නොකියූ කතාවක්


දෙවනවර උසස් පෙල ලියන්නට කොළඹින් පන්ති තෝරා ගත් යුවනි ආසන්නව බෝඩිමක් සොයා ගැනීමටද සිදු විය.යුවනිගේ අසල්වැසි යුවතියෝ  අධ්යාපනය හෝ රැකියාව නිසා කොළඹට සම්ප්රාප්ත වූවන්ය. ඔවුන්ගේ ඇහැරෙන නිදියන බෝඩිමට යන එන දින චරියා එකිනෙකාට වෙනස් විය. එහෙත් සියලු දෙනා එක් වන එක අවස්ථාවක් විය. සඳුදා රෑ 9 විකාශය වූ "නොකී රහස්" වැඩසටහන නැරඹීමටය.
රටේ ප්රසිද්ධ පුද්ගලයෙක් ගෙන්වා ඔහුගේ ළමා කාලයේ සිට කරන ලද දඟකාරකම්, ගෙදරට පාසලට බොරු කියමින් කළ චණ්ඩිකම් හෙලි කරන මේ වැඩසටහන කීප වරක්  ජනප්රිය වැඩසටහන ලෙස සම්මාන ලබා තිබුණත් යුවනිගේ සිතේ නම් ගැන එතරම් පැහැදීමක් තිබුණේ නැත.
මොකටද එක එක අයගෙ ඕපදූප හොයන්නෙ?.කාටවත් නොකිව්ව දේවල් ප්රසිද්ධියේ කියන්න මේ මිනිස්සුන්ටත් පිස්සු. ඇය එසේ සිතුවා මිස කටින් නොකීවාය.
යෙහෙළියන්ගේ වදෙන් පොරෙන් බේරෙන්නට ඇය ඔවුන් සමග රූපවාහිනිය අසලට ආවාය.
පූර්ව ප්රචාරක පට වලින් එදා එන්නේ වසර කීපයකට පෙර විශ්රාම ගත් පොලිසියේ ඉහල නිලධාරියෙක් බව ඔවුහු දැන සිටියහ.
"පොලිසියෙ වුනාට මෙයාටත් හොර තිබිල තියෙනවා එහෙනං"
"දැන් ඉන්න හැටි සිල් අරන් වගේ.ඩියුටි ඉන්න කාලෙ යකෙක් වගේ සැරයි"
යුවතියෝ විවිධ මත පල කරති.සුපුරුදු තේමා වාදනයත් සමග සියල්ලෝ නිහඬ වූහ.
නිවේදකයා වර්ණනා රාශියක් සමග ආරාධිතයා හඳුන්වා දුන්නේය.
පොඩි කාලයේ කල දඟකාරකම්,අයියා කල දඟ වැඩ වලට මල්ලී ඇල්ලූ හැටි,පාසලේ දී ගුරුවරුන්ට බොරු කියමින් ඇල්ලූ අඩව් කස්තිරම් පවසමින් ඔහු මහ හඬින් හිනැහුනේය.
"හැමෝගෙන් අහන ප්රශ්නෙ මම ඔබතුමාගෙනුත් අහන්නද?"වයසට ගියත් වියැකී නොගිය මහා පෞරුෂත්වයක් ඉදිරියේ පසුබා ගිය නිවේදකයා චකිතයෙන් මෙන් ඇසුවේය.
"ඔබතුමා ත් ආදරය ගැන නොකී කතාවක් තියෙනවද?"
මෙතෙක් සිනාසුන මුහුණ බැරූරුම් බවක් ගත්තේය.
"ඔව් ඒක කවදාවත් නොකී කතාවක්.......
කාලෙ මම ඉස්කෝලෙ ප්රධාන ශිෂ් නායකයා.ඉස්කෝලෙ ප්රසිද්ධ චරිතයක් නිසා ගොඩක් ගෑණු ලමයිගෙන් ආකර්ෂණේකුත් තිබුණා.ඒත් මගේ හිත ගියේ කණිෂ්ට ශිෂ් නායිකාවකට.අපි දෙන්නා ඉස්කෝලෙ නොයෙක් වැඩ වලදි නිතර එකට මුණ ගැහුනා.ඒත් මගෙ හිතේ තිබුණ දේ කියා ගන්න විදියක් තිබුණෙ නෑ. කාලෙ පාසල් ප්රේමයක් කියන්නෙ බරපතල වරදක්.අපි දෙන්නා දරපු තනතුරුත් එක්ක වගේ දෙයක් පටන් ගන්න එකේ ලොකු අවධානමක්. එයා සාමාන් පෙල ලියන අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ මම උසස් පෙල ලියන්නෙ. කියන්නෙ එයා ආයෙ ඉස්කෝලෙ එද්දි මම අවුට් වෙලා. නිසා මම හිතා ගත්තා විභාගෙට ඇඩ්මිෂන් දෙන දවසට කොහොම හරි කියන්න. ආයෙ හිතුනා මේ වෙලාවෙ එහෙම දෙයකින් එයාගෙ මානසික තත්වය අවුල් නොකර ඉන්න. ඇඩ්මිෂන් දෙන දවසෙ ඉස්කෝලෙ පිරිතක් කියෙවුවා. ඒත් මුළු හෝල් එක සිසාරා බැලුවත් එයා හිටියෙ නෑ.විභාගෙ ලියන ලමයි ගෙ පිරිත් නූල් ගැට ගැහුවට පස්සෙ අපිත් පස්සෙන් ගියා.මගේ අතේ නූල ගැට ගහද්දි කිසි හේතුවක් නැතුව තවත් නූලක් ඉල්ල ගත්තා.
එයා ඇඩ්මිෂන් ගන්න ආවෙ පහුවදා.මම අහම්බෙන් වගේ පැත්තට ගියා."අම්මට අසනීප වුණා අයියෙ"අහන්නත් කලින්  කිව්වා.
ඉබේ මගෙ සාක්කුවෙ තිබුණ පිරිත්නූල එයාගෙ අතේ ගැට ගැහුවා..... වෙලාවෙ ඇස් දෙක මට අමතක වෙන්නෙ නෑ.ඒත් වෙලාවෙ වත් මට කට ඇර ගන්න හයියක් තිබුනෙ නෑ............ කටින් කියන්න බැරි දේ මගෙ ඇස් වල තියෙන්න ඇති.එයා ඒක කියෙව්ව බව මම දන්නවා........
ඔහු මහා හුස්මක් හෙලුවේය..... මම එයා දැක්ක අන්තිම දවස"
නිවේදකයා විස්මයෙන් බැලුවේය
." කියන්නෙ සර්?"
"විභාගෙ අන්තිම දවසෙ මම ඉස්කෝලෙ යන්න හිටියට මොකක් හරි ලොකු හේතුවකින් යන්න වුනේ නෑ.විභාගෙ ලියලා අම්මගෙ අසනීපෙ නිසා එයාල ගමට ගිහිල්ලා. කාලෙ ෆෝන් ෆේස්බුක් එහෙම නෑ. කොහෙද ගම කියල කවුරුත් හරියට දැනගෙන හිටියෙ නෑ. මමත් විභාගෙ ඉවර වුණ ගමන් පොලිසියට බැඳුනා....
"ඉතින්  ඔබතුමා රටේ ඕනෑම ප්රදේශයක සම්බන්ධතා තියෙන කෙනෙක්.ඇයි මේ ගෑණු ළමයා හොයා නොගත්තෙ?"
ඔහුගේ  මුහුණේ සිහින් සිනාවක් ඇඳුනේය.
"එයා මේ වෙද්දි හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා ඇති. මොකටද මගේ හිතේ තිබුණ අප්රකාශිත ආදරයක් නිසා මම එයා ගෙ ජීවිතේ අවුල් කරන්නෙ."ඔහු කීවේ බොහෝ දෙනෙක්ට හිතන්නට කාරණයකි.
"ඒත් ඔබතුමාට එයා අමතක වෙලා නෑ නේද?"නිවේදකයා තැලෙන යකඩය උඩ පැන පැන තලමින් වැඩසටහනේ රේටින් නග්ගවන්නට උත්සාහ කරයි.
"පැය විසි හතරෙ මතක් වෙනවා කිව්වොත් බොරු.ඒත් මතක් නොවෙන දවසක් නෑ කියන්න පුළුවන්."
"එදා කියා ගන්න පුළුවන් වුණා නම්....නේද?"
"ඔව්....එහෙනම් හුඟක් දේ වෙනස් වෙන්න තිබුණා.හෙට අනිද්දට මටත් හැත්තෑවක්.මේ ආත්මෙදි නම් ආයෙ එයා මට මුණ ගැහෙන එකක් නෑ.ඒත්.....ලබන ආත්මයකදි වත් මුණ ගැහුනොත්.......මම මේ වගේ පරක්කු වෙන්නෙ නෑ." රළු පරළු හිතක් තුළ සිර වී තිබූ වේදනාව මහා සුසුමක් ලෙස මුදා හැරුණේය. සුසුම රූපවාහිනී තිරය පසු කර වටා හිඳ සිටි කෙල්ලන් රොත්තකගේ හිත් පතුලට රිංගා ගත්තේය.
"අනේ පව් නේද?"
"මාර හොඳ කෙනෙක්.අඩු ගානෙ ගර්ල් ගෙ නම වත් කිව්වෙ නෑනෙ."
"
රාජකාරියට යකා වගේ වුණාට හරි සෙන්සිටිව් කෙනෙක්"
"ඕක තමා කියන්නෙ පිටින් බලල මිනිස්සු මනින්න හොඳ නෑ."
රෑ නින්දට යන තුරු යුවනි ගේ අසල්වැසියෝ ඔහු චරිත සහතික දුන්හ.
මාස දෙකකට කලින් මිය ගිය පුංචි ආච්චි කිසිදා බෙල්ලෙන් නොගැලවූ මාලයේ ලොකට්ටුවේ තිබුනේත් දුර්වර්ණ මුළුමනින් දිරා ගිය පිරිත් නූලක් නේදැයි නින්ද යාගෙන එද්දී යුවනි සිහි විය.

Comments

  1. හරිම ලස්සන කතාවක්. ලස්සන බ්ලොග් එකක්. Following.

    ReplyDelete

Post a Comment