diet plan


එක වරක් සාදා තිබුනත් හරියට මතක් කර ගැනීමට වීඩියෝව නැවත නැරඹු ප්රභානි අවශ් ද්රව් ශීතකරණයෙන් එලියට ගත්තාය.ඇයට මේ ආහාර වේල කලින් සෑදු දිනය මතක් විය.
"මම දාපු ස්පයිසස් ඔක්කොම නම් ලංකාවේ හොයාගන්න අමාරුයි.ඒවා නැතුව උනත් හදන්න පුළුවන්.රස පොඩ්ඩක් වෙනස් වෙනවා විතරයි"
තරු හෝටලයේ සුපවේදියා වීඩියෝවේ පවසයි.එහෙත් එහෙම අඩුවක් වත් තිබිය යුතු නැති බව තීරණය කල ප්රභානි දවසෙන් බාගයක් supermarket ගණනාවක ඇවිද අවශ් සියලු දේවල් සොයා ගත්තාය.වීඩියෝව බලමින් එය සැකසීම ඇරඹුවාය.
ප්රභානි විවාහ වී සිටින්නේ මලින්ත සමගය.ඔහු  උදේ ආහාරය ගන්නේ ලැප්ටොප් එකත් සමග වැඩ කරමිනි.එක්කෝ ෆෝන් එකෙන් කවුරුන් හෝ අමතමිනි.මේ නිසා කන්නේ මොනවද කියා හෝ ඉන්පසු බීමට  ගන්න දියරය තේ කෝපි කියා වත් දැනුමක් ඔහුට නැත.ආහාරය අතේ ගෑවේන්නේ නැතුව කන්නට හැකි නම් බොන දෙය  උණුවෙන් ඇත්නම් ප්රමාණවත්ය. දහවල් ඔහුගේ ගමන් බිමන් කොහේ කොහේ වේ දැයි කීමට නොහැකි නිසා දහවල් ආහාර සකස් කර දී තේරුමක් නැත.සැනසිල්ලේ ආහාර ගන්නට හැකියාවක් ඇත්නම් රෑට පමණක් නිසා ප්රභානි මහන්සි වී දිනපතා අලුත් කෑම වට්ටෝරු අත්හදා බලමින් රාත්රී අහර සකසයි.
උයා අවසන් අලුත් මේස රෙද්දක් එයට ගැලපෙන අත්  පිස්නා තබා වෙඩින් present එකකට  ලැබුන අලුත් බඳුන් කට්ටලයට ආහාර බෙදා මේසය මත තබා ඇය වෙලාව බැලුවාය.තවම 7 පහු වුනා පමණි. මලින්ත  එන්නේ 8 ත් පහු වෙලාය. කෑම බඳුන් වසා තබා ඇය පත්තරයක්   ගෙන සාලයේ පුටුවක වාඩි  වුනාය.
වාහනයක ශබ්දය ඇසී ඇය ඇස් හැරියා .නොදැනුවත්ව   නින්ද ගොසිනි.වාහනය ගරාජයට දැමු මලින්ත ගෙට ඇතුල් විය.
"මට දන්නේ නැතුව නින්ද ගියානේ" ඇය ඔහු පසුපස ගෙට ආවාය.
"ඔයා දැන් කනවද.වොෂ් එකක් දාලා ඉන්නවද"
"මට මීටින්ග් එකක් තිබුණා ගලදාරි එකේ. මම dinner ගත්තා.ඔයා කන්න "ඔහු  කාමරයට යමින් කීවේය.
 ප්රභානි සුසුමක් හෙළුවාය.මේ එක දවසක් නොවේ.විවාහයෙන් පසු ගත වූ මාස ගණන පුරා හැමදාම සිදු වන සිද්දියකි.මීටින් පටන් ගන්නට මොහොතකට පෙර වත් එක එක sms එකක් එවන්නට හැකි නම් මේ තරම් මහන්සියක් නාස්තියක් වන්නේ නැත. මලින්ත ට ඇය කීප වරක් ම මේ ගැන කීවත් පලක් නැත. තමන්ගේ කෑම වල වරදක් විය නොහැක. ගෙදර ඉන්න කාලයේ පටන් ඇය ගේ ඉවුම් පිහුම් නෑදෑයන් අතර පවා ප්රසිද්දය.
------------------------------------------------------------------------------------------------------------
 මලින්ත ඉතා මහන්සියෙන් රෑ 8 වෙද්දී ගෙදර ආවේය."...ඔයා කලින් "
"හරි මහන්සි. මුළු දවස එහෙට මෙහෙට ඇවිදින්න වුනා"
ඔහු කෙලින්ම කෑම මේසයට   හිඳ  ගත්තේය.
"ඔයා උයල ඉවරද ?" "මම පැයෙන් උයන්නම්"
දෙදෙනා කිවේ එක විටය.
"ඇයි අද ඉව්වේ නැද්ද"
"ගෙදරට වෙලා ඉඳලා මගේ බර හොඳට වැඩි වෙලා. මම Diet plan එකක් පටන් ගත්තා. ඔයත් රෑට ගෙදරින් කන්නේ නැති නිසා රෑට උයන්නේ නෑ දැන්. ඉන්න මම ටක් ගාල මොනවා හරි හදන්නම්"
"කමක් නෑ. මහන්සි වෙන්න එපා. තියෙන මොකක් හරි කමු " ඔහු ශීතකරණය ත් පැන්ට්රි කබඩුත් ඇර බැලුවේය."ඔයා බිස්කට් තියල තියෙන්නේ කොහෙද?"
"අහ් ...මගේ ඩයට් plan එකේ විදියට ස්වීට්ස් කන්න තහනම්. ඔයා ත් කැවෙන්නේ නැති නිසා දැන් ඒවා ගේන්නේ නෑ ගෙදරට. ඉන්න මම හදන්නම් මොනවා හරි"
දුරකතනයේ නාදය ඇසී ප්රභානි වර්තමානයට ආවාය.
"ප්රභා...මම 7.30 වෙද්දී එනවා.මොනවද අද special හදන්නේ"
"ඒවා කියන්නේ නෑ.......surprise…..ඇවිල්ලම බලන්නකෝ "ප්රභානි සිනාසෙමින් කීවාය.
Image result for mouth watering food

Comments