තිරෙන් පිටිපස්සේ


Theatre 100: This Online Course is a Showstopper


ජුවානිස්,සෙදෝරිස්,ගිරිගෝරිස්,සුවාරිස් ගිරි දිවයිනේ විශ්ව විද්යාල අධ්යාපනය ලබන අසුරලන්ත ජාතික තරුණයෝ සිවු දෙනෙකි.හැම මාසයක   අන්තිම සති අන්තයේ එක් කෙනෙක් ගේ නවාතැනට රැස් වී සාදයක් පැවැත්වීම ඔවුන්ගේ සිරිතය.මෙයින් ජුවානිස් පදිංචි සිටියේ ඉඩ කඩ ඇති ස්ථානයක නිසා මේ සාදය බොහෝ විට පැවැත්වුනේ එහි .
මේ එවන් දිනයකි.සාදය සියල්ල සූදානම් .සෙදෝරිස් පමණක් ප්රමාද .
"පාටි නෙවේ අරෙහෙ ලොකු වලියක්"සෙදෝරිස් කාමරයට ආවේ කලබලයෙන් එසේ කියා ගෙන .
"කොහෙද කැම්පස් එකේ "
"නෑ නෑ රාජ සභාවේ"
"ඉතින් අපට මොකෝ "ජුවානිස් ශීතකරණයේ තිබු බීම බෝතල් එලියට ගනිමින් කීවේය.
"මෙහෙ නෙවේ බන් අපේ රටේ"සෙදෝරිස් උද්යෝගයෙන් කියයි.
'එහෙනම් කොහොමත් අදාළ නෑ "සුවාරිස් අල පෙති අහුරක් කටේ දා ගනිමින් කීවේ ගණනකට වත් නැතුවය.
"ඔය tv එක දාල අපේ channel එකක් අල්ලපන්"සෙදෝරිස් කීවේ අසල සිටි ගිරිගෝරිස් .යාළුවගේ දේවල් තමන්ගේ මෙන් පරිහරණය කරන නිසා ඔහු කඩිනමින් අසුරලන්ත චැනල් එකක් ඔන් කළේය.
4 දෙනා වට වී විස්තර නරඹන්නට වූහ.
"බලපන් අර වැදගත් මනුස්සය ගේ බෙල්ලෙන් අල්ලාගෙන ඉන්න හැටි"ගිරිගෝරිස් කෑ ගැහුවේ තමන්ගේ බෙල්ලෙන් අල්ලන් ඉන්න ගානට .
"බෙල්ලෙන් අල්ලලා මදි හොඳ 2ක් දෙන්නයි තිබුනේ ඕකා කරලා තියෙන දේවල් වලට"සෙදෝරිස් දත් මිටි කෑවේය.
"ඇයි මොනවද කරලා තියෙන්නේ.ඕකේ ඉන්න අනිත් අය කරලා තියෙන වැරදි වලින් දහයෙන් එකක් කරලා නෑ අපේ ඇමති තුමා"ගිරිගෝරිස් පරදින්නට අකමැතිය.
"අපොයි ඔව්,ඔව් අපි නොදන්නා සිල්වන්තයා"
දෙදෙනා ගේ වාදය අතින් පයින් ගුටි ඇන ගැනීමක් දක්වා වර්ධනය වුනේ අනිත් දෙදෙනා හිතන්නටත් පෙර .යන්තම් ජුවානිස් හා සුවාරිස් පැන දෙදෙනා දෙපැත්තට ඇද ගනිද්දී ත් ගිරිගෝරිස් ගේ තොල පැලී ලේ එයි.සෙදෝරිස් ගේ නළල පැත්තක් නිල්  වී ගෙඩි ගැසී ඇත.
බලෙන් දෙදෙනා කාමරයෙන් එලියට ගෙනවුත් taxi 2 නංවා බෝඩිමට පිටත් කල ජුවානිස් හා සුවාරිස් නැවත කාමරයට ආවේ සාදයේ ඉතිරි ටික සඳහාය.
"මුන් දෙන්න තව පොඩ්ඩෙන් මෙතන රාජ සභාවක් කරනවා."ජුවානිස් කීවේ තවමත් ක්රියා කරමින් තිබු tv එක රිවයින් කරමිනි.
"අපේ තාත්තා උඹලගේ තාත්තාගේ බෙල්ලෙන් අල්ලගෙන නේද"ඔහු මහ හඬින්  සිනාවෙමින් ඇසුවේය.
"බලපන්කො අපේ තාත්තා ත් චන්ඩියා වගේ උඹලගේ තාත්තා ගහන්න හදන හැටි, වයසට නෙවේ වැඩ"සුවාරිස් ඊට ත් වඩා හය්යෙන් හිනා වුණේය.
"උඹේ තාත්තා නේ,උඹ වගේ නැතැයි"
දෙදෙනා මහ හඬින් සිනා සුනහ.
" මෙන්න කියද්දී call"ජුවානිස් ෆෝන් එක අතට ගත්තේය.
"Hello තාත්තේ,අපි මේ ඔහේ drama එක බලනවා,තුවාලයක් වත් නෑ නේද?"
" ඔව් බන් අපරාදේ.අලුතෙන් ආව පොඩි එකෙක් මාව අල්ල ගත්ත නේ.උඹ එහෙම මට ඒවා කරන්න එපා ආවම"
"පිස්සු තාත්තේ,මම දන්නවා සිස්ටම් එක "
"මම උඹට සල්ලි දැම්ම මේ මාසෙට.වැඩිපුරත් දාල ඇත්තේ,සුවාරිස් ටත් එක්ක. එයාගේ තාත්ත මේ දවස් වල පොඩ්ඩක් සල්ලි කරදරයි කිව්වා. උඹ තනියෙන් ඔක්කොම කාබාසිනියා නොකර ළමය ටත් දීපං"
"අහ් හරි තාත්තේ,මේ ළඟ ඉන්නවා දෙන්නද ෆෝන් එක"
"හා දීපන්කො"
ජුවානිස් සුවාරිස් ෆෝන් එක දුන්නේය.
"Hello කොහොමද අන්කල්"

Comments