unnamed love


ගේන හැම මංගල යෝජනාවක් මග හරිද්දී හැමෝම හිතුවේ නෙත්මි හොයන්නේ perfect qualities තියෙන කෙනෙක් වෙන්න ඕන බව. ඇත්ත, එහෙම කෙනෙක් බලාපොරොත්තු වෙන්න අවශ් සියලු  සුදුසුකම් නෙත්මි සතුය.ඇය  උගත්, හොඳ රැකියාවක් ගෙයක්, වාහනයක් තියෙන රූමත් තරුණියක්.ඒත් ඇත්ත කතාව නම් නෙත්මි සියලු සුදුසුකම් තියෙන කෙනෙක් හෙව්ව එක නෙවේ. ඇය විවාහයකට අකමැති වුන එක.
නෙත්මි ඉන්නේ අම්මා විතරයි.දන්න කියන හැමෝට තාත්තා පුංචි කාලේ නැති වුනා කිව්වට නෙත්මි ගේ තාත්තා එයා මාස ගානක් වෙද්දී අම්මව දාලා ගිහින්.එදා ඉඳන් තමන්ගේ චරිතෙත් ආරක්ෂා කරන්  දුවට හොඳින් උගන්වන්න නෙත්මි ගේ අම්මා වින්දේ සුළු පටු දුකක් නෙවේ. නෙත්මි තේරෙන වයස එද්දී ඇය අම්මා විඳින දුක හොඳින්ම තේරුම් ගන්නට හැකි විය.මේ දුකට වග කිව යුතු   තාත්තා කියන කෙනා ගැන පොඩි කාලේ ඉඳන් ඇයට තිබුනේ තරහකට ත් වඩා පිළිකුලක්.   වගේ කාලෙන් කාලෙට බොහොම සත්පුරුෂයන් විදියට නෙත්මි ටත් අම්මා ටත් උදව් කරන්න ආව පිරිමින් නිසා ඔවුන්ට ගෙවල් මාරු කරන්නට අම්මාට රැකියාවලින් ඉවත් වන්නට වුනෙත් වරක් දෙවරක් නොවේ. මේ පිරිමි සියල්ලෝම තම තමන්ගේ පවුල් වල ආදරණිය සැමියන් .දයාබර පියවරුන්ය. නෙත්මි පිරිමි ගැන තිබුන පිළිකුල වැඩි වෙන්නට මේ සිද්ධි හේතු විය. මේ අයගේ බිරින්දන් දරුවන් ගැන නෙත්මි තිබුනේ දුකක්. මේ නිසා තමන්ගේ ජීවිතය නම් කවදාක වත් පිරිමියෙකුගේ භාරයට පත් නොකරන්නට ඇය ඉටා ගත්තේ යොවුන් අවදියේ මය.
නෙත්මි ඕනෑ තරම් යහළුවන් සිටියත් කිසි කෙනෙකුට යාලු කමින් එහාට එන්නට ඇගෙන් කිසිම අනුබලයක් ලැබුනේ නැහැ.දියණියගේ මේ තීරණය ගැන අම්මා සිටියේ ඉතාම කනස්සල්ලෙන්.තනි ගැහැනියකට සමාජයේ ජිවත් වීම කොතරම් දුෂ්කර යන බව ඇය ඉතා හොඳින් දනියි.සියලු පිරිමි තාත්තා වගේ නොවේ යයි කොතරම් කීවත් නෙත්මි නොවේ ඒවා කනකට වත් ගත්තේ.
වාසුල ගෙන් නෙත්මි යෝජනාවක් ආවේ මේ අතර දී.වාසුල මංගල වෙළඳපොලේ තිබිය යුතු සියලු උගත්, වත් පොහොසත්කම්, කඩවසම් කම නොඅඩුව තිබුන අතර දුටු සැනින් ඔහු නෙත්මි කැමැත්ත දුන්නේය.අම්මා ගේ සිත සැනසීමට අවශ් වූ නිසා ත් වාසුල තමන් දන සිටි අනෙක් බොහෝ පිරිමින්ට වඩා ඉතා හොඳ චරිතවත් බව හැඟුණ නිසා ත් නෙත්මි අවසානයේ ඔහුට කැමැත්ත දුන්නේය.ඇත්තට තමන් ගත තීරණය ගැන නෙත්මි සතුටු හිතුනේ වාසුල ඇයට අප්රමාන ලෙස ආදරය කරද්දී.ඇය ගැන සොයා බලමින් හැම පුංචි දෙයක් ගැන සැලකිලිමත් වෙද්දී.සමහර වෙලාවට ඔහුගේ නීති රීති තරමක් සැර වැඩි දැයි ඇයට සිතුනත්, ජිවිත කාලය පුරාම ස්වාධීනව තමන්ගේ මතයට වැඩ කල ඇය පවුල් ජීවිතය නම් මෙය වන්නට ඇති සිතුවාය. නමුත් යාලුවා ආශ්රය කරන්න එපා,මේ ඇඳුම අඳින්න එපා ලෙස පටන් ගත්  වාසුල ගේ නීති බැන්දා පස්සේ රස්සා ඕන නෑ,බස් එකක පිරිමියෙක් ගාව වාඩි වෙන්න බෑ දක්වා එද්දී අවසානයේ  ෆේස්බුක් පාස්වර්ඩ් එක ඉල්ලා බල කරද්දී නෙත්මි තවත් දරා සිටින්නට නොහැකි විය.
අවසානයේ "තමුසෙලගෙ අම්මා ගේත් හිතුවක්කාරකම නිසා තමා තාත්තා දාලා යන්න ඇත්තේ"කියූ දවසේ මංගල්යයට දින ත් තීරණය වී තිබෙද්දී නෙත්මි ආපසු හැරුණාය. අනේ සුදු මහත්තයෝ,ඔයා ගැහුවත් බැන්නත් මේ මෝඩ පවුකාරි ඉවසනවා කියන්නට තරම් සුකොමල ලඳ බොළඳ හිතක් නෙත්මි ලබා තිබුනේ නැත.
තම ප්රථම ප්රේමය මෙසේ තමන් අවසන් කලත් නෙත්මි හිතෙන් විඳවූ තරම කිසිවෙක් නොදනී.නෙත්මි වඩා ඇගේ අම්මා දුක තමන්ගේ කර ගත්තී ආයෙත් නම් දුවට පිරිමියෙක් ගැන කීම වත් කල නොහැකි බව දන්නා නිසාය.
වසර 2ක් යන්නට දුන් නෙත්මි ගේ මව නැවත ඇයට විවාහයක් ගැන කීම නෙත්මි ගේ හොඳ යෙහෙළිය වූ අමාලි බාර නාය.
"නෙතුවෝ,දැන් ඇති බන්.ලෝකේ හොඳ පිරිමිත් ඉන්නවා බන්."
"හ්ම්..හ්ම්.."
  "පව් නැද්ද අර අම්මා."
 "හ්ම්..හ්ම්.."
"උඹ පාර බකමුනු නාඩගම නටන්න තියා ගත්තද"
 "හ්ම්..හ්ම්…..මට කියපන්.හිතේ දුකින් ඉන්න  වෙලාවට කෙනෙක් ගේ කටහඬ  ඇහුනත් දුක නැති වෙලා යනවා නම්, මුකුත් වැඩක් කර ගන්න බැරි තරම් බින්දුවට වැටිලා ඉන්නකොට එයා වත් නොදැන කියන එක වචනෙකින් ආයේ පන ගහලා එන්න පුළුවන් නම්  ඒක ආදරය වෙන්න පුළුවන් "
"උඹ ඉඳල ඉඳලා දාන්නේ මාර යෝකර් නේ. ඔව් ඒකට ආදරේ කියන්න පුළුවන්...දැන් ඉන්නවද එහෙම කෙනෙක් "
"හ්ම්..."
"ඇයි මැට්ටියේ මෙච්චර වෙලා කට පියන් හිටියේ, කොහෙද ඉන්නේ ඔය වාසනාවන්තයා. ඇන්ටි ඊඊ...... "
"කට වහ ගනින් බන්.....ඒක ...ඒක කරන්න පුළුවන් දෙයක් නෙවේ."
"ඇයි,මොකක්ද ප්රශ්නේ.....උඹ අනුන්ගේ කුරුළු කුඩුවකට අත තියලා නෙවේ නේ"
" පිස්සුද බන්"
"එහෙනම් අවුරුදු 10-15 වයස් පරතරයක් තියෙනවාද"
"අපෝ නෑ "
"ජාති ආගම්….?අනේ මේ ඒව නම් නතින් ."
"එහෙම එකක් නෙවේ මාලි"
"එහෙම නම් කොහොම එකක් . උඹ දැන් බලන් ඉන්නේ මම මෙතන ප්රශ්න පත්තරයක් ගෙනත් උඹෙන් ඔව්,නෑ ,බෑ උත්තර ගන්න කල් . අනේ මේ....මොනවා කරන කොල්ලෙක් ?"
"Software engineer"
"ඉතින් හොඳයි නේ, උඹේ field එකේ"
"ඔව්, office එකේ වැඩකට internet search කරද්දී අහම්බෙන් අඳුර ගත්තේ"
"කොහෙද ගෙවල්"
"කෑගල්ලේ.දැන් වැඩ කරන්නේ USA"
"මරු නේ බන්.  උඹට අම්මා එක්ක එහෙ යන්න පුළුවන්.ගොනෝ මිනිස්සු වගේ රටකට පැන ගන්න බැරුව දඟලන්නේ"
" උනාට ……….ඒක කරන්න බෑ "
"ඇයි ඇයි ඇයි "
නෙත්මි ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් විය."මෙන්න"
අමාලි ගේ කට ඇරුනේය.කිසිත් නොකියවුනේය.
"අපොයි"
"ඉතින්............මට මොකක්ද උඹ කරන්න කියන්නේ" නෙත්මි ඇසුවාය.
"උඹේ හිතේ ඔහොම එකක් තිබුනට එයාගේ හිතේ එහෙම තියෙනවා දන්නේ නෑ නේ බන්."
"එහෙම තියෙන බව මට තේරෙනවා බන්"
"උඹෙන් ඇහුවාද එක"
"නෑ ...subject matter ඇරුනම අපි දෙන්නා වෙන පිට දේවල් කතා කරන්නේ නැති තරම්.ඒත් .....අපි දෙන්න ඒක දන්නවා"
"මම දන්න තරමින් නම් පිරිමි ආදරේ කරද්දී අවුරුදු ගණන් හිතේ තියන් ඉන්නේ නෑ.ඕන මගුලක් කියල ඩෝන් ගාලා අහනවා. මෙයාට උඹේ හිතේ තියෙන දේ ත් තේරිලා මෙච්චර  කල් අහන්නේ නැතුව ඉන්නවා නම් කියන්නේ එයා දන්නවා උඹ හා කියන්නේ නැති බව"
" වුනාට මට වෙන කෙනෙක් බඳින්න හිත හදා ගන්න බෑ බන්"
"මැට්ටියේ, ලව් එකක් එහෙම ලේසියෙන් මකලා දාන්න බෑ තමයි.ඒත් පොඩ්ඩක් practical වෙයන්.උඹලා දෙන්නා අතරේ කසාදයක් වෙන්නේ නැති බව දෙන්න දන්නවා නේ.ඉතින් උඹ වෙන කෙනෙක් බඳින එකේ වරදක් නෑ"
"මම වෙන කෙනෙක් බැන්දොත් එයාගේ හිත රිදෙයි .සමහර දේවල් තියෙනවා,අයිති කර ගන්න බැරි වුනාට ඒක වෙන කෙනෙක් අයිති වෙනවා බලා ඉන්නත් බෑ"
අමාලි ඔලුව බදා ගත්තාය."අනේ අම්මේ ඉගෙන ගෙන වැඩි වුනා බන් මෙහෙම පණ්ඩිතකම් වෙන්නේ. උඹ ලව් ගැන දන්නවා වැඩියි"
"හා.උඹ එහෙනම් මට විසඳුමක් දීපන්."
.
.
.
.
.
ලේඩිස් මට විසඳුමක් දෙන්න.මගේ යාළුවා වෙනුවෙන්....අහ් මට කියන්න බැරි වුනා.නෙත්මි ගේ කුමාරයා ඉස්කෝල කාලේදී වුන accident එකක් නිසා ඉනෙන් පහල පන නෑ .රෝද පුටුවේ ඉන්නේ.මට කියන්න practical විසඳුමක්.....මම අමාලි

Comments

  1. ප්‍රැක්ටිකල් විසඳුම තීරණය වෙන්නේ නෙත්මි විවාහයකින් බලාපොරොත්තු වන දේ මත. අපි හිතමු මෙම පිරිමියාට ඉනෙන් පහල පණ නැති නිසා ලිoගික කටයුතු කරන්න බෑ කියලා. විවාහයක එක aspect එකක් පමණයි sex කියන්නේ. අනික ඇමරිකාවේ නම් ඒ සඳහා කෘතිම උපකරණ තිබෙනවනෙ (මේ ගැන වැඩිදුර කතා කරන්න මොකක්ද වගේ, හැබැයි මට කියන්නට පුලුවන් මෙයට හොඳ විසඳුම් තිබෙන බව, සහ මෙවැනි කපල් ඕනෑතරම් ඇමරිකාවේ ඉන්න බව). මට පේන හැටියට නෙත්මි විවාහයකින් වඩාත් බලාපොරොත්තු වෙන්නේ companionship එකක්. ඒනිසා මෙය ජයගතහැකි ආදරයක්.

    ReplyDelete

Post a Comment