මට ම උපන් ඔබ


මුළු ජීවිත කාලේ මමත් එක්ක එකට ඉන්න පෙරුම් පුරාගෙන ඇවිත් ඉන්නේ ඔයා බව මට තේරුනේ ඔයාව මුලින් දැකපු මොහොතෙමයි.කිව්වේ නැති වුනාට ඒක ඔයාටත් එහෙම දැනුන බව මම දන්නවා.
එදා ඉඳන් ගෙවුන හැම තත්පරයක් මට අද වගේ මතකයි. අපි දෙන්නා වෙන් කරන්න කාටවත් බැරි වුනා. අව්ව, වැස්ස, රෑ,දවල් වෙනසක් නැතුව මම යන හැම තැනක ඔයා මගේ ලඟින් හිටියා හැමදාමත්.හැම මොහොතකදී ,මගේ ඇස් මානයේ . පාරවල් දිගේ අපි දෙන්නා කොයි තරම් දුරක් ඇවිදගෙන යන්නැති .අරමුණක් ඇතුවත් නැතුවත්.
ඒත් ....... අඳුරු මූසල හැන්දෑවේ අර කාලකන්නි තිරිසනා ඔයාව මගෙන් සදහට වෙන් කළා...........අද ඔයා ඉන්නේ කොහෙද කියන්නවත් මම දන්නේ නෑ. වුනාට කොහේ හිටියත් ඔයත් මම වගේ දුකෙන් පාලුවෙන් අපි දෙන්න ගේ ලස්සන අතීතය මතක් කර කර කඳුළු හෙලමින් ඉන්න බව මම හොඳට දන්නවා..
.
.
.
.
.
.
.
.
."අයියෝ...ළමයෝ...මේ කාමරේ හැටි.එදා ටොමියා උස්සන් ගිය සපත්තුවේ අනිත් එකත් තව ඇඳ යට"


Comments