අපි කොහෙද


රයිනි උලුගහතැන්න කීර්තිමත් බාලිකාවක ඉගෙන ගත්ත යමක් කමක් තියෙන පවුලක අය්යලා දෙන්නෙක් ඉන්න එකම දුව.A/L ප්රතිපල සරසවි ප්රවේශයකට මදි වුනත් තාත්තා ඇය ඕස්ට්රේලියාවේ ඉන්න ලොකු නැන්ද ගාව අම්මගේ බලවත් විරෝධය මැද වුනත් යැව්වේ කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් රට තොට තනියෙන් ගිහින් වැඩක් කර ගන්න ඉගෙන ගන්න ඕන කියන ප්රතිපත්තියේ ඉඳන්.
රයිනි ලැබුන නිදහසින්  ඉතා ම තෘප්තිමත් වූවාය. උපාධිය හදාරමින් ලෝකේ පුරාම යාලුවෝ යෙහෙළියෝ හඳුනා ගනිමින් තමන්ගේ වියදම් වෙනුවෙන් රැකියා වල  නියැලෙමින් ඇය මනා තමන්ගේ ලෝකය හැඩ ගස්වා ගත්තාය.අවුරුදු 8කට ආසන්න කාලයක් මේ නිදහස භුක්ති විඳිමින් සිටි ඇයට වහා ලංකාවට එන්නට අණ ලැබුණේ කොහේවත් රට බෑනෙක් හිමි වේ යයි අම්මා බය වූ නිසාය.
තමන්ගේ සැලසුම් සියල්ල එක මොහොතින් බිඳ වැටීමේ කේන්තියෙන් රයිනි ගුවන් යානයට නැග්ග මොහොතේ සිට හිටියේ බුම්මගෙන,නින්ද නොගියත් ඇස් පියාගෙන.ඇස් පියාගෙන ඉඳීමත්  එපා වූ නිසා ම ඇය යන්තමින් ඇස් හැර බැලුවාය.යානයේ සිහින් ආලෝකය අතරේ වුනත් ගුවන් සේවිකාවෝ හැම දෙනාගේම සුව පහසුව සලසමින් එහා මෙහා යති.දකින ඕනෑම මුහුණක් ගැන හොඳ මතකයක් ඇති රයිනි අතරින් එක මුහුණක් ඉතා හුරු පුරුදු බව දැනුණි.
"ම්ම්ම්.....කව්ද මෙයා.....අහ් අපේ ඉස්කෝලේ මගේ පන්තියේ නේ.නම…..නම මතක නෑ.අපේ science queen වුනේ මෙයා නේ.නියමයි නියමයි ගැලපෙන ජොබ් එක හොයාගෙන තියෙන්නේ."මෙතෙක් වෙලාවක් අඳුරු වී සිටි රයිනි ගේ මුහුණට එළියක් වැටුනේ දන්නා අඳුරන කෙනෙක් ඇස ගැටුණු නිසා.අසුනින් නැගිට ගොස් ඇය හා කතා කරන්නට සිතුනත්    සමග   ගුවන් යානය ගොඩ බැසීමට නියමිත බවට නිවේදනය කෙරුණු නිසා අදහස අමතක කර  දමන්නට සිදු විය.
රයිනි ලංකාවට පා තැබුවේ අඳුරු හැඟුම් අමතක කරමින්.
ඇය ව රැගෙන යන්නට පැමිණ සිටියේ ලොකු අය්යාත් ඔහුගේ බිරිඳ ත් පොඩි අය්යාත්.පොඩි අය්යාගේ බිරිඳ නෑවිත් සිටියේ ගැබිණි තත්වයේ සිටි නිසා.
"කෝ.. මගේ බෑණා පොඩ්ඩ ආවේ නැද්ද?"රයිනි වාහනයට ගොඩ වුනේ ලොකු අය්යාගේ පුතා ගැන අසාගෙන.
"එන්න ඕන කියල පොරේ.ඉස්කෝලේ term test නිසා තියල ආවේ"
"ලංකාවේ තාම එතකොට 1 වසරේ ත් ටෙස්ට් තියෙනවා නේද"
"අපෝ ඒවා වෙනස් වෙලා නෑ "
"ඔයා එනකල් කොල්ලා ලොකු plan ගහගෙන ඉන්නේ සවාරි යන්න .නංගි ත් pregnant නිසා එයාට නටන්න කෙනෙක් නෑ දැන්"
සුමාලි අක්කා නංගී කියන්නේ නෑනා . දෙන්නා තරම් සමගියකින් සිටීම සම්පතකි.
"මේ …...කොහේ යන්නත් කලින් හෙට කුලසේකර අන්කල් හම්බ වෙන්න යන්න ඕන.එයාගේ company එකේ තමා  ඔයාට ජොබ් එක දෙන්නේ.නිකමට හරි interview එකක් තියන්න එපැයි"පොඩි අය්යා කීවේය.
"ඔයාල මට ජොබ් ත්  හෙව්වා ……..ඒක විතරයි නේද හොයන්න ඇත්තේ."රයිනි අන්තිම ටික පහත් හඬින්  කිව්වත් එය ලඟ සිටි අක්කා ඇසුණි.
"ඒකත් හොයනවා.බය වෙන්න එපා"
"අනේ මම තාම පොඩි එකා"
"යස පොඩි.නංගි එක්ක clinic ගිහින් බලන්න දවසක.ඔක්කොම ඉන්නේ ඔයාගේ වයසේ අම්මලා.මේ පැත්තට ඉන්න midwife ත් ඔයාගේ පන්තියේ ලු.නංගි ගෙන් ඔයා ගැන අහලා තිබුනා."
"ෂාහ්, කවුද ?"
"නම දන්නේ  නෑ.හෙට අනිද්දා එයි.ඔයාට මීට් වෙයි"
ඔවුන් පැමිණියේ උදේ නිසා වාහනය පාසල් කීපයකට විහිදී යන මං සන්දියක දී තදබදයකට අසු විය.
"ෂඃ මට අමතක වුනා නේ මේ පාරේ මේ වෙලාවට traffic කියල.කමක් නෑ.නංගි කාලෙකින් ලංකාවේ traffic එකක experience ගත්තෙත් නෑ නේ"රිය පදවන ලොකු අය්යා කිවේය.
"කොහෙද නංගි ඔය ඉස්සි ඉස්සි බලන්නේ"
"නෑ අක්කා අර වට රවුමේ ඉන්න lady police officer දැකල පුරුදුයි වගේ.අහ් ...අපේ cadet Sargent නේ.හරි ජොබ් එකට ගිහින් තියෙන්නේ. අර යන  teachers දෙන්නත් අපේ පංති වල.මරු  නේ "
"මෙයා අවුරුදු ගානකින් ලංකාවට ගොඩ බැහැලා මේවා magic වෙලා"පොඩි අය්යා කීවේ සියලු දෙනා හිනස්සවමින්.

කුලසේකර මහතා ඇයට සේවයට වාර්තා කරන්නට කිවේ ඊලග මාසයේ මුල සිට නිසා මේ මාසයේ ගෙවෙන දවස් කීපය නිදහසේ එහෙ මෙහෙ යන ගමන් වලට ගතවී ගියේය. අතරින් පොඩි අය්යාගේ බිරිඳ channel කරන්නට තනියට ගිය වෙලාවේ පුද්ගලික රෝහලේ හෙදියක් සිටි යෙහෙලියක් මුහුණට හමු වූ ඇය  නොදුටුවන් බෙහෙවින් කාර්යබහුල ලීලාවක් පෙන්වීමත් ලොකු අම්මා අසනීප වී රජයේ රෝහලට බලන්නට ගිය අවස්ථාවේ හදිසි රාජකාරියකට දුවමින් සිටි වෛද් යෙහෙළිය රයිනි ටත් පෙර ඇය හඳුනා දුර සිට සිනාසී අත  වනාගෙන යාමත් ඇයට ඇති කලේ පුදුමාකාර හැඟීමක්.
"නංගි ගිහින් තියෙනවද මෙහෙණි ආරාමයකට"
"නෑ  නේ අක්කේ "
"අනිද්දා  අල්ලපු ගෙදර අය ගේ දානයක් තියෙනවා.අපිත් යනවා.නංගි ත් යමු"
" යමු අක්කේ.මම ගිහින් නෑ එහෙම තැනකට"
"මේ ...එහෙනම් සුදු දිග ඇඳුමක් ගන්නවා හෙට ගිහින්.ඔය කොට කෑලි ඇඳන් එහෙ යන්න බෑ" ලොකු අය්යා .
අක්කා ලෑස්ති වී එනකල් වාහනය ලඟට වී බලා සිටි රයිනි පුදුම සිතුනේ ඇය ඔසරියකින් සැරසී එන බව දුටු විටය.
"ඇයි අක්කේ ඔසරියක්."
"අද පුතාව ගන්නත් ඕන නංගි."
'ඇයි school van එක නැද්ද අද?"
"අද van එකේ යන ගොඩක් ළමයි ශිෂ්යත්ව පන්තියකට යනවා. ළමයි අම්මල එතනට බස්සලා  අනිත් ළමයි ගෙවල් වලට ගේන්නේ.පව් නේ පොඩි එකා ඉතින්"
"අම්මෝ ශිෂ්යත්ව පන්ති දැන් ."
"එහෙම නැතුව බෑ නංගි.කොහෙද අය්යා කැමති නෑ නේ පුතාව දාන්න"
"ඇයි අය්යා මොකද කියන්නේ"
"කෙල්ලෙක් ඉපදුනා මට ඕන හැටියට හදා ගන්න ලු.කොල්ල හැදෙන්න ඕන එයා පොඩි කාලේ වගේ ලු.දැන් senior engineer වුනාට මහ දඟයි ලු නේ පොඩි කාලේ "
"ඒවා නම් අක්කේ කියල වැඩක් නෑ."රයිනි හිනා ගියේ තුන් දෙනා ගේ බාල කාලය මතක් වීමෙන්.
දෙනෑනෝ ගියේ නගරයේ ප්රසිද්ධ රෙදිපිළි ආයතනයකට.රයිනි සුදු ඇඳුම් තෝරන අතරේ අක්කා තම පවුලට අවශ් ඇඳුම් කීපයක් තෝරන්නට අංශයට ගියාය.කවුන්ටරයට බිල ගෙවා එද්දී රයිනි ගේ මුහුණේ තිබුනේ නෝක්කාඩු පෙනුමක්."ඇයි නංගි "
" section එකේ හිටියා අපේ පන්තියේ ළමයෙක්.මම හිනා වුනා අහක බලා ගත්තා"
"අඳුනන්න බැරි වෙන්නැති"
"ඉතින් අක්කා අඳුනන්න බැරි වුනත් මම customer නෙ.එහෙම හැසිරෙනවා . girls ලා කිසි උදව්වක් කලේ නෑ මට ඇඳුම් තෝර  ගන්නවත්"
"අනේ නංගි ඔයා දැන් ලංකාවේ ඉන්නේ.ඔයාට අමතක වුනාද ලංකාවේ ගොඩක් shops වල වැඩ කරන අය හිතන් ඉන්නේ අපි එයාලගේ සල්ලි වලින් එයාල ඇඳන් ඉන්න ඇඳුම ගන්න එනවා කියල"
"ඉතින් අක්කේ ඔහොම කලාම මිනිස්සු එන්නේ නැතුව ගිහින් shops වල ආදායම  අඩු වුනාම තමන්ගේ job එක නේ නැති වෙන්නේ. මිලියන ගණන් වියදම් කරලා promotion campaign නොකර  වැඩ කරන අයට customer care training එකක් දුන්න නම් ඉවරයි "
පාසල අසලට යනතුරු රයිනි රටේ මේ රටේ වෙනස්කම්  කියමින් ගියාය.
"නංගි මම class එකට ගිහින් පුතාගේ teacher ත් හම්බ වෙලා කොල්ල එක්කගෙන එන්නම්.ඔයා වාහනෙන් බහින්න එපා.කලිසමක් ඇඳන් මෙතන හිටියොත්  security එකෙන් දුවන් එයි ඇඳුම් නැතුව ආවා වගේ"
"හරි අක්කා"රයිනි කීවේ පිටත්, බඩත්,පපුවේ ඉදිරි පසත් විවර වූ සහ වැහුණු ටිකත් ඉතා හොඳින් කැපී පෙනෙන සාරි හැට්ටයත් තමන්ගේ high neck collar යෙදූ වැලමිට ත් වඩා දිග  blouse එකත් හිතින් සංසන්දනය කරමින්.
ඇය නිකමට පාසල් අවසන් දරුවන් එක්ක යාමට පැමිණ සිටින දෙමවුපියන් වෙත ඇස් යොමු කළාය."අහ්....අපේ පන්තියේ ළමයි ගොඩක් ඉන්නවා නේ ළමයි එක්ක යන්න ඇවිත්. ඔක්කොම මම වගේ අය්යාගේ අක්කගේ ළමයි ගෙනියන්න ආවා වෙන්න බෑනේ.අපොයි අර මම නම් කවදාවත් බඳින්නේ නෑ කිව්ව කෙල්ලෙක් නේද maternity frock එකකුත් ඇඳන් ඉන්නේ."

ආරාමයට ගිය ගමන රයිනි ඇති කලේ විශාල සැනසීමක්. දාන කටයුතු අවසන් ගෙදර අය භාජන අස්  කරන තුරු ඇය නිසංසල ආරාමයේ සිරි නරඹමින් එහා මෙහා ඇවිද්දාය.
"රයිනි"
පිටුපසින් ඇසුන හඬ නිසා ඇය පුදුමයෙන් හැරී බැලුවේ තමන් දන්නා කෙනෙක් මෙහි නම් සිටීමට නොහැකි නිසා.ඇයගේ පුදුමය දෙගුණ තෙගුණ වුනේ අසල සිට  ගෙන සිටින මෙහෙණින් වහන්සේ දුටු විට." ...එහෙමයි මම තමයි"
"මාව  අඳුරන්න බෑ නේද"එතුමිය ඉතා නිවුන හඬින්  අසයි.
"..මට මතකයක් නෑ ........මෑණියෝ."
"අනුත්තරා...."
රයිනි හුස්ම ගැනීමත් අමතක බලා සිටියාය.අර දඟකාර කටකාර අනුත්තරා අද මෙතන.ඇය සමග කතා බහ කල විනාඩි කීපය රයිනි ලංකාවට පසු වඩාත් සැනසීමෙන් ගතවූ කාලය විය.එන්නට පිටත් වී ඇය ගේ දෙපා වැඳ  සමු ගත්  රයිනි වාහනයට ගොඩ වුනේ සැනසීමෙන්.
"දැන් ගෙදර ගිහින් උයන්න මහන්සි.අපි මගින් මොනවා  හරි අරන් යමු නේද"
රයිනි පියවි සිහියට ආවේ අක්ක ගේ හඬින්.වටපිටාව  අඳුර වැටී ගෙන එයි  .අය්යා පාර අයිනේ රෑ කඩයක් අසල වාහනය නවත්වා කඩය තුලට ගියේය.
"නැන්දි අර බලන්නකෝ make up දාන්න දන්නේ නැති aunty කෙනෙක්"
"පුතා මේ අනුන්ගේ කෝලම් බලන්නේ නැතුව තාත්තා මොනවද කරන්නේ බලන්න"
රයිනි පුතා පෙන්නූ දෙස හැරී  බැලුවේ අක්කා කේන්ති යන්නට තරම් දෙයක් සිදු වුනා දැයි බලන්නට.පාලු බස් නැවතුමේ සිටගෙන පාර දෙපස බලමින් හිදින කාන්තාව ගැන අමුතුවෙන් චරිත සහතික දිය යුතු නැති වුවත්, දකුණු  කනට පහලින් ඇගේ බෙල්ලේ පිහිටි කැපී පෙනෙන උපන් ලපය හඳුනා ගන්නට රයිනි අපහසු වුණේ නෑ.මෙතෙක් තිබූ සැනසීම එක වර අතුරුදහන් විය.
ඒකත් එහෙමයි එහෙනම්……ඇයි අපි හැමදාම ඉස්කෝලේ නොගියේ.

Comments