රන් කූඩුවේ කිරිල්ලී

Heart in a golden cage stock illustration. Illustration of love ...
"හා..හා… දැන් ගිහින් හෙට අඳින පළඳින දෙයක් බලන්න.නැත්නම් අලුත් නෑයෝ අපිට බනී,ලේලි පොඩ්ඩ  ගෙන් වැඩ අරන්" මලිති ගෙන් හැන්ද අතට ගනිමින් ලොකු නැන්දා කීවාය.
මලිති සිනාසෙමින් ඉවත් ගියාය.අද ඇයට හේතුවක් නැතුවත් හිනා යයි.වසර 2 ආදරය පල දරන්නේ හෙට .භානුක අය්යා පවුලේ අයත් සමග ඇය බලන්නට එන්නේ හෙට .ලොකු නැන්දා ත් සයුරි අක්කා ත් ඊයේ ඉඳන් උදව්වට ඇවිත් සිටිති.
ලොකු නැන්දා නම් ජෙලස් ඇති.අක්කා මැරි කලේ සාමාන් ජොබ් එකක් කරන කෙනෙක් නේ.එයාට motor bike එක විතරයි තියෙන්නේ. මනුස්සයා අක්කා ගැන බලන්නෙත් නෑ.එදා මම එක්ක ෂොපින් ගිය වෙලාවේ එක එක සැරයයි call  කලෙත්.ඒකට මට……කොහෙද යන්නේ,මොකටද යන්නේ, කව්රු එක්ක . මොනවා ගන්න . මොකක් ඇඳන් යන්නේ. Message කීයක් . ඇය සිතුවේ ආඩම්බරයෙනි. අඳින හැම ඇඳුමේ ෆොටෝ එකක් යවන්න ඕන.වෙන මිනිස්සු බලන්න හොඳ නෑ ලු මම දිහා.ඉරිසියාකාරයා ….ඇය ෆෝන් එකේ screen එකේ  ඇති ඔහුගේ ෆොටෝ එක   ඇද කළාය.
එදා අක්කා ඇඳන් ආව ගවුම!!.
"අක්කේ ඔයාට ඕක අඳින්න දුන්න අයියා"
"ඇයි මොකක්ද වැරැද්ද.එයාම තමා මේක ගෙනත් දුන්නේ."සයුරි  වටේටම කැරකුණේ දනිස්සට ත් වඩා දිග ගවුමේ වරදක් හොයන්නටය.
එය මේ දිනවල ඇති නවීනතම විලාසිතාව වුවත් අම්මෝ මම ඇන්දා නම් හොඳ ටිකක් අහගන්න තිබුණා. නයි මිරිස් කරල.
ෆෝන් එක bag එකේ තිබිලා call 2 සද්දේ ඇහුනේ නැති වුනා අනිත් සැරේ ගත්ත ගමන් මහා හය්යෙන් බැන්න හැටි මම ඉන්නේ කොහෙද වත් නොබලා.පව්....... බය වෙන්න ඇති. ආදරේ නිසා නේ ඉතින්……   මලිති සිතුවේ අල්මාරිය අරින අතර .
මුළු අල්මාරිය පිරී ඇත්තේ නිල්  පාට ඇඳුම් වලිනි. මලිති ආස පාට කහ වුනත් භානුක ආස නිල් පාට නිසා මලිති ත් දැන් පාට අඳින්නට පුරුදු වී ඇත.
 Office wear ටික අක්කට වත් දෙන්න වෙන්නේ.මැරි කලාට පස්සේ ජොබ් එපා ලු නේ
" ඔයා එක එක මිනිස්සුන්ගේ කරදර විඳගෙන බස් වල වැඩට යන්න ඕන නෑ .මගේ ජොබ් එකයි පවුලෙන් එන දේපලයි  අපි ඕනෑවටත් වැඩි.ඔයා ගෙදර ඉඳන් මගේ වැඩ ටික බලා ගන්නකෝ"
"හ්ම්...හරි හරි මහත්තයෝ...මම ඔයාට උයලා කවලා ඉන්නම් කෝ"ඇය තනිව සිනාසුණාය.
ඇය භානුක ගෙනත් දුන් සාරියක් අතට ගත්තාය. යටින් තිබුනේ අමානි ගේ wedding එකට යන්නට ගත් සාරිය යි.අමානි ඇගේ office එකේ හොඳම යෙහෙළියයි. වෙඩින් එක තිබුනේ තරමක දුර බැහැර නිසා office එකේ  අය බසයක් කුලියට ගෙන එහි යන්නට කතා කර ගත්හ.
"එපා සුදු ගෙදර අයත් නැතුව තනියෙන් ඕකට යන්න.මම දන්නේ නැද්ද ඔය ගෑනු මිනිස්සු බීලා කරන විකාර"
"අනේ අය්යේ අමානි මගේ හොඳම යාළුවා නේ"
"ඔයාට එයාද වටින්නේ මම කියන එක "එතනින් එහාට කතාවක් වැඩක් නැත.
 ගියේ නැති එකත් හොඳයි.අපේ gents ටික එද්දී බජව් දාගෙන ඇවිත් තියෙන්නේ. අය්යා කැමති නෑ නේ මම වගේ අයත් එක්ක ආශ්‍රය කරනවට .ගියා නම් මාසයක් මතක් කර කර බනියි.   
සාරියට ගැලපෙන ආභරණ සොයන්නට මලිති ලාච්චුව ඇරියාය.ඇගේ අත ගියේ කාර්යාලයේ පොසොන් බැති ගී සංදර්ශනය සඳහා සියලු දෙනා order කර ගෙන්වා ගත රිදී ආභරණ කට්ටලය වෙතය.
"ලැජ්ජා නැද්ද සුදු ඔයාට stage උඩ  නටලා දඟලන්න.හැදිච්ච ගෑණු ළමයි කරන වැඩ ඕවා"
"අනේ ඉතින් නරක දෙයක් යැ.භක්ති ගීත නේ.මම ඉස්කෝලේ යන කාලෙත් ඔහොම සින්දු කිව්වා"
"ඉස්කෝලේ වෙනයි දැන් වෙනයි.මම කැමති නෑ.කතාව එච්චරයි"
ඔව් ඉතින් අය්යා ගේ පවුලේ කවුරු හරි ප්රෝග්රෑම් එක tv එකේ දැක්කා නම් අයියාට නේ ප්රශ්නේ. මම තේරුම් ගන්න ඕන නේ එයාගේ පැත්තත් ඉතින්.
මහා හිනා හඬක් ඇසීමෙන් මලිති ජනේලයෙන් එලිය බැලුවාය.
අම්මෝ සයුරි අක්කා. මහත්තයා එක්ක කැකිරි පලන සද්දේ.මම එහෙම හිනා වුනා නම් කට තලයි මගේ.
මලිති ජනේලයෙන් ආපසු හැරුණාය. කණ්ණාඩියෙන්  පෙනෙන රුව ඇයට හැඟුනේ තමා දෙස බලා සිටින ලෙසය. රුව තමන් දන්නා මලිති නොවේ. වැඩි දෙයක් හිතන්නට පෙර භානුක අය්යාගේ ප්රියතම ගීතයේ වාදනය ඇසුණෙන් ඇය වහා ෆෝන් එක අතට ගත්තාය.
"හෙලෝ අය්යේ,"
"සුදු මොකද කරන්නේ”
 "හෙට අඳින්න සාරියක් තෝරනවා අය්යේ"
" මම කිව්ව එක නේද අඳින්නේ. ඒකෙ හැට්ටේ මට පෙන්නුවේ නෑ"
"එවන්නම් අය්යේ. ඔයා  කිව්ව විදියට තමා මැහුවේ"
"ඔයා හෙට ලස්සනට ඔසරිය ඇඳල ඉන්න ඕන කොන්ඩේ විකාර මෝස්තර එහෙම කරන්නේ නෑ, බෙල්ල පහලින් ගෙඩියක් බඳින්න.මුකුත් සුකුරුත්තන් කනේ කරේ එල්ල ගන්න  එපා. එක එක ජාති උලන්න ත් එපා මූණේ. අපේ ගෙවල් වල අය කැමති නෑ විච්චුරණ වලට.'
මලිති කිසිත් නොකියා කන්නාඩිය දෙස බලා සිටියාය.
"සුදු...මොකද සද්ද නැත්තේ"
"….....ඔයාල…. එන්න ……එපා….. අයියේ"
"මොකක්.. මොකද?"ඔහුගේ හඬේ විස්මයක් මෙන් තරහක් ඇයට හැඳිනිය හැකි විය.
"මට………. ඔයාව බඳින්න………… බෑ අය්යේ"
"මොකක්ද කිව්වේ.........මම දැන ගත්තා එපා කියද්දී අර කෝස් මේ කෝස් කියා කියා යද්දී මොකෙක් හරි එක්ක සෙට් වෙලා තමයි කියලා…….මම තොපි දෙන්න ....."මලිති දුරකථනය විසන්ධි  කර ඇඳ උඩට විසි කළාය.අහසේ පියාඹනවා වැනි හැඟීමක් ඇයට දැනුණේය.



Comments