දානය


දානයට තවත් මාසයක් තිබුණත් සීලවතී හාමිනේ සියළු කටයුතු මේ වෙද්දීත් සූදානම් කර අවසන්ය. මාස හයකට පෙර සැමියාගේ දානය වෙනුවෙන් ගෙවල් තීන්ත ගෑ නිසා එය අළුතින් කිරීම අවශ් නැත. දානය අවසන් වූ මෙහොතේ සිට ඇය මේ දානය වෙනුවෙන් ලෑස්ති වූවාය.
ඇගේ සැමියා මිය ගොස් මේ ගෙවෙන්නේ පහලොස් වන වසර .නාරද,සාරද දෙපුතුන් රැකියාවන් නිසා දුර බැහැර පදිංචිව සිටිති.හත් දෙනෙකුගෙන් යුත් සහෝදර සහෝදරියන්ගෙන් ජීවතුන් අතර සිටින එක නැගණිය  නවසීලන්තයේ වෙසෙන පුතා සමග පදිංචියට ගිය නිසා සාගරයක් වන් මහ ගෙදර ඇය තනියෙනි.නමුත් තනිය නැති වන්නට ඇය කාර්යයක් පටන් ගත්තාය.දින වකවානු ගැන ඉතා හොඳ කල්පනාවක් ඇති ඇය තම පවුලේ මිය ගිය සියලු දෙනාගේ සංවත්සර වෙනුවෙන් සාංඝික දාන දීමට පටන් ගත්තාය.ඇයට සඳහා අවශ් ධන බලය මෙන් පිරිවර බලයෙන් අඩුවක් නැත. තමන්ගේ මෙන්ම සැමියාගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් නෑනලා මස්සිනාලා ඔවුන්ගේ කුඩා කාලයේ හෝ තරුණ කාලයේ මිය ගිය දරුවන් ගැන පවා ඇයට හොඳ මතකයක් තිබුණු නිසා මාසයකට  දෙවරක්වත් අනිවාර්යෙන් ඇගේ නිවසින් දානයක් පන්සලට යැවෙයි.
"මද්දු මහත්තයගෙ පුතාල එහෙමත් අද දානෙ දෙනවා ඇති නේද හාමිනේ?"
දවස් ගණන් වෙහෙස වෙමින් සෑම දානයක්ම සූදානම් කරන බිසෝ විටෙක තමන්ට කියන්නට ඕනෑ දේ වෙනත් ලෙසකින් අසයි.
"ඔය රටවල් වල පන්සලක්වත් නැහැල්ලු හොයා ගන්න......... වුණාට දුප්පත් මිනිස්සුන්ට එහෙම කෑම බීම දෙනවා ලු..... ඇය නෑයන්ට අපහාස වීමටද ඉඩ නොදෙයි..... එයාලට තාත්තා වෙන්න කලින් නෙව මට අයියා වුණේ"
අම්මාගේ මේ විනෝදාංශය පුතුන් දෙදෙනාට විටෙක ප්රශ්න ඇති කරයි.
"පොඩි පුතේ දෙසැම්බර් මුල සතියෙ චූටි මාමාගෙ දානෙ.ඔයා එන්න ඕන.මතකනෙ ඔයාට බෝඩිම් හොයන්න චූටි මාමා දවස් ගණන් නිවාඩු දාගෙන ආව හැටි"ඇය කියන්නේ බෑ කියන්නට බැරි වෙන්නය. අවුරුද්ද අගදී ඊටත් බදාදාවක නිවාඩු ඉල්ලද්දී ලොක්කාගේ මූණ ගැන අම්මා දන්නේ නැත.
"ලොකු පුතේ ලබන දහ වෙනිදාට ලොකු නැන්දා නැති වෙලා අවුරුදු 8ක්.ඔයාල ඔක්කොම එන්න ඕන" එදාට පොඩි එකාගේ කොන්සට් එක බව අම්මාට කියා පලක් නැත.
"පොඩි කාලෙ ඉඳන් ලමයිට මේ දේවල් කියල දෙන්න ඕන.නැත්නම් උඹලටත් දවසක මහමග තමයි." ඇයගේ පිළිතුර එවැන්නකි.
අවසානයේ ඔවුන් දෙදෙනා පන්සලේ හාමුදුරුවන්ගේත් අනුමැතියෙන් විසඳුමක් සොයා ගත්හ. තාත්තාගේ සුපුරුදු දානය අයුරින් පවත්වා අනෙක් සියළු නෑයන් වෙනුවෙන් එක මහා දානයක් පිරිනැමීමටය.
මේ තීරණයට සීලවතී හාමිනේ නම්මවා ගැනීම ඉතා අපහසු වුවත් ලොකු හාමුදුරුවන්ගේ කරුණු දැක්වීම හමුවේ ඇය නිහඬ වූවාය.

ඇය නැවත ලැයිස්තුව බැලුවාය.
"බිසෝ කැවිලි ටිකක් වැඩිපුර හදන්න ඕන. ලොකු පුතාගෙ දෝණි පැණි වලලු කන්න  හරිම ආසයි. දෙගොල්ලට ගෙනියන්නත් එක්ක හදන්න ඕන.ටවුමෙ ඕවා කඩෙන් ගත්තොත් මිස ගෙදර හැදිලි නෑනෙ."
"හොඳයි හාමිනේ."
"තනියම අමාරු නම් කුමාරි කෙල්ලටත් කියමු.අච්චාරුත් කලින් හදන්න එපැයි. මුදලාලිට ආයෙ මතක් කරන්න ඕන පළතුරු ටික.වත්තෙ ඇම්බුන් කැන බිං කරන්න අද හවස සිරිපාල එනවා කිව්වා නේද?"ඇය ගඟුලැල්ලක් මෙන් අසයි.
බිසෝ පිළිතුරක් දෙන්නට කලින් පාර පැත්තෙන් කාල ගෝට්ටියක් ඇසුනේය. සීලවතී හාමිනේ ඉස්තෝප්පුවට පැමිණ එබිකම් කළාය. තරම් ඉවසුමක් නැති බිසෝ පාරට දිව්වාය.මොහොතකින් ඇය ආපසු ආවේ බාගෙට අඬාගෙන .
"අනේ හාමිනේ...රත්නදාස ගහකින් වැටිලා....ඉස්පිරිතාලෙ අරන් යනවා....."
"අපොයි අමාරුද හුඟක්?"
" වගේ තමා පේන්නෙ.සිහියක් පතක් නෑ"
"ඊයෙ මොර සූරන වැස්සකුත් එක්ක මොකට ගස් නැග්ග මන්දා..... කියාගෙන ඇය ගෙතුළට හැරුනාය."දැන් කාට කියල දානෙට තැඹිලි කඩව ගන්නෙ?"
ඇය තමන්ටම කියා ගත්තාය.
ආරංචියේ හැටියට රත්නදාසට සෑහෙන්න අමාරුය.ගොඩ ආවත් නැවත නැගී සිටිය හැකි විශ්වාස නැත.
"සාරද හා කතා කිරීමේ දී තමන්ට ගැන ඇති ප්රශ්නය සීලවතී හාමිනේට කියවුණේය.
"අම්මා කලබල වෙන්න එපා....අපේ ඔෆිස් එකේ යාළුවෙක්ගෙ ගෙදර  හොඳ තැඹිලි ගස් වගයක් තියෙනවා.මම කඩවලා අරන් එන්නම්"
එහෙත් ඇගේ ප්රශ්න ඉවරයක් නැත.නාරදගේ පුතා පළමු වසරට තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණය ඇත්තේ දානයට පෙර දින .
"මේක ඉවර වෙද්දි හවස් වෙයි අම්මෙ.ඔච්චර දුර එන්න බෑ රෑ වෙලා.අපි පහුවදා උදේ එන්නම්.අර පිරිකර ඔක්කොම ත් අරන්"
මාසයකට කිට්ටු කාලයක් රෝහලේ සිටි රත්නදාස අවසන් හුස්ම හෙලුවේය.ගමේ සෑම කෙනෙක්ට උදව් කළ කෙනෙක් වූ නිසා ත් ඔහුගේ බිරිඳටත් දරු දෙදෙනාටත් කිසි පිලිසරණක් නොවූ නිසා ත් මළ ගෙදර සියළු වැඩ කෙරුණේ ගමේ අය අතිනි.
"ඒක යැ බිසෝ....මළ ගෙදර ගොස් පැමිණි සීලවතී හාමිනේ තරමක් කල්පනා කරමින් සිට බිසෝ ඇමතුවාය.
"රත්නදාස හත් දවසෙ දානෙ එන්නෙ අපේ දානෙ දවසට නෙ"
"අනේ හාමිනේ ගෑණි දැන් මොන දාන දීමක් ?මළ ගෙදර වැඩ කළෙත් ගමේ මිනිස්සු.වැඩි වුනොත් එක මාළුවක් එක්ක පන්සලට බත් පිඟානක් යවයි.උන්ට වත් ජීවත් වෙන්න විදියක් නෑනෙ දැන්"
බිසෝ කීවාට ඇගේ හිතට හරි නැත.මේ දානයට ලෑස්ති වන්නේ මාස ගාණක සිටය.සෑම දෙයක් සුපිරි ලෙස සූදානම් කර ඇත.ඊටත් හතර පේරුවේ සියලුම නෑදෑයන් වෙනුවෙන් දෙන දානයයි.
*****************************************************
 පාන්දරින්  පිටත් වෙන්නට උත්සාහ කළත් දරු දෙදෙනා ලෑස්ති කරගෙන එලියට බසිද්දීත් බිමට එලිය වැටිලාය.
අද නම් අම්මාගෙන් හොඳට ආඩපාලි අහ ගන්න වෙන්නෙ.අපි හින්දා මේ දවසට දානෙ දා ගත්තෙත්.නාරද වාහනය එලවන අතර තමන්ටම කියා ගත්තේය.
මල්ලිගෙන් වත් සද්දයක් නැත්තෙ ඔරොප්පුවෙන් ඇත්තෙ.....උඹත් බැඳල බලපං මල්ලී....
නිවසට හැරෙන හන්දියටම ආවත් කිසිම හැලහොල්මනක් නැත.ගේ අසලට ආවත් සියල්ල පෙර පරිදිය.දානෙ ඉවරද දන්නෙත් නෑ.ඔහු ඔරලෝසුව දෙස බැලුවේය.වෙනදා ගේට්ටුවේ සිට පටන් ගන්නා සැරසිලි හේවිස් නාද කිසිත් නැත.ගේට්ටුව වසා දමා .ඔහුගේ සිතට බයක් ගලා ආවේය.
ගේට්ටුව ළඟ වාහනයක් දුටු අසල ගෙදරක චරුණ දුව ආවේය.
"මල්ලි මේ..... අම්මලා කෙහෙද?" නාරද වෙව්ලන හඬින් ඇසුවේය.
"ගෙදරට කවුරු හරි ආවොත් නැන්දා කිව්වා එක්ක එන්න.යමුකො අයියෙ"
වරුණ නග්ගවා ගත් වාහනය ඔහුගේ උපදෙස් අනුව ගම මැදින් ඇදුනේය. 
වාහනය නතර වූයේ ගම කෙළවරක බාගෙට හැදූ ගෙයක් අසලය.ගෙතුළින් ගාථා හඬක් ඇසේ.ඔහු  ගෙතුලට එබිකම් කලේය. ගේ මැද පැදුරක ඉඳගත් කාන්තාවක් හා දරු දෙදෙනෙක් කෙන්ඩියකින් පැන් වඩයි.දාන කලමනා සියල්ල පසෙක සූදානම් කර ඇත.ගේ පිරෙන තරමට හාමුදුරුවන් වැඩ සිටිති. සියල්ලට පසෙකින් සීලවතී හාමිනේ දොහොත් මුදුන් තබා දිදුලන නෙතින් බලා සිටින්නීය.
නාරද නිහඬ  ගෙතුලට ඇතුල් වී මල්ලී අසලින් වාඩි වුනේය.
"මම දානෙ දන් දුන්නා පුතේ" දාන කටයුතු අවසන්  හාමුදුරුවන්  ආපසු වැඩමවා රත්නදාසගේ නිවසින් සමු ගෙන එද්දී සීලවතී හාමිනේ සතුටින් කීවාය.


Kiri pindu daanaya' | Dammike Wijesinghe | Flickr

Comments