උපන්දින තෑග්ග

"අම්මේ මේ පාර මාමා ගේ උපන්දිනේ  මොනවා  කරන්න ඉන්නේ"
සදිල් පින්කම යයි කියවෙන්නට  වචනය ආයාසයෙන් යටපත් කරගෙන ඇසුවේය තමන් ඉපදෙන්නට  කලින් ගෙදරින් අතුරුදහන්  ඇති අම්මා ගේ එකම සොහොයුරා ලංකාව පුරා  සොයා හමු නොවුනත් තවමත් ඔහු මිය ගොස් ඇති බව පිලි ගන්නට අම්මා අකමැතියඔහුගේ උපන් දිනය දවසට අවුරුද්දක් පාසා කුමක් හෝ සත් කාර්යයක් සිදු කර සෙත් පැතීමත් දීර්ඝායුෂ  පැතීමත් සිරිතය.
"මුකුත් විශේෂයක් නම් හිතලා නෑ.වෙනදා වගේ  ළමා නිවාසෙට දානයක් දෙන්න ත් පුළුවන්.පුතාගේ මුකුත් අදහසක් තියෙනවා ?"
"මට අපේ ඉස්කෝලේ ගාව ඉන්න හිඟන්නා  නාවල කොන්ඩේ  රැවුල කපලා කන්න බොන්න ටිකක් දෙන්න හිතයි"
"අපෝ අර හැඩපලු ගෙතුන දිග කොන්ඩෙයි රැවුලයි තියෙන කට්ට කළු හිඟන්නා  ?"අක්කා ඇසුවාය.
"හ්ම්....මිනිහට වඩා බර වැරහැලි ටිකක් ඇඳන් ඉන්නේ හැමදාම"
"ඊයා,ඕයි පිස්සුවක් හැදීගෙන එනවද?"
"ඇයි ?"
" මිනිහා ලඟට කිට්ටු වෙන්නේ කොහොමද.කෙලින්  ඇවිදින කුණු කන්දක් නේ.හැතැප්මක් දුරට එනවා ගඳ"
"අනේ මේ අක්කේ,මිනිස්සුන්ට අපහාස නොකර ඉන්නවා.අපිට එහෙම ගඳ නම්  මනුස්සයට තමන්  කොහොම ගඳ ඇතිද?"
"මිනිහෙකුට මූන කට හෝදලා ඉන්න බාත් රූම් ඕන .පාර අයිනේ ටැප් වල වතුර නැද්ද."
පාර අයිනේ ටැප් වලින් නාන්න ගියොත් හොඳට තියෙයි.චරිතයා පන්සල් කන්ද පැදගෙන එද්දී බයිසිකලේ පෙරලිලා  බයිසිකලේ මඩ ටික පන්සල ගාව ටැප් එකෙන් හේදුව කියල උපාසක අම්මලා සිල්   රෙදි කරේ තියන් ආවේ.මේ මනුස්සය  පන පිටින් හම  ගහයි."
"කවුද ළමයෝ ඔය මනුස්සයා"අම්මා ඇසුවේ අක්කා මල්ලි වාදයේ ඉවරයක් නැති නිසාය."අම්මා දැකල නැතුව ඇති.අපේ ඉස්කෝලේ  යන්න පාර පනින තැන මාර ගහ යට ඉන්නේ අවුරුදු ගානක ඉඳන්."
'කවුද ඉතින් නාවන්නේ"අක්කා එවර ඇසුවාය."ප්රතිපාදන දෙනවා නම් අපි සෙට් එක කරන්නම්"
"මොන හොරෙක් මිනිමරුවෙක්  දන්නේ නෑ ළමයෝ.අපිට ත් පොලිසි යන්න වැඩක් නම් කරන්න එපා"
"එහෙම කෙනෙක් නම් බය නැතුව අවුරුදු ගානක් නිතර traffic පොලිසියේ අය ඉන්න ඉස්කෝලේ පාර ළඟ  හිඟා කන්නේ නෑ නේ නාලිනී.ඔය මනුස්සය  පිරිසිදු කරලා ආයෙත් පුරුදු රස්සාවට   යවන්නේ පුතා"
මෙතෙක් සියල්ල සාවදාන  අසා සිටි තාත්තා ඇසුවේය.
සදිල් කරදරකාරී සිතකින් තාත්තා දෙස බැලුවේය.තාත්තා අසන්නේ මෙතෙක් ඔහුට මතක් නොවූ දෙයකි.
"හරි.හරි කමක් නෑ.ඉස්සෙල්ල මනුස්සයෙක් කරලා ඉන්නකෝ.මිනිහාට රස්සාවක් ඊට පස්සේ බලමු"තාත්තා කිවේ සදිල් පසුගාමී නොවන්නට ."මගේ ගානේ දෙන්නම් සරමයි,කමිසෙයි,සෙරෙප්පු දෙකයි."
"මම දෙන්නම්  සබන්ටූත් පේස්ට්,ෂැම්පු ටික.හැබැයි මම නම් පැත්ත පළාතේ වත් එන්නේ නෑ "අක්ක කීවාය.
"අපෝ එන්නත් එපා.ලජ්ජා නැද්ද හලෝ පිරිමි නාන දිහා බලන් ඉන්න".
-------------------------------------------------------------------------------------------------------------
සදිල් මෙය තම යහළුවන්ට පැවසු විට ලැබුන ප්රතිචාර  යහපත් නොවීය.
"ඔයිට හොඳ නැද්ද බන් නගර සභාවේ කුණු ලොරිය හෝදන්න ඉල්ලා ගත්තා නම්"
" කොන්ඩේ රැවුල කපන්න නම් චේන් සෝ එකයි,ග්රාස් කටර් එකයි ඕන වෙයි"
"අපිට තව  හොයගෙනත් නැති ලෙඩ හැදෙයි බන්"
"දැන් උඹලට බැරි  මේක  හෙල්ප් කරන්න"සදිල් ඇසුවේ තරහිනි.
"හරි හරි  එන්නම්.උඹ අම්මා  කියල අපිට සුපිරි ලන්ච් එකක් රෙඩි  කරලා තියපන්.ඔහොම ගේම්  අපි ගොඩ දැම්මේ"
යොදා ගත්  දවසට කලින් දවසේ සිට  ඔවුන් අදාළ හිඟන්නා ගැන කල්පනාවෙන් සිටියේ අවුරුදු ගානක් එතන සිටියත් අවශ් දවසට  ඔහු වෙන කොහෙවත් යයි  යන බියෙනි.ඔහුව අඬ ගසා  ගෙන ඒමත් සිතු තරම් අපහසු නොවීය.වත්ත පහල ලිඳ ගාවට ගෙන ගොස් ඉතා අසීරුවෙන් කොණ්ඩයත්  රැවුලත් කපා අවසන්  කිහිප පාරක්  සබන් ෂැම්පු යොදා ඔහුව පිරිසිදු කිරීමට ඔවුහු වෙහෙසුනහ.
කිහිප පාරක්  නාවා සියලු කුණු ඉවත් කරද්දී මේ තරම් කුණු ගොඩකට යට වී මෙවන් ප්රියමනාප  කෙනෙක් සිටීම ඔවුන්ටත් පුදුමයක් විය.
තාත්තා සපයා දුන් අලුත් ඇඳුම් අන්දවා යහළුවෝ ඔහු  ගෙදරට කැඳවා ගෙන ආවේ ආහාර ලබා දීමට .එහෙත් ඔහුට නිවසට ඇතුල් වීමට ලැබුණේ නැත.
.
.
.
.
.
.
.
.
.
.
.
"අනේ  මගේ  මල්ලියේ"කියමින් අම්මා මහ හඬින්  හඬාගෙන ගොස් ඔහුගේ බෙල්ල බදා ගත්තාය.

Comments