
ඒ ආරංචිය ඇසූ
ජයසිංහ මහතාට දැනුනේ ඔලුවට පොල්ලකින් ගැසුවා ක් වැනි හැඟීමකි.
අද බාලයා ගේ උසස් පෙළ
අවසන් විෂය පැවැත්වෙන දිනයයි. විභාගය ඇත්තේ උදේ වරුවේ වුවත් ඔහු හවස් වනතුරු ත් නොපැමිණීම ගැන
ජයසිංහ මහතා එතරම් කලබල නොවුනේ ඔහු විභාග ශාලාධිපති ව සිටි කාලයේ
ත් උසස් පෙළ අවසන් කරන දරුවන් එක වර ම
නිවෙස් බලා නොගොස් සින්දු කියමින්,
ෆොටෝ ගනිමින්, අඬමින් සිනාසෙමින් දවසෙන් බාගයක් ම පාසලේ ගතකරන
බව දන්නා බැවිනි.
එහෙත් මේ ආරංචිය කොල්ලා
විභාගය අවසන් ව තවත් යහළුවන්
පිරිසක් සමග නගර මධHයේ අනෙත් සහෝදර
පාසලේ සිසුන් පිරිසක් සමග පරණ කෝන්තරයක් පිරි මහ ගන්නට ගිය
බවය. දෙපිරිස ම මේ වෙද්දී
පොලිසියේය. කතාවේ හැටියට නම් බොහෝ දෙනd ඉඳ ඇත්තේ ද
බී මතිනි. ඔහුට එක වර ම
මතක් වූයේ දැනට ලංකාවේ සිටින ලොකු පුතාය. එහෙත් ඔහුට කිවූ පමණින් දොස් අහන්නට සිදු වන්නේ ය.
"තාත්තා ලා මල්ලි ව
හුරතල් කර කර හිටියනේ.
ඔන්න පේනවා නේද?".
බාලයා පොඩි කාලයේ ලෙඩ ගානේ සිටි නිසා අනෙක් දරුවන් 3 දෙනාට ම වඩා පරිස්සම්
කල බවත්, වැඩිමලුන් ගෙදරින්
පිටවූ පසු ඔහු අනවශ තරම් හුරතලයට ලක් වූ බවත් ඇත්තය.
එහෙත් ඒ මෙවන් ප%තිMලයක්
බලාපොරොත්තුවෙන් නොවේ.අවුරුදු 35 ක ගුරු/ විදුහල්
පති දිවියේ කිසිම දාක සිසුවෙක් වෙනුවෙන් වත් ඔහුට පොලිසියකට යාමට සිදු ව නැත. ඔහු
පොලිසියට යාමට සූදානම් වූයේ සියොළඟ ම ගින්නෙන් පිච්චෙන
හැඟීමකිනි.
පොලිසියේ ඉස්තෝප්පුවේ අනෙක් දෙමවුපියන් ද ඉඳගෙන හිටගෙන
බිම බලාගෙන සිටිති. ජයසිංහ මහතාට දැනුනේ ඔවුන්ට වත් මුහුණ දිය නොහැකි බවය.සිසුන් දහස් ගණනකට හරි මග කියාදුන් තමන්ට......
ඇතුලෙන් ලැබුන කැඳවීමකින් ඔවුහු ස්ථානාධිපතිතුමා
වෙත ගියහ. යකඩ කූරු අතරින් පෙනෙන දරුවා දෙස බලන්නේ කෙසේ දැයි සිතමින් ගිය ඔහුට යන්තම් අස්වැසිල්ලක් දැනුනේ සිසුන් දෙපිරිස ම බංකුවක් මත
වාඩි වී සිටිනු දැකීමෙනි.
ඉන්ස්පෙක්ටර් මහතා දෙමවුපියන්
එක පසෙක සිටියදී දරුවන් කැඳ වූයේය.
"ආ....කොහොමද
චන්ඩි ටික.මොකද ගෙවල් වලින් කන්න බොන්න දෙනවා වැඩි වෙලා ද? ඇඟේ හයිය
තියෙනවා නම් වත්තේ පිටියේ වැඩක් කරනවා. තමන්ගේ උන් එක්ක මරා ගන්නේ නැතුව.
තමුසෙල ව කූඩුවේ
දැම්මේ නැත්තේ
කරල තියෙන්නේ
පොඩි වරදක් නිසා නෙවේ.
ඉස්කෝලේ නිල ඇඳුමක් පොලිස් කූඩුවක තිබිය යුතු නැති නිසා...."
ඔහු
පොලිස් නිලධdරියෙක් ගේ සුපුරුදු විලාසයෙන්
බැනගෙන බැනගෙන යයි.
තමන්ගේ මෙන් ම අනෙක් දෙමවුපියන්ගේත් මුහුණු
ඒ බැKqම්
වලින් ඇකිලී යන
අයුරු ජයසිංහ මහතා හොරෙන් බැලුවේය.දරුවන් කරන වැරදි වලටත් දෙමවුපියෝ බැKqම් අසති.
දරුවන්ට බනින බැKqම්
ද ඔවුන්ට වඩා වදින්නේ දෙමවුපියන්ට ය. දරුවන් තේරුම්
නොගන්නා සතHය
එයයි.
"හ්ම්...වඳිනවා ලා දK ගහලා
අම්මලා තාත්තලා ට.හා…...හොඳට
දK ගහලා කොන්ද
නවනවා. ගාථාව කියලා හයියෙන්…...එක් කෙනයි
නම් ඇවිල්ල ඉන්නේ දෙන්න ගේ ම ගාථා
කියනව".
දරුවෝ සියලු දෙනා ම දK
ගසා වඳිති. උදේ විභාගයට යන්නට වත් තමන්ට නොවැඳි පුතු ය මේ. ජයසිංහ
මහතාගේ ඇස් අග කඳුලක් මතු
වුනේ දරුවා වෙනුවෙන් ම නොවේ.
"හ්ම්...යනවලා
දැන්.මේක මම තව ඉස්සරහට
ගෙනියන්නේ නෑ.තමුසෙලා පොඩි
උන් නිසා. හැබැයි,නම් ටික පොලිස් පොතේ ලියවිලා තියෙන්නේ.ඒ ටික ලංකාවේ
හැම පොලිසියට ම යවනවා මම.කොයි පොලිසියට හරි මොන ම වරදක් වත්
කරල නම එහෙම ගියොත්,….මේක ත් එතනින් අල්ලන්න
කියල දන්වනවා"
එවන් තරවටුවකින් පසු ව දරුවන් නිදහස්
කරවාගෙන එන්නට ලැබීම මහා ජය.%yණයකි.
පුතා බිම බලාගෙන ම ජයසිංහ මහතා
පිටුපස ඇදෙයි."ලොකු මහත්තයා එන්න කියනවා"ජයසිංහ මහතා හැරී බැලුවේය. පුතා ද නැවතුනේය.
"ළමයා හිටපුදෙන්"
ජයසිංහ මහතා නැවත ස්ථානාධිපතිතුමා
ගේ කාමරයට ඇදුනේ දෙගිඩියාවෙනි. ඔහු විදුහල්පතිවරයෙක් ලෙස පළාතේ කීර්තියක් දැරූ කෙනෙකි. එහෙම තියාගෙනත් ළමයි හදන්නේ මෙසේ දeයි අහන්නට
විය යුතුය.
"සර් අවුරුදු
20 කට කලින් මහා විද්‍යාලේ ප්‍රින්සිපල් වෙලා ඉන්නකොට හිටිය නන්දන මතක ද?"
ජයසිංහ
මහතාට එක වර ම
මතකයට නැගුනේ නැත.
"ඒ කාලේ
ඉස්කෝලේ හිටිය ලොකු ම නසරානියා….ඉස්කෝලේ
ස්පෝට්මීට් දවසක
පන්තියක් අස්සේ යාලුවෝ එක්ක බීලා විනය බාර සර් ට අහු වුනා.
අනිත් ළමයි ට සති ගානක්
පන්ති තහනම් කරලා ආයේ ඉස්කෝලෙට බාර ගත්තා. නන්දන ගේ කලින් රෙකෝඩ්
ත් හොඳ නැති
නිසා මුළු ගුරු මණ්ඩලය ම කිව්වේ ඉස්කෝලෙන්
අස් කරන්න. සර් ඒකට එකඟ වුනේ නෑ. දෙමවුපියෝ උද්ඝෝෂණය කළා. ළමයි අස් කරන් යනවා කියල තර්ජනය කළා. කලාපෙට පෙත්සම් ගැහුවා. ඒත් සර් කිව්වේ ඉස්කෝලෙකින් එලියට දෙන්න ඕන හැදිච්ච ළමයෙක්.
ඔය අස් කරන් යන්න හදන්නේ හැදුන ළමයි.
මේ ළමය වත් හදලා
මිසක් එලියට දෙන්නේ නෑ.”
ජයසිංහ මහතාට ඒ සිද්ධිය මතක් විය.තමන්ගේ රැකියාවට පවා ප්‍රශ්න ඇති කල ඒ තීරණය
එදා ඔහු වෙනස් නොකළේය.ඔහු වුවමනාවෙන් ස්ථානාධිපති තුමාගේ නාම පුවරුව දෙස බැලුවේය.
"ඒ මගේ
අයියා. පොලිසියේ මේ දිස්තිරික්කේ ම බාර
එයාට. මගේ අයියා නිසා කියනවා නෙවේ.එයා ත් සර් ගේ
ආදර්ශේ අරන් තමා තීරණ ගන්නේ.මේ දවස් වල
රට ගිහින් training එකකට.......එයා නිතර කියනවා සර් එදා එයාව එලියට දැම්මා නම් අදත් පොලිසියේ ඉඳීවි,හැබැයි පුටුවේ නෙවේ,කූඩුවේ."
ස්ථානාධිපතිතුමා
නැගිට්ටේය.ඔහුගේ දකුණු අත නළලට ගියේ
පොලිස් ආචාරය සමගිනි.
ජයසිංහ
මහතාට මෙතෙක් තම හදවත දැවූ
ගිනි ජාලාව නිවෙන බව දැනුනේය.
Comments
Post a Comment