් පාර මැද නැවතී බිම බලා සිටියි.නවතා ගත් වාහනයෙන් අසභ් වචන තොගයක් ඇසෙයි.
"චාමරී....!!!!"
ඔහු වහා ගොස් පාර මැද ගල් ගැසී සිටි ඇය අතින් ඇද ගත්තේය.
"පිස්සු ඕයි....මැරෙන්න හදනවද?"
ඇය ඔව් කියන්නට මෙන් හිස වැනුවේ ඔහුගේ තරහ තවත් වැඩි කරමිනි.
"එහෙනම් ගිහින් කෝච්චියට පනිනවා.මේ අහිංසක මිනිස්සු අමාරුවේ නොදා"
"ඒක තමයි කරන්න යන්නේ" ඇය අමාරුවෙන් කෙඳිරීය. "මට ආයෙ ගෙදර යන්න බෑ.අඳුන ගන්නවත් බැරි වෙන්න කෑලි කෑලි වෙලා යන්න ඕන."
අජිත් ගේ කේන්තිය පහ ගියේය.දුම්රියක් ළඟා වන බවට නාද නැගුනේය.ඔහු ඇගේ අතින් ඇදගෙන පාර දෙපස බලා දුම්රිය නැවතුමට ආවේය.කිසි තීරණයකින් තොර වන විට පැමිණ තිබූ බදුලු දුම්රියෙන් බදුල්ලට ටිකට් ගත්තේය.බදුල්ල ආසන්න වෙද්දී වසර කීපයක පෙර තමන්ගේ එක නෑයා වූ සීයාගේ අවසන් දවස් කීපය රෝහලේ ගත වෙද්දී අල්ලපු ඇඳේ රෝගියා ළඟ සිට අඳුනා ගත් ලුණුගල පැත්තේ කෙනෙක් දුන් ලිපිනය විසි කරන්නට නොහැකි පර්ස් එකේ ඔබා ගත් බව අජිත් සිහි විය.
වැඩි තොරතුරු සොයා නොබලා ජිනදාස ඔවුන්ට පිහිට වූයේය.එතෙක් පිස්තෝලය කිනිස්ස හුරු තිබූ දෑතින් අජිත් උදළු කැති රැගෙන පොළව හා හැපුනේ සෙවනැල්ල වන් බිරිඳ සමගය.ටික දිනකින්
විහඟ ඔවුන් අතරට ආවේ තවත් ආදරණීය  අභියෝගයක් ලෙස වුවත් ඔවුහු අභියෝගයට සම සතුටින් උර දුන්හ.නුවරඑලිය රෝහලට මුල් පත්වීම ලද වෛද් විහඟ තව දුරටත් වගාව හා ඔට්ටු වීම අජිත් තහනම් කර ඇතත් නිවසේ කෑම වෙනුවෙන් ගෙවත්ත වගා කරන්නේ කම්මැලිකම වසා ගන්නටය.
"චාමරී හම්බ නොවුනා නම් මමත් එක්කො හිරේ.නැත්නම් වල පල්ලෙ" අජිත් තමා අසලට බිරිඳ දෙස බලාගෙන සිතුවේය. "පුතා තවම නෑනේ..."චාමරී මිදුලට බැස්සාය. "වැඩ කරන්න ගියා වෙලාවක් කලාවක් නෑනෙ."  අජිත් පසුපස ඇදුනේය.එවිට වාගේ රතු පැහැ කාරය වංගුව ගත්තේය. එය පදවාගෙන ආවේ රෝහලේ සේවය කල රාජේෂ්ය.වැඩ අධික දින වල තනිව වාහනයේ නොපැමිණ එවන් පියවරක් ගන්නට යයි පවසා සිටියේ රෝහලෙන් මය.
 "මොකද පුතා පරක්කු?"
 "ඇයි දෙන්නාම එලියෙ?"
ප්රශ්නයට ප්රශ්නයකින් උත්තර දීගෙන විහඟ සිනා සී වාහනයෙන් බැස්සේය.
"රාජේෂ් ඉන්න තේ ටිකක් බීල යමු"චාමරී කීවාය.
 "මට නෙවේ නෝනා අපේ දොස්තර මහත්තයාට හොඳ තේ එකක් දෙන්න.ලේ ත් දීලා මේ ආවෙ" දෙමව්පියෝ පුදුමයෙන් විහඟ දෙස බැලූහ."කාටද පුතා?" "...අර ක්ලබ් එකේ කේස් එකෙන් රන්දික මන්ත්රී අමාරු වෙලා ඇඩ්මිට් කලා නෙ. එයාගෙ ලේ ජාතිය තිබුනෙ නෑ.පිටින් හොයන්න වෙලාවකුත් නෑ. මම දුන්නෙ ඉතිං"



Comments