එදා සඳ මයි



අන්තර් ජාතික සම්මේලනය ඇරඹීමට ආසන්නය. ක්ෂේත්රයේ විවිධ තරාතිරම් වල
බොහෝ පිරිසක් කඩිනමින් එහා මෙහා යති. අතර වසර කීපයකින් මුණ ගැසුණ
මිතුරෝද වෙති.
"උඹ පරණ තැන තාම වැඩ.අද කොයි හෝල් එකේ presentation?"
"මාර කේස් බං.ප්රොෆෙසර් ඉද්දවෙල චෙයාපර්සන් ඉන්නෙ.අන්නවයි කොණක ඉඳන්"ඔහු
මුහුණ බෙරි කර කියයි.
"අපෝ බෑඩ් ලක්.උඹේ රිසර්ච් එක ගැන උඹට වඩා හොඳට මෑන් කියල දෙයි.”
---------------------------------------------------------------------------------------------------------------------------
දවස් ගණන් පාඩම් කළ කතාව චතුර ලෙස ඉදිරිපත් කරමින් නිවේදකයා කතා කිරීමෙන්
  කටට හුරු වූ වචන හරඹයෙන් මහාචාර්යවරයා සමුළුවේ එක් පියවරක් ඇරඹූහ.
පළමු ඉදිරිපත් කිරීම තිරය මත දිග හැරෙද්දී මහාචාර්යතුමා ශාලාව පුරා දෑස් යැව්වේය.
ඕනෑවටත් වඩා අඩු කර ඇති වායු සමීකරණ පරිසරය තුළත් ආධුනිකයෝ ටයි ගැට
එහා මෙහා කරති.සාරි පොටින් පවන් ගසති. කට පාඩම් කළ කතාව තමන්ටම මුමුණති.
තම සිසුන් හිර වන ප්රශ්න වල දී උත්තර දෙන්නට සැරසී ඔවුන්ගේ ආචාර්ය
මහාචාර්ය වරු පිටුපස අසුන් අරා සිටිති. ඔහුගේ දෑස් එක තැනක නතර විය.
ඔහු  නැවත ඇසිපිය සලා බැලුවේය.ඔව් ඇයමයි!!
ඔහුගේ හිත අතීතය වෙත මහා වේගයෙන් දුව ගියේය.
"නංගි ලෙවල් වෙනකල් පන්ති යැව්වෙම නෑ.ගෙදරට ගෙනත් ටියුෂන් කළේ. ලෙවල් වල
 තරඟෙ දැන ගන්න ඕන නිසයි ගෘප් ක්ලාස් වත් දාන්නෙ."
"බය වෙන්න එපා.ඔය දෙන්නත් මෙහෙනෙ ආවෙ.වරදක් වුණා ?"
පන්තිය පටන් ගන්නට මොහොතකට පෙර අලුත් ළමයෙක් බාර දෙන්නට ඇවිත් ඇති
සැටියකි.පසුපස පේළිය නියෝජනය කරමින් රජ කයියකට සෙට් වී සිටි තුසිත නිකමට
හැරී බැලුවේය.ඔහුට කරන්ට් වැදුනේය.             
   "දෙවියන් මැව්වේ මට ඔයා....."
නම් බරපතල හැඟීමකි.මෙතෙක් අවසන් කළ දවස් කීපයක සිට වසර එකහමාරක්
 දක්වා විවිධ ආයුෂ මට්ටම් දැරූ ප්රේම වෘතාන්ත එකකටවත් වඩා මේ දුටු සැණින් ඇති
 වුණ හැඟීම හිතා ගත නොහැක.සර් පිටුපසින් බිම බලාගෙන ඇය ඉඳ ගන්නේ කා
ළඟින්දැයි ඔහු බෙල්ල උස්සා බලා සිටියේය.
හපොයි වැඩක් නැත.පන්තියේ වහල ඔළුවට කඩා වැටුණත් කටක් නාරින බාලිකා
කෙල්ලන් දෙදෙනෙක් ඇය ඉත සිතින් පිළි ගත්හ.ඉතින් නම් පන්තියේ දී වචනයක් දා ගත
නොහැක.ඔහු පුල පුලා බලා සිටියේ පන්තිය ඇරෙන තුරු .ඇය නගින බස් එක හොයා
ගත්තා නම් හොඳට ඇතිය.පන්තිය ඇරුණ සැණින් ඔහු එළියට පැන්නේය.අහෝ දුකකි.
බිම කූඹි ගණන් කරමින් ගිය කෙල්ල දොරකඩ නවතා තිබූ රතු පැහැ මෝටර් රථයට
 නැගුණාය.
හය මාසයක් පන්ති ගියත් කිසි ඵළක් නැත.සනිති සමග එක  වචනයක් කියා ගන්නට
 හැකියාවක් ලැබුනේ නැත. තුසිත තමන් ගැන ලැජ්ජාය. වෙන කෙල්ලක් වුණා නම්
 යහළුවන් ගේ උදව්වෙන් විහිළු කර වෙන කරන්නට දෙයක් නැති වන තුරු මඩවා ගොඩ
 දා ගැනීම නතිංය.එහෙත් මොන හේතුවකට හෝ ඇයට කිසි විහිළුවක් කරන්නට පුංචි
හෝ සිත් රිදවීමක් කරන්නට තබා කොල්ලන්ට දැන ගන්නට දෙන්නට වත් ඕනෑ නැත.
එයත් පුදුම හැඟීමකි. දණිස්සට කොණ්ඩෙ දිග සප්නා වත් ඇවිදින බෝනික්කිය කසුනි වත්
 සුදු සුදු මනීෂාවත් එක වචනයකින් ගොඩ දා ගත හැකි නමුත් මේ තරම් වටින්නේ නැත. ගොඩ යන පාරක් පෙනෙන්නේත් නැත.
ශිෂ් නායකයෙක් වූ තුසිත ප්රධාන ගේට්ටුවේ ඩියුටි වැටුණි.ප්රමාද වන්නන්, කොණ්ඩා
 රැවුල් වවා එන්නන් අල්ලන්නට යක් මූණ දමා ගෙන ඉඳිද්දී හොඳට හුරු රතු පාට රථය
 කන්ද අද්දයි.තුසිත උන් හිටි තැන් අමතක විය.එයින් බැස ගත්තේ.....නෑ ඇය නොවේ.
තුසිත ගේ ලෙවල් ගජයා රවිනි . ඇස් දෙකත් කටත් එක ගාණට ඇරගෙන ගේට්ටුව
ගාව කොල්ලන් සියල්ල බලා සිටියදී රවිනි රියදුරු අසුනේ සිටි වයසක පිරිමියාට සිනා සී
අත වනා පඩිපෙළ නැග්ගාය.
විවේකයක් ලැබුණ වහා තුසිත ඇය සොයා කලා අංශයට ගියේය.
"විසි තුන් වෙනියා.හා....වරෙන් මචං"ඇය බෙරිහන් දුන්නාය.
"කෑ ගහන්න එපා ගොනියෙ.........උඹ කොහොම සනිතිලගෙ ගෙදර අය දන්නෙ?"
"අපි දෙන්නා එක දහම් පාසල් ගියේ....."
"උඹ...දහම් පාසලුත් ගියා ?" තුසිත සරදමින් ඇසුවේය.
"ඇයි මොකද?මම දහම් පාසල් අවසානෙත් පාස්.හරි මල්ලි...අපි දෙන්නා ලෙවල් පාඩම්
 කළෙත් එකට ගෙදර.පරක්කු වෙලා මම ගාට ගාට එනවා දැකලා අන්කල් වාහනේ
නැවැත්තුවා.මම පින් දිදී ආවා.නැත්නම් උදේ පාන්දර පිට්ටනියෙ තණකොළ ගලවපන්කො
අර ඇටිකිචි කොල්ලොත් එක්ක."
"උඹ මොනවද බං සනිති ගැන දන්නෙ?"තුසිත බැරෑරුම් ලෙස ඇසුවේය.
"හහ්.මම මොනවද නොදන්නෙ අහපං.ඇයි මොකද උඹට හිත ගියා මචෝ?"
රවිනි කියාගෙන යයි.තුසිත හෙමින් ඔළුව වැනුවේය.
රවිනි කියන්නට ගිය දේ නවතා කට ඇරගෙන ඔහු දෙස බැලුවාය.
"මේහ්...විහිළු නේද?"
තුසිත හිස දෙපසට වැණුවේය.
"ෆුල් සීරියස් බං.මට සපෝට් කරපන් කෝ"
"උඹේ කේන්දරේ බලා ගනිං මාරකයක් වත් sයල. මම සිරාවට උඹට හිතවත් නිසා
කියන්නෙ.ඕක ගැන හිතල වැඩක් නෑ නෑ නෑ"
දන්න තරම් දේ කීවත් තුසිතගේ සිත වෙනස් නොවේ.රවිනි හිස අත් බැඳ ගත්තාය.
"උඹට ඕක ඕන නම්........ ගෙදර පළවෙනි දේ ඉගෙනීම.උඹ සුපිරි රිසල්ට් එකක් අරන්
එක පාරින් කැම්පස් පලයං.කෙල්ලත් උඹේ කැම්පස් එකට ආවොත් වැඩේ ගොඩ.
නැතත් උඹට එතකොට ඔළුව කෙලින් තියන් ගෙදරින් අහන්න වුණත් පුළුවන්"
"මාර දුර පාරක් නෙ උඹ කියන්නෙ?"තුසිත ඇසුවේ කරදරකාරී සිතින්.
"දුර වුණාට මේක ෂුවර් පාරක්.මතක තියා ගනිං නැඩ අයියලා තුන් දෙනෙක් මැද්දෙ
 හැදෙන මැණික "
වෙනතෙක් ඔහේ ගලාගෙන ගිය ජීවිතේ  විභාගේ අරමුණු කරගෙන තුසිත දුවන්නට
 පටන් ගත්තේය.සිතුවාටත් වඩා හොඳ ප්රතිඵලයක් ලැබුවේය.නමුත් තමන්ගේ
ප්රතිඵලයට වඩා ඔහු සොයන්නට උනන්දු වුණේ සනිති ගේ ප්රතිඵල ගැන .
"කැම්පස් නම් තේරෙයි බං.හැබැයි දුර එකකට.මම කියලා කියලා ගෙදර අයවත් උනන්දු
 කරලා දෙවෙනි සැරේ කරන්න කිව්වා ඔහාට යන්න.ඊට පස්සෙ ටික උඹට බාරයි ඔන්න"
රවිනි කීවාය.
"මම කල් බලද්දි වෙන එකෙක් කඩා පාත් වෙයි බං.එක්කො මම දැන් වත් වචනෙ දාන්නද?"
"පොඩ්ඩක් ඉවසපන් මේ  හිටියා වගේ.නිකං චාටර් නොවී.ඉගෙන ගන්න කාලෙ ලව්
තහනම් ඕකිට ගෙදරින්.ජුනියර් බැච් ආව තවත් ලේසි උඹට"
තුසිත තවත් ඉවසුවේය.රවිනි නිතර අප්ඩේට්ස් සැපයුවේය.
"මේ පාර නම් කෙල්ල විභාගෙ ගොඩ .හැබැයි සනිති ගෙ ලොකු අයියා දැන් පදිංචි නුවර
 කිට්ටුව නිසා පේරා ඉල්ලයි දන්නෙ නෑ"
තුසිත ගේ හදවත කඩා වැටුණේය.
"අනේ තෙලක් බෙදලා මෙහාට ගනිං බං.ඔහේ ගියොත් නම් වෙන එකෙක් අත පැන්
වක්කරලා දෙයි ගෙදර උන්"
මෙවර රවිනි ගේ තෙල සනිති නවත්වන්නට ප්රමාණවත් නැති විය.රවිනිගේ අප්ඩේට්ස්
වලටත් තිත තැබුනේ ඇයට විදෙස් ගත වන්නට වීමෙනි.
තුසිත නැවතත් වල්මත් වූයේය.එහේ මෙහේ ඔහේ පාවි පාවී පේරාදෙණියට හැඳුනුම්කමක්
 හදා ගන්නට විදියක් කල්පනා කරද්දී රූමා වූ අකිල තුසිත තමන්ගේ තනියට පිට්ටනියට
 රැගෙන ගියේය. අකිල ෆුට්බෝල් ගසද්දී තුසිත කලක් නවතා තිබූ ක්රිකට් ක්රීඩාවට
නැවත අත ගැසුවේය.
"මල්ලි මේ අළුත් සෙට් එකෙන් හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක් බලපං.ඉන්ට යුනි මීට් එක
එනවා."විශ්ව විද්යාල කණ්ඩායමේ කැප්ටන් කියාගෙන ආවේය.
"අහ් හරි හරි මේ පාර මීට් එක පේරෙ නේද?"
දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙයි.තුසිත එදායින් පසු 24 පැය ක්රිකට් ප්රැක්ටිස් .
"යකෝ මේක ඉන්ට යුනි මීට් එක.වර්ල්ඩ් කප් නෙවේ. තෝ ඇනගං ඇකඩමික්. මේ පාර
බැරි නම් ලබන පාර යමං"
යහළුවන්ගේ උපදෙස් කනට වැටෙන්නේ වත් නැත.ලබන පාර වැඩක් නැත.මේ උත්සාහය
 පේරාදෙණියට පාලමක් හදා ගන්නටය.
අප්රතිහත ධෛර්යයේ ප්රතිඵලයෙන් තුසිත විශ්ව විද්යාල කණ්ඩායමට සුදුසුකම්
ලැබුවේය.පේරාදෙණිත් ගියේය.හොඳම දක්ෂතාත් දැක්වූවේය.බලාපොරොත්තු වූ ලෙසින්
 ගජයන් කීප දෙනෙක් හොයා ගත්තේය.දැන් ඇත්තේ කෙල්ල සොයා වචනය දැමීමය.
දෛවය නම් පුදුමාකාරය.පේරාදෙණි කණ්ඩායම සමග වූ අවසන් තරඟය නැරඹීමට
අතුරු සිදුරු නැති ජන ගඟ මැද සනිති ගේ අත වෙනත් අතක පැටලී තිබුණේය. තුසිත
 පිට්ටනියකට පා තැබූ අවසන් දවසය.වසර ගණනක ඒක පාර්ශ්වික ප්රේමය දෑස් හමුවේ
 බිඳ වැටෙද්දී දුක දිය කරන්නට ඔහු සොයා ගත්තේ අමුතු මගකි.මෙතෙක් අත් හැර
දමා තිබූ අධ්යාපනය තුළ කිමිදුනේය. සියළු බාහිර ක්රියාකාරකම් වලින් ඈත් වුණේය.
පුස්තකාලය නිවස කර ගත්තේය. නොම්බර එකේ ඇකයෙක් බවට පත් වුණේය.
----------------------------------------------------------------------------------------------
මහාචාර්යතුමාගේ අසාමාන් නිහඬ බව ශාලාවේ බොහෝ දෙනෙක්ට ගැටළුවකි.
වෙනදා මේ වෙද්දී ඔහු අසන ප්රශ්න වලින් සිසුන් සලිත වී හමාරය.දරා ගැනීමට නොහැකි
 තැන එහා පැත්තෙන් යන්තම් ෆයිල් කොණක් අතේ වැදුනේය.
තුසිත ඉද්දවෙල වර්තමානයට ආවේ මොහොතේය.තම විස්තරය අවසන් කළ තුන් වන
 සිසුවා ඔහුගේ තීරණය අපේක්ෂාවෙන් බලා සිටියි.
"Ok young man you have done a nice work.let's move to the next presenter"
ඔහු හුරු පුරුදු වාක්යයකින් තත්වය සමහන් කර ගත්තේය.වැඩසටහන අවසන් වන තුරු
 ඔහුට ඉස්පාසුවක් නැත.එහෙත් කීර්තිමත් මහාචාර්යවරයා සමග වචනයක් කතා
කරන්නට තමන්ව ඔහුගේ මතකයේ රඳවා ගන්නට පොර කන විද්යාර්ථීන් අතර නැවතත්
 ඇය මග හැරී තිබිණ.
"එයාගෙ ස්ටුඩන්ට් කෙනෙකුත් පේපර් එකක් පබ්ලිෂ් කළානෙ. නිසා අද ඩිනර් එකට එයි"
තුසිත තමන්ගේ සිත ගැන පුදුම සිතුණි. මේ මොහොත දක්වා ඔහු තීරණය කර
 සිටියේ සමකාලීනයන් ගේ කයිවාරුත් කණිෂ්ඨයන්ගේ ප්රශස්තිත් වලින් කන් දෙක වාන්
 දමන්නට ගන්නා සාදයට නොගොස් හොඳ නින්දක් දාන්නටය.
සනිති සාදයට එනු ඇත්තේ සැමියා සමග විය හැකි යයි තුසිත සිතුණේ ශාලාව ඇතුළටත්
  පසු . දැන් ආපසු හැරිය නොහැක.සාදයේ සංවිධාන කටයුතු බාර සිසුවෙක් දැනටමත්
 හිනා කටක් පුරවාගෙන ඔහු හමුවට එයි.
"එන්න සර්"
ඔහු ඉතා ගෞරවයෙන් තුසිත  තවත් ආචාර්යවරයෙක් වෙත මෙහෙයෙව්වේය.
 ඔහුගේ කතා බහට ඉඳ හිට හූමිටි දුන්නත් තුසිත ගේ ඇස් රැඳී ඇත්තේ දොර වෙත .
"හල්ලෝ මැඩම්,කොහොමද ඉතින්."
තමන් ඉදිරියේ සිටි මිතුරා මහ හඬ නගාගෙන අසුනින් නැගිට්ටෙන් තුසිත හැරී බැලුවේය.
සනිති කට කොණකින් සිනා සී ඔවුන් පිටුපස සිටියි.
"මෙන්න අඳුන ගන්න.ප්රොෆෙසර් මිසිස් දනන්සූරිය." මිතුරා ඔවුන් දෙදෙනා හඳුන්වා
දෙන්නට ඉදිරිපත් වූයේය.
"මිස් දනන්සූරිය ඩොක්ට තාරක"
සනිති "මිස්‍" යන්න බර කර රවා බැලුවාය.
"අහ් Very sorry madam
ආචාර්ය උපාධි කීයක් තිබුණත් පාලනය කර ගන්නට බැරි  වාචාලකමට මොහොතක පාඩමක් ඉගෙන ගත් තාරක පසු බැස්සේය.
"How do you do professor ඉද්දවෙල "
ඇය  ඔහුට අතට අත දුන්නාය.
"How do you do professor දනන්සූරිය"
"අයියෝ මට සනිති කියන්න.මුණ ගැහුනෙ නැති වුණාට අපි නාඳුනන අය නෙවේ නෙ"
ඇය හඬ නගා හිනැහුණාය.
"ඕකේ ඕකේ මටත් එහෙනම් තුසිත කියන්න"
"එක  ෆීල්ඩ් එකේ වෙලත් අපි මෙච්චර කල් මුණ නොගැහුණ එක හරි පුදුමයි නේද?"
"දෛවය සිද්ධ වෙන්නෙ අපිට ඕන විදියට නෙවේ.සමහර විට ළඟට  ඇවිල්ලත් හමු නොවෙන්න ඇති." ඔවුන් දෙදෙනා නොදැනුවත්ව  පිරිසෙන් වෙන්  සිටියහ.
"යුනි ස්පෝර්ට්ස් මීට් වගේ"
තුසිත පුදුමයෙන් බැලුවේය.ඇය එදා තමා දුටු බව වත් තුසිත දන්නේ නැත.
"තුසිත ගෙ වයිෆ් මොනවද කරන්නෙ?"
කට වැරදී කියවුණ දෙය වසන්නට සනිති ඇසුවාය.
"හ්ම්.....ජීවිතේ විවිධ කාල වල දි නොයෙක් දෙනා  ඉන්ටවීව් එකට මූණ දුන්නා. වුණාට පාස් වුණ 
කෙනෙක් නෑ"
"ඇයි ?"
"මන්දා.....මට හරි ගියෙ නෑතුසිත  ප්රශ්නය  දෑසේ රඳවාගෙන ඇය දෙස බැලුවේය.
"ම්.....මටත් එහෙම තමයි.රෝල් මොඩල් එකක් හිතේ තියන්  ලක්ෂණ වෙන අයගෙන් හොයල හරි යන්නෙ නෑ"
විනාඩි ගණනක් තුළ දෙවන වතාවටත් තුසිතට වචන අමතක වූයේය.ඇය  කීවේ ඇනුම් පදයක් දැයි ඔහු පරිස්සමින් බැලුවේය.එහෙත් ඇගේ මුහුණේ එවැන්නක් නැත.මොහොතක නිහැඬියාවක් ඇති වී දෙදෙනා  තම තමන්ගේ අතීතයන් මෙනෙහි කරද්දී තුසිතට තම හදවත වේගයෙන් ගැහෙන හඬ  ඇසුණේය.
"සනිති,මම දෙයක් අහන්න ?.......අවුරුදු ගානකට කලින් අහන්න තිබුණ දෙයක්.......
එක් වර  තුසිත  මේ ඉන්නේ උසස් පෙළ පන්තියේ කෙලි කොලු රෑන නොවන බව සිහි වුණේය.හිත මඳක් පසුබෑවත්.......අසුරු සැණින් එක මොහොතක දී කාලය නැවතී යලි ඇරඹී ඇත.
..........ඒක ඇහුවොත් මට ලැබෙන උත්තරේ සුබදායි වෙයි ?" කිසි  චකිතයකින් තොර  ජාත්යන්තර සමුළු පවා අමතන,විවිධ මති මතාන්තර වෙනුවෙන් විද්වත් රැස්වීම් දෙවනත් කරනඑක  වචනයකින් බොහෝ දෙනා නිරුත්තර කරන තමන් ගේ හඬ මේ මොහොතේ වෙව්ලන අයුරු ඔහුට  පුදුමයදරා ගැනීමට නොහැකි තරම් අසීරු විනාඩි දෙක තුනක් ගත විය.
ආවොත් සිහිනය සැබෑ වීමකි.ගියොත් වචනයක් නොවේ.මෙතෙක් උපයා සපයා ගත් මුළු චරිතය  
පරදු තබා ඇත.
"ඔව්"
සිහිනයෙන් මෙන් ඇසුණේය.ඔහුට කන් අදහා ගත නොහැකි විය උත්තරය පළමු ප්රශ්නයටද නැත්නම් ප්රශ්න දෙකට   අහන්නට කට ඇරියත් සනිති ගේ සිනාව එයට පිලිතුරු සපයා තිබුනි.



Comments