පාර කියන්න


සඳනි,පාරමී,නිපුනි රජයේ නිල නිවාස පොකුරක පදිංචි පවුල් 3 එක වයසේ දැරියන් තිදෙනෙකි.සඳනි පුංචි කාලයේ සිට තිබුනේ හරි හුරතල්  බෝනිකි පෙනුමකි. ඇය දකින ඕන කෙනෙක් අනේ...cute ගාමින් වඩා ගෙන හුරතල් කිරීම සුලභ දෙයක් විය.නිපුනි වූයේ මෙහි සම්පූර්ණ ප්රතිවිරුද්ද සිද්දියයි.ඇය තාත්තා වගේ කලුය. ආරයට මහතය.මගේ කපාපු පළුව කියමින් ඇයට අසීමිත ආදරයක් තාත්තාගෙන් ලැබුන නිසා පුංචි කාලයේ මේ වෙනස ඇයට නොදැනුනත් පාසල් ගමන පටන් ගත් පසු සිදු වූ අඬු ලුහුඬු කම් බොහෝ විය.සඳනි ගයන්නට නටන්නට පුළුවන් වුනත් නැතත් හැම විවිධ ප්රසංගයක හැම අංගයකට ඇය අනිවාර්ය චරිතයක් විය."ඔයා කට හෙලෙව්ව ඇති පුතේ,අනිත් අය සින්දුව කියනවා නේ "කියමින් ගුරුවරු කිසි ලෝබ කමකින් තොර ඇය සමුහ ගායනා වල ඉදිරිපස පේලියේ මැදින් සිටවූහ.
කොපමණ මහන්සි වී අදාළ ගීතය හෝ නැටුම පුරුදු වුනත් නිපුනි කිසි දිනක අංගයන් සඳහා තෝරා ගැනුනේ නැත.ඇයට ඉඳ හිට හෝ අවස්ථාවක් ලැබුනා නම් මුළු පන්තියම සහභාගී වන අංගයක අන්තිම පේලියේ කෙළවරක් නියෝජනය කරන්නට පමණි.ඇය සඳනි ඉරිසියා නොකලත් අව්වේ නොයා සුදු වන්නට නොකා නොබී කෙට්ටු වන්නට හැමදාමත් උත්සාහ කළාය.පාරමී නම් කොහොමත් කොන්සර්ට් වලින් වැඩක් නැත.දඟ මල්ලක් වූ ඇය නටන්නට ගයන්නට වඩා ප්රිය කලේ දුවන්නට පනින්නට .
නිපුනි සියල්ල එපා වුණේ primary music band එකට ළමයි බඳවා ගන්න විට .ඇය melodika වාදනයට කොහොමත් හපන්කම් දැක්වූවාය.ගුරුතුමිය කියා දුන් සංගීත ඛණ්ඩය ඇය කිසි ආයාසයකින් තොරව වාදනය කලාය.නමුත් හැමදාම මෙන් තෝරා  ගැනුනේ කිසි භාණ්ඩයක් වාදනය කරන්නට අසමත් වූ සඳනි ." අපි මෙයාව  band leader ගමු."
"මේ ළමයා ගත්තොත් පේලි දෙකකට ඇතිවෙයි"රහසින් වුවත් ලොකු අක්කලා දෙන්නෙක් කිවූ කතාව නිපුනි හොඳින්  ඇසුණි.
එදා ගෙදර මොහොතේ සිට ඇය කලේ නොකා නොබී අඬා වැටීමය.හවස් වී ගෙදර තාත්තා විස්තරය දැනගෙන ඇය අසල ආවේය.
"අපි සෙල්ලමක් කරමු දූ"
"මොකක්ද" ඇය කඳුළු අතරින් ඇසුවාය.
"මම සතෙක් ගේ නමක් කියනවා,දූ කියන්න ඕන සතා වැඩියෙම දක්ෂ මොනවට ද කියල.හරි "
"හා"
" වඳුරා"  " ම්ම්…. ගස් නගින්න"
"මාළුවා"  "පීනන්න"
"උකුස්සා"  "පියාඹන්න"
"වඳුරා පීනන්න යි,මාළුවා පියාඹන්න යි,උකුස්සා ගස් නගින්න යි ගියොත් මොකද වෙන්නේ"
"අපෝ ඒවා එයාලට බෑ නේ තාත්තේ"
" කියන්නේ එයාලා මෝඩයි අදක්ෂයි "
"නෑ නේ තාත්තේ එයාලට අනිත් දේවල් හොඳට පුළුවන් නේ"
"අන්න ඒක තමයි දූ.අපි හැමෝට හැම දේ බෑ . ඒත් හැමෝට මොකක් හරි දෙයක් පුළුවන්.දැන් සඳනි සින්දු කියන්න,නටන්න පුළුවන්.පාරමී sports පුළුවන්."
"ඉතින් මට මොකක්ද පුළුවන් "
"ඒක ඔයා හොයා ගන්න ඕන දූ"
නිපුනි එදායින් පසු මේ දේවල් ගැන තවත් නොහිත්න්නට තීරණය කළාය. ඊළඟ වසරේ දී තාත්තා ලැබුන මාරුව නිසා ඔවුහු තාත්තාගේ ගමට ගියහ.සංගීතය හෝ නැටුම් හැදෑරුවත් තමන්ව විවිධ ප්රසංග සඳහා තෝරා නොගන්නට ඇති ඉඩ කොයි ඉස්කෝලෙදි ත් සමාන බව තේරුණ නිසා නිකන් හිත රිදවාගන්නේ මොකටදැයි සිතා සෞන්දර්ය විෂය ලෙස චිත් තෝරා ගත්තේ මහා ලොකු ආසාවකින්  නොවේ.එහෙත් කලක් යාමේ දී චිත් ගුරුතුමී ගෙන් වර්ණ ගලපන්නට,හැඩතල මතු කරන්නට හැකියාවක් ඇතැයි  ඇය ජිවිතයේ ප්රථම වතාවට අගය කිරීමට ලක් වූවාය.
යොවුන් වියට එළඹෙද්දී ඇය තමන්ගේ උපන් ශරීර හැඩය වෙනස් කල නොහැකි බවට හිත හදා ගත්තාය. වෙනුවට මහත කැපී නොපෙනෙන්නට ඇඳුම් තෝරන  හැටි ඉගෙන ගත්තාය.හරස් අතට ඉරි ඇති ඇඳුම් වලට වඩා දික් අතට  ඉරි තියෙන ඒවත්,ලොකු මල් ඇති ඒවා වඩා පුංචි බින්දු ඇති ඒවත් තෝරන්නට ත්,ඉනට රැලි නැති,බෝරිච්චි අත් නැති විලාසිතාත් ඉගෙන ගත්තාය. හමේ පාට ගැලපෙන වර්ණ ගලපන්නට පටන් ගත්තාය. කල් යාමේදී ඕන කෙනෙක් වෙනුවෙන් සුදුසු ඇඳුම් මෝස්තර වර්ණ ගලපමින් නිර්මාණය කරන්නට ඇය සමත් වූවාය.
තාත්තා කීවාක් මෙන් අවසානයේ තමන් පුළුවන් දේ කුමක් දැයි හඳුනා ගත් ඇය අංශයෙන් ඉදිරියට යන්නට සම්පුර්ණ කාලය යෙදෙව්වාය. උසස් අධ්යාපනය ලබන කාලයේ දී ඉගෙන ගන්නා දේවල් වලට අමතර ඇය ඇඳුම් සාප්පු ගානේ යමින් ඇඳුම් විලාසිතා තනිව අධ්යයනය කළාය.සමහර සාප්පු වල ඇඳුම් මිල අධික වන්නටත් සමහර ඒවා අඩු මිල වන්නටත් බලපෑ ඇති හේතු අධ්යයනය කළාය. සමග ඇය සමහර එවන් ඇඟලුම් ආයතන සඳහා ඇය නිර්මාණය කළ ඇඳුම් විලාසිතාවක් 2ක් යවමින් ඒවා ඔවුන්ට ගැලපේ නම් නොමිලයේ භාර ගන්නා ලෙසත් නැත්නම් එසේ ප්රතික්ෂේප වීමට හේතු දන්වමින් තමන් ගේ හැකියාව වැඩිදියුණු කර ගැනීමට උපකාර කරන මෙන් ඉල්ලා සිටියාය.
බොහෝ ආයතන ඇයට සහයෝගය දක්වමින් ඇයගේ නිර්මාණ ඔවුන්ට ගැලපෙන ලෙස සකස් විය යුතු අයුරු කියා  එවන්නට කාරුණික වූහ.මේ කාරනා වලින් පොහොසත් වෙමින් නිපුනි අධ්යාපනය ලබන කාලයේ දී ඇඟලුම් ආයතන කීපයක ස්ථිර   විලාසිතා නිර්මාණය කරන්නියක බවට පත් වූවාය. ඇය තව දුරටත් අන්තර්ජාලයේ සැරිසරමින් අලුත් මෝස්තර,විලාසිතා ගැන තනි ව හැදෑරුවාය  මේ සියල්ලගෙන් ඇය ඉගෙන ගත්   හොඳ පාඩම වූයේ ලෝකයේ කිසි කෙනෙක් ලස්සන හෝ කැත නැති බවය.එක වර්ණ සංකලනයකින්, මෝස්තරයකින් ලස්සන හෝ කැත යන මතය වෙනස් කල හැකි බවය.මෙය ඇයට අප්රමාණ සැනසිල්ලක් ගෙන දුන්නේය.
දිනක් අන්තර්ජාලයේ සැරිසරමින් සිටි ඇය අහම්බෙන් දුටු දැන්වීමක් විය. මෙවර මිස් යුනිවර්සල් තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නිය  තෝරා  ගැනීමට පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා තරඟාවලියේ අවසන් 12 දෙනා ට ඇඳුම් විලාසිතා නිර්මාණය කිරීම සඳහා වූ තරඟයකි.ක්ෂේත්‍රයේ දැවැන්තයන් මහා රාශියක් සමග තරඟ කිරීම කිසි ම ජයග්‍රහණයක් අත් කර නොදෙන බව 100% ම විශ්වාස වුවත් අත්දැකීම් උපයා ගැනීමේ ආසාව නිසා ඇය ඉතා මහන්සි වී අධ්‍යයනය කර එකිනෙකට වෙනස් ඇඳුම් නිර්මාණ 4ක් ඉදිරිපත් කළාය.
සති 2ක් ගත වෙද්දී ඇයට ලිපියක් සමඟ ආරාධනා පත්රයක් ලැබුණේය.ඇයගේ නිර්මාණ වලින් 2ක් ජයග්රහණය කර ඇති බවත් ත්යාග ප්රධානෝත්සවය ඉදිරියේදී දන්වන ලද දිනයක පැවැත්වෙන බවත් ලිපියේ සඳහන් වූ අතර ආරාධනා පත්රයේ සඳහන් වුයේ  තරඟකාරියන් එම ඇඳුම් වලින් සැරසී ඉදිරිපත් කරන පළමු සංදර්ශනය සඳහා ඇයට අරාධනා කරන බවය.
නිපුනි හදවත නතර වූ බවක් දැනුනේය.
------------------------------------------------------------------------------------
අවසන් වටයට තේරුණ රූප රැජිනියන් 12 දෙනා අතර ඇයට හුරු පුරුදු මුහුණක් විය.
"පාරමී ඔයා!!"
"නිපුනි ඔයා!!!"
-------------------------------------------------------------------------------
"මම ඔයාව දකින්න බලාපොරොත්තු වුනේ international sports champion කෙනෙක් විදියට"
 “අනේ campus එකේ යාලුවෝ  application දැම්මේ.අපි කවුරුත් හිතුවේ නෑ මේ තරම් දුර එන්න.”
එතකොට ඔයා ස්පෝර්ට්ස් නැවැත්තුවා ?”
"තාත්තා ගේ ආසාව  මම කොහොම හරි campus select වෙන එක. ඔක්කොම sports එක්ක ඒක කරන්න බැරි නිසා මම A/L  වෙද්දී athletics අත් ඇරියා.තාම netball ගහනවා.national පූල් එකෙත් ඉන්නවා මම."
"ඔයා ගැන මට මාර happy පාරමී."
"ඇයි ඔයා කොච්චර talented ද.  .මේ වගේ beauty pageants වලට design කරන්න මේ පොඩි වයසට .නිකන් නිපුනි කියන්නේ ඉතින්"
ගෙදරින් අව්ලක් නැද්ද ඔයා  මේවා එනවට "
" ගෙදරින් කියන්නේ තමන් කවුද කියල මතක තියන් හොඳ සිහියෙන් වැඩ කරන්න"
"දැන් සඳනි කොහොමද පාරමී"
පාරමී ගේ සිනාව අතුරුදහන් වුයේ බලා සිටිද්දී .
"හරි නම් අද මගේ තැන ඉන්න තිබුනේ එයා නේද.සඳනි කවදාවත් එයා   තේරුම් ගත්තේ නෑ.ඉස්කෝලෙනුත් බැරි පුළුවන් නොබලා උඩින් තිබ්බා. ජනප්රියකමත් එක්ක එයත් පිම්බුනා. exam එක හරියට කර ගත්තෙත් නෑ. ෆිල්ම් director කෙනෙක් අල්ලාගෙන රඟපාන්න ගියා. රඟපාපු ඒවා අපි නම් දැක්කේ නෑ වුනාට හොඳ ආරංචි නෙවේ එයා ගැන ඇහෙන්නේ."
"My god.මම හිතුවේ අපි හැමෝගෙන්   වැඩියෙන් වාසනාවන්ත එයා කියල"
“වාසනාව කියන්නේ අපේ හැකියාවන් හරියට තේරුම් අරන් ඒවා දියුණු කරගෙන හරි විදියට පාවිච්චි කරන එක නිපුනි.වෙන දෙයක් නෑ.”
අවුරුදු ගණනකට පෙර තාත්තා දුන් අවවාදය ද මෙය බව නිපුනි සිහි කළාය.

Comments