ආදර්ශ


දුරකථනය විසන්ධි කල නලින් මහත් බලාපොරොත්තු සහගත තමන් දෙස බලා සිටි බිරිඳ ගේ මුහුණ බැලුවේය.
“Long weekend නිසා ලොකු නංගිල ත් trip එකක් යනවා ලු.”
“හ්ම් දැන් මොකද කරන්නේ.”අමාලි බලාපොරොත්තු සුන් වූ ලෙසින් ඇසුවාය.
“ඕන එකක් කියලා අපි අම්මවත් අරන්  යමු ද ? .......”
“අනේ මේ ඔච්චර දුර එක්ක ගිහින් මොකුත් අසනීපයක් වත් වුනොත් අවුරුද්දකට සැරයක් ඇවිත් යන මිනිස්සුත් අපිට වග පල කියන්න එයි.”
අමාලි කියන්නේ විදේශගත සිටින නලින් ගේ බාල නැගනිය ගැන . කතාවේත් ඇත්තක් ඇත.
“කොහෙද අම්මේ අපි යන්නේ?” සනුද පසුගිය දින කීපයේ එක දිගට අසන ප්රශ්නය නැවත ඇසුවේය.
“පස්සෙ කියන්නම්.පොඩි ගමනක්.”
“කොහෙද පොඩි ගමන.beach ද?”
“නෑ නෑ වෙන ගමනක්.පස්සෙ කියන්නම්කො”
“දැන් කියන්නකො.සීයා බලන්න ද?”
සනුද අත් හරින්නේ නැත.
“අර ඔයාගෙ පොතේ තියෙන්නෙ වෙහෙරක්.අන්න එහෙ.”අමාලි බේරෙන්නට බැරි තැන කීවාය.
සනුද වහා දිව ගොස් පොත ගෙන ආවේය.
“මෙහෙ අම්මෙ.සුරංගනාවි ගෙ නම දාලා හදපු වෙහෙර නේද?”
“ඔය දන්නෙ පුතා…..”ඇය ආදරයෙන් ඔහුගේ හිස අත ගෑවේය.
සනුද එක හුස්මට ආච්චි අම්මා සොයා දිව්වේය.
“ආච්චියේ අපි සුරංගනාවි බලන්න යනවා....”
“මොන සුරංගනාවි පුතේ ?”
“ආච්චි මට කියා දුන්නෙ.සුරංගනාවි ඉන්න ගහ කපලා වෙහෙර හදන්න වුන නිසා රජ්ජුරුවෝ එයාගෙ නම දැම්මා කියල.”
“ආ.....රුවන්වැලිසෑය. සුරංගනාවි අපිට පේන්නෙ නෑ පුතේ.ඉතින් ඉස්කෝලෙන් එක්ක යන්නේ?”
“නෑ නෑ අම්මයි තාත්තයි අපි ඔක්කොම”
සුමනා ගේ ඇස් මහත් විය.  ඇත්තම පුතේ....”
ඇයට මහත් සතුටක් දැනුනි.අනුරාධපුරයේ අන්තිමට ගිය දිනයක් වත් අමතකය. සැමියාගේ අහිමි වීමත් සමග දරු 3 දෙනෙක්ගේ බර කරට ගත් ඇයට තමා කියන චරිතය මුළුමනින් අමතක විය.ඇයට පුතා සමග මුලින් ගිය වන්දනා ගමන සිහි විය.
“සුමනා අක්කේ ඔන්න මේ සැරේ නම් අක්කා එන්න ඕන වන්දනාවෙ යන්න”
“අනේ මේ පොඩි එකා එක්ක කොහොමද නංගි.දවස් 5ක් නෙ.අයියත් ගෙදර නෑ”
“පොඩි එකා අපිත් මාරුවෙන් මාරුවට බලා ගන්නං.වද දෙන එකක් නෑ.මේ පාරත් ආවෙ නැත්නං ලොකු අයියගෙ හිත හොඳ නැති වෙයි.”
නෑනලා මස්සිනාලා ගේ පෙලඹවීම නිසා එවකට අවුරුදු 3ක්වත් වයස නොවූ නලින් රැගෙන ඇය වන්දනාවට එක් වූවාය. දින වලත් සැමියා සේවය කලේ දුර ඈතක . යන්නට කලින් කොතෙක් කතා කීවත් සම වයස් පිරිස හා එක් වූ නෑනලා මස්සිනාලා නිසා මුළු ගමන පුරාම දරුවා පරක් කර ගන්නට වූයේ ඇයට තනිවමය. ගැන දොසක් කීමට නොහැක.මේ නිසා බොහෝ තැන් වලට අනෙක් අයට යන්නට දී බසයට වී සිටින්නට යා ගත හැකි තැන් වලදී නලින් වඩාගෙන යන්නටත් සිදු විය. පුතා දවස් වල දඟ මල්ලකි.අයියලා අක්කලා සමග හති වැටෙන තුරු සෙල්ලම් කර වන්දනාව අවසන් වෙද්දී උණත් ගැනිලාය.
අතීතය සිහිපත් වී තනියෙන් සිනාසුන සුමනාට හදිසි දෙයක් සිහි වුනෙන් ලේලිය සොයා ගියාය.
“දුවේ කවදද අනුරාධපුරේ යන්නෙ.ලබන සතියෙ  දයාලා ගෙ දානෙත් තියෙනවා. ඒකට නම් කලින් ගිහින් ආවා ඇති.”
“ආ.....අම්මෙ .......මේ නලින් ගෙ office එකේ කට්ටියක් යන්නෙ.seat 2ක් ඉඩ තියෙනවා කියල අපි දෙන්නටත් එන්න කිව්වෙ.පුතා නම් උකුලෙ තියා ගන්න පුළුවන් නෙ.”
අමාලි අහක බලාගෙන කීවාය.
අම්මට තනියක් නෑ.ලොකු අම්මගෙ දුවලා එන්නම් කිව්වා මෙහෙ.දානෙට නොගියොත් දයා නැන්දා ත් තරහ වෙයි නෙ.”
සුමනා කිසිත් නොකියා ආපසු හැරුනේ  විදුරු මාලිගාවක් බිඳී විසිරෙන හැඟීමක් සහිතව .
-----------------------------------------------------------------------------------------
වෙහෙසකාරී සති අන්තයක් නිමා කල සනුද තරමක අසනීපයෙන් පෙලුන නිසා පාසල් නොයවන්නට දෙමාපියෝ තීරනය කලහ.දවල් වෙද්දී නැවත සාමාන් තත්වයට  ඔහු   චිත්රයක් අඳින්නට ගත්තේය.
“ෂා....ඊයෙ.trip එක පුතා මේ?”
අමාලි එයට එබිකම් කලාය.
“කවුරු කවුරු මේ ඉන්නෙ.?”
“මමයි දිල්සර මල්ලියි ශනුදි අක්කයි.”
“ආ...කෝ ඉතින් අම්මලයි පුංචි අම්මලයි.”
“අයියෝ මේ අපි ලොකු වෙලා.එතකොට ඔයාල වයසයි.ඔයාල එක්ක යන්නෙ නෑ.ගෙදර දාලා යන්නෙ”


Comments