එස්
අකුර මට විශේෂයි ඉස්සර
ඉඳන් ම.ඒ මගේ
නමේ මුල අකුර නිසා.ඒත් එස් අකුරකට මේ තරම් දේවල්
කරන්න
පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවේ
නෑ.
මම
සකුණ.පවුලේ එකම දරුවා.අම්මයි තාත්තයි කවදාවත් මට කිසි බරපතලක්
දැනෙන්න දුන්නේ නෑ .එයාල මට බලපෑම් කෙරුව
එක ම තැන උසස්
පෙළ ට විෂයන් තෝරද්දී.යාලුවෝ නෑදෑයෝ ඔක්කොගෙම ළමයි සයන්ස් කෙරුව නිසා මට ත් ඒකම
කරන්න සිද්ද වුණා.කිසි කැමැත්තකින් තෝර ගත්ත දෙයක් නෙවේ නිසා මම ඉස්කෝලේ දී
පන්තියේ ඉන්න වත් උනන්දු වුනෙ නෑ.ටියුෂන් යන්න
සල්ලි ඉල්ලගෙන ත් යාලුවෝ එක්ක
රවුම් ගහන එක කලේ.
රිසල්ට්ස්
ආවා.මම ආදරේ කෙරුව
අකුරු 3ක් මට එකතු
කර ගන්න බැරි
වෙලා.අම්මා අඬනවා,තාත්තා මගේ මූන වත් බලන්නේ නෑ. අවුරුද්දකට සැරයක් වත්
එන්නේ යන්නේ නැති නෑදෑයෝ කෝල් කර කර රිසල්ට්ස්
අහනවා. මෙතන ගෙයක් තියෙනවද වත් නොදැන වගේ පාරේ ගිය අසල්වැසියෝ ත් ගේට්ටුව ගාව
නැවතිලා අම්මා ව කතාවට අල්ලගන්න
හදන්නේ.මිදුල අතු ගාන්න වත් එලියට බහින්න බෑ.
ඉස්සර
වගේ රස්තියාදු ගහන්න වත් විදියක් නැති වුනා.මගදී හම්බ වෙන අය ගේ මූණු
මගේ රිසල්ට්ස් අහපු ගමන් බෙරි වෙනවා.අන්තිමට කඩේකට ගියත් මට හිතෙන්නේ මුළු
කඩේ ම ඉන්න මිනිස්සු
මට හිනා වෙනවා වගේ.ඉස්සර computer එකේ ගේම්ස් ගහන්න ඉල්ලගෙන පොර කාගෙන ආව ළඟ පාත
පොඩි ළමයි ටික ත් එන්නේ නැතුව
ගියා.මම වගේ එකෙක්
ආශ්රය කරලා උනුත්
විනාස වෙයි වගේ හිතන්න ඇති ඒ ගෙවල් වල
අය. පන දීගෙන හිටිය
යාලුවෝ ත් වෙනස් වෙන්න
ගත වුනේ ටික කාලයයි. අම්මගේ දුක් ගන්න රාල වෙච්ච ලොකු අම්මා මාව එහෙ එවන්න කිව්වා ලු.ලොකු අම්මා
නම් හරි හොඳ වුනාට ඒ හිට්ලර් ලොකු
තාත්තා ට මම කවදාවත්
කැමති නෑ. මට තිබුන
එක ම සැනසීම fb යන
එක.ඒත් එතන ත් යාලුවෝ results sheets දාලා.
ඔක්කොගෙම රිසල්ට්ස්
හොඳයි.අපේ ඉස්කෝලෙන් ම ෆේල්
මම විතරද මන්දා.group චැට් එකෙත් හැමෝම රිසල්ට්ස් කියනවා විශ් කර ගන්නවා.මට
ඔක්කොම එපා ම එපා වුනේ
" එස් 3ක් දා ගන්න
බැරි කොල්ලෙක් ගේ අනාගතේ මොකක්ද
අය්යේ.අපි මේක නවත්තමු.ඔයා හොඳින් ඉන්න"කියන message එකෙන්.
කිසි
කෙනෙක් ට වැඩක් නැති
අපතයෙක්,දෙමවුපියන්ගේ සල්ලි නාස්ති කෙරුව කාලකන්නියෙක් විදියට මාව දකින මිනිස්සු මැද්දේ තවත් මට ඒ ගෙදර
වත් ටවුමේ වත් ඉන්න ඕන වුනේ නෑ. මම ලොකු අම්මා ගේ ගෙදර එන්න
හිත හදා ගත්තා.
ලොකු
තාත්තා මාව එයාගේ යාලුවෙක් ගේ ගරාජ් එකක
වැඩට දැම්මා. අයිතිකාරය හොඳ වුනාට වැඩ කරන අය අලුත් කොල්ලන්ව
වහල්ලු ගානට දාල හිටියේ.මුල මාසේ ම කලේ තේ
ඇද්ද එක.යතුරු සුද්ද
කරලා අස් කරන
ඒවා.ගරාජ් එක අතු ගාන එක. පොඩ්ඩ බැරි
වෙද්දී බැනුම් අහලා ඉවරයක් නෑ ."උඹට යස වැඩේ,දැන්
ඉතින් අනුන්ගේ වාහන වල මජන් පිහදාපන්,මලකඩ හුරපන්."මම මට ම
කියා ගත්තා.මාසයක් දුක් විඳලා පඩි ගන්න දවස වෙනකල් මම හිටියේ ඇඟිලි ගණන්
කර කර, කට්ටිය පාටි ඉල්ල
ඉල්ලා හිටියේ මුල් ම පඩියෙන්.ඒත්
ලොකු තාත්තගේ යාලුවා “සකුණ ගේ පඩිය ලොකු
තාත්තා ට දුන්න” කියද්දී
මට ආවේ පුදුම තරහක් වගේ ම ඔක්කොම ඉස්සරහ
පුදුම ලැජ්ජාවක්."ලොකු තාත්ත මට ආදරේට නෙවේ
ගෙදර
නවත්තගෙන තියෙන්නේ එහෙනම්. ෂිla මේ
මිනිස්සු හිතයි මම මහා ලෝබ
කුනෙක් කියලා”.ඒත් ගෙදරදී අම්මා ට කෑ ගහනවා වගේ
කෑ ගහන්න මට
හය්යක් නෑ.උදේට රෑට
ගෙදරින් කාල දවල් බත් එකත් අරන් ගෙදර
තිබුන foot බයිසිකලේ පැදගෙන වැඩට යන මට සල්ලි
මොකටද අහයි. ඒකෙන් වුනේ
මට ඩේටා කාර්ඩ් එකක් වත් ගන්න සල්ලි නැති වුනා. කොහොමත් ගරාජ් එකේ දවස ම නැහිලා
ආවට පස්සේ ෆෝන් එක අතට ගන්නත්
කලින්ම මම
නිදි. ඒ නිසා ඉස්සර
වගේ fb වීරයෙක් වෙලා රඟපාන්න වෙලාව වත් කාලයක් යද්දී ආසාවක් වත් නැති වුනා.
අවුරුද්දක්
විතර යද්දී මම එතන වැඩ
අල්ල ගත්තා.දවසක් ලොකු තාත්තා කඩදාසි වගයක් ගෙනත් මගේ ඉස්සරහට දැම්මා."මේක පුරවලා දෙනවා” Motor mechanic
course එකකට
applications. Course එක
නම් නියම quality. Fee එක තමයි සැර.
ඒත් එක්ක
ම බැංකු පොතක් මේසේ උඩට වැටුනා.ඒක පටන් අරන්
තිබ්බ දිනෙයි සල්ලි දාල තිබුන දිනයි බැලුව ම මට මම
ගැන ම ලජ්ජා හිතුන."එහෙනම් මේකටයි ලොකු තාත්තා මගේ පඩිය ගත්තේ"
පොතේ
තිබ්බ සල්ලි වලින් මුල් අවුරුද්දේ ගාස්තු ගෙවා ගන්න පුළුවන් වුනා.ගෙදරින් සල්ලි ඉල්ලන්නේ නෑ කියන තීරණේ
මම හිටියේ. ඉතුරු ටික හොයාගන්න මම තවදුරට ත්
ගරාජ් එකේ වැඩ කළා.දැන් මට ඉගෙන ගන්න
හරි උනන්දුවක් තියෙනවා. වියදම් කරන එක රුපියලකත් වටිනාකම හොඳට
තේරෙන නිසා ඉස්සර වගේ නාස්ති කරන්න, පන්ති කට් කරන්න හිතුනේ
නෑ .ඒ වගේ ම
මේ side එකට මම ආසයි.ඒ
නිසා හරි කැමැත්තෙන් ඉගෙන
ගත්තා.ගරාජ් එකෙන් වැඩ ඉගෙන ගෙන තිබුන නිසා මට course එකේ වැඩ ලේසි වුනා වගේ ම course එකෙන් නියම විදියට theory කියල දෙන නිසා ගරාජ් එකේ වැඩ ලේසි වුනා.වාහනයක සද්දේ ඇහෙද්දී ඒකෙ තියෙන වරද කියන්න මට දැන් පුළුවන්. මාව ම හොයන් එන
customers ල ත් ඇති වුනා.
ගරාජ් එකේ පරණ අයගෙන් මට ටික ටික කැපිල්ල එන බව තේරුනා.
එතනින්
අයින් වෙලා course එකට ඇවිල්ල යාලු වෙච්ච කොල්ලෙක් එක්ක පොඩියට ගරාජ් එකක් පටන් ගත්තා. ලොකු තාත්තා ම මැදිහත් වෙලා
බැංකු ණයකුත් අරන් දුන්නා. ප්රශ්න,ගැටළු,තර්ජන සෑහෙන්න ආවා. ඒත් මම වත් අංජන
වත් සැලුනේ නෑ.පොඩි කාලේ
ඉඳන් ම පුදුම කට්ටක්
කාල තියෙන අංජනත් ඕන දේකදී නොසැලී ඉන්න ලොකු තාත්තා ත් දිහා බලල
මමත් හැදුනා. ලොකු තාත්තා නවත්වපු තැන ඉඳන් මගේ බැංකු පොත පුරවන්න ත් මම මහන්සි
වුනා.
කලින්
ඉඳන් ම තිබුන practical knowledge එකත් උනන්දුවෙන් ඉගෙන ගත්ත නිසා ත් මම course එක
ඉවර කලේ හොඳම student කෙනෙක් විදියට.ඒ උනන්දුව නිසා
මම ඩිග්රි එකටත් apply කළා.
"ටිං .....Mr සකුණ
දිසානායක" මම ආයෙත් පියවි
සිහියට ආවා.ජපන් company එකකට mechanical engineers ල ගන්න interview අද.මගේ first interview එක. මගේ නම කතා
කරනවා. ඉතින් මට සුබ පතන්න.
Comments
Post a Comment