හැම ගසක් ම මල් පිපෙනු ඇත

Daisy, English Daisy (Bellis perennis), sequence from bud to ...
රමණි අල්මාරිය අස් කරන්නට පටන් ගත්තාය.ලාච්චුවක තිබී ලොකු පුතා මුලින් ඇන්ද ගවුම් පොඩිත්ත ඇයට හමු විය. ඇයගේ මතකය අතීතයට දිව ගියේය.
රමණි ත් එහා ගෙදර ගීතා ටත් ඔෆිස් එකේ අනුලා ටත් දරුවන් ලැබෙන්නට සිටියේ එක කාලයේ. ගීතා ලැබුනේ දුවක්. අනිත් දෙදෙනා පුතුන්. තුන් දෙනා ගෙන් මුලින් බහ තේරුවේ මාධවී.කෙල්ලෝ කොහොමත් කලින් කතා කරනවා කියා හිත හදා ගත්තත් රවිඳු බහ තෝරන්න ගත්තේ අනුරාධ ත් බොහෝ කාලයකට පස්සේ. රමණි බය වී  දොස්තර  කෙනෙක් ගාවටත් අරන් ගියේ කුලුදුල් දරුවා නිසා. "දරුවට කිසි ලෙඩක් නෑ.තව ටික කාලයක් දෙන්න.එයාට ඇහෙන්න කතා කරන්න. සින්දු කියන්න"
දොස්තර උපදෙස් එහෙම වුනත් රවිඳු ගේ පසුබෑම දිගට කැපී  පෙනුණේය.    මොන්ටිසෝරියේ අනෙක් සම වයස් දරුවන් තනියෙන්  පින්තුර අඳින, පාට ගළපන    මට්ටමට එද්දී රවිඳු හිටියේ පොතක ඇති  පින්තූරයක රේඛා වලින් පිට නොයා පාට කර ගන්නට වත් නොහැකි මට්ටමේ."රවිඳු ගේ අම්මේ පොඩ්ඩක් පුතා ගැන බලන්න වෙයි මීට වඩා." ගුරුතුමී කියන්නේ අනිත් දෙමවුපියන්ට වගේ දරුවන්ට ත් නොඇසී.
"මෙයා දුවන පනින වැඩ වලට කොහොමද ටීචර්"
"ඒවා නම් ප්රශ්නයක් නෑ.ළමයි එක්ක හොඳට සෙල්ලම් කරනවා"රමණි පොඩි සැනසිල්ලක් දැනුනේ නිසා.
ස්කෝලේ ඇතුල් කල පසුවත් මේ තත්වය දිගට පැවතුනේය."අනේ අම්මේ ගෙදරදී වැඩ කරවන්න.තව ටිකක් උනන්දුවෙන්"ගුරු දෙගුරු සමිතිය ඉවර වෙලා රමණි විතරක් පැත්තකට අරන් ගුරුතුමී කියන්නේ චෝදනාවක් විදියට නොවුනත් රමණි බිම බලා ගන්නේ ගෙදර දී පුතා එක්ක කොයි තරම් වැඩ ප්රමාණයක් කරනවද දන්නේ තමන් නිසා.අනෙක් ළමයි අකුරු එකතු කර වචන ලියද්දී රවිඳු අකුරු අඳුර ගන්නත් සෑහෙන වෙලාවක් ගත වෙයි.අනෙක් ළමයි තනි ඉලක්කම් එකතු කරන්නට අඩු කරන්නට සමත් වෙද්දී රවිඳු 10 ගණන් කරන්නෙත් අමාරුවෙන්.
"හානේ..ඔයාගේ බබා ට තාම බැරි ද, අපේ බබා නම් මෙහෙමයි,…… ඔයා අර ඩොක්ට ට පෙන්නුවද" දවස පුරාම ඇසෙන මේ වචන හා උපදෙස් නිසා  රමණි  දැඩි මානසික පීඩනයකට ඇද වැටුනාය.ඇය  රැකියාවෙන් සමු ගත්තේ දරුවා වෙනුවෙන් පූර්ණ කාලින ව කැප වීමට සිතාගෙන. කොතරම් දොස්තර ලා  වෙත ගෙන ගියත් ඔවුන් කියන්නේ දරුවාට ලෙඩක් නැති බවය.අවසානයේ මනෝ වයිද්යවරයෙක් වෙතත් රැගෙන ගියත් ඔහු කීවේ ද ඉවසා ඉන්නට . ටියුෂන් යවා තේරුමක් නැති නිසා නිවසට ගුරුවරු ගෙන්වා ඉගැන්වීමට කටයුතු කලත් ගුරුවරයෙක් පැමිණියේ උපරිම දවස් දෙකකි.
"ළමයගේ කේන්දරේ වත් බලමුද දුවේ"නැන්දම්මා ගේ උපදෙස් මත ඇය පිහිටත් පැතුවාය.කාලයක් සෑම සති අන්තයක නිවසේ සෙත් ශාන්ති, තෙල් මැතිරිලි නිමක් නොවීය.
"ළමයට ඉන්න හැටියට ඉන්න දෙනවා.හැම ළමයට රජ වෙන්න බෑනේ"අවසානයේ සැමියා ඇයට කෑ  ගැසුවේ ලක්ෂ ගණනක් වැය කර තොවිලයක් කරන්නට තම රත්තරන් බඩු උගස් කරන්නට හැදූ අවස්ථාවේ.
මේ වනවිට ඇය නෑදෑ නිවෙස්,මගුල් ගෙවල්,දාන මාන, මිතරු මිතුරියන් හමු වීම සම්පුර්ණයෙන් නවතා අවසන්ය.දරුවා සමග නම් කොහෙවත් යා නොහැකිය. ඒවායේ සිටින අධ්යාපන මහාචාර්ය වරු එක්කෝ දරුවාට උගන්වන්නට තැත්  කරති. නැතහොත් රමණි උපදෙස් දෙති.කොහේ ගියත් හැමෝගෙම ලොකු මාතෘකාව රවිඳු ගේ අසමත් කමය. සමහර අවස්ථා වලදී මේවා පරම්පරා ගත ජාන ප්රශ්න දක්වා ඇදුණේය. "අක්කා විශේෂ  අවශ්යතා තියෙන ළමයෙක් සාමාන් ඉස්කෝලෙකට දාගෙන" යයි කිවූ දවසේ ඇය තම එක නැගණිය  සමඟ මහා රණ්ඩුවක් ඇල්ලුවාය.
 ඉගෙනිම කටයුතු වලට අසමත් වුවත් රවිඳු බාහිර වැඩ වලට අදක්ෂ නැත. ඔහු වැඩ බැරි දාස තත්වයට අනෙක් දෙමවුපියන් විසින් ඔසවා තබා ඇති නිසා ඔහුට සිටියේ ඉතා සීමිත යහළුවන් පිරිසක්.6-7 වසරට එද්දී ඔහු උපන්ගෙයි මෝඩයෙක් ලෙස හංවඩු ගැසී අවසන්. ඔහු සැමදාම සිටියේ පන්තියේ අන්තිම කිහිප දෙනා ගේත් අවසාන මට්ටමේ.
රමණි හිත හදා ගත්තාය."කමක් නෑ .ලෝකේ ඔක්කොම දොස්තර ඉංජිනේරුවෝ වෙලා බෑ..දෑතේ වැඩ කරන්නත් කවුරු හරි ඉන්න ඕන"
වැදගත් දේ රමණි වත් සැමියා වත් රවිඳු කිසිම දේකට බල නොකිරීමය. ඔහු වයිකල්පික විෂයන් තෝරා ගනිද්දීත් කැමති දෙයක් කරන්නට  ඔවුහු  ඉඩ දුන්හ. නමුත් ඔහුව අත් හැර දැමුවේ නැත. අනෙක් දරුවනට මෙන් ඔහුට ත්  ආදරය කළහ.”නංගි මෙහෙමයි, මල්ලි මෙහෙමයි ඇයි ඔයාට බැරිලෙස කවදාවත් ඔහුට අනවශ් පීඩනයක් ලබා නොදුන්හ.
 රවිඳු සාමාන් පෙළ විභාගයට පෙනී සිටියේමේ ළමයා නම් ලියල  වැඩකුත් නෑ” යන ගුරු ආශීර්වාදය ත් සමගය. ඔහු සමත් වූයේ විෂයන් 4ක් පමණි. වෙනත් පාඨමාලාවකට යොමු කරන්නට සිතමින් සිටියදී "අම්මේ,මම ආයේ කරලා බලන්නම්" රවිඳු කීවේය.කිසිම විශ්වාසයක් නැති වුවත් ඔවුහු සඳහා ඉඩ දුන්හ. අවශ් පරිදි ටියුෂන් යන්නට පහසුකම් සැලැස්වූහ.දෙවන වතාවේ ඔහු අවම සුදුසුකම් සහිත සමත් වීම දෙමවුපියන්ට නම් දරා ගත නොහැකි ප්රීතියක් හා විස්මයක් විය."මොනවද පුතේ A/L කරන්නේ"
"මට මැත්ස් කරන්න ඕන"ඔහු දුන්නේ ඇදහිය නොහැකි පිළිතුරකි.වෙනදා පරිදි ඔවුන් මේ තීරණයට විරුද්ධ නොවුනත් පාසලෙන් සඳහා ඉඩ නොලැබුණි.
"මේ රිසල්ට්ස් තියාගෙන මැත්ස් කරන්න.ඊටත් දෙවෙනි පාර. ඕන නම් කොමස් කරන්න"
එහෙත් දරුවා සිටියේ මතයේ .දෙමවුපියෝ තීරණයක් ගත්හ.
"සර්,අපි ළමයාගේ අස්වීම දෙන්න"විදුහල්පතිතුමා ඔවුන්ගේ කේශාන්තයේ සිට පාදාන්තය දෙස බැලුවේ විමතියෙනි.මේ පාසලට දරුවෙක් දමා ගන්නට විඳිය යුතු වෑයම අමුතුවෙන් කිව යුතු නැත."අස් කරලා කොළඹ දාන්නද?"සරදම් ලීලාවෙන් ඇසුවත් ඔහු කැමැත්තෙන් එය සකසා දුන් බව ඔවුහු  වටහා ගත්හ.රවිඳු ගේ රිසල්ට්ස් වලින් පහල යන්නේ පාසලේ ප්රගතියයි.
ඔවුහු  දරුවා නිවස ආසන්නයේ අලුතින් පටන් ගත් විද්යා අංශයක් සහිත පාසලකට ඇතුල් කළහ. මුළු පන්තියේ සිටියේ අතේ ඇඟිලි ගානක සිසුන් පිරිසකි. ඉන් ගණිතය හැදෑරුවේ රවිඳු හා තව සිසුවෙක් පමණි.
"අම්මේ,සර් ලා උගන්වනවා නම් හොඳයි,ඒත් ඉස්කෝලේ  අමතර වැඩ එක්ක සිලබස් ඉවර කරන්න බැරි වෙයි.මම ටියුෂන්  යන්න ?"
"කැමැත්තක් කරන්න පුතේ"
12 වසර දෙවන වාරයේ දී පළමු වතාවට ඇය ඔහුගේ ප්රගති  වාර්තාවේ ලකුණු 55ක් දුටුවාය.අනෙක් දරුවන් දෙදෙනා ගෙනෙනා ලකුණු 100-99 වඩා ඇයට මේ අගය ඉහලය. 55 එතනින් නොනැවතී වැඩි වේගෙන ගියේය.උසස් පෙළ ප්රතිපල දවසේ දෙමවුපියෝ සතුටු කඳුළු මැද විදුහල්පතිතුමා හමු වූහ.
"ඔබතුමාට බොහොම ස්තුතියි අපේ පුතාව මේ ඉස්කෝලේ බාර ගත්තට
"නෑ ....මිස්ට වර්ණකුල ලට ඊට වඩා ස්තුතියි පුතාව අපි ගැන විශ්වාස තියලා මෙහාට බාර දුන්නට"
දුරකතනයේ නාදය ඇය වර්තමානය ගෙන ආවේය. IDD අංකය ඇය අඳුනා ගත්තාය.
"අම්මේ,මගේ PhD ඩිග්රි එක completed. මෙහෙන්  කියනව මට කැම්පස් එකේ ස්ටාෆ් ඉන්න ලු.මොකද කරන්නේ? "
"හොඳ විදියක් කරන්න පුතා"
"හරි අම්මා එහෙනම් මම ok කියන්නම්"
රමණි වෙනදා නැති මල් සුවඳක් දැනී ජනේලයෙන් එබී බැලුවාය.අවුරුදු ගණනක් එක මලක් වත් නැතිව තිබුන කීප වරක් කපා දමන්නට ගිය  අඹ ගස පීදිලාය.
හැම ගහක් පීදෙනවා , හරි කාලේ ආවා .ඇය තමන්ට කියා ගත්තාය.

Comments