මා බලා සිටියා


"චූටි මොකද කියන්නේ අර බැංකුවේ proposal එකට. අය නම් කැමති"
"අනේ මට බෑ අම්මේ"
"මොකක්ද ළමයෝ මේ වැඩේ.ඔයාගේ වෙන affair එකකුත් නැත්නම් මොකද මේ එන එන proposal  එකට බෑ කියන්නේ.දැන් වයස කීයක්ද.අක්කල දෙන්නම මේ වයස වෙද්දී බැඳලා.මොකද ඔයාට වෙලා තියෙන්නේ."අම්මා තරහෙන් කියාගෙන ගිහින් කාමරෙනුත් එලියට යන්න ගියා.
"මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ"මමත් මගෙන් ඇහුවා.කැම්පස් එකේදී කීප දෙනෙක්  මගෙන් කැමැත්ත ඇහුවා.දැන් ජොබ් එක කරන තැන මගේ ගැන interested අය මගේ යාලුවෝ අතේ පණිවිඩ  එවනවා.අක්කල දෙන්නගේ වෙඩින් වල brides maid ගිහිනුත් වෙඩින් එක ඉවර වෙද්දී   proposals ආවා.ඒත් කිසි දේකට කැමති වෙන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ.
"චූටි නංගි,ඔයා ගේ හිතේ කව්රු හරි ගැන තියෙනවා නේද"සති අන්තේ ගෙදර ඇවිත් හිටිය ලොකු අක්ක කාමරේට ආවා.කාට බොරු කලත් පොඩි කාලේ ඉඳන් මාව අම්මෙක් වගේ හදා ගත්ත ලොකු අක්කා අගේට මගේ හිත කියවනවා.
"කියන්න,කවුද .අපි කතා කරමු ගෙවල් වල අයට "
"එයාල කොහේ ඉන්නවද මම දන්නේ නෑ අක්කේ"
"වට්........හරි කවුද දැන් මේ හිත ගත්  කුමාරයා"
"අක්කට මතක ඉස්සර අපේ ගෙවල් ගාව හිටියේ අනෝජා ඇන්ටිලා.එයාගේ පුතෙක් හිටියේ කනිෂ්ක."
"ම්ම්ම් ... O/L කාලේ වෙනකල් ඔයාගේ නසරානි ෆ්රෙන්ඩා නේද.එයාල ගෙවල් මාරු කරලා ගිහින් ගොඩක් කල් නේ.ඔයාට කොහේදී ආයේ මීට් වුනේ".
.මම මොහොතක් උත්තර නොදී බලා හිටියා.මේ උත්තරෙත් එක්ක ලොකු අක්කා මාව ගොන් මෝඩියෙක්  ගානට දාන බව මට ෂුවර්.ඇය මගේ හිත කියවන්න වගේ බලන් ඉන්නවා."Don’t worry.මම කාටවත් කියන්නේ නෑ."
"ආයේ මීට් වුනේ නෑ අක්කේ.කොහේ ඉන්නවද මොනවා කරනව වත් දන්නේ නෑ.ඒත් ඒත් අනේ මම දන්නේ නෑ මගේ හිතේ වෙන කෙනෙක් ගැන හිතන්න ඉඩක් නෑ වගේ"
"ඔයා Facebook search කලාද ළමය ?"මම හිතුවට වඩා අක්කට මේ ප්රශ්නේ දැනිලා වගේ.
"දන්න හැම නමක් ගහල search කළා.වැඩක් නෑ.එයාගේ නංගි දෙන්නගේ ත් නම් දන්නේ නෑ නේ අපි ගෙදරට කියන නම් මිසක්."
"අපිටත් එහෙන් එන්න වුන නිසා එයාල ආයේ පැත්තේ  ආවද වත් දන්නේ නෑ.බලමු මොකක් හරි පොටක් පාද ගන්න."
ලොකු අක්කට මොනවා හරි කරන්න හිතුනොත් එයා ඒක ලෝකේ පෙරලලා හරි කරනවා තමයි.අඩු ගානේ එයාට වත් මේක කියා ගත්ත එක මට සහනයක්.
දවස් කීපයක් ගත වුනා.දවසක් රෑ මම නිදන් ඉන්නකොට ෆෝන් එක කෑ ගහනවා.නිදිමතේ මම ෆෝන් එක අතට ගත්තා.ලොකු අක්කා."චූටි, දුවගේ ඉස්කෝලෙට පින්තුර හොයන්න මගේ පරණ පොත් වගයක් ඇවිස්සුවා.පරන වෙසක් කාර්ඩ් එකක් හම්බ වුනා සරෝ ඇන්ටිගේ ලොකු අක්කාට සුදු නෝනා ගෙන් කියල ලිව්ව.යටින් වරහන් අස්සේ ලියල තියෙනවා අනුකි කියලා"
මගේ නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ.ඔක්කොම පෙරලගෙන ගිහින් මම ලැප්ටොප් එක on කර ගෙන dongle එක ගහ ගත්තා.අනුකි ජයසුමන මේ වෙද්දී අවුරුදු 20ක් විතර වෙන්න ඕන.Facebook on වෙනකල් මම හිතින් ගණන් හැදුවා.
හ්ම්...මේක වෙන්න ඕන profile එක.හරි මේ මූන තමා.කෝ මේ කෙල්ල ගේ වෙන ෆොටෝ මුකුත් පේන්නේ නෑ නේ .ශිහ් request එකක් දාන්නත් බෑ.මේ security settings එක්කත් යකා නගින්නේ මේ වෙලාවට තමා.මම මට කියා ගත්තා.ම්ම් බලමු family members.....අහ් මේ තියෙන්නේ සනුකි ජයසුමන,පවන්සිලු ජයසුමන. දෙය්යනේ කනිෂ්ක නේන්නම්.අවුරුදු ගානකින් දුටු මුහුණ මට කඳුළු ගෙනාවා.කව්ද දන්නේ මෙහෙම නමක්.ලොකු අක්කේ ඔයා නම් ...උම්ම්ම්ම්මා .
මම වහා profile එක open කළා.අපොයි මේක අවුරුදු ගානකින් ලොග් වෙලා නැති එකක් නේ.කිසිම විස්තරයක් නෑ . ඉස්කෝලේ නම් තියෙනවා.මේ ඉස්කෝලේ ගිය කව්රු හරි මම දන්නවා නේද excite වෙච්ච හැටියට  මගේ මතකයත් වැඩ කරන්නේ නෑ වගේ.
අහ් .....මලින්ද නේ.අය්යෝ මේ ළඟ ළඟ නෙ ඉඳලා තියෙන්නේ.මලින්ද කියන්නේ මගේ office එකේ සගයෙක්.පහුවදා office යනකල් මම හිටියේ පුදුම නොඉවසිල්ලකින්. ඒත් මලින්ද ගෙන් මේක අහන්න ඕන වැඩි ගානක් නොගෙන. නැත්නම් ඕකා මේක දෙක කරයි.
"මලින්ද ඔයාලගේ A/L classes වල හිටියද කනිෂ්ක පවන්සිලු කියල boy කෙනෙක්.වෙන කතා ගොන්නක් අතරමැද නිකමට  වගේ මම ඇහුවා.
" මොකද බන්.මගුලක් වත් සෙට් "
"අයියෝ පිස්සු ?.එයාල ඉස්සර පදිංචි වෙලා හිටියේ අපේ ගෙවල් පැත්තේ.පස්සේ ගෙවල් මාරු කරලා ගියා.මට මතකයි පවුලේ පිරිමි ළමයි දැම්මා  කිව්වේ ඔයාගේ ඉස්කෝලෙට.මට ඔයාගේ ඉස්කෝලේ නම ඇහුව මතක් වුනා නිකමට"මම ගණන් ගන්නේ නැතුව වගේ කිව්වා.
මට  මතක නෑ බං.දැන් ඉස්කෝලෙන් out වෙලත් කොච්චර කල් ?"මලින්ද කිව්වේ මගේ අන්තිම බලාපොරොත්තුවත් දිය කර හරිමින්.
ඒත් හවස් වෙද්දී මලින්ද ආයෙත් මාව හොයන් ආවා" උඹ කිව්ව කොල්ලට හොඳට sing කරන්න පුළුවන් ?"
අපේ ලේන් එකේ  දක්ෂ ගායකයා ඔහු බව මට මතක් වුනත්"....ඔව් මම හිතන්නේ"
"එහෙනම් හරි බං,පවනා... maths මම bio කළේ.හැබැයි අපි දෙන්න එකට school orchestra හිටියේ. නම් මම වගේ පිස්සු කෙලියේ නෑ engineering select උනා "
"අඩේ උඹට සින්දු කියන්නත් පුළුවන් බං.....අපි හිතුවේ ඒක විතරයි උඹට බැරි කියලා"අසල සිටි අය  මලින්ද විහිළු කරන්නට වූ නිසා මට තවත් විස්තර අහ ගන්න බැරි වුනා. Engineering faculty   මහා ගොඩක් නෑ නේ ලංකාවේ.දැන් හොයමු ඒක එහෙනම්.මම ඊලග අදියරට සම්ප්රාප්ත වුනා.
ඒත් සමග "උඹ ඔය කරන වැඩේ තේරුමක් තියනවා "මගේ හිත මගෙන් අසන්නට වුනා."කනිෂ්ක හොඳ හැන්ඩි කොල්ලෙක්. කාලෙත් මේ ලේන් එකේ හරි famous ඕන party එකක sing කරන්න. මදිවට engineer කෙනෙක්.එයාට කෙල්ලෙක් නැති වෙයි මේ වෙනකල්.සමහර විට මේ වෙද්දී මැරි කරලා ත් ඇති.උඹ හොයාගෙන ගිහින් අන්තිමට හම්බ වෙනවා.මොකක් කියල කියන්නේ.මගේ ඉස්සර යාළුවා හොයාගෙන ආවේ කියන්නද"මගේ ඔලුව යකාගේ කම්මලක් වගේ වුනා.
මම පහුවදා නිවාඩුවක් දාල ලොකු අක්කා මීට් වෙන්න එයාගේ ගෙදර ගියා.
"ඔයා හරි කියල මටත් හිතෙනවා නංගි "මගේ විස්තරය ඔක්කොම අහන් ඉඳලා එයා කිව්වා.කනිෂ්ක මැරි කරලා නොහිටියත් එයාලගේ පවුලෙන් අපිට කැමති නොවෙන්න තියෙන ඉඩ වැඩි.එයාලගේ තාත්තා ලොකු වලව්වක.බූදල් බෙදද්දී වුන පවුලේ ආරවුලක් නිසා surname එහෙම වෙනස් කරන් මෙහෙ ඇවිත් හිටියේ.ඒවා settle වෙලා සමාදාන වෙලා තමයි එයාල ආයෙත් ගියේ.අක්ක එලි කලේ එතෙක් මම නොදැන හිටි රහසක්.
අමාරුවෙන් වුනත් මම හිත හදා ගත්තා.අනිත් හැමෝම කැමති වුන මනමාලයෙක් මගේ කැමැත්ත ත් දුන්නා. අමන්ත.කියන්න තරම් අමුතු හොඳකුත් නෑ නරකකුත් නෑ.සුදු කළු කියල මිනිස්සු දෙජාතියක් නෑ ඔක්කොම ඉන්නේ අළුපාට.මට මද්දු අක්කා කියන කතාවක් මතක් වුනා.
වෙඩින් එක දවස ආවා.උඩරට මනමාලියෙක් විදියට මාව මේ තරම් ලස්සනට ඉඳි කියල මමවත් හිතුවේ නෑ. මනමාලයාගේ  ගේ කට්ටිය hotel එකට එන්න තව වෙලාව තියෙන නිසා අම්මලා අක්කලා එක්ක තිය තිය photographer එක එක angles  වලින් ෆොටෝ ගන්නවා.එක පාරම ෆෝන් එක දිහා බලපු මද්දු අක්කා එලියට දිව්වා. මොකක් හරි  කරන්න අන්තිම මොහොත වෙනකල් ඉන්න එයා හරි දක්ෂයි .
"Surprise....!!"මද්දු අක්කගේ කෑ ගැහිල්ලට අපි ඔක්කොම හැරිලා බැලුවා.
"අනේ අනෝජා ආන්ටි...ඔයාට කොහෙන්ද මද්දු මීට් වුනේ"
"අහම්බෙන්.කෝච්චියේදී.චූටි  ගේ වෙඩින් එක තියෙනවා කිව්වා invitation  නැතත් එනවා මයි කිව්වා.මම සද්ද නැතුව හිටියේ ඔයාල surprise  කරන්න."
අනෝජා ආන්ටි මාව බදා ගත්තා."චූටි හරි ලස්සන මනමාලියක් වෙලා. ඔයා නම් හරිම ලකී සරෝජා"
"අනේ make up  නේ ආන්ටි"මගේ හිත අස්සෙන් ගැහෙන ගමන් වුනත් මම හිනා වෙලා කිව්වා.
"අපේ ලොකුටත් තාම හොයනවා අනේ"
"ලොකූ කිව්වේ?"
"අපේ පුතාට සරෝජා.ඔයාට නෑ නෙ මේ වගේ තව කෙල්ලක්,මට ඉල්ලා ගන්න "අනෝජා ආන්ටි කියන්නේ මාව අල්ල ගත්ත ගමන් මයි.ලොකු අක්කා ගල් ගැහිලා වගේ මගේ දිහා බැලුවා.මම බිම බලා ගත්තා.ඇස් දෙකේ make up තට්ටුව උඩින් පැන්න  කඳුලක් ඔසරිය උඩට වැටුනා.

Comments

Post a Comment