දඬුවම්


පීටර් තම රැකියාව වෙනුවෙන් කැප වූ  නිලධාරියෙකි. තම ශරීර සුවසෙත ගැන වත් නොසලකා කාර්යබහුල වූ ඔහු හදිසියේ දරුණු ලෙස රෝගාතුර වූයේය. අනිවාර්යයෙන් සති කීපයක් සම්පුර්ණයෙන් රැකියා කටයුතු වලින් වෙන් නිවාඩුවක් ගත කරන ලෙස ඔහුට නිර්දේශ විය.පීටර් වසර ගණනකට පෙර විදේශ පුහුනුවකදී මුණ ගැසුන මිතුරෙක් වූ ජෝන් ඇමතුවේය.
තම රටේ නීති අංශයේ ඉහල නිලයක් දැරූ ජෝන් දිගු කාලයකට පසු තම මිතුරා පිලි ගැනීමට බොහෝ කැමති විය.ඔහුගේ උදව් ඇතුව සති දෙකක විදේශ සංචාරයක් සැලසුම් කර ගත පීටර් ජෝන් ගේ රට බලා පියාසර කළේය.
ජෝන් තම මිතුරා පිලි ගැනීමට ගුවන් තොටු පලට පැමිණ සිටියේය.වසර ගණනකින් හමු වූ දෙමිතුරෝ එකිනෙකා වැළඳ ගත්හ.ගුවන් තොටුපලෙන් එලියට පීටර් විස්මයෙන් ඇලලී ගියේ .ඔහු කලින් පැමිණි වතාවට වඩා මේ රට ලබා ඇති දියුණුව හිතා ගැනීමට නොහැකි තරම් .
"මේ අවුරුදු 10 ඔයාල සෑහෙන වෙනසක් වෙලා නේද"ජෝන් ගේ මෝටර් රථයෙන් ඔහු ගේ නවාතැන බලා යන ගමන් පීටර් පාර දෙපස පහු වන දැවැන්ත ගොඩනැගිලි, ගුවන් පාලම් දෙස බලමින් ඔහු ඇසුවේය.
"මොන රටවල් මේ ප්රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරන්නේ"
"කලින් නම් පිට රටවල් වලට අපේ රටේ සම්පත් වලින් දියුණු වෙන්න අපි ඉඩ දුන්නා.දැන් මෝඩකම් ඉවරයි"
" කියන්නේ"
"මේවා   ආයෝජනය කරන්නේ දැන් අපේ රටේ අය තමා.එයාලත් හැදෙනවා.රට ත් හදනවා.රටේ මිනිස්සුන්ට රස්සවල්ත් හම්බ  වෙනවා "
පීටර් තමන්ගේ රට නැති නුවන ගැන කල්පනා කළේය.
"එතකොට  තාක්ෂනය ගන්නේ කොහොමද?"
" අවුරුද්දක් ගානේ ඉස්කෝල වලින් එලියට එන එක එක අංශ වලට දක්ෂ ළමයි  සැබෑ දක්ෂයන් තෝරලා අපිට ඕන තාක්ෂනය තියෙන රටවල් වලට යවනවා.එයාල එහෙ වැඩ කරලා ඉගෙන ගෙන තාක්ෂනය අපේ රට ගේනවා. ඊට පස්සේ අපේ රටේ තාක්ෂණ ආයතන වලින් තාක්ෂනය අපිට ගැලපෙන විදියට හදා ගන්නවා.
"එහෙම යවන අය ආයේ එනවද? රටවල නවතින්නේ නැද්ද?"පීටර ඇසුවේ තම රටේ ඇති විශාල ප්රශ්නයකි.
"ඉස්සර නම් එහෙම ප්රශ්නයක් තිබුනා.ඒත් රටවලට වඩා තමන්ගේ රටේ එයාලට පහසුකම් දෙන්න අපිට පුළුවන් වුනාට පස්සේ කවුරුවත් පිට රට නවතින්නේ නෑ"
තම යහළුවා වෙනුවෙන් ජෝන් සති දෙක  නිවාඩු ලබා සිටි නිසා ඔහු බොහෝ තැන් වලට ගෙන යමින් සාර්ථක නිවාඩුවක් ගත කිරීමට උපකාර වූයේය.ජෝන් කී කතා ඇත්තක් බව පීටර් පසක් වුයේ සංචාරය සඳහා පැමිණි අය මිස කිසිම තැනක විදේශිකයන් සේවය කරනු නොදැකිමෙනි.නිවාඩුවක් පතා  පිටරට ආවත් මේ බොහෝ තැන් වලදී නැවත පීටර් සිත කරදර කර ගත්තේය. තාක්ෂණික නිලධාරින් ලෙස සේවය කරන්නට සැදී පැහැදී බොහෝ අය සිටියත්  කම්කරු රැකියා සඳහා මිනිස් ශ්රමය සොයා ගැනීම මේ රටට කොතරම් අපහසු දැයි ඔහු දැන සිටියේය.ඔහු දුටු බොහෝ ඉදිකිරීම් ස්ථාන වල කම්කරුවන් සිටියේ සුළු ප්රමාණයකි.බොහෝ ස්ථාන වල   සිදු වන්නේ  පිට තැනක සකස් කල  කොටස්  ගෙනවුත් එකට සවි කිරීම  බව ඔහු නිරීක්ෂණය කළේය.
මේ ගැන කෙලින් ජෝන් ගෙන් ප්රශ්න කිරීමට පවා සිතුනත් තමන්ගේ ආයෝජකයන් යොදවාගෙන, අවශ් තාක්ෂනය ගෙන්වා  ගැනීමට කලින් කිවූ ආකාරයේ පියවරක් අනුගමනය කරන රටක් තම ව්යාපෘති වලට අවශ් කොටස් පිටරටින් ආනයනය කරනවාදැයි ඇසීම මෝඩ කතාවක් විය හැකිදැයි ඔහු නැවත කල්පනා කළේය.මේ ප්රශ්නයට පිළිතුරක් ඔහුට ඉතා ඉක්මනින් ලැබුනේය.
පීටර් වෙනුවෙන් නිවාඩු ලබා සිටි ජෝන් හදිසියේ තම අමාත්යංශයෙන් කැඳවීමක් ලැබුනේය."හ්ම්...ok මම එන්නම්.මිනිහාට එල්ලුම් ගහ ඕනෑමයි කියනවද………."
"අනේ  සොරි පීටර් මට හෙට පැය 2-3කට විතර වැඩට  යන්න වෙලා.අපි යන්න හිටිය ගමන ටිකක් පරක්කු කරන්න වෙයි.නැත්නම් මම කෙනෙක් එවන්නද ඔයාව එක්ක යන්න "
"අහ් ....ඒක මක් වෙනවා .ඔයා  ගිහින් එන්න.මම ඉන්නම්......මේ...මම ඇහුවට කමක් නැත්නම් මොකක්ද එල්ලුම් ගහ තෝරාගෙන කියන්නේ".පීටර් චකිතයෙන් ඇසුවේ එය ඔවුන්ගේ රටේ අභ්යන්තර ප්රශ්නයක් දැයි සිතමිනි..
"අපේ රටේ එල්ලුම්ගස් යවන්න නියම වුන වැරදි කාරයන් අපි විකල්ප 2ක් දෙනවා. එක්කෝ එල්ලුම් ගහ,නැත්නම් මැරුණා වගේ ඉඳගෙන රට සේවය.කවුද මැරෙන්න කැමති.හැමෝම තෝරාගන්නේ මුල් විකල්පය .ඒත් හිරකාරයෙක් අවුරුදු ගානකට පස්සේ එල්ලුම් ගහ තෝරාගෙන නේ."
"මොකක්ද මැරුණා වගේ ඉඳන් රට සේවය කියන්නේ"පීටර් තම කුතුහලය මැඩ පවත්වා ගැනීමට නොහැකි විය.
"එයාලා ඉන්නේ ජීවිතාන්තය දක්වා බන්ධනාගාරයේ.පිට ලෝකය එක්ක කිසි සම්බන්ධයක් නෑ.අපේ රට ඕන වෙන ඔක්කොම නිෂ්පාදන කරන්නේ එයාල.කන්න බොන්න දෙනවා.අසනීපයක් වුනොත් බලනවා.ඒත් ගෙවීමක් නෑ.පීටර් දන්නවා නේ මෙහෙ මෑන් පවර් කියන්නේ හරි මිල අධික දෙයක්. වගේ හුඟක් වෙලාවට එල්ලුම් ගහට නියම වෙන්නේ තවත් මිනිහෙක් හෝ කීප දෙනෙක් මරා දාපු කෙනෙක්. කියන්නේ රටේ තිබුන මානව සම්පතක් අහිමි කරලා.එහෙම කෙනෙක් එල්ලලා මරලා සම්පත ත් අහිමි කර ගන්නවට වඩා මේ විදිය පලදායි.තමන් අහිමි කෙරුව කෙනා වෙනුවෙන් වැරදි කාරයා රටට යුතුකම් ඉෂ්ට කරනවා.අනික සමහර වෙලාවට නීතියෙන් වරදකාරයෝ වුනාට පුදුමාකාර කුසලතා.දක්ෂතා තියෙන අය මුණ ගැහෙනවා මේ හිර කාරයෝ අතරේ. හැකියාවෙන් රට ප්රයෝජන ගන්න අවස්තාව දෙනවා"
"මානව හිමිකම් ආයතන වලින්,පිට රටවලින් ප්රශ්න ආවේ නැද්ද මේ ක්රමය ගැන"
ජෝන් කට කොනකින් සිනාසුනේය."මුලදී නම් පොඩි පොඩි ප්රශ්න ආවා.ඒත් දැන් අපි පිට රටින් යැපෙන්නේ නෑ. නිසා අපිට ප්රශ්න ඇති කරන්න එයාලට තව දුරටත් බෑ.අනික  වැරදි කාරයෙක් දෙන හොඳම දඬුවම මරලා දාන එක නෙවේ.තමන්  කරපු වරද ගැන විඳවන්න පුළුවන් තරම් කල් ජිවත් කරවන එක"



රජමහා  විහාරය අසල තවත් වෑන් රථයක් නැවතුනේය.මල් කඩවල සිටි වෙළෙන්දෝ ලහි ලහියේ තම නිෂ්පාදන සුදානම් .කර ගත්හ.තම කුඩා දරුවෝ මල් පොකුරු සමඟ වන්දනා නදය පෙර මගට කඩිනමින් යැවුහ.
සුමනා තවත් නෙලුම් මලක් ගෙන පෙති දිග හැරියා .වෙනදාට නම් දුවගේ පොඩි දුව ඇයගේ උදව්වට සිටියත් අද සිට ඇයත් ශිෂ්යත්ව පන්තියකට යන බව කී නිසා සුමනා සිටියේ තනිවමය.ඇය පුරුද්දට මෙන් රථයෙන් බැස විහාරය දෙසට එන වන්දනා නඩය  දෙස බැලුවාය.බැලූ බැල්මට සියලු දෙනාම වයස 18-20 වයසේ කොලු කෙලි පිරිසකි.ගැහැණු පිරිමි වෙනසක් නැතිව සියලු දෙනාම කලිසම් හඬ සිටින බව දුටු ඇය මහත් කෝපයට පත් විය.
දැන් ඉන්න  කෙල්ලන් ගේ  කිසි චාරයක් නැති හැටි.මේ වගේ සිද්ධස්තානයකට එන හැටි වත් දන්නේ නෑ.....දණහිසට මදක් උඩට වන්නට  දික් වන සේ ඇඳ සිටි සුදු හෝ ලා පැහැති ගණකම්,බුරුල්  සංවර blouse ගැන කිසිම අවදානයක් යොමු නොකරමින් ඇය තනියෙන් පුපුරා හැලුනාය.
මුන් ගේ නෙවේ මුන් ගේ මහා මිනිස්සුන් ගේ වැරදි.තැනකට යද්දී අඳින පළඳින හැටි කියා දීලා නෑ .ඇය එවර නොදන්නා දෙමවුපිය පිරිසකට දොස් නැගුවාය.
එක අතකට දෙමවුපියෝ මක් කරන්නද.දැන් හැදෙන එකියෝ අම්මලා තාත්තලා කියනදෙයක් අහනවද. මෙහෙම කොල්ලෝ එක්ක රස්තියාදුවේ යනවද හැදිච්ච කෙල්ලක්. කොහේ හරි හොර ගමනක් යන ජෝඩු ටිකක් කොහෙද අපේ කාලේ එහෙම වුනා නම් කකුල් කඩලා.නැවතත් තම සිත සමග තනියෙන් තර්ක කලේ තමන්ගේ දුවලා දෙන්නා  සිහි කරමිනි.
මේ කිසිත් නොදත් වන්දනා පිරිස දෙපස මල් කඩ දෙස බලමින් ඉදිරියට ඇදුණහ.සුමනා අසල තිබූ කිහිලි කරුව දුටු එක දැරියක් "අපි මෙතනින් ගමු "ඇසුවාය.අනෙක් පිරිස නිතැතින් එතන නැවතුනහ.
"කීයද ආන්ටි මේ මල්"පිරිමි ළමයෙක් ඇසුවේය.
කෝපයෙන් දැවෙමින් සිටි සුමනා තමන්ට හැකි පමණින් ඔවුන්ගෙන් පාලි ගන්නට සිතුවාය.
"100 4යි"
පිරිස මුහුණෙන් මුහුණ බැලුහ.සුමනා මඳ චකිතයක් ඇති වුනේ වැඩි මිලක් කියා ඔවුන් මල් මිල දී නොගනී දැයි සිතුන නිසාය.
"හරි ඇන්ටි.16ක් දෙන්න එහෙනම්"මුලින් කතා කල පිරිමි ළමයා සියේ නෝට්ටු 4ක් දික් කළේය.
මල් පොකුර එකාට එක බැගින් බෙදා ගෙන විහාරය පැත්තට යන පිරිස දෙස බලන්නට ඇයට ඉඩක් නොවුයේ තවත් රථයකින් බැසගත් පිරිසක් එන බව දුටු නිසාවෙනි.
ඔවුන් දෙස බැලූ  ඇයගේ කෝපය සම්පුර්ණයෙන් නිවී ගියේය.නඩයේ සියලු දෙනා ඇඳ සිටියේ බිම ගෑවෙන තරමේ සුදු දිගු සායවල් .මැදිවියේ කීපදෙනෙක් ඔසරි ඇඳ සිටියහ.හරි වැදගත් කට්ටියක් වගේ.වන්දනාවක් යනවා වෙන්න ඕන.
ඇය පහන් සිතින් බලා සිටියාය.දෙපස බලමින් ඔවුන් ගෙන් කෙනෙක් සුමනා අසල වූ අනෙක් මල් කඩය ඉදිරිපස නතර වූහ.
"කීයද මේවා"
"100 5යි නෝනා"
"හපෝ ගැන වැඩියි නේ."
"ඔය මල් ගන්න ඕන නෑ.මම ඊයේ හවස පන්සලෙන් කඩා ගත්තා.මේ ඇති අපි ඔක්කොටම"මැදිවියේ කතක් බෑගයෙන් සිලි සිලි මල්ලක් අදිමින් කීවාය. තුල වතුරෙන් පෙඟී තැලී පොඩි වුන මල් දහ  පහළොවක් සුමනා දැක්කාය.
වචන ඇසූ  සියලු දෙනා නැවත පාර ආහ.
"නිකන් පිපෙන මල ත් ගිනි ගණන්.හරියට තෙල් පෝර දාලා වවනවා වගේ නේ.
රජමහා  විහාරය අසල තවත් වෑන් රථයක් නැවතුනේය.මල් කඩවල සිටි වෙළෙන්දෝ ලහි ලහියේ සුදානම්  .කර ගත්හ.තම කුඩා දරුවෝ මල් පොකුරු සමඟ වන්දනා නදය පෙර මගට කඩිනමින් යැවුහ.
සුමනා තවත් නෙලුම් මලක් ගෙන පෙති දිග හැරියා .වෙනදාට නම් දුවගේ පොඩි දුව ඇයගේ උදව්වට සිටියත් අද සිට ඇයත් ශිෂ්යත්ව පන්තියකට යන බව කී නිසා සුමනා සිටියේ තනිවමය.ඇය පුරුද්දට මෙන් රථයෙන් බැස විහාරය දෙසට එන වන්දනා නඩය  දෙස බැලුවාය.බැලූ බැල්මට සියලු දෙනාම වයස 18-20 වයසේ කොලු කෙලි පිරිසකි.ගැහැණු පිරිමි වෙනසක් නැතිව සියලු දෙනාම කලිසම් හඬ සිටින බව දුටු ඇය මහත් කෝපයට පත් විය.
දැන් ඉන්න  කෙල්ලන් ගේ  කිසි චාරයක් නැති හැටි.මේ වගේ සිද්ධස්තානයකට එන හැටි වත් දන්නේ නෑ.....දණහිසට මදක් උඩට වන්නට  දික් වන සේ ඇඳ සිටි සුදු හෝ ලා පැහැති ගණකම්,බුරුල්  සංවර blouse ගැන කිසිම අවදානයක් යොමු නොකරමින් ඇය තනියෙන් පුපුරා හැලුනාය.
මුන් ගේ නෙවේ මුන් ගේ මහා මිනිස්සුන් ගේ වැරදි.තැනකට යද්දී අඳින පළඳින හැටි කියා දීලා නෑ .ඇය එවර නොදන්නා දෙමවුපිය පිරිසකට දොස් නැගුවාය.
එක අතකට දෙමවුපියෝ මක් කරන්නද.දැන් හැදෙන එකියෝ අම්මලා තාත්තලා කියනදෙයක් අහනවද. මෙහෙම කොල්ලෝ එක්ක රස්තියාදුවේ යනවද හැදිච්ච කෙල්ලක්. කොහේ හරි හොර ගමනක් යන ජෝඩු ටිකක් කොහෙද අපේ කාලේ එහෙම වුනා නම් කකුල් කඩලා.නැවතත් තම සිත සමග තනියෙන් තර්ක කලේ තමන්ගේ දුවලා දෙන්නා  සිහි කරමිනි.
මේ කිසිත් නොදත් වන්දනා පිරිස දෙපස මල් කඩ දෙස බලමින් ඉදිරියට ඇදුණහ. සුමනා අසල තිබූ කිහිලි කරුව දුටු එක දැරියක් "අපි මෙතනින් ගමු "ඇසුවාය.අනෙක් පිරිස නිතැතින් එතන නැවතුනහ.
"කීයද ආන්ටි මේ මල්"පිරිමි ළමයෙක් ඇසුවේය.
කෝපයෙන් දැවෙමින් සිටි සුමනා තමන්ට හැකි පමණින් ඔවුන්ගෙන් පලි ගන්නට සිතුවාය.
"100 4යි"
පිරිස මුහුණෙන් මුහුණ බැලුහ.සුමනා මඳ චකිතයක් ඇති වුනේ වැඩි මිලක් කියා ඔවුන් මල් මිල දී නොගනී දැයි සිතුන නිසාය.
"හරි 16ක් දෙන්න "මුලින් කතා කල පිරිමි ළමයා සියේ නෝට්ටු 4ක් දික් කළේය.
මල් පොකුර එකාට එක බැගින් බෙදා ගෙන විහාරය පැත්තට යන පිරිස දෙස බලන්නට ඇයට ඉඩක් නොවුයේ තවත් රථයකින් බැසගත් පිරිසක් එන බව දුටු නිසාවෙනි.
ඔවුන් දෙස බැලූ  ඇයගේ කෝපය සම්පුර්ණයෙන් නිවී ගියේය.නඩයේ සියලු දෙනා ඇඳ සිටියේ බිම ගෑවෙන තරමේ සුදු දිගු සායවල් .මැදිවියේ කීපදෙනෙක්  ඔසරි ඇඳ සිටියහ.
හරි වැදගත් කට්ටියක් වගේ.වන්දනාවක් යනවා වෙන්න ඕන.
ඇය පහන් සිතින් බලා සිටියාය.දෙපස බලමින් ඔවුන් ගෙන් කෙනෙක්  සුමනා අසල  අනෙක් මල් කඩය ඉදිරිපස නතර වූහ.
"කීයද මේවා"
"100 5යි නෝනා"
"හපෝ ගාන වැඩියි නේ."
"ඔය මල් ගන්න ඕන නෑ.මම ඊයේ හවස පන්සලෙන් කඩා ගත්තා.මේ ඇති අපි ඔක්කොටම"මැදිවියේ කතක් බෑගයෙන් සිලි සිලි මල්ලක් අදිමින් කීවාය. තුල වතුරෙන් පෙඟී තැලී පොඩි වුන මල් දහ  පහළොවක් සුමනා දැක්කාය.
වචන ඇසූ  සියලු දෙනා නැවත පාර ආහ.
"නිකන් පිපෙන මල ත් ගිනි ගණන්.හරියට තෙල් පෝර දාලා වවනවා වගේ නේ.
නික්ම යන ඔවුන් ගෙන් කෙනෙක් ගේ හඬක් සුමනාට යන්තමින් ඇසුණේය.
ඇය දෑස් විදහා ඔවුන් දෙස බැලුවාය.නගේඅහිරින් පායාගෙන ඉර එලිය ඔවුන් ගේ දිග සායවල් පසා කරමින් පොලව සිප ගත්තේ සායවල් අතරින් නිරුවත් වූ  දෙපා ප්රදර්ශනය කරමිනි.
"හහ් .....නිකන් වැවෙන මල් උඩින් ඇවිත් අපේ අතට වැටෙනවා කියල දන්නේ නෑ  හිතන් ඉන්නේ.කිඹුලෝ එක්ක ඔට්ටු වෙවී වැව මැද අපි කරන යුද්ධය කවුරුවත් දන්නේ නෑ."පාන්දර අහිමි වූ වෙළඳාම ගැන කෝපයට පත් වී සගයා කියනු ඇසුනේය.
පැය බාගයකට පමණ පෙර ගිය තරුණ නඩය ආපසු එමින් සිටියහ.
"චමෝදි ගේ අම්මට ඉක්මනින් සනීප වෙන්න කියල විතරමයි මම නම් ප්රාර්ථනා කලේ"
"අනේ ..අපි ත් එහෙමයි."පාවහන් ගලවා තැබූ තැන නැවතුනහ."100ක් විතර දීලා ඔක්කොම ගමු"
"නෑ ...නෑ   මේ මිනිස්සු ත් ජිවත් වෙන්න එපැයි"තරුණයෙක් සැමදෙනා ගෙන් මුදල් එකතු කළේය.
"කොලිටි බලලා මී කිරි ටික මෙහෙන් ගෙනියමු.මෙයාලටත් පිනක් නේ"


Comments