life long love


ජයසෝම ත් යසෝමා ත් විවාහ වී දැන් වසර 15ක්.මේ කාලය තුල යසෝමා ජයසෝම ගේ හදා ගන්නට හෝ ඉවසා සිටීමට නොහැකි වූ ලොකු වරද බීමත් කමය.බීමත් ගෙදර එනවා නම් යසෝමා ඉවසා සිටිය හැක.නමුත් නිතර සිදු වන්නේ රෑ බෝ වූ පසු ගමේ කවුරුන් හෝ පැමිණ "යසෝමා අක්කේ,අන්න ජයසෝම අයියා වැටිලා ඉන්නවා පාලම ගාව,බෝක්කුව අයිනේ ..."ආදී ලෙසින් දුන් පණිවිඩයකට අනුව ගොස් වෙද්දී ත් හොඳ සිහියක් නැති ඔහුව වත්තම් කර ගෙදරට එක්කගෙන එන්නටය.යසෝමා හොඳින්,ආදරයෙන් කීවාය,තදින් සිටියාය.රණ්ඩු ඇල්ලුවාය.ගේ ඇතුලට නොගෙන හෝ කන්න උයා නොදී දඬුවම් කලාය. විටින් විට රණ්ඩු අල්ලා තමන්ගේ මහ ගෙදර ගියාය.මේ කිසිවකින් වෙනස් වූයේ ජයසෝම නොවේ.
අවසානයේ මේ දිගයෙන් නම් කමක් නැතැයි තීරණය කර ඇය සියලු රෙදි පිලි රැගෙන මහ ගෙදරට යන්නට ගියාය.ජයසෝම වෙනදා මෙන් ඇය නැවත එනු ඇතැයි නොසලකා සිටියාය. සතියක් ගත විය.මෙවර නම් ඇය එන්නේ නැති පාටය.මදාවි මස්සිනා නිසා එහි යන්නටත් බයක් ඇත."ජයසෝම අයියේ යසෝමා අක්කා ආවේ නැද්ද තාම"පාරේ කඩේ පිලේ මුණ ගැහෙන හැමෝම අසන එක තවත් හිරිහැරයකි.
"මෙන්න පත්තරේ තියෙනවා හැර ගිය අය දවස් 3න් ගෙන්වා දෙන දේවාලයක් ගැන.කඩ මන්ඩියේ  දී මේ කතාව ඇදුන වෙලාවක කවුරුන් කිව්වේ . වෙලාවේ ගණනකට නොගෙන මෙන් සිටි  ජයසෝම කවුරුත් නැති අතරේ පත්තර කෑල්ල ඉරා ඉනේ ගහ ගත්තේය.
විස්තරයට අනුව  3 දවසක් පේවී පූජා වට්ටියේ බඩු භාණ්ඩ රැගෙන ජයසෝම පාන්දරින් පිටත් විය.නියමිත දේවාලයට පැමිණ පූජාව කරද්දී  කපු මහතා තමන්ගේ ඉල්ලීම සිතින් සිතා ගන්නට කිවේය.
ජයසෝම කල්පනා කළේය.  මේ තරම් මහන්සි වී පූජා පවත්වා ගෙන්වා ගත්තත් යසෝමා තවත් දවස් 2-3කින් ඔය ජල්ලියම අල්ලයි.යසෝමා මාව එපා නම් මට ත් මොකෝ.
"අනේ දෙවියනේ,මට කවදාවත් බනින්නේ ආඩපාලි කියන්නේ නැති  හැමදාම මට හුගාක් ආදරෙන් ඉන්න ලස්සන තරුණ කාන්තාවක් මට ලබා දෙන සේක්වා"ජයසෝම බිම පෙරලි වැඳ වැටුණේය.
නිවසට ජයසෝම ගෙවල් මිදුල් අතු ගා පිරිසිදු කළේය.වත්ත පිටිය සුද්ද කළේය. තමනුත් කොන්ඩ රවුල් කපා හොඳ ඇඳුමින් සැරසී අලුත් මනාලිය පිලි ගන්න සැදී පැහැදී සිටියේය.
දෙවෙනි  දවසත් පහු වෙද්දී ඔහුගේ ඉවසීමේ ඉර පනින්නට කිට්ටු විය.සියල්ලට වඩා දවසේ පානය කීප දිනක් ගන්නට බැරි විය.තුන් වෙනි දවස හවස් වෙද්දී සුපුරුදු පොට් එකකට වැදී සුමිහිරි පානය මිලදී ගෙන ගෙදර එන්නට පිටත් වුයේය.
ඔහු නිවසේ කඩුල්ල අසලට ආවේ ගැහෙන හදවතිනි.එවිට වත්ත පහල සිට ඔහු වෙතට දුවගෙන ආවේ
.
.
.
.
..
.
.
.ලස්සන ලස්සන  බලු  ලමිස්සියකි.
Image result for love images

Comments