"ඔයාට සතිෂ් මතක ".කසුන් ඇසුවේ අසල සිටි බිරිඳගෙන්.
"කවුද සතිෂ්...."නිලූකා මතක් කරන්නට වුනා.
"අර ඇමති පවුලකින් මැරි කලේ"
"අපෝ අර ගුණ මකුවා නේද,අපර්ණා එක්ක යාලු වෙලා හිටිය,ඔයාට මොකද මේ හදිසියේ එයා මතක් වුනේ?"
"අද මෑන් මට කෝල් කළා"
"මෙච්චර කාලෙකට පස්සේ මොකටද?"
"ඇමතිතුමා ගේ powers අරන් මිනිහා මාර නැගිල්ලක් නැග්ගානේ බිස්නස්.ඇමතිතුමා පැරදුනාට පස්සේ වටේ හිටිය ඔක්කොමත් වැටිලා වගේ.දැන් හොටෙල් එක බැංකුවට සින්න වෙන්න යනවා ලු"
"අර ලොකු හොටෙල් එක.අපරාදේ.ඉතින් ඔයාට කතා කලේ මොකටද"නිලූකා ඇසුවේ සැකයෙන්.
"මිනිහා ඒක  විකුනන්න යන්නේ. තරම් ලොකු ගානක් යට කරන්න කැමති නෑ ලු ගොඩක් අය.උදය ගෘප් එකට කතා කරන්න ඕන ලු. අපේ තාත්තා යි උදයසිරි අන්කලුයි ඉස්සර එකට බිස්නස් කළා කියලා සතිෂ් මතකයි.මට පොඩි සපෝර්ට් එකක් දෙන්න ලු ඒ යාළුකම පිට දාලා."
"අනේ මන්ද.ඔය මනුස්සය උදව් කරනවට මම නම් කැමති නෑ. මම කිව්වේ  පන වගේ ආදරෙන් හිටිය කෙල්ල ලොකු අත්තක් සෙට් වුන ගමන් ගොඩේ මෝඩ හිඟන්නි වුන හැටි"
"මම එන්නම් කිව්වා හෙට යන්න. සතිෂ් නිසා නෙවී.මටත් උදයසිරි අන්කල් හොඳට fit කර ගන්න ඕනකම තිබුණා කාලෙක ඉඳන්."
"ඇයි "
" අවුරුදු 2-3 ඉඳන් එයාල හොඳ තැනකින් බිස්නස් කන්සල්ට් කරන්නේ.මාර නැගිල්ලක් නගින්නේ. කව්රුත් හිතන්නේ වත් නැති අලුත් concepts   දෙනවා හොටෙල් ෆීල්ඩ් එකට. National, international awards ත් ගත්තා තොගයක් ."
"කොච්චර හිතවත් වුනත් බිස්නස් කාරයෝ ඒවා කියනවා "
"උදය ගෘප් එකට මගෙන් තරඟයක් නෑ නේ.එයාලා හොටෙල්, මම ගාමන්ට්."
කසුන් පසුවදා ගෙදරින් පිට වූ වෙලාවේ ඉඳන් නිලූකා සිහි වුනේ  එක පන්තියේ උගත් අපර්ණා. අහිංසක, චාම් ලස්සනකුත් ලස්සන නිර්මාණශීලි අදහසුත් තිබුන ඇය ගේ පස්සෙන් සතිෂ් කැරකුණේ O/L කාලේ ඉඳන් මයි.
"මම වගේ දුප්පත් කෙල්ලක් ඔයාට හරි යන්නේ නෑ අය්යේ"ඇය කීප වතාවක් කිව්වත් සතිෂ් නෙවේ පසුබට වුනේ.අන්තිමට අපර්ණා ඔහුට  කැමති වී ගලා ගිය ආදරය අවසන් වුනේ A/L වලින් පසු නගරයේ බොහෝ දෙනෙක් සහභාගී වූ spoken English පන්තියක් ඉවර වූ දිනෙක සියලු දෙනා ඉදිරියේ ඇයට මහා හය්යෙන් අපහාස කර ඔහු මෝටර් බයිසිකලය විදුලි වේගයෙන් පැදගෙන යන්නට යාමෙන්. එදායින් පසු අපර්ණා පන්ති ආවේ නෑ. ආසන්නයේ විවාහ වී අලුත් ජිවිතයක් පටන් ගත්  නිලූකා සම්පුර්ණයෙන් අමතක තිබූ මේ කතාව අයෙත් මතක් වුනේ දැන්. යස වැඩේ ඕකට.පව් අර අහිංසක කෙල්ල.දැන් කොහේ මොනවා කරනවා දන්නේ නෑ
ගිය ගමනේ විස්තර අහන්නට කසුන් ගෙදර එනතුරු ඇය සිටියේ නොඉවසිල්ලෙන්.
හවස කසුන් ගෙදර පසු වෙහෙස නිවා ගන්න තුරු  ඉතා අමාරුවෙන්  ඉවසා සිටි ඇය "කොහොමද අද ගිය වැඩේ"ඇසුවාය.
"මගේ වැඩේ 100%, සතිෂ් ගේ වැඩේ 50%"
" කියන්නේ"
"මම ගිහින් තාත්තා ගැන කිව්වා උදයසිරි අන්කල් හරි සන්තෝස වෙලා අපි ඔක්කොටම එහෙ එන්න කිව්වා දවසක .සතිෂ් ගේ price එකට එයාල ලෑස්ති නෑ. හොටෙල් එකේ ගොඩක් සල්ලි ඇවිත් තියෙන්නේ club,spa,කැසිනෝ පැත්තෙන් ලු. උදය ගෘප් එකේ හොටෙල් වල මුකුත් නෑ ලු.මේ දවස් වල එයාල මොකක්ද international standard එකකට apply කරලා නිසා liquor ත් අයින් කරන්න ලු යන්නේ. අපේ තාත්තා කරන උදව්වක් විදියට සලකලා ගන්නම්  ලු හැබැයි සැහෙන අඩු ගානකට."
"හ්ම්,එහෙනම් සතිෂ් හොටෙල් එක විකුනලා වත් ගොඩ යන්න බැරි වෙයි වගේ. ඔයාගේ CID වැඩේ මොකද" නිලූකා ඇසුවේ කසුන් ගේ යටි පරමාර්ථය සිහිපත් වී. කසුන් ඇය දෙස බැලුවේ සඟවා ගත් මහා හිනාවක් ඇතුව."ඒක  තමයි මම කිව්වේ 100% හරි කියලා.කවුද දන්නවා වගේ අලුත් අදහස්  දෙන මහා සම්පත.
උදය ගෘප් එකේ සියලු තීරණ ගන්නා ලොකු ලේලිය,....අපර්ණා රාජසුරිය!!!"

Comments