වෙනස


නගරයේ රැකියාව කල දිනේෂ් ගේ ඊලග ඉලක්කය වූයේ නගරාසන්න නිවසක් මිල දී ගැනීමයි.දන්නා හඳුනන අය ගෙන් අසා බලමින්  කාලයක් තිස්සේ නොයෙක් නිවෙස් සොයා බැලුවත් සොයන පහසුකම් වල අඩු පාඩු හෝ දැරීමට නොහැකි තරම් මිලක් නියම තිබීම නිසා මේ ඉලක්කය දිනෙන් දින කල් පසු විය.මේ අතර නගරාසන්නව ඇදහිය නොහැකි තරම් අඩු මිලකට විකිනීමට ඇති නව නිවසක් ගැන ඔහුට දැන ගන්නට ලැබුණි. අයිතිකාරයා කීවේ මුදල් හදිසියක් බවය.මේ වෙද්දී නිවෙස් ගණනාවක් සොයා බලා පදම් ම් වී සිටි දිනේෂ් මේ පිළිතුර ගැන සෑහීමට පත් නොවුනත්,එතරම් අඩු මිලක් නියම වීමට වෙනත් හේතුවක් සොයා ගැනීමට නොහැකි විය. නිවසේ ඔප්පු ඉතා නිරවුල් .අසල්වැසි කරදර ප්රශ්න කිසිවක්  නැත.ස්වභාවික ආපදා හෝ වෙනත් ආපදා කිසිවක් නැත.පවුලේ අය  ගේ කැමැත්ත සහිත දිනේෂ් එම නිවාස මිලට ගත්තේය.ගෙට ගෙවදීමේ උත්සවයක් පැවැත්වීමට පෙර නිවසට අවශ් vq කීපයක් මිලට ගැනීමට ඔහු නගරයට ගියේය.බඩු සියල්ල මිලට ගෙන ඔහු ත්රී වීලයකට නැගී තමන් යා යුතු තැන දැන්වුවේය.
"කුණු ගොඩේ ගෙදර නේද මහත්තයා?"
රියැදුරා ඇසුවේය"
"මොකක්"
"අරලිය ලේන් එකේ පලවෙනි ගේ නේද ."
"ඔව්,ඇයි ගෙදරට එහෙම කියන්නේ".දිනේෂ් කුතුහලයෙන් ඇසුවේය.
" මුළු ලේන් එකේ කුණු ගෙනත් දාන්නේ ගේ ගාවට නේ"
"මොනවා.ඇයි පැත්තේ කුණු එකතු කරන්න එන්නේ නැද්ද?"
"කුණු එකතු කරන්නේ දවස් 2 කට සැරයයි.අනෙක් ටික පල් වෙවී එකතු වෙනවා"
" ගෙදර අය මුකුත් කරන්නේ නැද්ද ගැන"දිනේෂ් තුෂ්නිම්භූත ඇසුවේය.
"මොනවද නොකළේ,බෝඩ් ගහන තැන ඉඳන් පොලිසි යනකල් කරන්න පුළුවන් ඔක්කොම දේවල් කළා. මහත්තයා ගේ පොඩි ළමයි දෙන්නා ලෙඩ වෙන්න ගත්තාට පස්සේ තමා ගේ විකුනන්න දාලා තියෙන්නේ"
ත්රීවිලයේ සුලන් වැදෙද්දී ත් ඔහුට හීන් දාඩිය දැම්මේය.නිවාස පහු කර ටික දුරක් ගොස් වාහනය නතර කර ගත් ඔහු එය පිටත් යන තුරු සිට අඩියට දෙකට නිවසට ලඟා වුයේය.
සැබෑවකි.උදේ ඔහු ගෙදරින්  පිට වෙද්දී නොතිබූ මහා කුණු ගොඩක් තාප්පය අසල ගොඩ ගැසී ඇත.අයාලේ යන බල්ලන් කපුටන් කීප දෙනෙක් අසල ගැවසෙති.දිනේෂ් වහා ගේ තුලට ගොස් කුස්සිය පැත්තේ තියා තිබූ ප්ලාස්ටික් බැරලය හා උදැල්ල ගෙන ආවේය.සියලු කුණු එකතු කර බැරලය දැමුවේ ඔක්කාරයට එන්න  තරම් වූ පිළිකුල මැඩ ගනිමිනි.
එය අවසන්   නිවසට පැමිණ ඔහු ඇඳුම් පවා මාරු නොකර ඇඳට වැටුනේය.ඔහුට දැනුනේ තමන් විශාල වංචාවකට හසු වූ බවය.බැරලය තැබීම තාවකාලික පිලියමක් පමණි.ගත හැකි පිලියමක් ඔහුට සිතා ගත නොහැකි විය.
පසුවදා රැකියාවට යන්නට මිදුලට බැස්ස ඔහුගේ නහය හාරවා ගෙන් යන මහා දුර්ගන්දයක් දැනුනේය.ඊයේ තැබූ බැරලය රැයේ සතුන් විසින් පෙරලා දමා ඇත.කුණු පාර පුරා ත් ගේට්ටුව අසලත් විසිරී . අවට කැරකෙන මැස්සන් කීප දෙනෙක් ඔහුගේ ඇඟේ වැසුවේය.ඔහු ආපසු හැරී බෑගය නැවත ගේ ඇතුලින් තබා උදැල්ල රැගෙන එලියට ආවේය.
--------------------------------------------------
"මොකෝ බන් උඹ ලේට් වෙලා.අලුත් ගෙදර ඉඳන් එන්න පාර වැරදුනාද?"
සාලිය වෙනදාට වඩා පැය කීපයක් ප්රමාද වී කාර්යාලයට පැමිණි දිනේෂ් ගෙන් ඇසුවේය.
දිනේෂ් සියලු තොරතුරු ඔහු සමග පැවසුවේය.
"අප්පට සිරි,එහෙනම් ඒක තමා තරම් අඩු ගානට ගේ දීල තියෙන්නේ"
"දවස ගානේ ඔහොම කුණු අදින ජොබ් එක කරන්නේ කොහොමද බන්"
කතාව අසා සිටි මනෝජ් කතාවට එකතු වූයේය.
"මෙහෙම තියාගෙන කොහොමද බන් මම වයිෆ් වයි බබා වයි අරන් එන්නේ.ගේ පුරා මැස්සෝ.ගේ ගඳ ගහනවා,හවස් වෙද්දී මදුරුවෝ "
"ඇයි ඔය ලේන් එකේ හෙන පොෂ්  පොරවල් නේද ඉන්නවා කිව්වේ.ලැජ්ජා නැද්ද අනුන්ගේ තාප්ප ගාව කුණු දාන්න."
"පොෂ් වැඩි නිසා තමා කාර් එකේ වීදුරුව පොඩ්ඩක් පහත කරලා කුණු ටික විසි කරලා ඉගිලිලා යන්නේ"
"උඹට ත් කලින් අයිති කාරයා ගේ විසඳුම තමා කරන්න වෙන්නේ. මෑන් වෙලාවක් වෙන් කර ගෙන  ගේ බලන්න එන්න කියන්න ඇත්තේ  කුණු ගොඩ අයින් කරන්න වෙලාව  තියාගෙන  වෙන්න ඕන"
"අනේ මන්දා බන්.කලින් මම දුක් වින්දේ ගෙයක් නැතුව,දැන් ගෙයක් අරගෙන වත් මට සැනසුමක් නෑනේ."
දවස් කීපයක් ගත වුවත් කිසි කෙනෙකුට දිනේෂ් ගේ මේ ප්රශ්නයට විසඳුමක් දීමට නොහැකි විය.ඔහු ගේ සිතේ සැනසුම දිනෙන් දින ඈතට ගියේය.සාලිය දිනක් ඔහුට අලුත් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කළේය.දිනේෂ් සැකයෙන් ඔහු දෙස බැලුවේ එහි සාර්ථකත්වය ගැන කිසිම විශ්වාසයක් නැතුවය.එහෙත් කිසිම විසඳුමක් නැතුව කල්පනා කරමින් සිටිනවාට වඩා යමක් කර බැලීම වටී.සාලිය දුන් දහස්පෙතියා මල් ගොන්න ගෙන ඔහු හිස් ප්ලාස්ටික් බඳුන්,පොලිතින් බෑග වලට පස් පුරවා මල් වල ඇට වෙන් කර ඒවා යේ වගා කළේය.දිනපතා උදේ හවස වතුර යොදමින් සාතතු  කළේය. පැල  සැදී මල් පොහොට්ටු එක දෙක මතු වෙද්දී එක සති අන්තයක තාප්පය අසල කුණු සියල්ල සුද්ද කර මල් පැල එහි සිටෙව්වේය.හොඳින්  පෙනෙන    පරිදි ".........දෙවියන්ගේ පුජාවට වෙන් කල මල්"ලෙස බෝඩ් එකක් සවි කළේය.
මහන්සි නිසා නින්දක් නිදා ගත ඔහු සවස තම කාර්යය බැලීමට ගියේ මල්  පැල   ටිකවත් තිබේ දැයි විශ්වාසයක් නැතුවය.මහා පුදුමයකි.වෙන සති අන්ත වල එකතු වන කුණු වලින් අඩකටත් අඩුවෙන් එකතු වී ඇත.දින කීපයක් ගත විය.මල්   පැල  කුණු වලින් පොහොර වූ පොලව බදාගෙන හිරු එලිය ලබමින් මල් යායක් ලෙස විකසිත විය.කුණු දැමීම ටිකෙන් ටික අඩු වී නැති වී ගියේය.
නීතියට බය නොවූ මිනිසුන් දෙවියන් බය වූහ.
සතුටින් පිරි ගිය දිනේෂ් ගෙට ගෙවදීමේ උත්සවයට ලක ලැහැස්ති වුනේය. සඳහා අවශ් බඩු මුට්ටු කීපයක් මිල දී ගැනීමට ගිය ඔහු නැවත ත්රීවිලයකට නැගුනේය.
"අහ්,අර මල් ගෙදර නේද මහත්තයා"
දිනේෂ් ජයග්රාහි හිනාවකින් හිස වැනුවේය.




Comments