බේත


දෙවෙනි වතාවටත් නින්දෙන් බෙල්ල කඩා වැටී ගැස්සී අවදි වූ නිසංකා පුටුවෙන් නැගිට හිරි ඇර වෙලාව බැලුවාය."දහයටත් කිට්ටුයි." ඇය තමන්ට තොල් මතුරා ගත්තාය.
නිසංකා ගේ සැමියා සන්දිත රට පුරා පැතිරුන ශාඛා ජාලයක් ඇති ආයතනයක එක් ශාඛාවක කළමනාකරුය.අළුතින් පත් වූ දිස්ත්රික් කළමනාකරු අද ඔවුන්ගේ ශාඛාවට ඒමට නියමිතය. මේ තරම් රෑ වන්නේ නිසා විය හැක.
නිසංකා සාලයට ගියාය. වන විට සන්දිතගේ වාහනය මිදුලට හැරෙව්වේය.
"මැනේජර් හුඟක් වෙලා හිටියද?"
නිසංකා මහා වෙහෙසකින් ගෙට ගොඩ වන සැමියාගෙන් ඇසුවාය.
"මේ වගේ ගෝතයො කොහොම මේවට එනවද මන්දා?" සන්දිත කලකිරීමෙන් කීවේය.
"කිව්ව වෙලාවට පැය එකහමාරක් පරක්කු වෙලා ඇවිල්ලත් එයාගෙ පම්පෝරිය කියවන්නෙ. එයා අරෙහෙ ඉන්නකොට මෙහෙම කළා ලු. අර ඇමති එයාට හොඳ කිව්වලු.මේ ඇමතිගෙන් ඕන වැඩක් කර ගන්න පුළුවන් ලු. අපි වැඩ කරල මදි ලු. ඇත්තට කරපු වැඩ නැත්නම් බොරු ගණන් දාලා අහනවා.රෑ වෙලා වැඩියි නැත්නම් මම සයිට් එක ගෙනිහින් පෙන්නනවා අපි වැඩ කරන හැටි.ලබන අවුරුද්දෙ කරන්න ඉන්න වැඩ වෙනස් කරන්නලුමේවා කරල හරි යන්නෙ නැහැ ලු. .......මොන කාලකණ්නියෙක් මන්දා...."ඔහු හිතේ කේන්තියෙන් කියවාගෙන යයි.
නිසංකා සුසුමක් හෙලුවාය."කාලා ඉන්න දැන්..."
වාර්ෂික ප්ගති රැස්වීම හෙවත්  progress meeting ලබන සතියේය.ගිය වසරේ සන්දිත මේ වෙද්දී පුදුම තරම් කාර්යබහුල .වෙනත් කලමනාකරුවන් මෙන් නොවී ඔහු අදාල ස්ථාන වලට ගොස් නිවැරදි තොරතුරු  ලබා ගනියි.ඊළඟ වසරට කරන්නට නියමිත දේවල් අදාල කටයුතු වල දක්ෂයන් ලවා සැලසුම් සකස් කරවයි.මේ නිසා මෙතෙක් ඔහු ඉදිරිපත් කළ සෑම සැලසුමක් ඉහලින් අනුමත විය.මුළු රටේ ඇති ශාඛා ජාලය අතරින් ඔහුගේ ශාඛාව මේ නිසා ඉහළ මට්ටමක සිටියි.
නමුත් මෙවර සන්දිත ගැන කිසිම ඕනෑකමක් නැති පාටය.
"සිකුරාදා මීටින් නේද?"
නිසංකා බලා සිටින්නට බැරි තැන ඇසුවාය.
"හ්ම්....."
"ඔයා නේද present කරන්නෙ?"
"හ්ම්....."
සන්දිත එක වචනයෙන් උත්තර බඳියි. නිසංකා ඊළඟ ප්රශ්නය නොඅසා ඔහු දෙස බලා සිටියාය.
" වන්දනා ලව්ව ප්රසන්ටේෂන් එක හැදෙව්වා. හාඩ් කොපි එක සැරයක් බලා ගත්ත ඇති.කොච්චර හොඳ ප්රපෝසල්ස් ගෙනිච්චත් අර කාලකණ්ණියා ඕකේ කරන්නෙ නෑ. කවුරු හරි ඇමතියෙක්ට ආරාධනා කරල මූණ දා ගන්න පුළුවන් දේකට නම් උඩින්ම කැමති වෙයි."ඔහු කලකිරීමෙන් හා කෝපයෙන් කියයි.
"ඔයාල කොහොමද ඔය ප්රසන්ටේෂන් එක කරන්නෙ?"නිසංකා කල්පනා කරමින් ඇසුවාය.
"විශේෂයක් නෑ.හාඩ් කොපි ටිකක් සීනියර් මැනේජර්ස්ලාට බෙදල දීලා අපේ පෙන් එකක අරන් යන ප්රසන්ටේෂන් එක හෝල් එකේ කම්පියුටර් එකට දාලා මල්ටි මීඩියා එකෙන් දාලා විස්තර කරනවා"
"මේ සැරේ පොඩි වෙනසක් කරන්න එහෙනම්.ප්රසන්ටේෂන් එක සේව් කරන්න මගෙ ලැප් එකේ.ඒක මීටින් එකට අරන් ගිහින් ඔයා ප්රසන්ට් කරන වෙලාවෙදි හැමෝම ඉස්සරහ මල්ටි මීඩියා එකට කනෙක්ට් කරල ඕපන් කරන්න."
"එතකොට?"
සන්දිත විස්මයෙන් ඇසුවේය.
"එහෙම කරල බලන්න.පොඩි වෙනසක්" නිසංකා අහිංසක හිනාවකින් කීවාය.
රැස්වීම දවසේ ඇය නිදි වරාගෙන ඔහු එන පෙරමග බලා සිටියාය.
නිවසට ඇතුල් වූ සන්දිත මුලින් කළේ නිසංකා ඔසවාගෙන වටයක් කැරකීමය.
"You are my wonder girl."
"මොකද වුනේ අද?"
සියල්ල සතුටුදායක බව පැහැදිලි වුවත් නිසංකා සිනා සිසී ඇසුවාය.
" ලැප් එකට මතුරලාවත් දුන්නෙ ඔයා.ඒක අරන් ගිහින් එතන සෙට් කරද්දි දිස්ත්රික් මැනේජර් ගෙ මූණ කොරහක් විතර. වුණාට කිසි කතාවක් නෑ ඔක්කොම ප්රොපෝසල් වල උඩින් කැමති වෙලා සල්ලිත් පාස් කළා. මෑන් ඊට පස්සෙත් මමත් එක්ක මාර ෆිට්. මොකක්ද රහස?." සන්දිත සතුටෙන් කියවාගෙන යයි.
"ඔයා ලැප් එකේ ඩෙස්ක්ටොප් ෆොටෝ එක දැක්ක ?"
".....අපේ වෙඩින් එකේ ෆොටෝ එකක් නේද?"
"අන්න ඒක තමා රහස!"
සන්දිත කුතුහලයෙන් ලැප් එක ඔන් කළේය.
"මේ අපි දෙන්නා පෝරුවෙන් බහිද්දි ගත්ත එකක් නේද?කවුද මේ අපි දෙන්නගෙ අතින් අල්ලන් ඉන්නෙ.මූණ නම් ටිකක් හුරුයි.ඒත්....." ඔයාගෙ මෙහෙම රිලේෂන් කෙනෙක් මට මතක නෑනෙ"
"අපි දෙන්නා පෝරුවෙන් බස්සන්න තිබුණෙ අපේ මාමට නෙ.කලින් දවසෙ මාමාගෙ දුව සුදු අක්කා දෝණි හම්බ වෙන්න හොස්පිටල් ඇඩ්මිට් කරලා මාමා දෙලොවක් අතර හිටියෙ.හරියට අපි බහින නැකත වෙද්දි මාමා කෝල් එකක් ඇවිත්. සැරේ මාමා ගෙ හොඳම ගජයා තමයි "මාමා මොකද මාමාගෙ යාළුවා මොකද කියල අපි දෙන්නා බැස්සුවේ"
"හා හරි හරි මතකයි.ඉතිං කවුද මෙයා. විජ්ජාකාරයෙක් ?"
"ඇයි අනේ මේ අන්කල් දැන් ඇමති කෙනෙක් නෙ.දෝණිගෙ උපන් දිනේටත් ආවෙ"
"අප්පට සිරි ඔව් නේන්නං.ඒකයි රහස එතකොට.ළඟ නෑයෙක් විතරයි නෙ පෝරුවෙ චාරිත් වලට සෙට් වෙන්නෙ. ඔයාගෙ මොළේ තමයි මොළේ"


Comments