වචනයක බලේ

උදෑසන දේශනයක් පැවැත්වීමට ඇතත් නැතත් නිසංකා උදෑසන ෆැකල්ටියට එයි. විශ්ව විද්යාල පරිශ්රය කාර්යබහුල වන්නට පෙර පෙරදිග අහස වර්ණ ගන්වමින් ඉර පායා එන හැටි බලන්නටත් හා නැගෙන කුරුළු කූජනයත් අසා සිටීමටත්ය.
"අවුරුදු ගානක් රට ඉඳල ආවම මිස් ලංකාවෙ දේවල් ඔක්කොම ලස්සනට පේනවා නේද?"
උදෑසන රාජකාරි අරඹන ශාන්ති අසයි.
"එහෙමමත් නෙවේ.....ඉර පායනවා දකිද්දි මට ඉස්සර කතාවක් මතක් වෙනවා.....
මම ඉස්කෝලෙ ගියෙ සෙන්ට්රල් එකකට. ඉස්කෝලෙ හිටිය ඇට්ටර ලමයා මම වෙන්න ඇති.කොල්ලොවත් නොකරන තරම් දඟ වැඩ මම කලා.දඬුවම් විඳලා ඇති ඔළුවෙ කෙස් ගානට.ඒත් මම නෙවේ වෙනස් වුණේ.ඉගෙනීමට උනන්දුවක් තිබුණෙ නෑ. අන්තිමට ඉස්කෝලෙ ගිය දවසෙ අපි සිංදු කිව්වා.නැටුවා. ඇඬුවා. ඔක්කොම ඉවර වෙලා ටීචර්ස්ලා වඳින්න ස්ටාෆ් රූම් එකට ගියා. හැමෝම අපිට ආශිර්වාද කලේ විභාගෙ හොඳට ලියන්න. කැම්පස් යන්න.වැඳලා එලියට යද්දි මට ඇහුණා ටීචර් කෙනෙක් කියනවා "නිසංකා විභාගෙ පාස් වුණොත් නම් ඉර බස්නාහිරෙන් පායයි."
වෙලාවෙ තමයි මට මොලේ පෑදුනේ. විභාගයක් ලියන්න තියෙන බවත් එතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලත් හිතුනෙ. ඒත් වෙද්දි පාඩම් කරන්න කාලයක් නෑ. ඔහේ පළවෙනි පාර ලියලා ඉවර වුණ ගමන් නුගේගොඩින් ක්ලාස් හොයා ගෙන බෝඩින් වුණා.හොඳට මහන්සි වෙලා පාඩම් කලා. දෙවෙනි පාර කැම්පස් ආවා.එතනත් මහන්සියෙන් වැඩ කරල ශිෂ්යත්වයක් අර ගත්තා...."
"රට ගිහින් ඉගෙන ගෙන කැම්පස් එකේ ස්ටාෆ් ආවා."
ශාන්ති ඉතිරිය සම්පූර්ණ කලාය.
"ඔව් ටීචර් කවුරු වුණත් එහෙම කතාවක් නොකිව්වා නම් මම තවමත් හැදිල නෑ.ඉර පායද්දි හැමදාමත් මම ටීචර්ට පින් දෙනවා"
"වචනෙක බලය නේද?"
කතාවෙන් නිසංකා තමන්ගේ කාමරය අසලට ඇවිත් තිබුණාය.
ඇය ජනෙල් විවර කර තවත් අවට පරිසරය දෙස බලා සිටියාය.දොර අසල කවුරුන් හෝ සිටින බව හැඟුනෙන් ඇය හැරී බැලුවාය. ශිෂ්යාවන් යයි කිව හැකි තරුණියෝ දෙදෙනෙක් එකෙල මෙකෙල වෙමින් සිටිති.
"එක්ස්කියුස් මී මැඩම්."
"ඔව්....එන්න"
"මැඩම්...මේ...මේ පොඩි දෙයක් ඇහුවට කමක් නැද්ද?"
"ඕකේ.අහන්න"
"මේ මේ මැඩම් ඉස්සර බොරලැස්ගමුවෙ බෝඩ් වෙලා හිටිය ?" නොසිතූ විරූ ප්රශ්නයෙන්
නිසංකා අන්දුන් කුන්දුන් වූවාය.
"ඔව්......ඇයි?"
"පෙරේරා ඇන්ටිගෙ ගෙදර නේද?"
නිසංකා තවත් පුදුම වූවාය.
"ඔයා..... කවුද?"
"මම හිටියෙ ඉස්සරහ ගෙදර.මැඩම්  මතක නැතුව ඇති.කොච්චර කල් ?මැඩම් නිසයි මම අද මෙතන ඉන්නෙ.ඒකට පින් දෙන්නයි මම ආවෙ"
නිසංකාට කිසිවක් පැහැදිලි නැත.කුමක් කියන්නටදැයි වත් නොතේරේ.
"ඔයා මේ ෆැකල්ටියෙ නෙවේ නේද?"
ඇය යමක් කිව යුතු නිසා කීවාය.
"නෑ මැඩම් මම මෙඩිකල් ෆැකල්ටියෙ.මැඩම් යනවා එනවා දවස් කීපයක් දැක්කා.අද තමයි එන්න විවේකයක් ලැබුණෙ.මැඩම්  ගොඩක් පින් මගේ ජීවිතේ මෙතනට ගෙනාවට"
ඇය දණ ගසා වැන්දාය.සිහිනයෙන් මෙන් ඇගේ හිස අත ගෑවත් නිසංකාට කිසිවක් මතක නැත.හැරී යන යුවතියගේ කනට පහලින් තිබූ උපන් ලපයක් දුටු නිසංකාට දුර ඈත අපැහැදිලි මතකයක් සිහි විය.
 නිසංකා දෙවන වර උසස්පෙල කරන්නට බෝඩින් වූ කාලයේය.ඇයත් එහි සිටි අනෙක් බොහෝ දෙනාත් කෑම ගත්තේ අසල ගෙදරකිනි.කෑම ගෙන ආවේ අවුරුදු7  8 පමණ දැරියකි. දැරිය නිවැසියන්ගේ කවුරුදැයි නිසංකාට ප්රශ්නයක් මතු විය.ඇයට සලකන්නේ මෙහෙකාරියක් මෙනි.කෑම ගෙන ඒමට අමතර  ඇය නිවසේ නොයෙක් වැඩ කරන හැටි  කඩයට පොලට යන එන හැටි  නිසංකා ඕනෑ තරම් දැක ඇත.ගෙදර අයගෙන් බැණුම් අසන ගුටි කන අයුරු  විටෙක ඇසේ. එහෙත් මෙවන් ජනාකීර්ණ තැනක ළමා මෙහකාරියක් සිටිය නොහැක.පවුලේ කෙනෙක්ට එසේ අමානුෂික  සලකන්නටත් නොහැක.මෙය හිතට වද දෙන ප්රශ්නයක් වෙද්දී නිසංකා කාලයක් බෝඩිමේ ජීවත් වූ වත්සලාගෙන් විස්තර ඇසුවාය.
"අර ළමයා  ගෙදර කෙනෙක් නෙවේ  අක්කේ?"
" ගෙදර දුවෙක් එයා"
"මොනවා....එතකොට උදේ   අයියා එක්ක බයික් එකේ ඉස්කෝලෙ යන්නෙ?"
නිසංකාට එය ඇදහිය නොහැකිය.
"ඔව් උදේ  කිරි සුදට ඇඳලා බයික් එකේ ටවුමෙ ඉස්කෝලෙකට යන්නෙ ලොකු දුව.ඊට ගොඩක් පරක්කු වෙලා ගෙදර වැඩත් කරල නූල් ගිය කහ වුණ ගවුමක් ඇඳන් අක්කා අයින් කෙරුව බෑග් සපත්තු දාගෙන ගේ ගාව ඉස්කෝලෙට පයින්යන්නෙ පොඩි දුව"
නිසංකා පුදුමයෙන් බැලුවාය.
"අනේ  මොකද?"
" ළමයා ඉපදිලා ගෙදර ගෙනාව දවසෙම  කොහෙද එයාගෙ තාත්තා රෑ පාටියකට ගිහින් එද්දි බයික් එක හැපිලා ඔත්පල වෙලා හිටියලු මාස ගානක්.මේ ළමයගෙ අවාසනාව කියල  අය කියන්නෙ"
" මොන මෝඩ කතාවක් ? කෙල්ල පලි  ඒකට."
"අපි කොහොමද ඕවාට අත දාන්නෙ.පව් අහිංසකී"
වත්සලා අක්කා එසේ කීවාට නිසංකා  එය අත් හැර දැමිය නොහැක.දෙමව්පියන්ගේ මෝඩ අදහස් නිසා දුක් විඳින දැරිය වෙනුවෙන් හඬ නගන්නට ඇගේ කැරලිකාර මොළය කෑ ගසයි.
 හවස් වනතුරු පන්ති පැවති දිනෙක බසයෙන් බැස ගත් නිසංකා  බස් නැවතුමේ සිටි දැරියත් ඇගේ මවත් මුණ ගැසුණි.දෙදෙනාගේ  අතේ හිස් ලොකු මලු දෙකකි. වෙලාවට ඔවුන් පොළට  යන බව ප්රසිද්ධ රහසකි.
"එයා පොළ ඉවර වෙද්දි ගිහින් නිකං ගේන කුණු එළවළු  තෙලුයි මිරිසුයි දාල  දුන්නම අපි කනවා සල්ලි දිදී"
බෝඩිම් කෙල්ලෝ කියති.
" අක්කේ.."  නිසංකා  මග හැර යා නොහැකි විය.
පැත්තට හැරී සිට ඇය සමග අහිංසක  හිනැහුණු දැරිය දුටු නිසංකාට නුවණක් පහල විය.
"මේ කන ලඟ ලපේ ඉපදෙද්දිත් තිබුණ එකක්  අක්කේ?"ඇය දැරියගේ මුහුණ බලාගෙන ඇසුවාය.
කාන්තාව  දෙස බැලූ බැල්ම ඇය එවැන්නක් දකින්නේ පළමු වතාවට වැනි විය.
"   ඔව් නංගි"
"එහෙනම් අක්කලා  හරි වාසනාවන්ත දුවෙක් ඉන්නෙ"
"වාසනාවන්ත?"
ඇය අවඥාවෙන් නිසංකා දෙස බැලුවාය.
"ඔව් අපේ අම්මගෙ ලොකු  අක්කගෙත් මෙතන  මේ වගේ ලපයක් තියෙනවා.පොඩි කාලෙ එයා  දැක්ක වෙද මහත්තයෙක්  කොහෙද කිව්වාලු දවසක මේ ලමයා මුළු පවුලට  වාසනාව ගේනවා කියල.දැන්  ලොකු අම්මා තමයි  පැත්තෙ ලොකු  පෝසතා.පිටරටත් දේපල තියෙනවා"
නිසංකා කියාගෙන ගියාය.
කාන්තාව පුදුමයෙන් මෙන් දුවගේ උපන් ලපය අල්ලා බැලුවාය.
"මං යන්නම් අක්කේ..."
ඇය පෙරලා ප්රශ්න කලොත් කියන්නට තරම් බොරුව සංවර්ධනය කර ගන්නට බැරි වූ නිසා නිසංකා වහ වහා ඔවුන් පසු කර ඉදිරියට ගියාය.
එදායින් පසු  දැරිය බෝඩිම් වලට කෑම ගෙන ගියේ නෑ නේදැයි නිසංකා  සිහි වන්නේ දැන්ය.
ඇයට ආචාර්ය උපාධිය ගත් දවසේ වත් නොදැනුන සතුටක් දැනුනේය.
වචනයක බලේ...ඇය තමන්ටම කියා ගත්තාය.


Comments