රාජ සභාව


ඒකචත් රජතුමාට සිටියේ ඒකදන්ත නම් එක පුතෙකි.එකා යකා වූවා මෙන් ඔහු උපන් ගෙයි මෝඩයෙකි.ඒකචත් රජතුමා හදිසියේ ස්වර්ගස්ථ වීම නිසා රාජකීය සම්ප්රදාය අනුව මේ කුමාරයා රජකම දිය යුතු විය.ඒකචත්  කාලයේ පටන් එතුමාට ගුරු හරුකම්  දුන් පුරෝහිත තුමාත් ඒකචත් රජුගේ බුද්ධිමත් ඇමති මණ්ඩලයත් නව රජුට ඉතා පක්ෂපාතිව සේවය කරන්නට සැදී පැහැදී ඉන්නා නිසා රජු ගේ බුද්ධි මට්ටම එතරම් අදාළ නොවේ.
මේ නිසා නව රජු සුබ මොහොතින් කිරුළු පැළඳුවේය.පළමු රාජ සභාව රැස්වීමට පෙර නව රජු රාජ්යයේ කටයුතු ගැන දල අවබෝධයක් ලබා දීමට ඇමති මණ්ඩලය ඒක මතික තීරනය කර එම වගකීම පුරෝහිත් තුමාට පැවරූහ.පුරෝහිත්තුමා නව රජු සමග මෙතෙක් රජු හා ඇමති මණ්ඩලයට පමණක් යාමට අවසර තිබු මාලිගාවේ අංග වෙත නව රජු රැගෙන යමින් ස්ථාන ගැන විස්තර කරන්නට වූයේය.මෙසේ ඔවුහු එක් හිස් විශාල ශාලාවකට පැමිණියහ.
රජු වටපිට බැලුවේය."මොකක්ද පුරෝහිත මේ ශාලාව?"
"මේ රාජකීය භාණ්ඩාගාරය රජතුමනි"
"භාණ්ඩාගාරය නම් කෝ මෙහි භාණ්ඩ?"
"සමාවෙන්න රජතුමනි.පසුගිය වසර කීපයේදී රට වැසියාගේ සුඛ විහරණය වෙනුවෙන් මෙහි තිබු සියල්ල වැය කිරීමට සිදු වුනා.අවසානයේ වස්තුව ගබඩා කර තිබූ භාජනත් විකිනීමට සිදු වුනා"
"හ්ම්.."
පසුවදා එළඹුණේ රාජ්යයේ තනතුරු ගැන වටහා දීමේ  අවස්ථාවයි.මුලින් රජු ඇමති මණ්ඩලයේ නම් ලැයිස්තුව පරික්ෂා කළේය.
"මේ ගංගා ඇමති කියන්නේ කාන්තාවක් පුරෝහිත?"
"නෑ .රජතුමනි,එතුමා තමයි රටේ ගංගා බාර සිටින ඇමති.එතුමා නොවෙන්න මේ ගංගා සියල්ල මේ වෙද්දී සිඳී ගොස් අවසන්."තමන් ගැන රජු ගේ හිතේ පැහැදීම ඇති වන සේ කතා කරන්නැයි එක් එක් ඇමතිවරුන් දුන් මුදලද සිහි කරමින් පුරෝහිත තුමා කීවේය.
"වැව් ඇමති බැරි වගකීම දරන්න.?"
"අපොයි බෑ රජතුමනි,වැවක් කියන්නේ එක තැන ජලය රැඳුන පිහිටීමක්.ගංගාවක් පොලව මතින් එක තැනකින් තවත් තැනකට ජලය ගලා යනවා.දිය ඇල්ලක ජලය ඉහල සිට පහලට ඇද හැලෙනවා.සම්පුර්ණ වෙනස් විෂයන්."
"හ්ම්...එහෙනම් මේ එළවලු ඇමති,පලතුරු ඇමති,කුළු බඩු  ඇමති කියන්නෙත් එහෙම වෙනස් විෂයන් ?"
"එහෙමයි,රජතුමනි.රටේ ආහාරයට ගන්නා එළවලු වර්ග ගණන සලකා බැලීමේදී එළවලු ඇමති තුමා තනි ඉටු කරන්නේ ඇමතිවරු 2-3 දෙනෙක් ගේ රාජකාරිය."
පසුවදා  සේවකයන් ගේ වැටුප් ගැන විස්තර කරන දිනයයි.
"වැටුප්,ආහාර දීමනා,ඇඳුම් දීමනා,ඖෂධ දීමනා,ප්රවාහන දීමනා,නිවාස දීමනා,මාසික දීමනා,වාර්ෂික දීමනා,දිරි දීමනා, ....ඇමති වරුන්ට මේ දීමනා තමන්ගේ වැටුපින් දරන්න බැරි පුරෝහිත"
"කොහෙත් බැහැ රජතුමනි,වැටුප රැකියාවට හිමි වේතනයයි.මේ දීමනා ඇමති වරුන් රට වෙනුවෙන් සිදු කරන මහා සමාජ සේවය වෙනුවෙන් ගෙවන ඉතා සුළු මුදලක් පමණයි."
"රටේ අනෙක් සේවකයන්ටත් මේ විදියට ගෙවීම් කරනවද?"
"ඔවුන් කරන්නේ රැකියාවක් පමණක් නිසා ඔවුන්ට හිමි වැටුප පමණයි,රජතුමනි.මුළු රටේ සෙනග එකතු වුනත් මේ එක ඇමති තුමෙක් දිනකදී කරන සේවය ඉටු කල නොහැකියි රජතුමනි."
නව රජු දැනුවත් කිරීමේ දින කීපය අවසන් වූ පසු මුල් රාජ සභාව රැස් විය.
"මාගේ ඇමතිවරුනි,ඔබතුමන් ලා මේ රටට සිදු කරන සේවය අපරිමිතයි. විශ්මයජනකයි. නිසා මම හිතුවා අලුත් රජයේ කටයුතු ඇරඹීමට පෙර ඔබ තුමන්ලාට තෑග්ගක් දීමට.මම තීරණය කළා ඔබතුමන් ලා සියලු දෙනාට සතියක රාජකීය සංචාරයක් ස්ත්රී පුරයට ලබා දීමට."
ඇමති මණ්ඩලය පුරා පැතිර ගියේ ප්රීති නාදයකි.
"නමුත් එක ප්රශ්නයක් තිබෙනවා.අපේ විශාලම ගුවන් යානයට ත් අපේ මුළු ඇමති මණ්ඩලය එක වර ගෙන ගිය නොහැකියි. නිසා මම තීරණය කළා ඔබතුමන් ලා අතර තරඟයක් පවත්වා ඉන් ජය ගන්න අයට පමණක් අවස්තාව ලබා දීමට......මේ ගමනට සහභාගී වීමට කැමති ඇමතිවරු තමන්ගේ අන්තිම කැමති පත්රයක් ලියා මේ සතිය අවසන් වීමට පෙර මට ලබා දිය යුතුයි. එහි සඳහන් විය යුත්තේ ඔබ මිය ගිය පසු ඔබේ දේපල වලින් ඔබ  රට වැසියාට සේවය කරන්නට බලාපොරොත්තු වන ආකාරයයි."
ඇමතිවරු එකිනෙකා ගේ මුහුණු බැලීමට වූහ.
"කිසිම බයක් වන්නට හේතුවක් නෑ.තරගයෙන් ජය නොගන්න අයගේ අන්තිම කැමති පත් මොහොතේ අවලංගු වෙනවා. අනෙක්  අයගේ ඒවා සංචාරය අවසන් නැවත රට පැමිණීමෙන් පසු අහෝසි වනවා."
පුරෝහිත තුමා රජු දෙස ඉතා බලාපොරොත්තු සහගතව බැලුවේය."පුරෝහිත තුමා ත් කැමති නම් තරඟයට සහභාගී විය හැකියි. අවසන් තීරණය දෙන්නේ මම තනියමයි."
----------------------------------------------------------------------------------------------------------
එළඹුන සතිය රටේ ඇමති මණ්ඩලයට ඉතා කාර්යබහුල විය. ඉදිරි මාසයක් වැනි කාලය තුල තමන්ට කිඹුහුමක් වත් නොයන බවට ස්ථිර කර ගැනීමට පැමිණි ඇමති වරුන්ගෙන්රාජකීය රෝහල පිරි ගියේය. රාජකීය නැකත් කරුවෝ සියලු ඇමතිවරුන්ගේ සිදු කරගෙන තිබු සෙත් ශාන්තිකර්ම නැවත අලුත් කරමින් මදුරුවෙක් ගේ හෝ හානියක් නොවන බවට සහතික වූහ. රටේ සුප්රසිද්ධ නිර්මාණකරුවෝ ඇමති වරුන් වෙනුවෙන් අවසන් කැමති පත් වඩා ත් ආකර්ශනීය ලෙස සකස් කිරීමට යුහුසුළු වූහ.සමහර නිර්මාණ කරුවෝ අවසන් කැමති පත්රයක් නිර්මාණය කරනවාට වඩා දෙගුණයක මුදලින් තමාගේ කලින් සේවය ලබා ගත ඇමති කෙනෙක් ලියවා ගත් අවසන් කැමති පත්රයේ සඳහන් දේ හෙළි කිරීමට පවා කාරුණික වූහ. සතිය අවසන් වෙද්දී සියලු අවසන් කැමති පත් රජු ලැබුණි.
සියලු දෙනා ඊලග සතියේ රාජ සභාව රැස්  වනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ.
රජු ප්රමාද වී රාජ සභාවට සපත්විය.ඔහුගේ මුහුණින් විඩාබර බව පෙනුනි.
"ඇමතිවරුනි, ඔබතුමන් ලා ගේ අවසන් කැමති පත් මේ දින කීපයේ මම ඉතා හොඳින් හැදෑරුවා. ඔබ සියලු දෙනා තම බිරිඳ දරුවන් වෙනුවෙන් කිසිම මුදලක්දේපලක්  ඉතිරි කර නැහැ. සමහරු බිරිඳ, දරුවන් මුළු ජිවිත කාලයම ස්වෙච්චා සේවය සඳහා ලබා දී තිබෙනවා.මට ඔබතුමන් ලා ගැන ඉතා ආඩම්බරයි. නිසා මම තීරණය කළා.අපට තිබෙන විශාල ගුවන් යානයේ අත්යවශ් සේවකයන් කීප දෙනෙක් පමණක් තබා ගනිමින් සහ අනවශ් සියලු උපකරණ ඉවත් කරමින් ඔබතුමන්  ලා සියලු දෙනා එම ගුවන් ගමනට සහබාගි කරවීමට"
රජතුමා වෙනුවෙන් නැගුන ප්රීති ඝෝෂාව බොහෝ වෙලාවක් බිත්ති අතර රැව් දුන්නේය.
---------------------------------------------------------------------------
සතියේ සුභ දවසේ සුභ හෝරාවෙන් මුළු ඇමති මණ්ඩලය ස්ත්රී පුරය බලා ගුවන් ගත වූහ.
පසුවදා රටේ සියලු ජන මාධ් මගින් විකාශය වූ පුවතකි.
"විශේෂ රාජ් තාන්ත්රික සමුළුවක් සඳහා සහභාගී වීමට අප ඇමති මණ්ඩලය ගමන් ගත් ගුවන් යානය අද උදැසන මහ මුහුදට කඩා වැටී තිබෙනවා.මේ අනතුරින් දිවි ගලවාගෙන ඇත්තේ යානයේ කාර්ය මණ්ඩලයේ සිටි තිදෙනා පමණක් බව වාර්තා වේ. යානයේ සමබර බව පවත්වා ගැනීම සඳහා ගුවන් ගත වීමට පෙර යානයේ මගීන් සඳහා වූ  ජීවිතාරක්ෂක උපකරණ ඉවත් කිරීමට සිදු වූ බව නිල නොලත් ආරංචි මාර්ග වලින් සැලවේ."
Funny Comedy Hint - Raja Sabawa - 19th April 2016 - 2016-04-19 TV ...

Comments