පෙනෙන දේ -දකින දේ

Majority of Americans were not exposed to 'fake news' in 2016 U.S. ...
"අක්කා දැක්ක  මේ වීඩියෝ එක."
"මොන?"
"මේ....."සයුරි ෆෝන් එක නෑනා ගේ මූණ ඉදිරියෙන් ඇල්ලුවාය.
"අපෝ මහ ජරා මනුස්සයෙක්.පව්  අහිංසක අම්මා" මහේෂි කීවාය.
"පුතාට මේ වගේ සැප වාහන ගන්න අම්මා කොච්චර දුක් විඳින්න ඇති ?එහෙම අම්මට
 නේද මෙහෙම කරන්නෙ. පෝයට කලින් දවසෙ  මදිවට."
"කාටද බනින්නෙ?"
නෑනලා දෙන්නාගේ සංවාදය ඇසුණ චානුක ඇසුවේය.
"අයියා දැක්කෙ නැද්ද මේ වීඩියෝ එක.සුපිරි වාහනේකින් ආව පුතෙක් අම්මා  පන්සලක් 
ගාව දාලා යන හැටි"සයුරි උනන්දුවෙන් ෆෝන් එක අයියා ඉදිරියට දික් කළාය.
"... මටත් කීප දෙනෙක් ෂෙයා කරල තිබුණා. බලන්න වෙලාවක් තිබුනෙ නෑ. ඔහොම 
සමයං බලලා ඩේටා නාස්ති නොකර ඉගෙන ගන්න දෙයක්, වැදගත් නිවුස් එකක් 
බලනවකො."
චානුක දෙන්නාට  වදින්නට කියමින් ෆෝන් එක අතට ගත්තාය.
"මේවත් වැදගත් නිවුස් තමා.මෙහෙම කාලකණ්නි මිනිස්සුත් මේ රටේ ඉන්න බව දැන 
ගන්න."
වීඩියෝව නම් කර තිබුනේ 'පෝයට පෙර දින  ලේ කිරි කර දුන් අසරණ අම්මාට සුපිරි 
වාහනයෙන්  පුතා කළ අහස පොළව නුහුලන අපරාධය' ලෙසිනි.
වීඩියෝව cctv දර්ශන පෙළකි.ටික වේලාවක් එය නැරඹූ චානුක නළලට අත ගසා ගත්තේය.
"මේ මොන විකාරයක් ?මේ සමන්ගෙ බොස් ගෙ වාහනේ"
"....සමන් ගෙ බොස්  ඔය අපරාදෙ කළේ?"
ජිල්බෝල සයිස් ඇස් 4ක් චානුක දෙසට යොමු විය.
"නෑ...නෑ පෙරේදා හවස සමන්  බොස්ගෙ දුව  පන්තියෙන් ගන්න යද්දි මාව හම්බ වෙලා
 මාවත් දාගෙන ආවා. රජ මහා විහාරෙට හැරෙන හන්දියේ දි වයසක ගෑණු කෙනෙක් බෑග් 
දෙක තුනකුත් අරන් පයින් යනවා හරි අමාරුවෙන්. කොහෙද යන්නෙ ඇහුව  හැම 
පෝයට  සිල් ගන්නවා ලු රජ මහ විහාරෙ.තමන්ගෙ ගෙදර ඉඳන් උදේ එන්න දුර වැඩි නිසා
 පන්සල ළඟ  අඳුනන කෙනෙක් ගෙ ගෙදර යනවා ලු පෝයට කලින් දවසෙ. පාරෙ බස්
 යන්නෙත් ඉඳ හිට නිසා සමන් වාහනේ දාගෙන ඇවිත් විහාරෙ ගාවින් බැස්සුවා.ගෙදරට 
 ගිහින් දාන්න තිබුණා පන්තිය ගාවට වෙලාවට යන්න තිබුණෙ නැත්නම්.  අම්මා අත දික් 
කර කර අපිට පිං දුන්නා.
.......අම්මෝ මේකෙ තියෙන්නෙ පුතා අම්මව  අරන් ඇවිත් පන්සල ළඟ අතරමං කරල ගියා ලු
.අහගෙන හිටියා වගේ මාව දාලා යන්න එපා කියල ඇඬුවලු.....හහ් මිනිස්සු කමෙන්ට් කරල
 තියෙන ඒවා....වැහි නැති හෙණ ගහන්නලු.යන්න අපායක් හදන්න ඕන ලු.මේ කිසි දෙයක්
 නොදන්න බොස්ගෙ නෝනාට දරුවන්ටත් පළි ගහලා."
ඉබි යතුරු වැටුණ මුහුණු දෙකක් එවර ඔහු දෙස බලා සිටිති.
"පේජ් වල රීච් වැඩි කර ගන්න මෙහෙම ඒවා හදන උන්ටමයි වැහි නැති හෙණ ගහන්න ඕන.මේවා විශ්වාස කරන පිස්සොන්ටත් දෙන්න ඕන මඩු වලිගෙන්."චානුක තවත් කියවයි."Internet කියන්නෙ ළිඳ ළඳ සංගමයෙ ඩිජිටල් වර්ෂන් එක"
 
 


Comments