නෑනා


"සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩි ඇයි මං මග ඇරියේ...."
සිය වතාවක් අසා ඇති ගීයක් වුවත් අජන්ත එහි තේරුම හිතට වැටෙන්නේ දැන් තමනුත් එවන් අත්දැකීමකට මුහුණ දුන් පසුය.ගෙයි දොර වැහුවේ නැතිවාට පොඩි නැන්දා උළුවස්ස හරහට හිට ගත්තේ ඔහු ගෙතුළට කර පෙවීම වැළැක්වීමට බවත් මාමණ්ඩි කාලගුණය ගැන කතාවක් ඇද ගත්තේ තමන් ඇසිය හැකි තිබඋ ප්රශ්න වලින් මග ඇරීමටත් බව ඔහුට නොතේරුනේ නැත.
අජන්ත ගමේ බස් රියේ කොන්දොස්තරකම කරන කාලයේ නැන්දලාගේ මුළු පවුල ම එහා මෙහා ගියේ නොමිලේය. කාලයේ නැන්දලාගේ ගෙට ගොඩ වන්නටත් පෙර සිට ම ඔහුට සෑහෙන සැලකිලි .නමුත් ආණ්ඩු මාරුව ඔහුට හෙනහුරා ගෙන ආවේයඑකල ආණ්ඩු පක්ෂය වු දැන් විපක්ෂය වෙනුවෙන් ගමේ සෙනඟ කොළඹ රැස්වීමකට බස් රියේ ගෙන යාමේ වරද පැටවුනේ රාජකාරිය ඉටු කළ රියදුරුට හා කොන්දොස්තරට ය. වෙනදා ගෙදර සිට උදේ හවස වැඩට ගිය අජන්තට දැන් ගෙදර එන්නට ලැබෙන්නේ මාස ගාණකිනි. ගෙදර යාමටත් පෙර ඔහු නැන්දාගේ fගදරට ගොඩ වුනේ තාරකා දැක බලා ගන්නටය. නමුත් වෙනදා කඩුල්ල ළඟට දුව එන ඇය පෙනෙන තෙක් මානෙක නැත.මිදුලෙ වැලේ ඇති දිග කලිසම්, අත් දිග කමිස මාමා ගේ හෝ මල්ලිලා දෙන්නාගේ නොවේ.හිස් තිබූ ඉස්තෝප්පු කාමරයට මල් මල් දොර රෙද්දක් වැටී ඇත"ටවුමෙ වැඩ කරන මහත්තයෙක්ට නවාතැන් දෙන්න පුළුවන් ඇහුවා ඉස්කෝල මහත්තයා.එහෙම කෙනෙක් නවතින්න හරි හමන් තැනක් නෑනෙ "
අජන්තගේ කුතුහලය දුටු මාමා කීවේය. "ඉසුරු මහත්තයා නම් දාහක් වටිනවාකොල්ලො දෙන්නත් රස්තියාදුවෙ නොයා මහත්තයගෙ පස්සෙන් මයි."නැන්දා ඔහුට චරිත සහතික ලියයි.දීග දෙන වයසේ දුවක් ඉන්නා තැනක නන්නාඳුනන පිරිමියෙක් නවත්තා ගන්නට තරම් සිහි කල්පනාවක් නැද්දැයි අහන්නට කටටම ආවත් අජන්ත නිහඬ තේ කෝප්පය තොල ගෑවේය. යන්තම් සීනි පෙන්නා ඇති තේ කෝප්පයේ මුල්  උගුරෙන් ඔහුගේ කට ඇඹුල් විය.
"ඉසුරු මහත්තයා පැණි රස කන්නෙ බොන්නෙ නෑනෙ.මටත් දැන් සීනි අඩුවෙන් තේ එකට වැටෙන්නෙ" පොඩි නැන්දා කියයි. මේ මාස දෙක තුනට නැන්දාගේ තේ පදම ද වෙනස් වී ඇත.මේ නොදන්නා පිරිමියා ගෙදරට කර ඇත්තේ එසේ මෙසේ වෙනසක් නොවේ.
"තාරකා කුස්සියෙද නැන්දෙ?"අජන්ත ගෙතුළට කර පෙව්වේය."එයා දැන් ඉංග්රීසියි කොම්පියුටරුයි පන්ති යනවා නෙ.ඉසුරු මහත්තයා කිව්වා දෙක තියෙනවා නම් ලේසියෙන් රස්සාවක් හොයා ගන්න පුළුවන් ලු" අජන්ත ගෙදරින් එළියට බැස්සේ කෝපයෙන් දත් මිටි කැවෙද්දීය. නැන්දලටත් එහෙනම් උපන්දා ඉඳන් දන්න මට වඩා කොහෙන්වත් ආව එකෙක් ලොකු වුණා. හා.....බලා ගමුකො.ඔහු කෝපයෙන් මිමිණුවේය.
---------------------------------------------------------------------------------------------
ඉසුරු වැටී තිබුණේ නොසිතූ විරූ අමාරුවකය. ගිය වසරේ දීප ලංකා සමූහ ව්යාපාරයේ හොඳම කළමනාකරුවන් දහ දෙනා අතරට තේරුණු ඔහුට ග්රාමීය පටන් ගත් අළුත් ශාඛාවක වසරකට පමණ කළමනාකාර තනතුර බාරගෙන එහි ඇතිවී තිබුණ ප්රශ්න කිහිපයක් සමනය කරන්නට සිදු ඇත. ඉස්කෝලේ භූගෝල පාඩමට වත් ඔහු ගම ගැන ඔහු අසා තිබුණේ නැත. නවතින්නට තැනක් හොයා ගන්නේ කෙසේදැයි කිසි ම අදහසක්  නැතඅවසානයේ තාත්තාගේ දුර ඈත හිතවත්කමකින් ප්රශ්නය විසඳුනේය.
හැකි ඉක්මනින් තමන්ට පැවරූ රාජකාරිය අවසන් කරන බලාපොරොත්තුවෙන් සිටි ඔහු දිවා රෑ නොබලා වෙහෙස වූයේය.එසේ රෑ වූ දවසට ඔහු ගෙනත් ඇරලවන්නේ ශාඛාවේ සේවය ගුණසිරිය.
"මහත්තයා නැවතිල ඉන්න තැන ලස්සන ගෑණු ලමයෙකුත් ඉන්නවනේ" එසේ දිනකට පසුවදා ගුණසිරි කීවේය.
"අපෝ ළමයා මගෙ නංගිටත් බාලයි ගුණසිරි"
"මහත්තයා එහෙම හිතුවට ගෙදර අය කොහොම හිතනවද දන්නෙ නෑනෙ.ඉස්සර ගම් වල කොල්ලො රස්සා හොයන් කොළඹ ගියා නතර වුණ ගෙදර දුවෙකුත් බැඳගෙන ලු ගෙදර ආවෙ. මහත්තයාටත් වගේ වෙයි දන්නෙ නෑ"
"අපෝ පිස්සු මට එහෙම කිසි ඕනකමක් නෑ"ඉසුරු වහා කීවේය.
"හැබැයි මහත්තයා ඔය වගේ ඇහැට කනට පේන කෙල්ලෙක් කොල්ලෙක් නැති වෙන්න බෑ. කොල්ලෙක් නැත්නම් පස්සෙන් එන එකෙක් හරි ඇති. කොල්ලාට මහත්තයා ගැන ඉව වැටුනොත් මුකුත් අරියාදුවක් වුණත් කරන්න බැරි නෑ.තනියෙන් යද්දි එද්දි." ඉසුරු කල්පනාවෙන් බැලුවේය.
" අනිත් අතට මේ වෙද්දිත් කෙල්ල මොකක් හරි අඩව්වක් අල්ලලා එහෙම නම් මහත්තයට අනුන්ගෙ ළමයින්ට උප්පැන්න ලියන්නත් වෙයි දන්නෙ නෑ" ඉසුරුට තම පිට දිගේ සීතල දහඩියක් ගලාගෙන යනු දැනුනේය.කටට එන ඕනෑ දෙයක් කියවන වාචාලයෙක් ලෙස හංවඩු ගැසී තිබුණත් ගුණසිරි කියන්නේ විය නොහැක්කක් නොවේ.
------------------------------------------------------------------------------------
ඉස්කෝලෙ මහත්තයා හිස් ඇති ඉස්තෝප්පු කාමරයේ කෙනෙක් නවාතැන් දිය හැකිදැයි අසද්දී  තිලකා මතක් වූයේ අමතර කීයක් හෝ උපයා ගැනීමේ හැකියාව ගැන පමණි. එහෙත් ඉසුරු සමග.කතා බහ කිරීමේ දී ඔහු කොළඹ යමක් කමක් ඇති වැදගත් පවුලක අවිවාහක තරුණයෙක් බව දැන ගත් පසු ඔහු පවුලට එකතු කර ගත හැකි නම් සෑහෙන වාසිදායක බව ඇයට පෙනුනේය. අජන්ත මත්තේ දිවි දෙන්නට සැරසුණ තාරකා දින ගණනක් තිස්සේ තරවටු කරමින් ඇගේ හිත වෙනස් කරන්නට තිලකා සමත් වුණාය.ඊළඟට ඇත්තේ ඉසුරු අල්ලා ගැනීමය.
 
 
"අන්කල් මට පොඩ්ඩක් කතා කරන්න ඕන" රෑ කෑම මේසයට වාඩි වූ ඉසුරු තිලකා ගේ
සැමියා වූ අමරදාස ඇමතුවේය.
මේසයේ අඩුපාඩු බෙදමින් සිට අඩු පාඩුවක් ගෙන ඒමට කුස්සියට ගිය තිලකා වහා ආවාය.පිරිමින්ට ඔවැනි වැදගත් කටයුතු කතා කර ගැනීමට තේරුමක් නැත. අසල තැවරෙමින් සිටි තාරකා කතාව ඇසුණත් නෑසෙන බව අඟවමින් ලැජ්ජා හිනාවක් පාමින් සිටියාය.
"මම කිව්වනෙ මෙහෙ බ්රාන්ච් එකට මැනේජර් කෙනෙක් එනකල් විතරයි මම ඉන්නෙ කියලා.....ඊළඟ සතියෙ ඉඳන් එහෙම කෙනෙක් එනවා.මට ආයෙ කොළඹ එන්න කියල"
තිලකාගේ පපුවේ පැත්තකින් වේදනාවක් නැගුනේය.මාළුවාට දැල එළන්නට පටන් ගත්තා පමණි.දුව කාරණය නිසියාකාර ඉටු කරාදැයි ඇය ඇහැ කරකවා තාරකා දෙස බැලුවාය.
"අනිත් කාරණේ.....මම යන්නෙ ප්රමෝෂන් එකක් එක්ක.දකුණු පළාතේ ඒරියා මැනේජර් විදියට.ඉතින් අම්මලා කියනවා වෙඩින් එක අරන් යන්නලු...."
තරු ඇස් යුවලක් ඉසුරු දෙස යොමු වී තිබුණේය.
......මගෙ වෙඩින් එක ගන්නවා ලබන මාසෙ. අන්කල් ලා මට පවුලෙ කෙනෙක් වගේ සැලකුවේ.මට ඇවිත් ආරාධනා කරන්න නම් බැරි වෙයි.මම කාඩ් එක එවන්නම්.ඔයාල ඔක්කොම එන්න ඕන."
"හ්...ග්..කාවද ....මහත්තයො බඳින්නෙ?" තිලකා කියවුනේය.
"දුරින් මගෙ නෑනා වෙන කෙනෙක්. කොහොමත් නෑනා අයිති මස්සිනා කියනවනෙ

Comments