අලුත් ජිම් එකක්


"උදිතයා නම් සුපිරි පොට් එකක් සෙට් වෙලා තියෙන්නෙ බං"
" කිව්වෙ"
"ටොප් ජිම් එකක්.බලපංකො මේ මාස ගාණට කිලෝ දහයක් විතර අඩු කරගෙන සික්ස් පැක් වෙලා තියෙන හැටි"
"උඹේ හෙණ ගජයා නේද?ඇහුවෙ නැද්ද ප්ලේස් එක"
"අපෝ මහ කුහකයා.ලෝන් දෙකක් පඩියෙන් කැපෙද්දි ඕවට දෙන්න කොහෙ තියෙන සල්ලි කිව්වේ"
"එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕක තමා.හරි හරි අපි හොයා ගමු කො"
"ජිම් ගියාද නැත්නම් ඌට මොකක් හරි ලෙඩක් දන්නෙ නෑ ඔහොම කෙට්ටු වෙන්නෙ"
"නෑ නෑ කලින්ටත් වඩා හොඳ ෆිට් එකේ ඉන්නෙ"
මාස ගණනකට පෙර එක චූලෝදර මහෝදර කණ්ඩායමකට අයත් වූ කාර්යාල සගයන් පිරිසකගෙන් උදිත පමණක් නැවත සාමාන් තත්වයට ඒම අනෙක් පිරිස අතර නිතර කතාබහට ලක් විය.කොතරම් ඔත්තු බැලුවත් ඔහු යන ජිම් එකක් ගැන තොරතුරක් සොයා ගැනීමට කිසිවෙකුත් සමත් වූයේ නැත. උදිත පදිංචි සිටියේත් තරමක් නගරයෙන් ඈතට වන්නට නිසා පැත්තේ එවැන්නක් ඇතැයි කියා සිතිය නොහැක.
රාජකාරියක් වෙනුවෙන් උදිතටත් ධනංජයටත් කාර්යාලයෙන් තරමක් දුර ආයතනයකට යාමට සිදු විය. එය කාර්යාලයට දුර වුවත් උදිතගේ නිවසට තරමක ළඟපාතය.
"ගෙදර යන්න හදිසි නැත්නම් අපේ ගෙදරටත් ගිහින් යමු" පැමිණි කටයුත්ත අවසන් වූ පසු උදිත ධනංජයගේ මුහුණ බැලුවේය.
"උඹලා හැමදාම අහන ජිම් එකත් බලන්න පුළුවන්"
අදවත් ටිකක් කලින් ගෙදර යන බලාපොරොත්තුවෙන් සිටි ධනංජය අදහස සම්පූර්ණයෙන් අත් හැර දැමුවේය.ජිම් එක සොයා ගත හැකි නම් වෙනදාට වඩා පරක්කු වුණත් කමක් නැත.
යතුරු පැදියේ යතුර උදිතට දී ඔහු පිටිපසට නැගුනේය.යතුරු පැදිය පිටුපසින් වාඩි වී යන අතර ඔහු ඉතා හොඳින් පාර දෙපස නැරඹුවේ සුපිරි ස්ථානය දකින අදහසින් වුවත් සාර්ථක වූයේ නැත.
යතුරු පැදිය ගේට්ටුව අසල නවතා සාක්කුවෙන් ගත් යතුරකින් ගේට්ටුව ඇරගත් උදිත යතුරු පැදිය මිදුලට ගෙන නැවත ගොස් දොර ඇරියේය.
wife teaching නේද අද ගෙදර නැද්ද?"
ධනංජය ඇසුවේ වේලාව හවස 4ටත් ආසන්න වූ නිසාය.
"එයා එද්දි මටත් වඩා පරක්කුයි බං.බස් දෙකක ගිහින් තව සෑහෙන දුරක් පයින් යන්නත් ඕන. පාරෙ බස් යන්නෙත් අවාරෙට.ඉස්කෝලෙ ගොඩනැගිලි හිඟයි වරු දෙකට ළමයි උගන්නන්නෙ "
බොහෝ සැහැල්ලු රැකියාවකැයි සිතා උන්නාට ඒකත් ලේසි නැතැයි ධනංජයට සිතුණි.ඔහු වටපිට බැලුවේය.
"ෂහ් කාගෙද මචං මේ වගාව? Wife agri උගන්නන්නෙ?"
"ඕක පටන් ගත්තෙ මම.දැන් අපි ඔක්කොම සහයෝගෙන් වැඩ"
"උඹ වගා කරනවා?"
එය විශ්වාස කළ නොහැකි තරම් දෙයකි.
"ඔය පැත්ත ඔක්කොම කැලේ වෙලා තිබුණෙ. අපි දෙන්නත් ෆුල් බිසි. අත තියන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. ගිය අවුරුද්දෙ පුතාට උණ හැදිලා හොස්පිටල් හිටියා දවස් 3ක් නෝනත් එයා ළඟ.ඩෙංගු කියන බයත් තිබුණා.මම නිවාඩු දාලා ගෙදර හිටියෙ ඕන වෙලාවක හොස්පිටල් දුවන්න බලාගෙන. මටත් වැඩක් කරන්න බැරි තරම් අවුල්. ඩෙංගු මතක් වුණාම කැලේ එළි කරන්න හිතුනා. මගෙ stress එකත් නිසා ඔක්කොම සුද්ධ කළා. මටයි දුවටයි කන්නවත් විදියක් නැති නිසා අපේ ලොකු අම්මා මෙහෙ ආවා. මෙච්චර ඉඩමක් නිකං තියෙනවට එයා හොඳට දොස් කිව්වා.පුතාට හොඳ වෙලා ගෙදර ආව ලොකු අම්මගෙ උපදෙස් අරන් හොඳට බිම හදලා වවන්න පටන් ගත්තා ...... මේක තමයි උඹල මගෙන් හැමදාම අහන ජිම් එක"
ධනංජය පුදුමයෙන් බැලුවේය.
"මේ වත්ත කොටලා උඹ ඇඟ අඩු කර ගත්තෙ?"
"එක හේතුවක් ඕක.අනික අපේ කෑම බීමත් වෙනස් වුණා."
" කියන්නෙ?"
"මුල දි අපි මහ පාන්දර නැගිටලා ඉව්වා.ඒත් ළමයි දෙන්නා කන්නෙ නෑ එළවළු. නිසා පහු වෙද්දි උයන එක අත් ඇරුණා.උදේ දවල් වේල් දෙක පිටින්. දරුවො දෙන්නටත් මගින් මොනව හරි අරන් දෙනවා.නැත්නම් සල්ලි දෙනවා කැන්ටිමෙන් කන්න. wife එන්නෙ හොඳට මහන්සියෙන් නිසා අපි දෙන්නා මාරුවෙන් මාරුවට රෑට රයිස්, කොත්තු, පාන්,පීසා මොනව හරි ගෙනියනවා. දවස් 5ටම හරි යන්න සති අන්තෙ හොඳටම නිදාගෙන පරක්කු වෙලා ඇහැරෙනවා. ස්පෙෂල් මොනව හරි හදනවා තෙල්  මිරිස් ඔක්කොම දාලා.කාගෙ හරි ගෙදරක ගියත් කවුරු හරි ආවත් එහෙම මයි උයන්නෙ. ඩිනර්, ලන්ච් අවුට් ගියත් ඒවා කන්නෙ"
මේ බොහෝ දුරට තමන් ඇතුළු බොහෝ දෙනෙක් ගේ දින චරියාව බව ධනංජය සිහි කළේය.
"ඕක කොහොමද වෙනස් කළේ?"
ඔහු උනන්දුවෙන් ඇසුවේය.
"ගෙදර එළවළු,පළා වර්ග හැදෙද්දි එකක් එක්ක හරි ගෙදරින් කන්න ආස හිතුණා. කඩෙන් ගන්න එළවළු වගේ නෙවේ වසක් විසක් නෑ හරි fresh.හවස මං එද්දි නෝනායි ළමයි දෙන්නයි සුප් එකකට දේවල් වත්තෙන් එකතු කරලා.තව මොනව හරි ගැලපෙන පොඩි දෙයක් හැදුවම ඇති රෑට. මමත් වත්තෙ වැඩ තිබුනොත් කරල තව එළවළුවක් දෙකක් උදේට උයන්න කඩලා හෝදල කපල ලෑස්ති කරනවා.ළමයි දෙන්න ආඩම්බරෙන් ඉස්කෝලෙදි කනවලු මේ අපේ වත්තෙ එළවළු කිය කියා.සති අන්තෙ වෙනදා වගේ නැතුව අපි හැමෝම උදේ නැගිටලා වත්තෙ වැඩ කරනවා හරි ආසාවෙන්"උදිත සැනසිලිදායක සුසුමක් පිට කරමින් කීවේය.
" විතරක් නෙවේ මේකෙන් අපිට සෑහෙන ගානක් ඉතුරුයි පිටින් කාපු කෑම වලයි, පොඩ්ඩ බැරි වෙද්දි හැදුණ ලෙඩ වලට බේත් ගත්ත ඒවයි.ඇඟටත් මාර ෆිට්.ඉස්සර වගෙ ෂුගර්,කොලෙස්ටරෝල් කරදර නෑ"
"උඹ මාර ලකී"
" ලක් එක ඕන කෙනෙක්  හදා ගන්න බැරි නෑ." උදිත වේලෙන්නට දමා තිබූ එළවළු බීජ මිටක් ධනංජය අතට දෙමින් කීවේය.

Should You Avoid the Gym During the Coronavirus Outbreak? | Time

Comments