ජංගමේ


උසස් අධ්යාපනය ලැබූ මුළු කාලය සමිත නැවතී සිටියේ ලොකු අක්කා ගේ නිවසේය. මාසයකට දෙකකට සැරයක් ගමට ගිහින් එද්දී බෑගයට සෑහෙන්න පමණක් ගෙන එන එළවළු,පළතුරු,ලුණු දෙහි,වැලි තලප වැන්නක් බලෙන් දුන්නොත් හැර ඉඳුම් හිටුම් කෑම බීම වලට සත පහක මුදලක් නොගත් අක්කා ත් අමිල මස්සිනා ත් ගැන සමිතට තිබුනේ ගෙවා නිම නොවන ණයක හැඟීමක්.රැකියාවක් ලැබී යන්නට සිදු වුන මුල් විදෙස් ගමනින් ඔහු දෑත පුරවා තෑගි ගෙනාවේ අක්කාටත් අයියාටත් පොඩි දෙන්නාටත්. අතරින් අයියාට ගත් නවීනතම ජංගම දුරකථනය විශේෂයි.
තෑගි බෝග රට විසිතුරු කතා අවසන් සමිත නැවත රැකියාවට ගියේය.මාස 3-4ක් ගත වෙද්දී සතියක වැඩසටහනකට ඔහුට කොළඹ එන්නට සිදු විය.එවිටත් සමිත නැවත අක්කාගේ පිහිට පැතුවේය.
වරුවෙන් කාර්යාලයෙන් එන්නට සිතා සිටියත් අත්යවශ් කටයුතු කීපයක් අවසන් බසයට නැගුන ඔහු අක්කාගේ නිවසට ආවේ මහ රෑ .පාන්දර කෝච්චියට යා යුතු නිසා සැනින් එලාම් තබා නිදා ගත් සමිත එලාමයටත් පෙර ඇහැරුනේ අක්කා පොල් බිඳින හඬටය.ඔහු දෑස් පිස දමමින් කුස්සියට ගියේය.
"Good morning අක්කේ"
" මල්ලි නැගිට්ටද?තේ නම් හැදුවෙ නෑ. පොඩ්ඩක් ඉන්නකෝ....."
"නෑ අක්කෙ මම හදන්නම්."
ඔහු අක්කාගේ ත් අයියාගේත් කෝප්ප ලං කර ගත්තේය.
"අයියා දැන් තේ හදල වැඩක් නෑ මල්ලි. ඇහැරෙද්දි පරක්කු වෙනවා.තේ නිවෙයි."
සමිත පුදුමයෙන් අක්කා දෙස බැලුවේය.අයියා අසනීපයෙන් වත් ?ඔහු මෙහි සිටි කාලය පුරාව ගෙදර එලාම් එක වුනේ අයියා .පාන්දර අවදි නිවසේ සියල්ලන් ඇහැරවා අක්කා හදා දෙන තේ එක බොන ගමන් ඔහු කුස්සියේ උයමන් වලට උදව් කලේ විහිළු කියවමිනි.සමිත කිසිත් නොකියා අක්කා පොල් ගා දී ලෑස්ති වෙන්නට ගියේය.
අයියා නිදිගැට කඩමින් නැගිට ආවේ අක්කා උයා පිහා දරු දෙදෙනා ලෑස්ති කර අවසානයේ දීය.
"Good morning අයියා"
"Good morning මල්ලි.ඔය ටුවරිස්ට් බෝඩ් එකෙන් කරන ප්රෝග්රෑම් එකට නේද යන්නෙ?"
" ඔව් අයියෙ.අයියලාගෙ ඔෆිස් එකෙනුත් එනවා ?"
"නෑ මම ෆේස් බුක් එකේ දැක්කෙ.......මල්ලි නැද්ද ෆේස් බුක්?"
"ඉස්සර හදපු එකවුන්ට් එකක් නම් තියෙනවා. කාලෙකින් ලොග් වුනේ නෑ.දැන් පාස් වර්ඩ් වත් අමතකයි. ඕව කොහෙද වෙලාවක්"
"අපිට ඉතිං දවස ඔෆිස් එකේ නැහුනට පස්සෙ පොඩි හරි සැනසිල්ලක් තියෙන්නෙ ඔච්චරයි.ටීවී වලට එන්නෙවත් නැති රටේ ලෝකෙ නිවුස් ඔක්කොම පටස් ගාලා එනවා"
"ඕවා වල තියෙන සමහර දේවල් නම් පට්ට පල් බොරු අයියේ."
"අහ් ඔව් ඔව්.මේ ළඟදිත් මහ පෙරළියක් වුනා. ප්රසිද්ධ නළුවෙක් මැරුණා කියල.උදේ වෙද්දි කියනවා ICU විතරලු."
වැඩසටහනේ මුල් දිනය අවසන් නිවසට සමිත එහි ඇති තිබෙන පෙරලිය දැක විස්මයට පත් වූයේය.අක්කා රැකියාව අවසන් ඇඳුම් පිටින් කුස්සියේ ගජ රාමෙට වැඩ . අතර ටීවී එක දිහා කට ඇරන් බලා ඉන්නා පොඩි දෙන්නා ඉඳ හිට පාසල් වැඩ මතක් කරමින් කෑ ගසයි.අම්මා ගේ කටට බයේ පොත් අතට ගන්නා දරුවෝ
"අම්මෙ මේ ගාන කොහොම හදන්නෙ?"
"මකුළුවාට කකුල් කීයද?.........හෙට එද්දි කතන්දරයක් පාඩම් කරන් එන්න කිව්වා"කියාගෙන ඇය පස්සේ . සියල්ලට උත්තර දෙන ඇය ටිකකින් " අම්මෙ අයියා මගෙ පැන්සල ගත්තා...." "නංගි මගෙ පොතේ කුරුටු ගෑවා......" ආදී නඩු විසඳන්නීය.මේ මුළු කාලය තුල අමිල අයියා අන්තර්ජාලයේ .රෑ කෑම මේසයේ දී වත් ඉන් අත් නොමිදෙන ඔහු කන්නේ මොනවාදැයි වත් නොදැන කටට දෙකට ගිල දමා නැවත සාලයේ ඉඳ ගෙන ජාලයට එබෙයි.
එකල කුණු පොදක් නොතිබූ නිවසේ වහලය මකුළු දැලින් උඩු වියන් බැඳ ඇත.වත්ත පිටියේ දනක් උසට තණකොළ .ෆෝන් හක තුලින් ජාත්යන්තරය එබිකම් කරන ඔහු තම නිවසේ තත්ත්වය නොපෙනේ. අයියා චාජරයත් රැගෙන සාලයට නිසා ඔහු මහ රෑටත් ජාලයේ පැටලී සිටින බව
මධ්යම රාත්රිය වනතුරු පසුවදාට නියමිත ඉදිරිපත් කිරීමකට සූදානම් වෙමින් සිටි සමිතට පසක් විය.
"කාමරේ ප්ලග් පොයින්ට් එකක් නෑ මල්ලි.මම මැකෑනික් කෙනෙක් හොයනවා එකක් දා ගන්න"
ඔහු ලජ්ජාවෙන් මෙන් කීයේය.
"නැතුව මෙහෙම නම්, තිබ්බා නම්....."සමිත තමන්ටම කියා ගත්තේය. මේ සියලු වියවුල් ඇති කර ඇත්තේ තමන් ගෙනැවිත් දුන් මෙවලමෙන් බව සිහි වෙද්දී ඔහුට ඉවසුම් නැති විය.
සමිතගේ වැඩසටහන අවසන් වී සිකුරාදා හවස පැවැත්වෙන සුහද හමුවටත් සහභාගි වීමට සිදු වන නිසා සමිතට එදා ආපසු නිවසට යාමේ හැකියාවක් නැත.
"මම පාන්දර යන්නෙ.අක්කා ඇහැරලා කරදර වෙන්න එපා"
************************************************************************************
කිවූ ලෙස පාන්දර පිටත් වන පළමු බසයට නැගුන සමිත කෙලවරක් අල්ලාගෙන හොඳට නිදා ගත්තේය.වටින් ගොඩින් එලිය වැටෙද්දී ඇස් හැරිය ඔහු ජංගම දුරකථනය අතට ගත්තේය.මිස්ඩ් කෝල් බර ගණනකි. වැඩි හරිය අක්කාගෙනි.ඔහු ඇයගේ අංකය ඩයල් කලේය.උත්තර දුන්නේ අයියා .
"හරි වැඩේ නෙ මල්ලි.ෆෝන් එක වැඩ කරන්නෙ නෑනෙ"
"ඇයි මොකද වුනේ අයියෙ?"
"මම ඊයෙ චාර්ජ් වෙන්න ගහල තිබුනෙ.උදේ ගනිද්දි ඔන් වෙන්නෙ නෑ"
"අයියා අතින් බිමවත් වැටුන ?"
"නෑ මල්ලි එහෙම මුකුත් වුනේ නෑ.ෂිහ් මුකුත් වැඩක් කර ගන්න බෑ නෙ.මම තව ටිකකින් ටවුමට ගිහින් බලන්න ඉන්නේ ශොප් එකකට වත් දීලා.මේ අල්ලපු ගෙදර පුතා ත් ඕවා ටික ටික දන්නවා.අද කොල්ලා ගෙදර නෑලු"
" ...මේ අයියෙ.ඔය මොඩල් එක තාම ලංකාවෙ නෑ මම හිතන්නෙ.එක එක අයට රෙපෙයාර් කරන්න දෙන්න එපා"
"අහ්....හරි වැඩේ නෙ.මොකද කරන්නෙ?"
"ඕක කම්පැනි දාන්න වෙයි.හැබැයි ආයෙ සඳුදා තමයි වැඩ කරනවා ඇත්තෙ"
"මාර අවුල මල්ලි.දවස් දෙකක් මොනව කරන්නද මන්දා"ඇමතුම විසන්ධි විය.
සිග්නල් නැති කලාපයකට මුහුණ දුන් සමිතට නැවත ගැන සොයා බලන්නට වෙලාවක් ආවේ නිවසට විත් කා බී නා නින්දක් නිදා ගැනීමෙනුත් පසුය. අයියා මොන ජල්ලියක් අල්ලලා දැයි ඔහුට බයක් දැනුනේය.
එවර උත්තර දුන්නේ අක්කාය.
"අක්කෙ අයියාගෙ ෆෝන් එක වැඩ නෑ කිව්වා.මොකද දන්නෙ නෑ කර ගත්තෙ?"
"උදේ වරුවෙ යකෙක් වැහිල හිටියෙ මල්ලි. අපි ඔක්කොටම බැන්නා හේතුවක් නැතිව.බල්ලා විතරයි නගුට වනන් ආවෙ. නාවලා නෑ සති ගානක්.මට කොහෙද මල්ලි වෙලාවක්. අරන් ගිහින් නෑව්වා.එතකොට දැකල තියෙන්නෙ වත්තෙ වල් ටික.තුන් දෙනා එක්ක එලි කරල රොඩුත් පුච්චලා අලුත් පාත්ති ටිකකුත් කොටනවා.මම මේ හවස තේ බොන්න පෑන් කේක් හදනවා.රෑ වෙලා පන්සලුත් යමු ලු" සෑහෙන දවසකට පසු අක්කා සතුටු සිතින් එක දිගට කියාගෙන යයි"
"ෆෝන් එක මොකද අක්කෙ?"
"අහ් අන්න ඒක ලාච්චුවේ.සිම් එක දා ගත්තා පරණ පොඩි ෆෝන් එකට "
සමිත සැනසුම් සුසුමක් හෙලුවේය.ඇඳගෙන කලිසමේ සාක්කුව අතගා ෆෝන් එකේ සජීවී බැටරිය එහි ඇති බව සහතික කර ගත්තේය.

Image result for mobile addicted

Comments