සම්බුදු සෙවනේ සදහම් සිසිලෙන්


පිට ගම් කාරයෙකැයි කිහිප දෙනෙක් දුර්මුඛ වුවත් අනිල්  මහතාට දහම් පාසලේ ගුරු මණ්ඩලයට එක් වීමට කළ ආරාධනය නිවැරදි බව ලොකු හාමුදුරුවෝ කල්පනා කළහ.පලාතේ චිර ප්රසිද්ධ දහම් පාසල වන විට මුහුණ දී සිටියේ හදිසි අරාජික තත්වයකටය.ප්රධානාචාර්ය ධූරය දැරූ විශ්රාමික විදුහල්පතිතුමා අංශභාගයෙන් ඔත්පල වෙද්දී ඔහුගේ සාත්තුවට ඉස්කෝල හාමිනේට නිවසේ නවතින්නට විය.ආණ්ඩු පෙරලියත් සමග  අනෙකුත් මැදි වයස් රජයේ සේවකයෝ තමන් පහසු ප්රදේශ වලට පත්වීම් හිමි කර ගත්හ.දහම් පාසල නවක ගුරුවරුන්ගේ කරපිට ඇද වැටුනේය.ඔවුන් තම පුද්ගලික රාජකාරි පවා පසු කර ගනිමින් දහම් පාසල වෙනුවෙන් ඇප කැප වුවත්දහම් පාසල දැන් නම් වැඩක් නෑ….” කියා ගත් කිහිප දෙනා අවනත වූ බහුතරය නිසා දරුවන්ගේ පැමිනීම දිනෙන් දින පහල ගියේය.
අසල නගරයේ ආයතනයක සේවයට පත් අනිල්   මහතා පන්සලේ ප්රධාන දායක පවුලක නවාතැන් ගත්තේ මේ අවස්ථාවේය.
ඔහුගේ චතුර කථිකත්වය සංවිධාන ශක්තිය කෙටි කලකින් දහම් පාසලට නව ආලෝකයක් උදා කලේ මෙතෙක් දහම් පාසලකට අඩිය තබා නැති දරුවන් පවා වටා රොද බඳවමිනි.දහම් පාසල මුල් කරගෙන ඔහු බොහෝ ක්රියාකාරකම් ංවිධානය කලේය.ආධාරයක් වෙනුවෙන් රුපියලක් නෙදෙන පවුල් වලින් පවා සැලකිය යුතු අනුග්රහ ලබා ගත්තේය.දහම් පාසලේ සියලු කටයුතු ඔහුගේ භාරයට පත් වූයේ නිතැතිනි.

දුරකථනයේ නාදයෙන් ලොකු හාමුදුරුවෝ දැහැනින් මිදුණහ.
“හෙලෝ………”
“පන්සලෙන් නේද මේ කථා කරන්නෙ”
“ඔව් … හාමුදුරුවෝ කතා කරන්නෙ”
“අවසර හාමුදුරුවනේ…….. මේ දහම් දරු සරණ පදනමෙන් කථා කරන්නෙ.ඔබ වහන්සේ ලාගේ දහම් පාසලෙන් ආධාර ඉල්ලලා තියෙනව 150,000.අපේ පදනමෙන් ආධාර දෙන්නෙ රුපියල් පනස් දාහ වෙනකල් විතරයි.එහෙම ලොකු ගානක් ඉල්ලුම් කරනවා නම් මොකටද කියන එස්ටිමේෂන් එකක් ඕන කරනවා”
හාමුදුරුවන්ගේ නලල රැලි විය.එවන් පදනමක් ගැන අසා වත් නැත.එක් ලක්ෂ පනස් දාහක්!!! මොනවටද? කාගෙ අනුමැතියෙන් ද?
උන් වහන්සේ වහාම හිත මිතුරු හිමි නමකට ඇමතුමක් ගත්හ.
“ආ....ඒක දුෂ්කර දහම් පාසල් වලට ආධාර දෙන පදනමක්.කාලෙකට කලින් දහම් පාසල් වලට ලියුම් එවල තිබුනා ආධාර අවශ් නම් හේතු සහිත ඉල්ලන්න.”
ලොකු හාමුදුරුවෝ වහා  අනිල්   මහතාට ඇමතුමක් ගත්හ.එය කාර්ය බහුලය. වෙනත් ගුරුවරයෙක් පනිවිඩයක් යවා ගෙන්වා ගත්හ.
ආරංචිය ඇසූ ඔහු උඩ බිම බැලුවේය.
“දහම් පාසලට එන ලියුම් කියුම් ඔක්කොම කඩන්නෙ කියවන්නෙ සුනෙත් මහත්තයා හාමුදුරුවනේ...අපිට කියන්නෙ නෑ විස්තර මුකුත්.”
“ඒ වුනාට මෙහෙම සල්ලි සම්බන්ධ දේකට එයාට තනි තීරණ ගන්න බෑ.පොඩි ගණනක් නෙවේ.මොනවටද තරම් ආධාරයක්”

පන්සලෙන් පනිවිඩ කීපයක් එවා තිබුණත් කිසිවකට ප්රතිචාර දක්වන්නට අනිල් ඉඩක් නොවුනේ රැකියා ස්ථානයෙන් ඔහු වංචා කල රුපියල් ලක්ෂයක මුදල අතටම අසු වී සම්බන්ධ පරීක්ෂන ඇරඹී තිබූ නිසාය.අවසානයේ තව දුරටත් දහම් පාසලට ඔහුගේ සේවය අවශ් නොවන බව දැන්වූ ලිපිය ඔහු අතට පත් විය.
අනිල්   කෝපයෙන් ගැහෙන්නට පටන් ගත්තේය
“ 8 පාස් නැති ගොඩේ යක්කු.දහම් පාසලක උගන්වන්න ආවම හිතන් ඉන්නෙ මහාචාර්ය වුනා වගේ.ගමේ යමක් කමක් තියෙන මිනිස්සු මගෙ පැත්ත ගන්නවා ඕකුන් ඉරිසියයි.ඒක තමා  මට විරුදධව කේලම් කිව්වෙ.මම කරන්නම් තොපිට.”
ඔහු දත් මිටි කමින් සාප කලේය.
-------------------------------------------------------------------------------------------------------------

කපු මහතා ප්රශ්නාර්ථයකින් තම සේවා ලාභියා දෙස බැලුවේය.
“මහත්තයා මේක කරන්න ඕන ද?”
“අනේ ඔව් කපු මහත්තයා.මම හරි අවංකව කැපවීමෙන් හොර බොරු නැතිව සේවය කරන්නෙ. මේ මිනිස්සු ඒක ඉරිසියාවෙ මට විරුද්ධව කේලම් කියනවා.මේ මිනිස්සුන්ටත් මෙතනින් සදහට යන්න සිද්ද වෙන්න ගුරුකමක් කරල දෙන්න. ගාන ප්රශ්නයක් නෑ.”
------------------------------------------------------------------------------------------------------
මුදල් හොරකමට වැරදිකරු වූ  අනිල්  රැකියාව අහිමි විය. වසර 2 සිර දඬුවමකට ලක් විය. එය අවසන් ගම් රට බලා ගිය ඔහු ජීවත් වීමට රැකියාවක් සොයා ගැනීම  අසීරු විය.අවසානයේ පිය උරුමයෙන් ලද නිවසේ පැත්තක කුඩා කඩයක් අටවා ගත්තේය. ජීව්තය අමාරු වන්නට වන්නට ඔහු සාප කලේ දහම් පාසලට . එමෙන් ඔහුට තම ගුරුකමේ ප්රතිපල දැන ගන්නට අවශ් වුනත් සඳහා මාර්ගයක් නැති විය.
කඩයට බඩු ගන්න දිනක් ඔහු නගරයට ගියේය.
“අනේ මේ අපේ අනිල්   සර් නේද?”
ඔහු කලබලයෙන් හඬ දෙස බැලුවේය.
“මාව අඳුරන්න බැරිද.සර් අපේ ගමේ පන්සලේ දහම් පාසලේ ඉගැන්නුවා නේද.”
“ආ...ඔව් ඔව්”
  තම වංචාව අසු වෙන්නට එද්දී ගමෙන් පිට වූ නිසා ගැන කිසිවෙක් නොදන්නවා ඇතැයි සිතා සිටියත් ඔහුට එය 100%  විශ්වාස නැත.
“උසස්වීම ලැබිලා ගියාට පස්සෙ සර් පැත්තෙ ආවෙ නෑනෙ.අපේ ලමයි තාම සර් ගැන කියනවා.”
“දැන් කොහොමද දහම් පාසල එහෙම”
“දැන් හරි දියුනුයි.ලඟදි ලමයි කීප දෙනෙක් සමස්ත ලංකා තරඟත් දිනුවා.”
“කොහොමද ගුරුවරු
“දැන් පරණ අය කවුරුත් නෑ නෙ.”
“ආ...ඇත්ත මොකද?”ඔහු හිත යටින් හිනැහුනේය.
“ඒ මල්ලි ලා 4 දෙනාගෙන් එක් කෙනෙක් කැම්පස් තේරුනා.දෙන්නෙක් කෝස් කරන්න කොලඹ ගියා.දැන් හොඳ රස්සා කරන්නෙ.අනිත් එක් කෙනා කොරියා ගියා.”
“හ්ම්…………. එහෙම ද?”
“ඒ මිස් ලා දෙන්නගෙන් එක් කෙනෙක් පවුල පිටින්   ඕස්ට්රේලියාවේ පදිංචියට ගියා.එයාගෙ මහත්තයා එහෙ නෙ.අනිත් මිස් බැඳලා ළමයි නැතුව නේ හිටියේ.එක සැරේ නිවුන් දුවය් පුතයි ලැබුනා.ලස්සන බබාලා.දැන් ගෙදර ඉඳන් වැඩ කරගෙන ඉන්නේ.”
“එහෙනම් කාට කාටත් හරි ගිහින් නේද?” අනිල් ඇසුවේ වැඩි  කැමැත්තකින් නොවේ.
“අනේ දහම් පාසලක උගන්වන කෙනෙක් වරදින්නේ කොහොමද මහත්තයා. කිසිම වාසියක් බලාපොරොත්තු නොවී කරන හරි වටිනා සේවයක් නේ”
Image result for daham pasal students

Comments