උපන් දිනේ මගේ

What Is a Fiver Party? - Invite Wording for a Fiver Birthday Party
පොත වසා රතු පෑන මතට දැමූ කෝසලා පුටුව පිටිපසට බර වී දෑස පියා ගත්තාය.මගේ උපන්දිනය දා මාතෘකාවට ලියා  ඇති හැම රචනයක් අඩු වැඩි වශයෙන් එක සමානය.හැම දෙනා බෙන් ටෙන්,ස්පයිඩර් මෑන්  කේක් කපා ඇත.අම්මලා තාත්තලා ගේ ඔක්කොම යාලුවෝ නෑයෝ පැමිණ ඇත.මිල අධික වීඩියෝ ගේම්,අයි පෑඩ්,සෙල්ලම් බඩු තෑගි ලැබී ඇත.නැත්නම් දවස leisure world, children's park වැනි තැනක ගත කර ඇත.
"එක කතන්දර පොතක් අරන් දීල නෑ .නිකමට පන්සලකට එක්ක ගිහින් නෑ. වුනාට දෙමවුපියෝ කතා කලොත්...."ඇය උදාසීන බලන්නට ඇති පොත් ගොඩ දෙස බැලුවාය. ඒවායේ ත් මීට වඩා වෙනසක් නැත.ඇය ඕනෑවට එපාවට ඊළඟ පොත අතට ගත්තාය.වාක් 2-3ක් කියවාගෙන යාමේ දී වෙනසක් දැනුන නිසා පුටුවේ හොඳින් හරි බරි ගැසී වඩාත් ඕනෑකමින් කියවන්නට පටන් ගත්තාය.
මගේ උපන්දිනය දා
එදා මම වෙනදාටත් වඩා උදෙන් නැගිට්ටා.තාත්තා ගෙනාව අලුත් ඇඳුම ඇඳන් පහලට එද්දී ලලිතා අම්මා කිරිබත් උයලා මේසෙට තියල තිබුනා.අපි ඒවා කද්දී දර්ශන මාමා බස් එකත් අරන් ආවා.අපි ඒකෙ නැගලා සහන ළමා නිවාසෙට ගියා. එහෙ හිටිය ළමයි ඔක්කොම එයාල බලා ගන්න අයත් එක්ක බස් එකට නැග්ගා. අය ඇඳන් හිටියේ කලින් දවසක අම්මා මමත් එක්ක සාප්පු ගිහින් ගත්ත ඇඳුම්.මම තෝරලා දුන්න ඒවා එයාල ඇඳන් ඉන්නකොට මට හරි සතුටු හිතුනා.
අපි මුලින් ගියේ සත්තු වත්තට.පේලි හැදිලා සත්තු බල බල අපි හැම තැන ගියා. එයාල කලින් ඇවිල්ලා නෑ ලු. නිසා මම  එයාලටත් සත්තු ගැන කියල දුන්නා.තාත්තා අපි හැමෝටම අයිස්ක්රීම් අරන් දුන්නා.හවස් වෙද්දී අපි පාර්ක් එකට ආවා.මාමා කෙනෙක් බයික් එකකින් මම ආසා විදියේ බෙන් ටෙන් කේක් එකක් ගෙනත් දුන්නා. මාසේ උපන්දිනේ තියෙන අය්යෙකුයි නන්ගියෙකුයි එක්ක මම ඉටිපන්දම් නිවලා කේක් කැපුවා.අපි හැමෝම කේක් කාලා බීම බිව්වා.ඊට පස්සේ අපි සින්දු කිව්වා.ගොඩක් සෙල්ලම් කළා.කළුවර වැටීගෙන එද්දී අපි ආයේ බස් එකට නැගලා ළමා නිවාසෙට ඇවිත් එයාල බැස්සුවා.එයාලගේ ලොකු ටීචර් මට ලස්සන තෑගි පාර්සලයක් දුන්නා.ගෙදර ඇවිත් බලද්දී ඒකෙ තිබුනේ අය්යලා,අක්කලා නංගි ලා,මල්ලි ලා ලස්සනට පින්තුර ඇඳලා,පාට කරලා  මට හදපු  birthday cards.ඒවා තමයි මම දැකලා තියෙන ලස්සන ඒවා.
මේක  මට තිබුන ලස්සන හොඳ උපන්දිනේ.ලබන අවුරුද්දෙත් එහෙම කරමු කියලා මම අම්මාට කිව්වා.
කෝසලා මුළු පිටුව පිරෙන්න හරියක් දැම්මාය.ඇයට දැනුනේ ඉතිරි පොත් සියල්ල බලන්නට තරම් ජවයක් එකතු වුන බවකි.

Comments