මනමේ කුමරියේ


Maname (මනමේ): Amazon.co.uk: Ediriweera Sarachchandra ...
මහල් නිවාස පේලියේ විදුලි සෝපානය අසලට ගයලි  මඳක් එහාට වූයේ ඉන් ඉවතට එන අයට ඉඩ දීමට .
"රකිත!!!...මූ දැන් එළිපිට මෙහෙ රිංගන්න පටන් අරන් .කොහෙද අපේ මී හරකි කිව්ව පිලි ගන්නේ නෑ නේ."විදුලි සෝපානයෙන් එලියට පිරිමියෙක් දුටු ඇය කෝපයෙන්  දත් මිටි කෑවාය. ඇය මේ යන්නේ හොඳම මිතුරියක හා  නීතිඥවරියක වූ  මයුමි මුණ ගැසී මහ ගෙදර ඉඩකඩම් ප්රශ්නයකට උපදෙස් ගන්නට . එන බව කලින් දන්වා තිබුන නිසා මිසක් නැවත හැරී යන්නට ඇයට සිතුනි. ඇය විදුලි සෝපානයට ඇතුල් වී තමන් යා යුතු අංකය සඳහන් කළාය.
"රකිත හිටියා ලිෆ්ට් එකේ."ගයලි තම කේන්තිය පිට කළාය.
"උඹත් හදන්නේ මට උපදෙස් දෙන්න නම් please ස්ටොප්".මයුමි ගේ හිතුවක්කාරකම එදා වගේ .
"උඹට උපදෙස් දීල වැඩක් නෑ.ඒත් පොඩ්ඩක් හිතපන්. උඹට ඔය තරම් ආදරේ නම් උඹ අත් ඇරලා  ටානියා බැඳ ගන්නවා "
"රකිත කසාදෙ කර ගත්තේ සල්ලි වලට.මට ආදරේ නැතුව නෙවෙයි.දැන් එයාට ටානියා ගෙන් ලැබෙන්නෙත් සල්ලි විතරයි.ඉතින් මිනිහා ආයෙත් මම ළඟට ආවා. ලෝකෙට ඒක වැරදියට පෙනුනට මට කරන්න දෙයක් නෑ "
"Lawyer කෙනෙක් එක්ක තර්ක කරන්න මම ඉගෙන නෑ මයුමි.හැබැයි ඕකා උඹව දාල ගිය දවසට ……"
"එහෙම යනවා නම් ඕන තරම් හේතු තියෙද්දී රකිත මට අවුරුදු 5ක් ලව් කළේ.එයාට යන්න තිබුන එකම  හේතුව සල්ලි. ඉතින් ඔය ආයෙත් ආවේ”
 "උඹට කියන කට හොඳයි ඉතින්."කෝපයෙන් කියූ ගයලි තමන් ගේ වැඩේ කරගෙන එන්නට ආවාය.
ඇය ගිය පසු මයුමි තනියම සිනාසුනාය.රකිත නැවත තම ජිවිතයට ලං ඇති බව දැන  ගත්  මොහොතේ සිට දන්නා හඳුනන සැම දෙනා ගේ උපදෙස් වල නම් අඩුවක් නැත. කවුරුවත් ඔහු තමා හැර ගිය අවස්ථාවේ දුක බෙදා ගන්නට නොසිටියහ."අනේ..ඔයිට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි.......ඔයා වගේ කෙනෙක් අඬන්න ඕන එහෙම දේකට "
සමාජ තත්වය,අධ්යාපනය කුමක් වුවත් තමන් තුල සිටින සංවේදී ගැහැණිය කිසිවෙක් දැක්කේ නැත."රකිත මට ආදරේ නම් මම රකිත ආදරේ නම් කාටවත් වැඩක් නෑ නේ.කොහොමත් එයා තව වැඩි දවසක් ටානියා ළඟ නොඉඳ මගේ ලඟට ඉන්න ඉන්න ආවා ආයෙත්  කට්ටියට දවස් ගානක් කියවන්න නිවුස් එකක් ලැබෙයි. රකිත දැන් ටානියා ගෙන් දික්කසාද වන්නට කරුණු එකතු කරන බව   කව්රුන් සමග වත් දැන් කිව යුතු නැත.
මයුමි  සින්දුවක් මුමුනමින් දවල්ට උයන්නට පටන් ගත්තාය.දොරේ බෙල් එක වදින්නට වුණේ අතරය.
දොරකඩ සිටියේ අල්ලපු ගෙදර වයස 17 අයේෂ් .මයුමි ගේ කිට්ටු හිතවතෙකි.
"අක්කේ අද නම් ලොකු හෙල්ප් එකක් ඕන"
" මොකක්ද. අම්මගෙන් කීයක් වත් කොටා ගන්න බැරි වුනාද?"
"සල්ලි නම් තමයි.හැබැයි මට නෙවේ.අපේ ඉස්කෝලෙට"
" මොකක්ද"
"ඉස්කෝලේ Gym එකට  ආධාර ගන්න  stage drama එකක් පෙන්නනවා.අපි ඕන ටිකට් විකුනන්න. lawyers ඉතින්   සම්භාව් ඒවා නේ බලනවා ඇත්තේ. වැඩිය නෑ අක්කේ මේ ටිකට් පොත ඉවර කරලා දෙන්න."
"ම්ම් දෙන්නකෝ බලන්න.පොත ම නම් sure නෑ .මොකක්ද drama එක"
"මනමේ"
"ෂහ් ....හොඳ drama එකක්නේ"
" අයියෝ…. මෙලෝ රහක් නෑ අර මෝඩ  කුමාරි ගේ කතාව "
"ඔයත් ටිපිකල් මනමේ රසිකයෙක් නේ...තමන් කැමති කෙනෙක් එක්ක යන එක මෝඩ කමක් නේද" ඇය අවඥාවෙන් ඇසුවාය.
" මොලේ තියන කෙල්ලක් නම් කරන්නේ ඕක නෙවේ "
 "එහෙනම්"මයුමි ඇසුවේ සිනාව තද කරගෙනය.
" ඔය කුමාරි ඇත්තට වැද්දා ලව් කියමුකෝ. වුනාට වැද්දා එක්ක ගියොත් දඩ මස් කකා කොළ අතු ඇඳ ගෙන ගල් ගුහාවේ තමා ජිවිතේ. කුමාරයා එක්ක ගියොත්  එහෙම ද? මෝඩි තිබුනේ ගෑනුන්ට තියෙන 64 මායමෙන් 2-3ක් දාල කුමාරයත් එක්ක වැද්ද ගෙන් නිදහස් වෙලා කැලෙන් එලියට එනවා. කැලේ ඇතුලේ විතරයි නේ වැද්දා ගේ powers තියෙන්නේ.කුමාරයාගේ රට ගියා කුමාරය king එයා queen. ඊට පස්සේ royal order එකක් දීල සෙට් එකක් දම්මලා කැලේ වට කරලා  වැද්දා උස්සනවා. ළඟ පාත කැලේ හරි මාලිගාවක හරි නවත්ත ගන්නවා.”
  "එතකොට කුමාරයා?"
 "කුමාරයා ගෙන් අයින් වෙනවා හලෝ කීයට වත් . නිකන් දිසාපාමොක් ගේ daughter වෙලා හිටිය එයාට ඔක්කොම රජ සැප ලැබෙන්නේ කුමාරයා නිසා නේ. .කවද හරි වැද්දා බෝරින් වුනොත් නැත්නම් වෙන කෙනෙක් හිත ගියොත් එක order එකයි, වැද්දා….." අයේෂ් දබරැගිල්ල බෙල්ල හරහා ගෙන ගියේය.
"මම යන්නම්,....සුදු අක්කියෝ මේක විකුණලා දෙන්න එහෙනම්.සල්ලි හදිසි නෑ within 2 weeks ....ok ?"මයුමි ඔහුට යන්නට හැර එහෙම සෝපාවේ ඉඳ ගත්තාය.
කුමාරයා ගෙන් අයින් වෙනවා හලෝ කීයට වත් ……..එයා නිසා නේ ඔක්කොම…..  ලැබෙන්නේ.කවද හරි වැද්දා බෝරින් වුනොත් …… වෙන කෙනෙක් හිත ගියොත්...
අයේෂ් ගේ වදන් ඇයට නැවත නැවත ත් ඇසෙන්නට වූයේය.රකිතට ත් ඔක්කොම ලැබිලා තියෙන්නේ ටානියා නිසා......කාර්යාලයට ළඟ බව කියමින් කලින් පදිංචි වී සිටි නිහඬ නිසංසල නිවස විකුණා ඇය මේ ජනාකීර්ණ, කලබලකාරී පරිසරයේ  මහල් නිවාසයට පැමිණියේ වඩාත් රකිතගේ බලකිරීමට .කලින් මෙන් ඔහු එන යන විට අහන්නට බලන්නට කව්රුවත් මේ ගෙවල් වල නැත.
රකිතට ටානියා ගෙන් අයින් නොවුනොත්.....මයුමි පපුවේ සියුම් දැවිල්ලක් වැනි හැඟීමක් දැනුනේය.
මෙතෙක් කල් හැම දෙනා තමන්ට ඒත්තු ගන්වන්න සැදූ සත්යය මෙය නොවේ . අවවාද තමන්ට නොඇසුනේ ඔවුන් එන්නේ අවවාද දෙන්නට බව කලින්ම දැන සිටි නිසාය.ඒත් අයේෂ් කිව්වේ ලෝකයේ සාමාන්යෙන් සිදු වන යථාර්තයයි.
" මෝඩි…...මේ තරම් උසාවියේ පවුල් ප්රශ්න නඩු දිහා බලන් ඉන්නවා. තමන්ට වෙන්නේ මොකද තේරුනේ නෑ.
රකිත කීප වතාවක් දොරේ සීනුව නාද කළේය.මයුමි ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැත. පසුගිය දවස් වල මැසේජ් එකක්  වත් එවන්නට බැරි වූ නිසා ඇය තරහ වී දන්නේ ත් නැත. මේ වෙලාවේ ඇය  තරහ කරගන්නට කොහොමට වත් නොහැකිය. එළඹ ඇත්තේ ටානියා තමන් වඩාත් අවශ් වූ නිසා ම තමන්ට මයුමි වඩාත් අවශ් වන අවදියකි. අවට ගෙවල් වල අයගෙන් ඇසීමට නොහැක්කේ තමන් කව්ද හෙළි කල නොහැකි  නිසාය.ඔහු තවත් වරක් දොරට තට්ටු  කළේය.
"ඇයි මිස්ටර්, ගේ ගන්නද?"
රකිත හැරී බැලුවේය.අසල නිවසක යයි සිතිය හැකි පුද්ගලයෙක් ඔහු දෙස බලා හිඳියි. "….ගේ ගන්න කිව්වේ………… ඇයි මේ ගෙදර හිටිය lawyer?"
" ….. නෝනා මෙහෙන් ගියා.දැන් ටික දවසක් වෙනවා."
"මෙහෙන් ගියා.කොහෙටද යන්නේ කිව්වේ නැද්ද"
"එහෙම නම් කිව්වේ නෑ.මිස්ටර් එයාගේ යාලුවෙක් ?"
"න් ....නෑ මම එයාගේ client කෙනෙක්"
"ඔහ් ...එහෙම bad luck නේද.වෙන කෙනෙක් හොයා ගන්න වෙයි"
"ඔව්.මම වෙන කෙනෙක් හොයා ගන්නම්."

Comments