මගේ ගමන මම යනවා පාඩුවේ


අවුරුදු 5ක් විදෙස් රටක part time රැකියාවක් කරන අතර වැඩි දුර ඉගෙනීමට නිලුපුලි ලැබුන අවස්ථාව අයගේ නෑදෑයන් හා අසල්වැසියන් අනුව නම් අවුරුදු 5 සිර දඬුවමකට වඩා අඩු නොවන්නකි.
"හපොයි,අවුරුදු 5ක් යද්දී කෙල්ල ගේ හොඳ කාලේ ගිහින්.කසාදයක් වත් කර ගන්නේ කොහොමද?"
"නොදන්නා රට වල ඔහොමත් යවනවා කෙල්ලෝ"
වැනි ප්රතිචාර හැමකෙනෙක් ගෙන් එල්ල වෙද්දී දෙමවුපියෝ පසු බෑවත් නිලුපුලි ගේ අක්කා ස්ථිර සිටියාය."එයාල කාට හරි ලැබුන නම් ඕක ඔහොම කියයි.අනේ මේ චුට්ටි මෙහෙම chance අත ඇරලා බෑ.ඔයා යන්න"
අවසරයෙන් විදෙස් ගත වූ නිලුපුලි ඉතා වේගයෙන් ගත වූ අවුරුදු 5කට පසු ගුවන් තොටුපලට ගොඩ බැස්සාය.අවුරුදු 5 ඇති වන්නට බඩු ගෙනියන්නට අරන් දුන් මහා විශාල බෑගය ඉතා අපහසුවෙන් ට්රොලියකට පටවා ගෙන ඇය අමාරුවෙන් එය තල්ලු කරගෙන පිට වීමේ දොරටුව වෙත ආවාය.බෑගය නිසා ඇයට ඉදිරිපස පැහැදිලි නොපෙනේ.එමෙන් එය සමබර පිහිට නැති නිසා ට්රොලිය යන්නේ හිතු මතේය.එක වර ට්රොලියේ ඉදිරිපස වෙනත් ට්රොලියක ගැටුනේය.
"රේස් පදිනවා airport එකේ"තරහ කටහඬකින් ඇසුනි.නිලුපුලි වහා දෙස බැලුවාය.ට්රොලියේ අයිතිකාර තරුණයා ඇය වෙත ආවේ "අල්මාරියක් පටවන් යද්දී පාර පේනවයි' කියමිනි.ඇගේ කන් දෙක රතු වුණේය."I'm very sorry"
තරුණයා ආයාසයකින් තොරව ඇයගේ බෑගය ට්රොලියේ සමබර සිටින ලෙස සැකසුවාය.ඔහු තවත් මොනවාදෝ පැවසුවත් ලජ්ජාවෙන් මිරිකෙමින් සිටි ඇය "thank you"කියාගෙන වේගයෙන් එලියට ආවාය.
"චුට්ටි,ලස්සන වෙලා.සුදු වෙලා"ඇය එනතුරු බලා හුන් අය ගේ ප්රතිචාර සියල්ල සුබ දායක .
"අර වෙඩින් එකට යන්න make up ඕන නෑ"
"අහ් ...කාගේද?"
"ලොකු අම්මගේ දුව ගේ...... බෑ කියන්නේ නම් නෑ ඔන්න.ඔයා රට ගිහින් එද්දී අවුරුදු 50කින් නාකි වෙයි කිව්ව කට්ටිය පේන්න යන්න ඕන"අක්ක ගේ ඒකාධිකාරී බලය ඉක්මවන්නෙක්  නැත.
---------------------------------------------------------------------
වෙඩින් එකට යන්නට සාරියක් අඳින්නට ඕනා යයි ගෙදර හැමෝම බල කල නිසා නිලුපුලි අක්කා සමග ටවුමේ ලොකු රෙදිපිළි හලක් වෙත ගියාය.
"මම පොඩි දෙන්නට සූට් 2ක් බලන කල් ඔයා උඩට යන්න.මම එන්නම් සාරි තෝරන්න"
නිලුපුලි වැටුනේ පුදුම අමාරුවකය.ඇය සාරි ගැන කිසිවක් නොදනී. දැන් ඇති විලාසිතා ගැන කිසිම අවබෝධයක් නැත.සේවිකාව පෙන්වූ පාට පාට දිලිසෙන අරුමෝසම් සාරි ගොඩක් මද අතරමන් ඇය අක්කා එනතුරු මග බැලුවාය.
"මිස්,රේසින් කාර් එකක් බලන්නේ"ඇය වහා පිටුපස හැරුණාය. එදා ගුවන්තොටු පලේ දී හමු වූ තරුණයා සිනාසිසී බලාගෙන සිටියි. සිදු වූ ලැජ්ජාව මතක් වූ ඇය ට අද නැගුනේ තරහකි."ඔව්"කියමින් ඇය ඉවත බලා ගත්තාය.
ඇත්තට කියන්නකෝ මිස්. වෙඩින් එකකට අඳින්න සාරියක් බැලුවේ"
මම මොකක් ගත්තම තොට මොකද වැනි බැල්මක් ඇය ඔහු දෙස හෙලුවත් ඔහු ඇඳ සිටින්නේ මේ ආයතනයේ අනෙක් සේවක සේවිකාවන් ගේ නිල ඇඳුම බව ඇය දුටුවාය. මේ වෙලාවේ හැටියට හතුරෙක් ගෙන් පවා උදව් ප්රතික්ෂේප නොවේ. "ඔව්" ඇය තරමක් හඬ බාල කර කීවාය.
"ඉන්න මිස්, තාම price කරලා ත්  නැති latest ටික ගේන්නම්"
"මේ වෙනකල් සේවිකාව පෙන්වුයේ ත් latest ඒවා නෙව් දැයි අසන්නට හිතුනත් ඇය නිහඬ සිටියාය.
ඔහුගේ උදව්වෙන් සාරියක් තෝරාගෙන පහල තට්ටුවට බහිද්දී අක්කා සේවිකාවක් සමග බර කතාවකය."අහ් ...ගත්ත එකක්...අපි යන්නම් නංගි එහෙනම්"
"හරි අක්කේ,නිලූ මම එන්නම් පැත්තේ දවසක"
නිලුපුලි කවුදැයි මතකයක් නැතත් ඇය නම් නිලුපුලි දන්නා හැඩය.
"කවුද අක්කේ " ඇය එලියට සැනින් ඇසුවාය.
" විනිතා නැන්දා ගේ දුව"
"විනිතා නැන්ද ඉන්නේ මගේ වයසේ දුවෙක් නේ"
"ඉතින් එයා තමයි."
"මොකක්"
" මගෙත් අක්ක වගේ නේද" අක්ක ඇසුවාය.
"අපේ අම්මගේ නංගි වගේ වයස පේනවා නේ. මම රට යන්න මාසෙකට වගේ කලින් නේද බැන්දේ එයා.මොකද මේ වෙලා තියෙන්නේ"
අක්කා සුසුමක් හෙළුවාය.
"20-22 පහු වුනාම හොඳ කොල්ලෙක් හොයා ගන්න බෑ කියන අයගේ opinion තමා. බැඳලා කොල්ලගේ මහ ගෙදර ගියා.එහෙන් රණ්ඩු වෙලා මාස ගානෙන් ගෙදර එද්දී ලොකු ළමයා බඩේ.husband විනිතා නන්දාගේ ගෙදර ඉඳන් වැඩට යන්න දුරයි කියල annex එකක් අරන් ගියා.දැන් තව නිවුන්නු දෙන්නෙකුත් ඉන්නවා.අර කොල්ලගේ පඩියෙන් ඔක්කොම කරන්න බෑ කියල මෙයා දැන් මෙහෙ වැඩ.
"අපරාදේ අක්කේ,කැම්පස් තේරුනේ නැති වුනාට ඔය ළමයා හරි දක්ෂයි.තව ටිකක ඉගැන්නුවා නම් වෙන හොඳ ජොබ් එකකට යන්නතිබුනා"
"එහෙනම් හොඳ කොල්ලෙක් බැඳ ගන්නත් තිබුනා"
අක්කගේ කටින් නොදැනුවත්ව පිට වූ දේ ගැන වැඩිදුර අහන්නට නිලුපුලි නොසිතුවාය.
"කෝ ගත්ත සාරිය?"
අක්කා ඇසුවේ ගෙදරට ත් ගොඩ වීය.
"ෂඃ ...බෑ බෑ කිව්වට මේ හොඳට තෝරලා තියෙන්නේ"
"මම දන්නේ නෑ .වැඩ කරන කොල්ලෙක් තෝරලා දුන්නේ"
" කොල්ලට හොඳ ඇහැක් තියෙනවා.නියමෙට matching”
"ඇහැක් නෙවේ හොඳ කටක් නම් තියෙනවා"නිලුපුලි සිද්දිය කීවාය.
"ඔය සාප්පු වල හොඳම salesman තෝරලා අවුරුද්ද අන්තිමට පිටරට ටුවර් එකක් දෙන කතාවක් තිබුණා.මේ කොල්ලා වෙන්න ඇති මෙහෙ බ්රාන්ච් එකෙන් තේරුනේ.හරි නෙ  ඉතින් ඔයාට ත් හොඳ සාරියක් තෝරලා තියෙන්නේ "
පිටරට සිටියදීම රැකියාවලට ඉල්ලුම් කල නිසා නිලුපුලි රැකියාවක් සොයාගැනීම එතරම් අපහසු නොවීය.දිනක් වැඩ ඇරී ගෙදරට ගොඩ වූ ඇයට තරම් ගුණ නැති සංවාදයක කොටස් ඇසුණේය'
"අපිට අල්ලන්න බැරි අත්තක් නේද".
 " පැත්තෙන් නේ ප්රෝපොසල් එක ආවේ, කපුවා කිව්වේ ඉගෙන ගත්ත හැදිච්ච ළමයෙක් විතරමයි හොයන්නේ කියල"
"මොනවද ඔයාල කතා වෙන්නේ"
නිලුපුලි එතනට කඩා පැන්නාය.
"නියම ප්රෝපොසල් එකක් ඇවිල්ලා ඔයාට"
"අනේ..මේ ලංකාවට ඇවිත් දවස් කීයද?.මාව දැන් ගෙදරින් එලවගන්නද කල්පනාව?"
"මේ හදිසියේ කවුද මෝඩයෝ කසාද බඳින්නේ. කැමති වෙලා ටික කලක් ආශ්රය කරලා එහෙම නේ කසාද ගැන බලන්නේ....මේ කොල්ලගේ නම් අකමති වෙන්න දෙයක් නෑ  චුට්ටි"
"මොනවා කරන කෙනෙක් ?"නිලුපුලි ඇසුවේ මේ තරම් වර්ණනා කරන කෙනා කවුදැයි දන ගැනීමටය.
"තාත්තගේ බිස්නස්...."
"අපෝ...මට නම් එපා බිස්නස් කාරයෝ"ඇය වහා තහංචි දැම්මාය.
"පනින්නේ නැතුව ඉන්න ළමයෝ.මේ කොල්ල හොඳට ඉගෙන ගත්ත කෙනෙක්.පවුලේ එකම පුතා.බිස්නස් බලන්න කෙනෙක් නැති නිසා රස්සාවකට නොයා ඒවා බලන් ඉන්නේ"
"මේ බලනවකො නියම හැන්ඩියෙක් නේ"
අක්කා බලෙන් ඇයගේ ඇස් ඉස්සරහට ෆොටෝ එකක් ඇල්ලුවාය.ඇදයක් කියන්නට බලාගෙන කට ඇරිය නිලුපුලි එහෙම අක්කා දෙස බැලුවාය."මේ අර සෙල්ස්මන් නේ"
"අහ් ...මෙයා ඔයාගේ රේසින් කාර් partner.ඒක තමයි එහෙනම් මේ"අක්කා සිනා සිසි  හිස වැනුවාය.
"ළමයෝ මේ තමා රන්සළු ගාමන්ට් ජාලයේ අධිපති තුමා"
--------------------------------------------------------------
සියල්ල මනඃකල්පිතය.




Comments