One step ahead


"අපි මේ සතියේ වත් රන්දි  ගේ බබා බලන්න යමු "තරිනි තම cubicle එකෙන් හිස ඔසවා ඇසුවාය.
"ඔව් යමු.නැත්නම් රන්දි leave ඉවර වෙලා office එනකලුත් අපි ප්ලෑන් කර කර ඉඳී"  එය ස්ථිර කරන හඬක් නැගුණේය.
"මට නම් එන්න වෙන්නේ නෑ කෙල්ලනේ.දන්නවා නේ, අපේ පුතණ්ඩියා class යන්නේ නෑ මම ගෙදර නැත්නම්.present එකට මගේ share එක ගන්න." තවත් හඬකි.
"මටත් එන්න වෙන්නේ නෑ.මම ත් share එක දෙන්නම්"නදිනි  කීවාය.
"මොකක් බන්,ඔය කොටි වලිග ඩිග්රිය?.කිසිම Weekend function එකකට යන්න නෑ නේ.මහ කරුමයක් "තරිනි නොරිස්සුමින් ඇසුවාය.
"උඹත් එක්ක නේද වැඩට ආවේ රශේන්. lease කරලා වාහනයක් ගත්තා.bank loan එකක් දාලා ඉඩමක් ගත්තා.ලඟදි  ගේ ත් හදන්න පටන් ගනී.උඹ විතරක් ගන්න පඩිය ඔක්කොම ඕකට පූජා කරනවා.අඩු ගානේ ඕක කළා salary increment එකක් වත් ලැබෙනවා නම් කමක් නෑ.උඹ නම් මහා මෝඩියක් ."තව කෙනෙක් එයට පොහොර දැම්මාය.
"බලපන්.පාඩම් කරලා උඹ දිය වෙලා.කොල්ලෙක් වත් බලයි ?"තරිනි නැවතත් කීවාය.
නදිනි කලේ සුපුරුදු පරිදි මේ සියල්ලට සිනාසීම පමණි.ඇයට මේවා අවුරුදු ගණනක් තිස්සේ  පුරුදු .
-----------------------------------------------------------------------------------------------------------------
නදිනි සාමාන්යෙන් උදේ වැඩට වාර්තා කරන්නීය.study leave වෙනුවෙන් නිවාඩු ඉතිරි කර ගන්නා නිසා අත්යවශ් නැත්නම් නිවාඩුවක් ගන්නේ නැත.එය කලින් දන්වා සිටීමෙන් පසුය.මේ නිසා එක සඳුදාවක ඇය කිසි කෙනෙක් නොදන්වා සේවයට වාර්තා නොකිරීම සියලු දෙනාගේ විමතියට කරුණක් විය.
"ඊයේ නේද final report බාර දෙනවා කිව්වේ.එහෙ කට්ටිය යන්න එපා කියල නවත්ව ගත්තා දන්නේ නෑ"ඇය දුරකථනයට    පිළිතුරු නොදීම නිසා ඔවුහු සිනාසුනහ.
ඇය සේවයට වාර්තා නොකළ හේතුව හරියට එලි වූයේ  නිල tea boy සහ නොනිල gossip provider වූ අමල් ගෙනි.
"අපේ mother company එකේ vacancy එකට තේරිලා තියෙන්නේ නදිනි මිස්.අද උදේ තමා මිස් දන්නෙත්.එහෙම නිවාඩු දාල passport හදන්න ගියා."
මුළු පරිශ්රයේ පැතිර ගියේ අසාමාන් නිහඬතාවයකි.මීට මාස කීපයකට කලින් ප්රකාශිත වූ ලොතරැයියක පලමු ත්‍යාගය ලැබුනා ට සමාන එම ඇබෑර්තුව එකිනෙකා සමඟ නොපැවසුවත් ආයතනයේ බොහෝ දෙනෙක් මුළු සිතින් තමන් ලැබේවා යි ප්රාර්ථනා කල එකකි.
"මේකි  අපි හැමෝටම junior ඉඳන් director ගොට්ට ඇල්ලුවා එහෙනම්" ගැන වැඩිම බලාපොරොත්තු තබා ගෙන සිටි තරිනි කෑ ගැසුවේ අසල ඉන්නේ කව්රුන්  වත් අමතකවය.
"ගොට්ට නෙවේ මිස් degree එක නිසා"










Comments