චමාලි
මිස් ට visitor කෙනෙක්. කාර්යාල කාමරය තුලට ඔලුව පෙවූ සමන් කීවේය . චමාලි කල්පනා කරන්නට වූවාය. සේවා ස්ථානය මාරු කර අවුරුද්දකට කිට්ටු
වුව ද මෙහි සේවය
කරන බව දන්නේ කිහිප
දෙනෙක් පමණි.ඒ කාටවත් නොදන්වා
කාර්යාලයට එන්නට හේතුවක් නැත. ඇය කුතුහලයෙන් පිළිගැනීමේ කවුන්ටරය අසලට ඇදුණාය. ඒ අසල පුටුවක
වාඩි වී සිටියේ වරක්
තමාගේ මුළු ලෝකය ම වූ ඉන්පසු
තමන්ට ම තමන් එපා කරවූ ඒ තරම් ආසාවෙන්
සේවය කල සේවා ස්ථානය
පවා අත්හැර මහ දුරකට එන්නට
හේතු සකස් කල ඇයගේ පැරණි
පෙම්වතා ය.සචිත් උලුගහදෙනිය.ඇය ඉදිරියට තියන්නට
ගිය පය ආපහු ඇදගෙන
නතර වූවාය.
මොන
දෙයක් වුවත් කාර්යාලයට ඕපාදුපයක් සැකසිය යුතු නැත.ඇය කිසි වෙනසක්
නොපෙන්වා ඔහු වෙත ට ගියාය.
"සචිත්, මේ
පැත්තේ...යමු කැන්ටින් එකට"
ඔහුගේ
දෑස විශාල වුයේ ජිවිතයේ පළමු වරට ඇය තමන්ට නමින්
කතා කරනු ඇසී ද නැත්නම් මෙතෙක්
දෙයක් සිදු වූ පසුත් ඇය
තමන් හා මෙසේ සුහද
ව කතා කල නිසා ද
චමාලි සිතුවාය.
"කොහේ යන
ගමන් ද මේ"ඇය
පරණ යහළුවෙක් ට කතා කරන
ලෙස ඇසුවාය.
"මෙහෙමයි ආවේ....ඔයා මුණ ගැහෙන්න...සෑහෙන කාලෙක ඉඳන් ඔයාගේ අලුත් office එක හෙව්වේ.පෙරේද
තමයි හරි නිවුස් එකක් ලැබුනේ "
" හදිසියක් ද
? "
සචිත්
එක වර ම කිසිත්
නොකියා චමාලි දෙස බලා සිටියේය."මම අම්මලට කිව්වා
ඔයාව ඇර වෙන කිසි
කෙනෙක් ව බඳින්නේ නෑ
කියල"
චමාලි
දෑස කුඩා කර ඔහු දෙස
බැලුවාය.
"එතකොට කේන්දර
ප්රශ්නේ.."
"වෙන රටවල
මිනිස්සු කසාද බැඳලා ජීවිතේම සන්තෝසෙන් ඉන්නේ ඕව බලල ද.මල සමයන් මෙහෙ
විතරක්.ඒවා වැඩක් නෑ.අපි අවුරුදු
ගානක් ආශ්රය කලේ match වෙන
නිසා.”
චමාලි
වඩාත් හොඳින් ඔහු දෙස බැලුවේ මේවා කියවෙන්නේ ත් වසරකට පෙර
මීට හාත්පසින් ම වෙනස් දේවල්
කිවූ කටින් ම ද කියාය.ඒ සැනින්
ඇයට සචිත් ගේ ගමේ සිටි ඇයගේ යෙහෙලියක් ලඟදි කිවූ
කතාවක් මතක් විය.
"අරූ කේන්දර
ගැලපෙන්නේ නෑ කියල උඹව
අත් ඇරලා
තියෙන්නේ කෝටි ගානක දෑවැද්දක් එක්ක කෙල්ලෙක් සෙට් වෙලා. මගුල තීන්දු වෙලා ගමට ම card ත් බෙදුවට පස්සේ
එහාට ආරංචිය ගිහින් මුන් ට පෙන්නගෙන ඉන්න
තරම් දෙයක් නෑ. බොරුවට වංශේ කබල්
ගාන්නේ කියල.ඒ මිනිස්සු මගුල
නවත්තලා.දැන් ඉන්නවා අම්මලා පුතාල ගල උඩ කැත කර ගත්ත බළලා
වගේ "
චමාලි
සරදම් සිනාවකින් ඔහු
දෙස බැලුවාය.එවිටම ඇය ගේ දුරකථනය
නාද විය.
"ආ…. ඔයා
ආවා ද.මම කැන්ටින් එකේ
ඉන්නේ. " ඇය එයට පිළිතුරු දුන්නාය.
"ඔයා මේ
සතියේ ගෙදර යනවා ද. මම එන්නම්
ගෙදර,අම්මලා ට කතා කරන්න."සචිත් චමාලි
දෙස බැලුවත් ඇය බලා සිටියේ
කැන්ටිමේ දොර දෙසය .සචිත් ද ඒ දෙස
බැලුවේ ය.
දොරින්
ඇතුලට ආ තරුණයෙක් චමාලි
අසලට ආවේය. චමාලි සිනාසිගෙන නැගිට්ටාය. "පවිත්ර,මේ සචිත්...මම ඔයාට කියල
තියෙන්නේ"
තරුණයා
යන්තම් සිනා සී ගෙන සචිත්
ට හලෝ කිවේය.
"ඔයා අර
ටික ගෙනාවද?"
චමාලි
ඔහුගෙන් ඇසුවාය.ඔහු අතේ තිබුන බෑගයක් ඇයට දුන්නේය.
ඇය
ඒ තුලින් කවරයක් ගෙන සචිත් ට පෑවාය."ඔන්න
සචිත් ඉස්සෙල්ලම ඔයාට තමා දුන්නේ. පුළුවන් නම් ඇවිත් යන්න.බායි"
ඇය
ඔහුගේ අතේ එල්ලී පිට
ව ගියාය.
විනාඩියකටත්
අඩු කාලයකදී සිදු
වූයේ කුමක් දැයි සචිත් ට සිතා ගැනීමට
වත් නොහැකි විය. ඔවුන් ගිය දෙස ඇසිපිය නොසලා බලා සිට පියවි සිහියට එන්නට ඔහුට විනාඩි ගානක්
ගත විය. ඔහු ඇය තමා ට
දුන් කවරය දෙස බැලුවේය.රිදී පාට කවරයේ රන් පාටින් කැටයම් කර ඇති එය
තුල ඇත්තේ මංගල ඇරයුමක් බව හඳුනා ගන්නට
ඔහුට අපහසු නොවීය.
Comments
Post a Comment