දැනගෙන යමු


අගනුවරට ආසන්න රජයේ ආයතනයක් ඉදිරියේ පිහිටි ආපන ශාලාවකි.එහි කොනේ මේසයකට හිඳ ගත් මැදිවියේ වූවෙක් කාටදෝ තනියෙන් බනිමින් තේ බොයි.
"කාලකණ්ණි,සූට් බූට් සාරි ඔසරි ගහගෙන ඇවිත් අපේ කාලෙ කනවා විතරයි. උන්ට නම් වැඩ කලත් නොකලත් මාසෙ අන්තිමට පඩිය හම්බ වෙනවා.අපිට එහෙම ?"
තරුණයෙක් තමන් මිල දී ගත් තේ කෝප්පය රැගෙන වාඩි වෙන්නට තැනක් සෙව්වේය.ඔහු තමන් සමග පෝලිමේ තමන්ට පිටුපස සිටියෙක් බවට මතක් වූ වැඩිහිටියා ඔහුට තම මේසයට අඬ ගැසුවේය.
"කොහොමද ළමයො ආපු වැඩේ?"
"මාමගෙ වැඩේ හරි ගියා ?"
තරුණයා පෙරලා ප්ශ්න කළේය.
"මොන....මේ යක්කු මාව කී දවසක් රස්තියාදු කළා ?"
"ඇයි මාමෙ මොකද වුණේ?"
"එක කන්තෝරුවකට ගියා.එහෙන් නෙවේ මේක කරන්නෙ කිව්වා.කරනවා කිව්ව අනිත් තැනට ගියා.එතෙනට එන්න කලින් ගමේ ඔෆිස් එකෙන් පුරව ගන්න ෆෝම් එකක් තියෙනවා කිව්වා. දවස් දෙකේ පාන්දර තුනේ බස් එකේ ආවෙ මං.මේ කොළඹ රටේ පාරවල් හොයන්න ලේසි නෑ නෙව.අර පාක් මේ ස්ට්රීට් කිව්වට අපි දන්නවද?හොරු හැම තැන . බස් හතරක ගිහින් තැන හොයා ගත්තෙ.ගිය සිකුරාදා ෆෝම් එක අරන් ආවා. ඔක්කොම ලොක්කො මීටින් එකකට ගිහින් අත්සන් කරන්න කෙනෙක් නෑ කියල බදාදා එන්න කිව්වා.අද ආව   කරල දෙන්න බැරි ලු.එක ලියුමක් නැහැලු.ඒක අරන් එන්නලු. මේ වගේ මූසලයෝ නිසා තමා මේ රට වල පල්ලට යන්නෙ.නිකම්මු රාජ් සේවෙට අරන්"
ඔහුගේ හිතේ කේන්තිය පුපුරා ගලාගෙන ගියේය.
"ඔය ළමයගෙ වැඩේට මොකද වුනේ.තව කී දවසක් එන්න කිව්වද?"
"මගෙ වැඩේ නම් හරි මාමෙ"
තරුණයා හෙමින් කීවේය.
"හරි ගියා.....කී දවසක් ආවද?"
 වැඩිහිටියා පුදුමයෙන් ඇසුවේය.
"අද තමයි මුලින් ආවෙ"
"එහෙනම් අඳුනන කෙනෙක් ඇති.අපේ නෑයෙකුත් හිටියා කලින්.දැන් වෙන තැනකට මාරු වෙලා."
"එහෙම දන්න කියන කවුරුත් නෑ මාමෙ"
"එහෙනම් පගාවක් දෙන්න ඇති.ඒවා නම් මහ සහ ගහන වැඩ.අපේ සල්ලි වලින් පඩි ගන්නවා මදිවට අතේ තියෙන තුට්ටු දෙකත් මුන්ට පූජා කරන්න"ඔහු දත් මිටි කයි.
"අපෝ පගා දෙන එක මාවත් හිරේ යන වැඩක්.මම ඒවා කරන්නෙ නෑ"
"එහෙනම් ලොක්කෙක් ලව්වා කෝල් කරවන්න ඇති.අපේ මන්ත්රීතුමා මාව හොඳට දන්නවා.හෙට යන්න ඕන පැත්තෙ"
"ඔය කිසි වැරදි විදියක් කලේ නෑ මාමෙ. මම කළේ හරි විදියට."
වැඩිහිටියා කුතුහලයෙන් බැලුවේය.
"මොකක්ද හරි විදිය?"
"මාමලගෙ ගෙදර ටීවී එකක් තියෙනවා නේද?"
"නැතුව.අලුත් එකක් තියෙනවා"
"ටෙලිෆෝන් එකකුත් තියෙනවා නේද?"
"අපොයි ඔව්.ගෙදර හැමෝටම තියෙනවා"
ඔහු ගර්වයෙන් කීවේය.
"ටීවී එකේ ලංකාවෙ රාජ් ආයතන වලට කතා කරන ටෙලිෆෝන් නොම්මර දානවා දැකල තියෙනවද?"
"ම්..මට නිච්චි නෑ...."
"නිව්ස් වෙලාවට එහෙම දානවා. නැතත් පොඩි ළමයිත් දන්නවා 1919 අංකෙන් රාජ් තොරතුරු කේන්ද්රයට කතා කරන්න."
"ඒකට කතා කළා මොකද වෙන්නෙ?"
"මට මේ වැඩේ කර ගන්න ඕන වුණාට කොහොමද කොහෙන්ද කරන්නෙ දැනගෙන හිටියෙ නෑ. 1919 කතා කළාම යන්න ඕන තැනයි කරන්න ඕන දේවලුයි කියල එතන ටෙලිෆෝන් නොම්බරේත් දුන්නා.මම මෙහාට කතා කරාම ඔක්කොම විස්තර, ගේන්න ඕන ලියකියවිලි, රජයෙන් නියම කරපු ගාස්තු, එන්න ඕන දවස්, වැඩේ කර ගන්න යන කාලෙ ඔක්කොම කිව්වා.මම වැඩිය කොළඹ දන්නෙ නැති නිසා මෙහෙට එන්න නගින්න ඕන බස් එකත් අහ ගත්තා.අද ඔක්කොම කිව්ව විදියට කරගෙන ආව නිසා වරුවෙන් ඔක්කොම හරි"
වැඩිහිටියාගේ කට වැසී ඇත.
"මේවයෙ මිනිස්සුත් වැඩ කරන්නෙ කියල තියෙන නීති රීති වලට වෙන්ඩැති.අපේ අමාරුකම් වලට අනුකම්පා කරල ඒවට පිටින් වැඩ කරල මිනිස්සු තමන්ගෙ රස්සාවල් නැති කර ගනීවියැ.අපි  කතා බහ කරල ඕන දේවල් ටික කරගෙන එනව නං හැමෝටම ලේසි.......... රෑ වුනොත් යාළුවෙක් ගෙ බෝඩිමක රෑ ඉන්නයි හිතන් ආවෙ.දැන් ඉතිං අද ගියෑකි.යාළුවාට කතා කරල එන්නෙ නෑ කියල මම එහෙනම් යන්නම් මාමෙ."
තරුණයා නැවතුමට බසයට නගින්නට පාරට බැස්සේය.


Comments