අරුණිගේ
වෙඩින් එකට දාන්න සපත්තු හොයන්නට මුළු ටවුම පුරා ම ඇවිද හංසි
ට හොඳටෝම මහන්සි ය.එක්කෝ සයිස්
නැත,එක්කෝ ගැළපෙන පාට නැත.දෙක ම හරි නම්
out of fashion එකකි.ඒත් නැත්නම් ඒ හීල් එක
උස වැඩිය.මිටි වැඩිය.මහන්සි මදිවාට කේන්තිය ඇත්තේ අන්තිම මොහොත වෙනකල් ම එන්නට පොරොන්දු
වී අද උදේ call කර
අම්මා ට බේත් ගන්නට
යන්න සිදු වී ඇති බවට
කිවූ ලක්මි එක්ක ය.
හිටපන්කෝ
උඹට ත් මාව ඕන
වෙයි නේ කොහේ හරි
රස්තියාදුවක යන්න.මමත් දෙන්නම් වැඩේ ඇය තනියෙන් සිතුවාය.සපත්තු දා බලා ම
ඇගේ කකුල් හිරි වැටුන ගානය.වෙඩින් එකට ගැලපෙන සපත්තු ජෝඩුවක් නොගත්තාට ගෙදරට දාන්න,පන්ති දාන්න,වෙන function එකකට දාන්න වශයෙන් වෙනත් සපත්තු සෙරෙප්පු ජෝඩු කීපයකුත් සපත්තු කඩ අතර තුරේ
ඇති වෙනත් සාප්පු වලින් කොන්ද කටු,වූල් බෑන්ඩ් ආදී එකී නොකී දේවල් සමුහයකුත් ඇය මිල දී
ගෙන අවසන්ය.මහන්සියත් තරමක බඩගින්නත් නිසා හංසි සුපුරුදු snack bar එකට ම ගොඩ වැදී
අයිසින් පිරුන ලොකු කේක් කෑල්ලක් order කළාය.වෙනදා ට නම් අපොයි
මහත් වෙයි කියමින් ඒ වැනි කෑම
දෙස හැරී
නොබැලුවත් අද දවසේ වැය
කල කැලරි ප්රමාණයට හරි
යන්නට මේක කෑවට කමක් නෑ කියා ඇය
සිතුවාය.
ඇය
plate එකත් අරන් පාර පැත්තට වූ හුදකලා පුංචි
මේසයක ට ඉඳ ගත්තාය.හපොයි සපත්තු ගන්න එක මේ තරම්
අමාරු බව දන්නවා නම්
මුලින් සපත්තු අරන් ඒකට match වෙන්න සාරිය තෝරන්න තිබුණා.මල ගෙවල් වල
මිය ගියේ ඔබ නොවේ අප
යි කියල ගහනවා වගේ මගුල් ගෙවල් වල ගහන්න ඕන
කසාදය ඔබේය,දුක් විඳින්නේ අප ය.කියල.පාර දිහා බලාගෙන කේක් කෑල්ල කන අතරේ ඇය
කල්පනා කලාය.
හෑ
...අර පාර එහා පැත්තේ කපල් සිම් විකුනන්න ඉන්න කොල්ලා මගේ දිහා බල බල අහකට හිනා වෙන්නේ මොකද.දැන් ටික වෙලාවක් තිස්සේ. කොල්ලා නම් හැන්ඩියා.කම්මැලි කම යන්නත් එක්ක
පොඩි ලයින් පාරක් දැම්මට නම් කමකුත් නෑ මමත්.පැනලා ම දෙන්න හොඳ
නෑ.පොඩ්ඩක් ගානකට හිනාවක් දාන්න ඕන.ඌ නම්
නිකන් යන එන මගක්
නැතුව ඔය ජොබ් එකට
ආව එකෙක් වගේ නෙවේ.ඔය ෆෝන් company වල
executives ලත්
training period එකේදී
ඔහොම ඒවාට දානවලු. Expensive courses කරන කොල්ලොත් course ෆී හොයා ගන්න
ඔහොම පාර්ට් ටයිම් ඒවාට එනවා ලු.මේකත් එහෙම
එකෙක් ද කොහෙද.ඈ
...මෙන්න මූ ඒ පාර
මේ පැත්ත බලාගෙන මූණත් අත ගානවා.
ෂාහ්
......ලකියා හිටිය නම් පොඩ්ඩක් බොරුවට ගිහින් සිම් එකක් බලල එන්න තිබුණා.ඕකි නම් කීයට වත් විශ්වාස කරන්නේ නෑ මේ වගේ
හැන්ඩි කොල්ලෙක් මට ලයින් එක
දැම්මා කිව්වට.එක්කෝ ලකියෙක් ඕන නෑ මම
තනියෙන් සිම්
එකක් බලන්න වගේ යන්න ඕන.ම්ම්ම්...... කොයිකටත්
ශේප් එකේ මුගේ ෆොටෝ එකක් අරන් ලකියා ට සෙන්ඩ් කරලා
ඉන්න ඕන ජෙලස් හිතෙන්නත්
එක්ක.යස මමත් එක්ක
ආවේ නැතුවට අද.
හංසි
ෆෝන් එක අරගෙන silent mode දමා කැමරාව
on කළාය.අන්තිමට අරන් තිබුනේ සෙල්ෆියක් නිසා on වූයේ front කැමරාවය.
ඈහ්...මේ මොකක්ද මේ
මගේ නිකටේ තියෙන්නේ.අපොයි ලොකු අයිසින් තලියක් නේද.එතකොට මේකට ද මු හිනා
වුනේ වරුවක් මගේ දිහා බලන්.අපොයි....!!

Comments
Post a Comment