its only attitudes


ගෙදර වැඩට සිටි නන්දනී නිවාඩු නිසා දවස තිස්සේ තුන් හැවිරිදි පුතන්ඩියා සමග ඔට්ටු වන හිමාලි දවල් වෙද්දී හොඳට හතිය. ජංගම දුරකතනයේ ගීතය ඇසුනෙන් ඇය එය සොයන්නට වූවාය.දෙවරක් ගීතය ගැයෙන කල් එය සොයා ගත නොහැකි විය.යන්තම් සොයා ගත් සැනින් ඇය එය කනේ තියා ගත්තාය.
"හෙලෝ"
"මේ හිමාලි මැඩම් නේද?සැලෝන් නිම්මි එකෙන් කතා කරන්නෙ.මැඩම් ගෙ clean up එක අද හවස 3.මතක් කරන්න කතා කලේ"
ඇත්තටම ඇය එය අමතකව තිබුණි. පොඩ්ඩා තියා යන්නට කෙනෙක් නැත. නොයා ත් බැරිය. අවසානයේ ඇය පුතාත් සමග කුලී රියක් ගෙන්වාගෙන එහි ගියාය. ඇය යද්දී කලකට පෙර අසල්වැසියෙක් වූ ලලිතා ආන්ටි එහි වූවාය.
"හානේ ලලිතා ආන්ටි සෑහෙන කාලෙකින්. කොහොමද ඉතින්"
"පොඩ්ඩා දැන් ලොකු යි නේද? අපි එහෙන් එද්දි දන ගාන්නෙත් නෑනෙ.කොහොමද දැන් මල්ලි එහෙම.කැම්පස් අවුට් වුනා ?"
"අනේ අවුට් වෙලා අවුරුද්දක් වෙන්න එනවා. තාම ජොබ් එකක් නෑ.උපාධියක් තියන් පොඩි රස්සාවකට යන්නත් බෑ රජයේ එකක් මිසක්. අපරාදෙ මේ උගත් ළමයිගෙන් වැඩක් ගන්නෙ නැති හැටි."
"ඒක නම් ඇත්ත.අද මම යන්නෙ අපේ නෑයෙක්ගෙ දුවෙක් ගෙ වෙඩින් එකට. දුවත් අවුට් වෙලා බලාගෙන හිටියා හිටියා ජොබ් එකක් හම්බ වුනේ නෑ.වයස යනවා කියල බන්දලා දෙනවා"
"කෙල්ලෙක් නම් එහෙම වත් පුළුවන්. කොල්ලෙක් ජොබ් එකක් නැතුව කසාද බඳින්නත් බෑ. අපරාදෙ වයස යනවා. ළඟදි ත් කොළඹ ගියා ජොබ් ඉල්ලලා කරන පිකටින්   එකකට. අවුරුදු කීයක් ඉගෙන ගෙන ?"
තම සේවා ලාභිනියගේ මුහුණට පැක් එකක් දමා කල් මරමින් සිටි නිමේෂා තම අතීතය සිහි විය.නිදි නැති රෑ ගණන්,රස නැති කෑම වේල් ගණන්,සිනහ කඳුළු දහඩිය මතින් අවුරුදු 4ක් පැමිණි ගමන් මග අභිෂේක ලද්දේ උපාධි ප්රදානෝත්සවය දවසේය.එදා හිස පැළඳි අභිමානවත් කිරුලේ තේජසින් නැහැවී ඇයත් තව බොහෝ දෙනෙක් මෙන් සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් අද ලැබෙයි හෙට ලැබෙයි ලෙස බලා සිටියාය. ටිකෙන්ටික විරැකියා තර්ජනය ඇය   ගිල ගනිද්දී තේජස කොහේ ගියා නැති විය. පත්රය හෝ අන්තර්ජාලය බලමින් අධ්යාපන සුදුසුකම් වලට ගැලපෙන රැකියා සෙවීම,ඉල්ලුම් පත් යැවීම,කැඳවීමක් ලැබෙන තුරු බලා සිටීම සතිපතා චක්රයක් විය.ඉල්ලුම් පත් ෆොටෝකොපි කරන්නට, ඒවා තැපැල් කරන්නට සිදු වූයේ ගෙදරින් ඉල්ලා ගත් මුදලිනි. ළඟ පාතකට ගියත් කවුරු හෝ ගෙදර ආවත් ප්රධාන මාතෘකාව තමන් .
"තාම ජොබ්නෑ  නේද? දැම්මෙ නැද්ද මොනවට වත්.අර ඇමතිතුමා ගේ ලියුමක් තිබුනා නම් ජොබ් එක අතේ "
එළියෙන් සිනාසුණත් ඇගේ හිතේ කේන්තිය බුබුළු දමයි.මේ කන් කරච්චලයෙන් බේරීමටත්  ඊටත් වඩා තවමත් තමන් වෙනුවෙන් වෙහෙසෙන දෙමාපියන් දෙස බලා ඉන්නටත් බැරි නිසා නිමේෂා දුර ඈතක විසූ නැන්දෙක් ගේ නිවසට ගියාය.නැන්දාට සිටියේ එක දියණියකි.අරෝෂා ඕන වුනේ ගෙදරින් පිටට ගොස් රැකියාවක් කරන්නටය. නිසා ඇය උනන්දු වුනේ සඳහා ගැලපෙන පාඨමාලාවක් හදාරන්නට . එහෙත් නැන්දාට ඕන වුනේ ඇය නිවසේ සිට ආදායම් උපයන මාර්ගයක් සාදා දෙන්නටය.මේ නිසා බලෙන් යැවුන රූප ලාවන් පන්තියේ ආරෝෂා ගේ සහයට යෑම නිමේෂා ගේ රාජකාරිය බවට පත් විය.ටික දිනකින් පන්තියේ දක්ෂම ශිෂ්යාවක් බවට පත් වුනේ අරෝෂා නොව නිමේෂාය.
"ඔයා කලින් බියුටි කල්චර් කරල තියෙනවද? ඔයා හොඳ හුරුවක් තියෙනවා නෙ" එසේ ආශිර්වාද ලද ඇය රැකියා සෙවීම අත් හැර දැමුවාය. අංශයෙන් තවත් දුර ඉගෙන ගනිමින් නිවසේ පැත්තක පටන් ගත් රූපලාවන්යාගාරයේ තවත් දෙදෙනෙකු රැකියා දෙමින් කෙටි කලකින් ඉහළ ජනප්රියත්වයක් අත් කර ගත්තාය.
"දඩ බඩාං....."නිමේෂා වර්තමානයට ඇද වැටුනාය.අම්මා ගේ කතා බහ අස්සේ අවධානයෙන් ගිලිහුණ හිමාලිගේ පුතා ක්රීම් බෝතල් තොගයක් බිම දමා ඇත.නිමේෂා නැගුනේ තරහකි.
"මිස්....මිස් ගෙ appointment එකට තව වෙලා තියෙන නිසා යමු අපි සාලෙට. මම වෙලාවට කතා කරන්නම්" ඇය තමන් පුළුවන් උපරිම සුහද බවින් කීවාය.
සිදු වූ දේ ගැන ලැජ්ජාවෙන් සිටි හිමාලි වහා පුතා රැගෙන එළියට ආවාය.
"හානේ...ඔයාට උපාධියකුත් තියාගෙන සැලුන් එකක් කරන්නෙ?"
ඇය සාලයේ ඇති නිමේෂා ගේ උපාධි ඡායා රූපය දෙස බලා ඇසුවාය.
"ඉතිං අපරාදෙ නෙ"




Comments