
"දිලිනි
මිස් ගේ ගෙදරින් දෙන්නයි,අසුන්තා මිස් ගේ 4 දෙනා ම යනවා නේද,එතකොට අචිනි මිස්..."සාගර කොලයක් පුරවමින් මේසයක් ගානේ යයි.
"මොකක්ද
සාගර"අචිනි ඇසුවාය.
"ආ..ඔයා එදා හිටියේ නෑ නේ.මේ
පාර අපේ office ට්‍රිප් එක.beach
ට්‍රිප් එකක් යන්නේ"අසුන්තා ඇය දැනුවත් කළාය.
"ෂා
...නියමයි නේ.කවද ද
යන්නේ"
"මේ
මාසේ අන්තිම වීක් එන්ඩ් එකේ "
"අයියෝ
අපි ඒ සති අන්තේ
අපේ මහ ගෙදර යන්න ඉන්නේ"
"අනේ
මහ ගෙදර වෙන දවසක යන්න බැරි යැ.මේක අවුරුද්දකට
එක පාර නේ"අසුන්තා නැවත කීවාය.
"මේ
දවස් වල ගමේ ගොයම්
කැපෙනවා.අපි එනවා කිව්වා ම තාත්තා ඒ
වැඩ ඒ දවස් වලට
දාගෙන.අපේ පොඩි දෙන්නා දැකලත් නෑ නේ ඕවා.අපි ලබන පාර එන්නම්"
-----------------------------------------------------------------------------------------------------------------------
දුම්
වැදීමෙන් කඳුළු ගලන ඇස් දෙක එක අතකින් පිස
දමමින් අසුන්තා
හිස ඔසවා බැලුවාය."අපෝ...trip ගිහින් කඩෙන් කන්න බෑ.බඩු ගෙනිහින්
බීච් එකේ උයාගෙන කන එක තමා
නියම ජොලි"කිවූ කිසි කෙනෙක් පැත්ත පලාතක නැත.පිරිමි ටික බෝතලයක් වටේ රොක් වී ඇත.තරුණ
වයසේ අය මුහුදේ
නාති. ළමයි වෙරළේ
සෙල්ලම් කරති.හැම දා පරිදි මේ
උයමනට ඉතුරු වී ඇත්තේ බර
අදින තලතුනා කාන්තාවන් ටික දෙනාය.බෝතලයක් දුටු විට මෙලෝ සිහියක් නැති වන සැමියා ගැන
දන්නා බැවින් ඇය මේ සොයන්නේ
දරුවන් දෙදෙනාය.ගෙදර තනියෙන් තියා එන්නට බැරි නිසා අකමැත්තෙන් ම ඇදගෙන ආ
දියණිය ටිකක් ඈතින් සමන්තා ගේ පුතා සමග
මුකුළු කරමින් සිටිනු දැකීමෙන් ඇය දෙලෝ රත්
විය.පුතාගේ හැසිරීම ගැන
සමන්තා දවස ගානේ විස්සෝප වන නිසා ඔහු
ගැන අමුතු චරිත සහතික ඇයට අවශ්‍ය නැත.
"දුව,කෝ මල්ලි"ඇය
නොරිස්සුම් සහගත උස් හඬින් ඇසුවාය.වෙන තැනක් වූවා නම් හොඳවයින් දෙකක් කියා කෙල්ල ඇදගෙන ආ හැකි වුවත්
සමන්තා ගේ මූන ඉදිරියේ
එය කල නොහැක.
"සෙල්ලම්
කර කර ඇති අම්මේ"තමන්ට ලබාගෙන ආ සිකුරු දසාවට
හදිසියේ හරස් වූ සෙනසුරා ගැන
උරණ වූ මේකලා ද
ඒ හඬින් ම කීවාය.
"පොඩ්ඩක්
ගිහින් බලන්න ළමයෝ,මුහුදට වත් ගියොත්"
"අපෝ
මට බෑ ගිනි අව්වේ
ගිහින් කළු වෙන්න.අර අනිත් ළමයි
ත් ඉන්නේ"
"එහෙනම්
තාත්තා ට වත් බලන්න
කියන්න.මල්ලි ට පොඩ්ඩ බැරි
වෙද්දී සෙම"
" මට
නම් බෑ තාත්තා ඉන්න
හරියට යන්න"
"එහෙනම්
ඇවිත් මේ හොද්ද බලනවා
"
මේකලා
වේගයෙන් පැමිණ අම්මා අතින් හොදි හැන්ද ගත්තාය.තමාගේ ඇසේ ඇති පොල් පරාලයට වඩ අනුන්ගේ ඇසේ
පොල් කෙන්ද පේන බටපොතු මලු ටිකට තමන්ගේ දරුවන් හැදීමේ අසමත්කම ගැන මාසයක් කියවන්නට දුවගේ මේ හැසිරීම ප්‍රමාණවත් බව සිහිපත් කල අසුන්තා
තරහින් සැමියා සොයන්නට පිටත් වූවාය.
ඔවුන්
සිටින හරියට එද්දී ඇයට පොලව පලා ගෙන යන්නට සිතුනේ තමන්ට පිටුපා බඹර පදමට ලං ව සිටි
සැමියා ඔවුන් දෙදෙනා යාලු වී සිටි කාලයේ
සිද්ධි කාර්යාලයේ කොලු ගැටයන් සමග රස කර කියනු
ඇසීමෙනි."දෙය්යනේ.මම ආයේ වැඩට
යන්නේ කොහොමද"
දැන්
එතනට ගොස් තවත් විහිළුවක් වන්නට බැරි නිසා ඇය තරහින් ආපසු
හැරුණාය.
"කැලුම්
අය්යේ අසුන්තා මිස් මෙහාට
එන්න ඇවිත් ආයේ හැරුනා.ආව්...ආව් අය්යා කිව්වා වගේ ම තමා ගැස්සිල්ල"
ඒ
කතාව කියන්නේ කව්රුන් දැයි හැරී බලන්නට
ඕනෑ වුවත් ඇය දත් මිටි
කමින් පුතා සොයන්නට ගියේ කේන්තිය බුබුළු දමද්දිය.
-----------------------------------------------------------------------------------------------
සඳුදා
කාර්යාලයට වාර්තා කල අසුන්තා ට
දැනුනේ සති අන්තයේ හොඳට ම කාගෙන් හෝ
ගුටි කෑ සෙයකි.ඊයේ
මහ රෑ ගෙදර එද්දී
වත් සැමියා ට හොඳ සිහියක්
නැත.ගේ ඇතුලට ගත්තේ
ද වත්තම් කර ගෙනය.අද
ඇය එද්දී ත් ඔහු මෙලෝ
සිහියක් නැතුව නින්දේය. බස් රථයේ දී තමන් ගාව
ම වාඩි කරවා ගත් තරහට උදේ වෙන කල් ම දුව ගේ
තරහින් පුපුරන දික් කර ගත් මුහුණ වෙනස් වුනේ නැත.ඇය ගෙට ගොඩ
වුනේ ම 'ආයේ නම් ඔය ගොන් ට්‍රිප් වලට මම එන්න කියන්න
එපා.මම ඉන්නම් යාලුවෙක්
ගේ ගෙදර" කියාගෙන ය.ඇය තමන්ගේ
ඇස වසා අර තක්කඩි කොල්ලාගෙන්
දුරකථන අංකය වත් ලබාගෙන නම් තවත් ප්රශ්නයකි. මාරුවෙන්
මාරුවට දියෙන් ගොඩට පනිමින් පැය ගණනක්
අව්වේ නැටූ පුතා ගේ ඇඟ ත්
රත් වෙලා වගේ ය. පැනඩෝල් සිරප් පොවා යන්තම්
ඔහු ව අල්ලපු ගෙදරට
බාර දී ආවේ වරුවෙන්
ගෙදර යන්නට බලාගෙනය.නොකිව්වාට අනිත් පවුල් වල තත්වය ත්
මෙයට වෙනස් නැති බව ඇය දනී.
"good
morning….. අපිට මොනවද
ගෙනාවේ ගමෙන්"
අසුන්තා
පියවි ලෝකයට ආවේ දිලිනි ගේ හඬින්.අචිනි
සිනාසිසී බෑගය පුටුවේ එල්ලුවාය.
"අම්මෝ......මාර ජොලි.මාර relax.මම හිතන්නේ අපි
ගමේ නෑයෝ ඔක්කොම එකට මීට් වුනේ අපේ වෙඩින් එකෙන් පස්සේ වෙන්න ඕන…. .මේ"
ඇය
සතුට උතුරන මුහුණෙන් යුතු ව තම අත්ල
පෙන්නුවාය.
" හානේ……
මේ මක් වෙලාද"
"සැහෙන
කාලෙකට පස්සේ අපි දෙන්නත් ගොයම් කැපුවා.පොඩි දෙන්න කුඹුරෙන් ගොඩ ගන්න ම බෑ අම්මලා
නැන්ද ලා කන්න දීලා
මගේ බරත් වැඩි වෙලා ඇති කිලෝ 2-3ක් වත් ."
"අපිට
ගෙනාවේ නෑ නේ මුකුත්"
"ගෙනාවා
ගෙනාවා,මම ටී රූම්
එකට දීලා ආවේ.දවස් 2ක් කුස්සිය පැත්තේ
වත් යන්නේ නැතුව මට අද උදේ
උයන්නත් කම්මැලි" ඇගේ ඇස් දෙක සන්තෝෂයෙන් බබලයි.
"කොහොමද ඔයාලගේ ට්‍රිප් එක"
"අහ්
....ඒක හරිම ෆන්.
අපරාදේ ඔයාලට ත් එන්න තිබුනේ "
අසුන්තා
කීවාය.
Comments
Post a Comment