රොයිටර්


කාර්යාලයට වෙනදා වඩා ප්රමාද වී ඇති බව තේරුම් ගත්  නිශාදි කාර්යාල ගොඩනැගිල්ලට ඇතුල් වුනේ දුවන ගමනින්. වැහෙන්නට යන විදුලි සෝපානයට යන්තම්  රිංගා ගත් ඇය යා යුතු තට්ටුවේ අංකය සටහන් කර සැනසුම් සුසුමක් හෙළුවාය.
"Good morning”
පිටුපසින් හඬක් ඇසුනෙන් ඇය හැරී  බැලුවාය.ඇය හැරුන විට එහි සිටියේ තවත් කාන්තාවක් පමණි.
"Good morning "ඇය පෙරලා සුබ පැතුවාය.
"මම ඔයාව මීට කලින් දැකලා නෑ" කාන්තාව ආයෙත් ඇසුවාය.
"ඔව්,මම ලඟදි මෙහාට ආවේ"
"First appointment එකද?"
"නෑ කලින් head office හිටියේ"
"මෙහෙට මාරු වුනේ ඇයි?"
"මට ගෙදර ඉඳන් යන්න ලඟයි"
"කොහෙද ගෙවල්?"
"කොට්ටාවේ"
"Married ?”
"ඔව්"
"බබාල ඉන්නවද?"
"තාම නෑ”
“ගොඩක් කල් marry කරලා ?”
නෑ….ලඟදි marry කලේ"
"Husband මොනවද කරන්නේ ?"
"එයා...private firm එකක"
"ඔයාල..." ප්රශ්නය අහන්නට පෙර නිශාදි අදාළ අංකය  සටහන් වුනෙන් ඇය යන්නම් කියාගෙන එතනින් එලියට ආවේ ගිනි ගත් ගෙයකින් එලියට දුවන  තරම් වේගයෙනි.
තම මේසය අසලට ඇවිත් පුටුවට ඇද වැටි ඇය දිගු සුසුමක් හෙළුවාය.
"මොකද නිශා ?"එහා පැත්තේ සිටි දෙවුනි ඇසුවාය.
"ලිෆ්ට් එකේ දී ලේඩි කෙනෙක් මීට් වුනා.මේ එන ටික මගෙන් ෆුල් interview එකක් ගත්තා"
"කොන්ඩේ කපපු සුදු, මහත වයස 45 විතර  කෙනෙක් ?"
"ඔව්,ඔයා දන්නවද"
"එයාව නොදන්නා කෙනෙක් මේ මුළු බිල්ඩින් එකේ නෑ.....තව කවුද හිටියේ ලිෆ්ට් එකේ"
"කවුරුත් නෑ.අපි දෙන්නා විතරයි."
"එයා ලිෆ්ට් එකට යන්න ඉන්න දැක්කොත් කිසි කෙනෙක් මොන හදිසිය තිබුනත් එයා එක්ක යන්නේ නෑ ඕක නිසා"
"මොකද අනේ එයාට වෙලා තියෙන්නේ"
"එයාගේ මහත්තයා දාල ගිහිල්ල ලු.දුවයි,පුතයි ඉන්නේ. දුව ලඟදි හරියට ජොබ් එකක් වත් නැති කොල්ලෙක් හිතුවක්කාරකමට බැඳලා. පුතාත් ඉස්කෝලෙන් කට්ටි පැනලා ඔහේ නිකන් යාලුවෝ එක්ක රස්තියාදුවේ . එයාගේ ජිවිතේ අවුල් වෙලා නිසා එයා අනිත් අය ගේ ජිවිත හරියට තියෙනවා බලනවා... අනුකම්පා කල යුතු ජිවිත තමා ඉතින්" දෙවුනි නැවත තම පරිගණකය වෙත හැරුණාය.
"මේ...ඔයාට අපේ අකවුන්ට් සෙක්ෂන් එකේ ප්රියන්ත මීට් වෙලා තියෙනවා "ඇය ටික වේලාවකින් නිශාදි ගෙන් ඇසුවාය.
"නෑ ...ඇයි"
"අහ් ...එයා එක්ක කතා කලාම ඔයාට මේ ලේඩි කොච්චර හොඳයි හිතෙයි"
"වට් ....!!!"


Comments