Too many cooks


ඉවුම් පිහුම් කලාවට විනීතාගේ ඇත්තේ සහජ දක්ෂතාවයකි. අතරිනුත් ඇගේ බටු මොජුව දන්නා කියන සැමදෙනෙක් අතර චිර ප්රසිද්ධය. ගැන ඇය සිටියේ මහත් ආඩම්බරයෙනි.ඇගේ සොයුරිය වූ සුනීතා ගේ නිවසේ පැවැත්වෙන වාර්ෂික දානයට මේ ව්යංජනය අනිවාර්ය අංගයක විය,.
වෙනදා දානයට දින ගණනකට කලින් එහි යන විනීතා මෙවර එහි යා හැකි වූයේ දානයට දවසකට කලිනි.
"ඔන්න අක්කේ,පැරකු වෙන නිසා මම බටු ටික බැද ගෙන ආවා.'
"ඒක හොඳයි නංගි.මටත් අසනීප නිසා මේ සැරේ ඔයාට තමා මේකේ වැඩි බරක් අදින්න වේන්නේ දානයේ ඉවුම් පිහුම් පටන් ගත වෙලාවේ සිට සැම අතින් ඇසෙන්නට වුනේ ත් "විනීතා නැන්දේ,අක්කේ,පුන්චියේ...මේක හරි ,මෙහෙම නේද.....අනේ මේක පොඩ්ඩක් බලන්නකෝ "අදියි.බොරුවට මැසිවිලි නගමින් ඇය මහත් ආඩම්බරයෙන් සියලු දෙනාට උපදෙස් දුන්නාය.
බටු මොජුව ලිපේ තිබ්බා  පමණි."අනේ,නැන්දේ,මේ බත මොකක්ද වෙලා"හඬක් නැගුනේය.
"මොනවද කෙල්ලනේ.බත වරද්ද ගත්තොත් ඔක්කොම විනාසයි"
විනීතා ඇගේ දියණිය වූ විනාවී බටු මෝජුව බාර දී හඬ දිසාවට වහා ගියාය.
අම්මාගේ ඉවුම් පිහුම් ආකාරයෙන් අනුගමනය කරමින් සිටි විනාවී ප්රවේශමෙන් අම්මාගේ සුප්රසිද්ධ ව්යංජනය සකසන්නට වුවාය.එහෙත් ඇගේ ජන්ගමයා ගේ ගීතය ගැයුනේ වෙලාවේ මය.ඇය කලබලයෙන් වටපිට බැලුවාය.
"අනේ...රෝසි අක්කේ මේක බලනවද?"
"හා...හා ...කෝ දෙන්නකෝ "රහස් හිනාවක් පාමින් එතනට සුනීතාගේ දියණිය හැන්ද අතට ගත්තාය.
---------------------------------------------------------------------------------------------------
"අනේ...හාමුදුරුවෝ බටු මෝජුව වළඳලා නෑ නේ"විනීතා මහත් දුකින් කීවේ දානයේ වැඩ කටයුතු අවසන් හාමුදුරුවන් නැවත වැඩම කරවූ පසුවය.ඇයට දැනුනේ මහත් අපහාසයක්  වැනි හැඟීමකි.
"දැන් හාමුදුරුවන් හරියට ඩයබිටික්,කොලෙස්ටරෝල් එහෙම නේ නංගි.එක වෙන්න ඇති"සුනීතා සොයුරිය ගේ සිත හැදුවාය.
ඉතිරි වූ ආහාර බෙදා ගත් පැමිණ සිටියෝ අහාර ගන්නට වූහ.විනීතාගේ බටු මෝජුව ගැන බොහෝ දෙනාගෙන් අසා සිටි සුනීතාගේ  බෑනා මුලින් එහි රස බැලුවේය.ඔහුගේ කට ඇඹුල් විය.වහා පිඟාන බිම තබා ඔහු තුහ් තුහ් ගාමින්
එලියට දිව්වේය.විනීතාගේ ඇස් මහත් විය.මේ නම් විශාල අපහාසයකි.ඇය වහා එහි රස බැලුවාය.ඇගේ නළල රැලි විය.ඇය කටේ තිබු සියල්ල අතට ගෙන විසි  කළාය.
"දුව ඔයා මේකට ලිපේ තියෙද්දී ලුණු දැම්ම "
ඇය සැරෙන් ඇසුවාය.විනාවී බය වූ ගානට වචන හිර විය.ඇය ඔව් කියන්නට හිස වැනුවාය.
"ඔයා ලිපේ තියෙද්දී ලුණු දානවා ?එතකොට අයඩින් විනාස වෙනවා.උයලා බිමට බාලා නිවුනා ඕන ලුණු දාන්න."රෝසි විනීතා පෙර උත්තර දුන්නාය.
වීනීතා රෝසි දෙස  බැලුවාය."ඔයත් ලුණු දැම්මද එතකොට බිමට බාලා"
රෝසි "ඔව්"කිව්වාය.
"හපොයි හපොයි මෙහෙම කෙල්ලෝ.....බටු බදින්න කලින් කහයි  ලුනුයි අතගාලා තියන්නේ." විනීතා ඔලුවේ අත ගසා ගත්තාය.Image result for batu moju


Comments