posh


කලක් ළඟම අසල්වැසියන් වී සිටි මාලි ත් ගයනි ත් නැවත හමු වූයේ අසල්වැසියෙකු ගේ අවමංගල්යය දී .
"අනේ...මාලි කොහොමද ඉතින්.දැන් බබාලා එහෙම කොහොමද"
"ලොක්කා දැන් හතරේ.පොඩ්ඩා මේ අවුරුද්දේ ඉස්කෝලේ දැම්මේ...ඉතින් කොහොමද දුව එහෙම "
"එයා ටීචින් හම්බ වුනා නේ.දුෂ්කර ඉඳලා ගිය අවුරුද්දේ මෙහාට හදා ගත්තා"
"එහෙනම් දැන් වෙඩින් එක එහෙම ලෑස්ති ඇති නේද ?"
"අනේ මගේ ඔලුවේ තියෙන බර ඒක  තමා .කොහෙද මේ ළමයා කිසිම ප්රපොසල් එකකට කැමති වෙන්නේ නෑ නේ. "
"අපේ හස්බන්ඩ් ගේ බාල මල්ලි ත් ඔහොමයි.මනමාලියක් බලන්න ගෙදරින්  යන්නේ වරදක් හොයාගෙන"
"මල්ලි මොනවා කරන කෙනෙක් ?"
"එයා මල්ටි නැෂනල් කම්පැනි එකක executive ජොබ් එකක් කරන්නේ.අවුරුද්ද පුරා පිටරට ටුවර් වල .ගෙවල් වාහන ඔක්කොමත් තියෙනවා.කොහේ හරි නැට්ටිච්චියෙක් අහුවෙයි කියල බයෙත් බෑ අනේ"
" අපිත් ගැන බයේ ඉන්නේ. රටේ ලෝකේ කපටියෝ වැහි වැහැල. ඔච්චරයි ඉන්නෙත්.නන්නාඳුනන පවුලකට දෙන්නත් බයයි.මූණට හිනා වෙලා හිටියට කවුද දන්නේ මිනිස්සුන් ගේ හොඳ නරක"
"අපි කතා කරමු මේ දෙන්න "
"ඒක  නම් හොඳ අදහස.හැබැයි ගෙවල් වලට ගෙන්වලා  කීයටවත් කැමැත්ත ගන්න බෑ .ම්ම්……..  අපි ට්රිප් එකක් යමු කාලෙකින් මීට් වුනෙත් නෑ නේ.දෙන්නට  කතා කර ගන්න දීලා කැමති නම්  ඉතුරු දේවල් ලැස්ති කර ගමු.    
---------------------------------------------------------------------------------
කථා කර ගත පරිදි පවුල් දෙක උද්භිද උද්යානයේ දවසක චාරිකාවක දී හමු වූහ. වැඩිහිටියෝ පැරණි රසාංග කියවද්දී කුඩාවුන් සෙල්ලමට එකතු වෙද්දී මෙලනි ටත් රාජිත ටත් කතා බහ කිරීමට සිටියේ ඔවුන් දෙදෙනා පමණි.
රටවල් ගණනාවක සංචාරය කර ඇති රාජිතට දවස් ගණනක් වුවත් අසන්නන්ට එපා නොවන්නට කතා කරන්නට දේවල් තිබුනේය.මෙලනි ඉතා හොඳ සවන් දෙන්නියක වූ නිසා බැලූ  බැල්මට දෙන්නා ඉතා හොඳ ගැලපීමක් පෙන්වූහ.
"වැඩේ ගොඩ වගේ නේද  මාලි."කපුවො දෙදෙනා රහසේ කතා වූහ.
"දෙන්නා හොඳ matching නේද.අපි අද හෙට මුණ ගැහෙමු එහෙනම්"
"අම්මෝ මගේ ලොකු බරක් අයින් වෙන්නේ. අපි දෙන්නා යාලුවෝ විතරක් නෙවේ නෑදැයෝ ත් වෙන්න යන්නේ"
---------------------------------------------------------------------------------
චාරිකාව අවසන් නිවසට මාලි මෙලනි ගෙන් ගැන ඇසීමට ක්රමයක්    සොයමින් සිටියාය.පසුවදා මාලි ගේ නැගණිය නිවසට පැමිණීම ඊට හොඳ අවස්තාවක් විය.
"මේ කොල්ලා නම් නියම පොෂ් නේද."චාරිකාවේ දී  ගත් ඡායාරූප නරඹමින් ඇය කීවාය.
"හ්ම්... පොෂ්………… පුස්...තමා"මෙලනි උත්තර දුන්නේ වැඩි කැමැත්තකින් නොවේ.
" මොකක්ද කියන්නේ"මාලි පුදුමයෙන් ඇසුවාය.
"ඇයි අම්මා දැක්කේ නැද්ද.අච්චර බෝර්ඩ් ගහලා,dustbin  තියෙනවා දැක දැකත් මෑන් කන කන චොක්ලට් එකෙයි බිස්කට් එකෙයි කොළ නිකන් බිම අතෑරපු ලස්සන."
"ඕක ඉතින් ලොකු දෙයක් යැ.හදා ගන්න පුළුවන් පොඩි දෙයක් නේ."
"හරි පොඩි.   එක එක  රටවල ලස්සන ගැන කිය කිය තමන් ගේ රට විනාස කරන ඔහොම  පොෂ් මිනිස්සු  තමා BMW  එකේ යන ගමන් ශටර් එක පොඩ්ඩක් පාත් කරලා ගෙදර කුණු කාගේ හරි වත්තකට විසි කරලා ඉගිලෙන්නේ."
"හ්ම්........"
මාලි ගේ සුසුම මුළු කුණු ගොඩක් දවාලන තරම් විය.

Image result for posh person



Comments